ස්නෝඩන් හා පුලිට්සර් රන් පදක්කම

The Snowden Pulitzer

2014 අප්‍රේල් 18

පසු ගිය 14දා මහජන සේවාව සඳහා පුලිට්සර් ත්‍යාග රන් පදක්කම ප්‍රදානය කරන ලද්දේ හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත් සේවක හා අකටයුතු හෙලිකරන්නා වන ස්නෝඩන් විසින් පිට කරන ලද ලියවිලි මත පාදකව එජ ජාතික ආරක්ෂක ඒජන්සියේ නීතිවිරෝධී හා ව්‍යවස්ථා විරෝධී ඔත්තු බැලීම පිලිබඳ වාර්තා සම්භාරය ප්‍රකාශයට පත්කල පුවත්පත් දෙකකට ය.

ගාඩියන් යූඑස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත් දෙකට හා ලිපි සම්පාදනය කල මාධ්‍යවේදීන් හතරදෙනාට, එනම් ග්ලේන් ග්‍රීන්වෝල්ඩ්, ලව්රා පොයිට්‍රාස්, එවාන් මැකාස්කිල් හා බාටන් ගෙල්මාන්ට ත්‍යාගය ලැබුනු අතර ප්‍රමුඛ සම්මානලාභියා ස්නෝඩන් ය යන්න පිලිබඳව සැකයක් නැත. දැනට රුසියාවේ පිටවහල් ව සිටින තිස් හැවිරිදි තරුනයා ජීවිතාන්තය දක්වා සිරගත කිරීම හෝ මරනීය දන්ඩනය පවා පැනවිය හැකි රාජාපරාධ චොදනා මත තමන්ට භාර දෙන ලෙස එජ ආන්ඩුව ඉල්ලා සිටියි.

කොලොම්බියා විශ්වවිද්‍යාලය විසින් අනුග්‍රහ දක්වනු ලබන මාධ්‍යවේදීන් හා කතුවරුන් 19දෙනෙකුගේ කමිටුවක් විසින් පුලිට්සර් ත්‍යාගය සඳහා මනාපය පල කිරීමත් සමග, ආසන්න වශයෙන් වසරක් තිස්සේ ස්නෝඩන් හෙලාදැකීමෙන් හා ඔහු කාන්දු කල ලියවිලි එජ ආරක්ෂාවට ගිනිය නො හැකි හානි කර ඇතැ යි කියා සිටි ඔබාමා පාලනාධිකාරය හා එක්සත් ජනපද ඔත්තු සේවා සංවිධාන, ඒ පිලිබඳව පවත්වන්නේ සම්පූර්න නිශ්ශබ්දතාවකි.

ඒ ආකාරයෙන් ම ඇමරිකානු මාධ්‍යය ද බොහෝ කොට ම පවත්වන්නේ ප්‍රවේශම් සහගත නිශ්ශබ්ධතාවකි. ස්නෝඩන්ගේ හෙලිදරව්කිරීම් සඳහා පුලිට්සර් ත්‍යාගය පිරිනැමීමේ වැදගත්කම පිලිබඳ සාකච්ඡාවක් ඇත්තේ ම නැත. ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේ කාර්නේ ගේ පුවත්පත් නිවේදන සාකච්ඡා තුල හෝ 17දා සවස ඔබාමාගේ මාධ්‍ය සමුලුව තුල දී හෝ වාර්තාකරුවෝ මෙම කාරනය මතු නො කලහ.

සැලකිය යුතු වෙනසක් සලකුනු වන්නේ, වෝල් ස්ට්‍රීට් ජර්නල් හි පලකරන ලද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වටිව් පාක්ෂිකයෙකු හා හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස්ගේ තීරු ලිපිය යි. දරුනු හා නරුම ලියවිල්ල නිවරදිව පිලිබිඹු කරන්නේ එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය යන දෙරට තුල ම පාලක කවයන්ගේ හා දේශපාලන සංස්ථාපිතය තුල ආධිපත්‍ය දරන දෘෂ්ටිය යි. (ස්නෝඩන් විසින් සපයන ලද ලියවිලි සහිත දෘඩාංග විනාස කිරීමට ගාඩියන් පත්‍රයට බලකල හා ඊට පසු ත්‍රස්ත විරෝධී නීතිවල පදනම මත ග්‍රීන්වෝල්ඩ්ගේ සහකරු වන ඩේව්ඩ් මිරැන්ඩා අත්අඩංගුවට ගැනීම දක්වා දුරකට බ්‍රිතාන්‍ය ආන්ඩුව ගමන් කලේ ය.)

“ස්නෝඩන් හා ඔහුගේ සාපරාධී හවුල්කරුවෝ” යන වෝල් ස්ට්‍රීට් ජර්නල් ලිපිය තුල ෆොක්ස් මෙසේ ලිය යි: “එඩ්වඩ් ස්නෝඩන් සයිබර් යුගයේ ගරිල්ලා සටන්කරුවෙකු ලෙස තමන් සලකා ගනියි. එහෙත් යථාර්ථයේ දී ඔහු තමන් ම ප්‍රසිද්ධියට පත්කර ගන්නා ආත්මරාගියෙකි.” ෆොක්ස් අවසන් කරන්නේ මෙසේ ය.“මේ අවස්ථාවේ අප අදහස් කරන්නේ කුමක් දැ යි කීමට ඉඩ දෙන්න. රාජාපරාධය යන නමින් එය හඳුන්වමු.”

නඩු දැමීම හා සමහර විට මරන දන්ඬනය ද සහිත තර්ජන ස්නෝඩන්ට එරෙහිව එල්ල කර තිබේ. එජ ඔත්තුසේවා ඒජන්තයින් ඔහු මරා දැමීමට තර්ජනය කිරීම පුලුල් ලෙස උපුටා දක්වන අතර කොන්ග්‍රසයේ ඩෙමොක්‍රටික් මෙන් ම රිපබ්ලිකානුවෝ ද ඔහුගේ රුධිරය ඉල්ලා උඩුබුරලති. පුලිට්සර් ත්‍යාග පිලිබඳ මාධ්‍ය ආවරනය තුල මෙම මරන තර්ජන පිලිබඳ සඳහනක් නොමති අතර ධවල මන්දිරය සමග කිසි විටකත් ප්‍රශ්නය ප්‍රසිද්ධියේ මතු කර ද නො මත.

මෙම නිශ්ශබ්දතාව සලකුනු කරන්නේ, සමස්ත ඇමරිකානු ජනතාව ද ඇතුලු මුලු මහත් ලෝකයම ගැන එජ ආන්ඩුවේ ආක්‍රමනශීලී ඔත්තුබැලීම හෝ මෙම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී මෙහෙයුම් හෙලිදරව්කරන අය පිලිබඳව නිල දඬුවම් පැමිනවීමෙහි සැර බාල කිරීමක් නැති බව පමනී.

කථාබහේ ස්වරූපය හා සමාගම් පැවැත්වීමේ ජාලයන් හඳුනා ගැනීමේ විශ්ලේෂනයන් සහිත සූක්ෂ්ම වැඩසටහන් කන්දරාවක් සමග ජාතික ආරක්ෂක ඒජන්සිය, ක්‍රමානුකූලව මුලු ලෝකයේ ම අන්තර්ජාල හා විදුලිසන්නිවේදන හුවමාරුවට බාධාකරන බව හා ඒවාට හොරෙන් ඇතුලුවන බව ස්නෝඩන් හෙලිකලේ ය. ජාතික ආරක්ෂක ඒජන්සියට ඕනෑ ම විද්‍යුත් තැපෑලක, ඕනෑ ම ලිඛිත පනිවිඩයක හා ප්‍රජා මාධ්‍ය තැපෑලක අන්තර්ගතය විමර්ශනය කල හැක. එමෙන් ම ඒජන්සිය, අන්තර්ජාලය මත පවතින අඩු ලුහුඩුකම් ක්‍රමානුකූලව උපද්‍රව නිර්මානය කරමින් හා ගසාකෑමේ යෙදෙමින් ලෝකය පුරා පරිඝනක පද්ධතීන් තුලට තම ප්‍රවේශය ලබාගනියි.

ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්තවාදීන් අතලොස්සක් දඩයම් කිරීමේ අරමුන සඳහා නො ව ඒකාධිපති පාලනයක් සඳහා අධස්ථව්‍යුහය ගොඩනැගීම සඳහා එජ ඔත්තුසේවා සංවිධානවලට, මෙම ක්‍රමවේදයන් තුලින් පුද්ගලයන් බිලියන ගනනකගේ දේශපාලන මතවාද හා ක්‍රියාවන් ගැන දත්ත පදනමක් නිර්මානය කිරීමට ඉඩ සැලසී ඇත. ජාතික ආරක්ෂක ඒජන්සියට, ලෝකයේ ඕනෑ ම රටක හා විශේෂයෙන් ම එජ තුල ධනේශ්වර ක්‍රමයට එරෙහිව පලවන දේශපාලන විරුද්ධත්වය මැඩීමේ පොලිස් රාජ්‍ය පියවර සඳහා අවශ්‍ය ලිපි ගොනු හා දඩයම් ලැයිස්තු සැපයිය හැක.

එය එසේ වන්නේ, මුලුමනින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී හා ඒකාධිපතිවාදී ස්වභාවයක් ගන්නා මෙම දැවන්ත සෝදිසි කිරීමේ ව්‍යායාමයට විරුද්ධ වන ඇමරිකානු ජනතාව ඇතුලු ව ලෝක ජනතාවගේ අතිමත් බහුතරය ස්නෝඩන්ට සහාය දක්වතැ යි ඔවුන් සිතන බැවිනි. ආන්ඩුවේ හා මාධ්‍යයේ අතොරක් නැති ප්‍රචාරය නො තකා නිල ජනමත විමසුම් පෙන්වා ඇත්තේ, එජ තුල පැහැදිලි බහුතරයක් ජාතික ආරක්ෂක ඒජන්සිය හෙලිදරව් කල ස්නෝඩන්ගේ ක්‍රියා අනුමත කරන බව යි.

පුලිට්සර් ත්‍යාගය මෙම මහජන මතය පිලිගැනීමකට සමාන වන අතර ඔබාමා පාලනාධිකාරය හා ඔත්තුසේවා අපහසුතාවයකට පත්කරයි.

බොහෝ පුලිට්සර් ත්‍යාග රන් පදක්කම් පුවත්පත් වලට ප්‍රදානය කර ඇත්තේ, පලාත්පාලන ආයතන හෝ පොලිසියේ දූෂන හෙලිකිරීම හෝ ගල් අඟුරු කැනීම, කෘෂිව්‍යාපාරවල හා මාතෘ නිවාස තුල විශේෂයෙන් ම කම්කරුවන්ට හෝ පරිසරයට වන බරපතල අපචාර හෙලිදරව් කිරීම වෙනුවෙනි. එහෙත් අවස්ථා කිහිපයකදී රන් පදක්කමට පුලුල් දේශපාලන වැදගත්කමක් තිබුනි. එනම්, පෙන්ටගන් ලියවිලි ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් 1972දී නිව් යෝක් ටයිම්ස් පත්‍රයට ද, වෝටර්ගේට් මගඩිය පිලිබඳ එහි විමර්ශනය සඳහා 1973දී වොෂින්ටන් පෝස්ට් පත්‍රයට ද එය ප්‍රධානය කල අවස්ථාවල දීය.

ත්‍යාගයට ප්‍රතිචාර දක්වමින් එඩ්වඩ් ස්නෝඩන් මෙසේ පවසමින් ප්‍රකාශනයක් නිකුත් කලේ ය. “තීරනය අපට මතක් කර දෙන්නේ, පුද්ගලික හෘදය සාක්ෂියට කල නො හැකි දේ නිදහස් මාධ්‍යයට කල හැකි බව යි. මෙම පුවත්පත්වල කැපවීම, උද්යේගය හා හැකියාව නොමතිව මගේ උත්සාහය අර්ථ විරහිත වන්නට ඉඩ තිබුනි. ඒවා ඉටුකල මෙම කටයුත්ත, යහපත් අනාගතයක් හා වඩා වග කිව යුතු ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවස්ථාව අපට සලසාදී තිබේ.”

ස්නෝඩන්ගේ අව්‍යාජත්වය පිලිබඳ සැකයක් නොමැත. ඒ සඳහා ඔහු මේ වන විටත් විශාල ලෙස කැප කර ඇත. එහෙත් ඔහුගේ හෙලිදරව් කිරීම් මගින් සැපයන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සඳහා වැදගත් ආවේෂයක් පමනී. කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ පාලනයේ පොලිස් රාජ්‍ය ක්‍රමවේදය වර්ධනය වීමේ අතිමූලික ප්‍රභවය හඳුනාගැනීම යි: එනම් මූල්‍ය ප්‍රභූව හා කම්කරු පන්තියේ අතිමහත් බහුතරය අතර විවරවන සමාජ බෙදීම හඳුනාගැනීම යි. අවසාන විග්‍රහයේ දී, එවැනි විශාල හා හැමදා වැඩෙන සමාජ අසමානතාවේ සමාජයක් සමග ප්‍රජාතන්ත්‍රවාදය නො පෑහේ.

කම්කරු පන්තියේ දැවන්ත සමාජ විරෝධතාවේ තර්ජනයට එරෙහිව සංගත මූල්‍ය ප්‍රභූව ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුවේ මර්දනකාරී බලතල රාශිභූත කිරීම මෙන් ම සමාජ අසමානතාව ද ධනවාදයේ විපාකයකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ඉල්ලා සිටින්නේ, ලාභ පද්ධතිය අවසන් කිරීමට හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානතාව ස්ථාපිත කිරීමට, වෙනත් වචනවලින් නම් සමාජවාදී සමාජයක් ගොඩනැගීමට, කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීම යි.

පැට්‍රික් මාටින්

Share this article: