වයර්ඞ් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්චාවකදී ස්නෝඩන් එජ සුපරීක්ෂන සහ සයිබර් යුද වැඩසටහන ගැන සාකච්චා කරයි

Snowden discusses US surveillance and cyber-warfare programs in interview with Wired

තෝමස් ගයිස්ට් විසිනි, 2014 අගෝස්තු 15

මෙම සතියේ වයර්ඩ් සඟරාව හිටපු එජ ඔත්තුකරුවකු සහ ප‍්‍රකට තොරතුරු එලිදරව්කරන්නා වන එඞ්ව(ර්)ඞ් ස්නෝඩන් සමග කරන ලද දීර්ඝ සාකච්චාවක් පල කලේය. රුසියාවේ හෙලිදරව් නොකල යම් ස්ථානයක හෝටල කාමරයක පවත්වන ලද සම්මුඛ සාකච්චාව තුල, එජ ජාතික ආරක්ෂක ඒජන්සිය (ජාආඒ) විසින් කරන ලද විශාල සුපරීක්ෂන, සයිබර් යුද්ධය සහ තොරතුරු පැහැර ගැනීමේ මෙහෙයුම් පිලිබඳ අලුත්ම එලිදරව් කිරීම් අන්තර්ගත වීය.

සාකච්චාවේ සාරය කේන්ද්‍රගත වූයේ, ඇමරිකානු ආන්ඩුව ලොව පුරා දිගින් දිගටම ව්‍යාප්ත කරන සයිබර්-යාන්ත‍්‍රනයක චිත‍්‍රයක් පින්තාරු කෙරෙන, සුපරීක්ෂන සහ ඔත්තු සේවා ඒජන්සි යෙදී සිටින මෙහෙයුම් ගනනාවක් වෙතය.

ස්නෝඩන් ජාආඒ යේ MonsterMind (යක්ෂ මානසික) වැඩසටහන වන විරුද්ධවාදී ආන්ඩු වෙත කිසිදු මිනිස් හස්තයක් නොමැතිව සයිබර් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා වර්ධනය කරගෙන තිබෙන “ස්වයංකී‍්‍රය සයිබර්-යුද වේදිකාව” ගැන කතා කලේය. එජ සහ එහි මූලික විරුද්ධවදීන් අතර සයිබර් යුද්ධය ඇවිලවීමේ ආන්දෝලනයක් ඇතිකිරීම සඳහා යක්ෂ මනසික මෙහෙයුම ලෙහෙසියෙන්ම උපයෝගී කරගත හැකි බව ඔහු සඳහන් කලේය.

“මෙම ප‍්‍රහාර මොලේ විකල් වන අයුරු (spasm) කල හැකියි. උදාහරනයක් ලෙස චීනයේ වාඩිවී සිටින අයෙකුට මෙම ප‍්‍රහාරය රුසියාවෙන් ආ බව පෙන්වීමට පුලුවන. ඉතින් අපි අවසානයේදී රුසියානු රෝහලකට ප‍්‍රතිප‍්‍රහාර දීමෙන් තමයි නතර වන්නේ” යයි ඔහු පැවසීය.

සයිබර් ආරක්ෂන පියවරයන්ට සීමාවෙනු වෙනුවට එජ නිරන්තරයෙන් චීනයට එරෙහිව ආක‍්‍රමනික ලෙස පරිගනක වලට හොරෙන් ඇතුලු වීමේ කටයුතු වල යෙදෙන (hacking) බව ස්නෝඩන් පැවසීය.

“අපි චීන අන්තර්ජාල ක්ෂේත‍්‍රයට ආක‍්‍රමනකාරී ලෙස හොරෙන් ඇතුලු වන බව රහසක් නොවේ. අප සීමාව ඉක්මවා ගොස් ආන්ඩුවේ ඉලක්ක සහ මිලිටරි ඉලක්ක වෙනුවට අපි විශ්වවිද්යාල, රෝහල් සහ මුලුමනින්ම සිවිල් යටිතල ක්ෂේත‍්‍රයට ද ඇතුල් වනවා” යයි ස්නෝඩන් තව දුරටත් පැවසීය.

මැද පෙරදිග එජ අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලන න්‍යාය පත‍්‍රයට පහසුකම් සැපයීමේදී ජාආඒ යේ භූමිකාව ගැන ස්නෝඩන් අලුත් තොරතුරු ඉදිරිපත් කලේය. ජාආඒ යේ හැක් ඒකකය වන සකස්කල ප‍්‍රවේශ මෙහෙයුම් ඒකකය [ටීඒ ඕ] 2012දී සිරියාවේ මූලික අන්තර්ජාල සේවා සපයන්නෙකුගේ රවුටරය තුලට තොරතුරු අල්ලාගන්නා මෘදුකාංග ඇතුල් කිරීමට වෑයම් කිරීමේදී අත්වැරදීමකින් සිරියානු අන්තර්ජාලයේ අතිවිශාල කොටසක් අකි‍්‍රය කැරුනු බව ස්නෝඩන් පැවසීය.

බටහිර මාධ්‍ය කීකරු ලෙස වාර්තා කලේ, එකල මෙන් දැනුදු එජ සහ යුරෝපා අධිරාජ්‍යවාදීන් ගේ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මූලික ඉලක්කයක් වන අසාද් පාලනය විසින් අන්තර්ජාලය අත්හිටුවීමට අනදුන් බවය.

“අප විසින් දුටු විශාලතම අකටයුත්තක්” විස්තර කරමින් ස්නෝඩන්, ඇමරිකාව පුරුද්දක් ලෙස අල්ලාගත් ප‍්‍රදේශ ඉලක්ක කර ගෙන යන ඊස්රායල මිලිටරි මෙහෙයුම් වලට සහාය පිනිස, පලස්තීන සහ අරාබි ඇමෙරිකානු පලස්තීනුවන්ගේ මූලාශ‍්‍ර වලින් ලබා ගන්නා තොරතුරු එහැම පිටින්ම ඊස්රායල ඔත්තුසේවාවන්ට ලබා දෙන බව පැවසීය.

සියල්ලටත් වඩා මේ මාසයේ මුල ස්නෝඩන් එලිකල ලියවිල්ලක සඳහන්ව තිබුනේ, ඊස්රායල් පාලනය ඇමරිකානු ඔත්තු සේවා සහ සුපරීක්ෂන ඒජන්සි සමග වන ඔවුන්ගේ සහයෝගීතාව හරහා තමන් “ජාආඒ යේ සුපිරි රහස්‍ය විශ්ලේෂක සහ සිග්නිට් ඉංජිනේරු විශේෂත්වයේ පැතිර පවතින ගෝලීය ප‍්‍රවිෂ්ටයෙන් වාසි ලබා ගන්නා බවද එසේම දියුනු එජ තාක්ෂනය සහ මෙවලම් වලට පාලනයක් සහිත ප‍්‍රවිෂ්ටයක් බුක්ති විඳින” බව ය. ගාසා වට 2008-2009 ඊස්රායලය මිලිටරි ප‍්‍රහාර එල්ල කල සමයේ ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය ඔත්තු සේවා විසින් ඊස්රායලයට පලස්තීන විද්‍යුත් තැපැල් ලිපින සහ දුරකතන වලින් හොරා ගත් දත්ත රීම් ගනනේ ලබා දුන් බව ලියවිල්ල සනාථ කරයි.

මුල් හෙලිදරව් කිරීම් අවධියේ ජාතික ඔත්තුසේවා අධ්‍යක්ෂක [ඩීඑන්අයි] ජේම්ස් ක්ලැපර් කොංග‍්‍රස් සභා විමර්ශනයකදී බොරු කීම ගැන පවසමින් ස්නෝඩන්, එජ ආන්ඩුව සහ පාලක ප‍්‍රභූව තුල නිදන්ගතව ඇති වංචාව සහ සාපරාධීත්වය හෙලා දුටුවේය.

2013 මාර්තු විමර්ෂනයෙදී, ඞීඑන්අයි ක්ලැපර් ගෙන්, “ජාආඒ ය ඇමරිකානුවන් ලක්ෂ කෝටි ගනනකගේ කුමන හෝ ආකාරයක දත්ත එකතු කරනවාද?” යනුවෙන් ප‍්‍රශ්න කලේය.

ජනාධිපති බැරක් ඔබාමා ද ඇතුලු ඉහල නිලධාරීන් බොහොමයක් ඒ හෝ මේ ආකාරයට පුනරුච්චාරනය කරන අමූලික බොරු අනුගමනය කරමින් ක්ලැපර් “නැත මහත්මයානනි, හිතාමතානම් නැත” යයි පිලිතුරු දුන්නේය.

ක්ලැපර්ගේ අමූලික පච ඇද බෑම හුදෙක් ඇමරිකානු ඉහල නිලධාරීන්ගේ සාමාන්‍ය කි‍්‍රයා පිලිවෙත බව ස්නෝඩන් නිවැරදිව සටහන් කරයි. “ඇමරිකානු ජනතාව රැවටීම ඔහු [ක්ලැපර්] දකින්නේ ඔහුගේ රැකියාව ලෙසය. එය මුලුමනින්න්ම සාමාන්‍ය දෙයක් ලෙසයි. ඒ වෙනුවෙන් දඬුවම් නොලැබෙන බව පිලිබඳව ඔහුට සහතිකය. මන්ද එය සඳහා ඔහුට පොඩි පාරක්වත් වැදුනේ නැහැ. මේකෙන් පද්ධතිය ගැනත් අපේ නායකයින් ගැනත් බොහෝ දේ කියැවෙනවා” යයි ස්නෝඩන් පැවසීය.

2013 පෙර ස්නෝඩන් ගේ රැකියාව ගැන විස්තරයක් ද මෙහි පලවෙන අතර ඔත්තු සේවා සහ තාක්ෂනික විශේෂඥයෙකු ලෙස මධ්‍යම රහස් ඔත්තු ඒජන්සිය [සීඅයි ඒ] සහ ජාආඒ වෙනුවෙන් කැපීපෙනෙන ඉහල මට්ටමේ කටයුතු ඊට අතුලත්ය. ඔහුගේ ආන්ඩුවේ වසර ගනනක සේවා කාලය තුලදී ස්නෝඩන් තාක්ෂන විශේෂඥයින් සඳහා වන සීඅයිඒ රහස් පාසලකට ගොස් තිබෙන අතර සීඅයිඒ හි ගෝලීය සන්නිවේදන අංශයේ මෙන්ම ටෝකියෝව අසල යැකොටා ගුවන් හමුදා කඳවුරේ ජාආඒ කාර්යාලයේ ද ඔහු සේවය කර තිබේ.

ස්නෝඩන් පසු කලෙක ඩෙල් පරිගනක ආයතනයේ සීඅයිඒ ට සම්බන්ධ අංශයේ ප‍්‍රධාන තාක්ෂනික තනතුර දැරීය.

ජාආඒ යේ කොන්ත‍්‍රාත්කාර බූස් ඇලන් සමග එක්ව වැඩ කරමින් සිටියදී ස්නෝඩන්, විදේශ සේවයෙන් දත්ත පැහැර ගැනීමට සහ ලොව පුරා පරිගනක පද්ධති තුලට වයිරස් කැවීමට කටයුතු කල බව ඔහු පවසයි. ජාආඒ ය අති විශාල පරිමාවකින් එජ දත්ත අල්ලාගැනීම සහ ගබඩා කරගැනීම ”බලපත‍්‍රයක් නොමැතිව, අපරාධයක් පිලිබඳ සැකයකින් තොරව, අවශ්‍යතාවයක් නොමැතිව, තිබිය හැකි අරමුනකින් තොරව හෝ පුද්ගලිකව ලද නිලයකින් තොරව” සිදු කරන බව ඔහු දැන ගත්තේ මේ කාලයේදී ය.

සුපරීක්ෂන වැඩ සටහන් වල ආක‍්‍රමනශීලීත්වය අවධාරනය කරන ස්නෝඩන් සුපරීක්ෂන වැඩසටහන සිව් වන ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරන බව අවධාරනය කරයි.

“එජ ආන්ඩුවේ තර්කය වන්නේ, හානිකර දේ හඳුනා ගැනීමටත් ඊට ප‍්‍රතිචාර දැක්වීමටත් ඇති එකම මාවත වන්නේ සියලුම දේ පරීක්ෂා කිරීම බවයි. සියලුම දේ විශ්ලේශනය කරන්නේ නම් එහි අදහස, සියලුම දේ අල්ලා ගන්නා බවයි. මෙහි අර්ථය සිව් වන සංශෝධනය උල්ලංඝනය කරන බවයි. ඒ බල පත‍්‍රයක් නොමැතිව, විය හැකි කාරනයක් නොමැතිව හෝ වරදක් කිරීම ගැන සැකයක් පවා නැතිව පුද්ගලික සන්නිවේදන වලට සවන්දීම නිසාය. සියලු දෙනාටම, සදාකාලයටම”, ස්නෝඩන් පැවසීය.

සම්මුක සාකච්චාවට ප‍්‍රතිචාර දක්වමින් ආන්ඩුවේ නිල ප‍්‍රකාශයක්, ස්නෝඩන් එක්සත් ජනපදයට පැමින චරපුරුෂ කටයුතු ගැන චෝදනාවට අධිකරනයේ පෙනී සිටිය යුතුය යන කලක් තිස්සේ කෙරෙන ඉල්ලීම යලි කියා සිටියේය.

“ස්නෝඩන් මහතාට සිය කටයුතු ගැන කථාකිරීමට අවශ්‍ය නම්, එම සාකච්ඡාව පැවැත්විය යුත්තේ අධිකරන දෙපාර්තමේන්තුව තුලය. තමන්ට එරෙහි චෝදනා වලට මුහුන දීම සඳහා ඔහු එජ ට පැමිනීම අවශ්‍යය.” ප‍්‍රකාශය එසේ පැවසීය.

සාකච්චාව තුලදී ස්නෝඩන්, යලි සියරට පැමිනීමට එජ ආන්ඩුව විසින් ඉඩ සැලසීමේ ගනුදෙනුවක කොටසක් ලෙස, ස්වෙච්චාවෙන් සිර දඬුවමක් බාරගැනීම සිදුවීමේ ඉඩ පවතින බව පෙන්වා දුන්නේය. අනෙක් තොරතුරු එලිකරන්නාවූ වසර 35ක් සිර දඬුවම් නියම වූ සහ නඩුවට පෙර වසර ගනනාවක් හිංසාවට ලක් කෙරුනු චෙල්සී මැනිංගේ ඉරනමෙන් ගැලවීමට ස්නෝඩන්, තිබෙන සියලුම මාවත් සොයා බැලීම තේරුම්ගත හැකි නමුත් මෙම කාරනාවේදී ඇමරිකානු ආන්ඩුව සමග සාකච්ඡා කල හැකි යයි විශ්වාස කිරීම අනතුරුදායක ය.

ධනපති රාජ්‍යයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට අත්‍යවශ්‍යය යයි සලකනු ලබන දැවැන්ත රහස් ඔත්තු මෙහෙයුම් අඩාල කරවූ ස්නෝඩන් ගේ කි‍්‍රයාවන්, පාලක කවයන් තුල සැලකිය යුතු තරමේ තැතිගැන්මක් ඇතිකර තිබේ. මෙහි ප‍්‍රතිපලයක් ලෙස එජ සංස්ථාපිතයේ ඉතාම බලසම්පන්න කොටස් ස්නෝඩන්ට වෛර කරන අතර මරනීය සතුරෙකු ලෙසින් දකියි. ඔහු කූඩුවක වසා දමා යතුර විසි කර දැමීමට අදිටන් කරගෙන සිටිති.

Share this article: