ජෝශෆ් ස්ටිග්ලිට්ස් ඔස්ට්‍රෙලියාවේදී ප්‍රතිසංස්කරන පිලිබඳ මිත්‍යාව ප්‍රචාරය කිරීමේ මංමුලා සහගත උත්සාහයක නිරතවේ

Joseph Stiglitz in Australia: A desperate attempt to promote the illusion of reform

නික් බීම්ස් විසිනි, 2014 ජූලි 23

ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝශෆ් ස්ටිග්ලිට්ස්ගේ මෑත ඕස්ට්‍රෙලියානු සංචාරය ප්‍රමුඛ කාරනා දෙකක දී දේශපාලනිකව වැදගත්ය.

සමාජ හා ආර්ථික අසමානතාවේ වේගවත් වර්ධනය ඇමරිකාව හා ලෝකය පුරා මෙන් ම දැන් ඕස්ට්‍රෙලියාව තුල ද ප්‍රධාන දේශපාලන ප්‍රකාශනයක් වී ඇත යන කාරනය එය පලමුව පෙන්වා දුන්නේය.

වියදම් කප්පාදු “අසාධාරන” බවට පුලුල් මතයක් පැවති තතු තුල විරෝධයේ රැල්ලක් ඇවිලවූ ඇබට්ගේ ලිබරල් ආන්ඩුවේ පලමු අයවැය පරාජය කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ සිදුවුන ස්ටිග්ලිට්ස්ගේ සංචාරය, ප්‍රසිද්ධ ඉසව්වල දී සැලකිය යුතු මාධ්‍ය අවධානයක් හා විශාල ශ්‍රාවකයින් සංඛ්‍යාවක් ආකර්ෂනය කර ගත්තේ ය.

ප්‍රසිද්ධ කතා මාලාවක් හා ඔස්ට්‍රෙලියානු ගුවන්විදුලි සංස්ථාවේ Q&A රූපවාහිනී වැඩසටහන ඇතුළු මාධ්‍ය හමු ගනනනාවකට පසුව, සංචාරය අවසානයකට පැමුනුනේ, 2000ට වැඩි ප්‍රේක්ෂකයින් සහභාගීවූ සිඩ්නි නගර සභා ශාලාවේ පැවති “අසමානතාවේ මිල” නමැති දේශනයක් හා කන්ඩායම් සාකච්ඡාවකිනි. වසර කීපයකට පෙර වුවත් මෙවැනි විශාල සහභාගිත්වයක් නොවන්නට ඉඩ තිබුන නමුත් දැන් ඊනියා “වාසනාවන්ත රටේ” ආර්ථික හා සමාජ තත්වයෝ බොහෝ වේගයෙන් වෙනස් වෙති.

සංචාරයේ දෙවැනි ප්‍රමුඛ කාරනය වූයේ, පන්ති අරගලය විවෘතව පුපුරා යාම පිලිබඳ පෙරනිමිති හමුවේ භීතියට පත්, “මම” ලිබරල් “වමේ” හා බුද්ධිමය සංස්ථාපිතයේ කුඩා ස්ථරයක්, සමාජ අසමානතාවට එරෙහිව වැඩෙන විරුද්ධත්වය හා හතුරුකම, පාර්ලිමේන්තු කරලියේ හා පවතින දේශපාලන පර්යායේ සුරක්ෂිත මාවත් වලට කොටුකර තැබීම සඳහා කෙතෙක් දුරට වැඩ කරන්නේ දැ යි එ මගින් හෙලිදරව් කල ආකාරය යි.

සංචාරය පුරා ම මෙම “ප්‍රගතිශීලීහු,” ස්ටිග්ලිට්ස්ගේ කේන්ද්‍රීය පනිවිඩය ආශාවෙන් ඩැහගත්හ: සමාජ අසමානත්වයේ වේගවත් වර්ධනය ධනේශ්වර පද්ධතියේ ක්‍රියාකාරිත්වයෙහි නොවැලැක්විය හැකි ප්‍රතිඵලය නො ව, දේශපාලන තීරනවල ඵලයක් වන අතර, පාලක ප්‍රභූවට ඔවුන්ගේ මාවත්වල වැරදි ප්‍රමානවත් ලෙස ඒත්තු ගැන්වුවහොත් හා සමාජ සමානතාව අවසානයේ දී ඔවුන්ට ද වාසිදායක බව ඔප්පු කරන බව වටහා ගත්තොත් එය ආපසු හැරවිය හැක.

සිඩ්නි නගරශාලාවේ පැවති රැස්වීමේ දී ස්ටිග්ලිට්ස්, ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙටි හා එමානුවෙල් සාඑස් විසින් සපයන ලද විශාල කරුනු හා සංඛ්‍යා පෙලක් ප්‍රයෝජනයට ගනිමින්, සමාජය මුදුනේ ධනය හා ආදායම වැඩි වැඩියෙන් එක්රොක්වන එක්සත් ජනපදයේ තත්වය පිලිබඳව හෙලිදරව්කාරී වාර්තාවක් සැපයීය.

එක්සත් ජනපදයේ මධ්‍ය කුටුම්භ ආදායම පසු ගිය විසිපස් වසරේ දී එකතැන පල් වී ඇති අතර පිරිමි කම්කරුවන්ගේ මධ්‍ය ආදායම වසර 40කට පෙර පැවතියාට වඩා දැන් අඩු බව ඔහු සඳහන් කලේ ය. 1973 සිට මූර්ත වැටුපේ සාමාන්‍ය පහත වැටී ඇති අතර මෙම කාලපරිච්ඡේදයේ දී ම නිෂ්පාදන ඵලදායකත්වය දෙගුනයකට වඩා වැඩි වී ඇත.

වොල් මාට් සිල්ලර වෙලඳ දාමයේ අයිතිකරුවන් වන වෝල්ටන් පවුල ජනගහනයේ පහතම සියයට 30 සිට 40ට අයත් කොටසට වඩා ධනවත්ය. එක්සත් ජනපදයේ ඉහල සියයට 1, සමස්ත ජාතික ආදායමින් සියයට 25ට වඩා හිමිකරගන්නා අතර ජාතියේ ධනයෙන් තුනෙන් එකකට වඩා අත්කර ගනී. පසු ගිය දශක හතර මුළුල්ලේ මූර්ත වැටුප් එකතැන පල් වී හෝ පහත වැටී ඇති අතර ඉහල සියයට එක ලබන ජාතික ආදායමේ පංගුව දෙගුනයකට වඩා වැඩි වී ඇත.

යම්තාක් දුරකට මූල්‍ය ප්‍රභූවේ සපරාධී ක්‍රියා හේතු වූ, 2008 මූල්‍ය අර්බුදයේ පිපිරීමේ සිට අසමානතාව වඩාත් නරක් වී ඇත යන කාරනයට ඔහු අවධානය යොමු කලේ ය. 2009 සිට හා ඊනියා ආර්ථික “ප්‍රකෘත්මත්වීම” ආරම්භයේ සිට ඉහල සියයට 1 ජාතික ආදායමේ වැඩිවූ පංඟුවෙන් සියයට 95ක් හිමිකරගෙන ඇත. ඔවුන්ගේ ආර්ථික තත්වය වඩාත් නරක් වී ඇති බැවින්, පතුලේ සියයට 90ට “ප්‍රකෘත්මත්වීමක්” නැති බව ඔහු නිවරදිව පෙන්වා දුන්නේය.

කෙටියෙන් කිවහොත්, ආර්ථික සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ගත් විට මේ දක්වා ස්ටිග්ලිට්ස් ඉදිරිපත් කලේ, 1789 ආසන්නයේ ප්‍රන්සයේ පැවති පාලනයට වඩා වෙන කිසිදෙයකට සමාන නොවන සමාජයක - වැඩන සමාජ අසමානතාව මත ආධිපත්‍යය දරන , කිසියම් හෝ අර්ථාන්විත ප්‍රතිසංස්කරනයකට අත්‍යන්තයෙන් ම අසමත් සමාජයක - වෛෂයික හා නිවරදි වාර්තාවකි.

කෙසේ නමුත් මේ අවස්ථාවේ දි, වෛෂයිකත්වය අවසන් වන අතර ස්ටිග්ලිස්ට් “කල යුත්තේ කුමක් ද” යන දැවෙන ප්‍රශ්නය වෙත හැරීමත් සමගම බලගතු දේශපාලනික හා අවසානයේ දී පන්ති උත්සුකතා ප්‍රමුඛත්වයට පත්වුනි.

වැඩෙන සමාජ හා ආර්ථික අසමානතාව තමන්ගේ උත්සුකතාව තුල නො වන බව හා දීර්ග කාලයේ දී තමන් යැපෙන ඇමරිකානු ධනවාදයේ ක්‍රියාකාරිත්වයට එය අනර්ථකාරී බව පාලක ප්‍රභූව තෙමේම හඳුනා ගැනීමට ඉඩ ඇති අතර ඒ නිසා ඔවුන් වෙනස ආරම්භ කරනු ඇති බවටත් ඔහු බලාපොරොත්තු පල කලේ ය. සුපිරි ඇමරිකානු මූල්‍යකරුවෙකු වන වොරන් බුෆේ, තමා වැනිම සුපිරි පොහොසතුන් ප්‍රමානවත් පරිදි බදු නොගෙවන නිසා ඔහුගේ පාර්ශවය “පන්ති යුද්ධය” ගෙන යමින් හා දිනමින් සිටින බව හඳුනා ගෙන සිටින්නේ යයි සියල්ලෙන් පසුව ඔහු සඳහන් කලේ ය.

රැස්වීමේ සභාපති වූ, හිටපු ඒබීසී රේඩියෝ කථක ඇඩම් ස්පෙන්සර්, දේශනයෙන් පසු පැවති ප්‍රශ්නෝතර සැසියේ දී ස්ටිග්ලිට්ස්ගේ දේශපාලන ඉදිරිදර්ශනය පරීක්ෂා කිරීමට උත්සාහ දැරී ය. ඔහුගේ “හොඳ ම අපේක්ෂාව,” 2016 ජනාධිපතිවරනයේ දී ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස හිලරි ක්ලින්ටන් කරලියට පැමිනීම යි යන ප්‍රස්තුතය ඔහු ස්ටිග්ලිට්ස්ට ඉදිරිපත් කල විට, ස්ටිග්ලිට්ස් ඊට තම එකඟත්වය ඇඟවුම් කලේ ය.

හඬනගා ඇසිය යුතු ප්‍රශ්නය වුවද, නිසැකවම ප්‍රතිසංස්කරනය පිලිබඳ මිත්‍යාව වගා කිරීමට උදව් වන නිසා ස්පෙන්සර් කිසිසේත් නො ඇසූ ප්‍රශ්නය මෙය යි: “ක්ලින්ටන් ඔහේ හිටියාවේ, ඔබාමාට මොනවා වුනා ද? “අපේක්ෂාවේ අධිෂ්ඨානය” හා ‘ඔබ විශ්වාසය තැබූ වෙනස’ ගියේ කොහි ද?”

ස්ටිග්ලිට්ස්ගේ දෘෂ්ටිය නීර්නය වන්නේ, එක්සත් ජනපදයේ ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ නායකයෙකු වශයෙන් ඔහු ඉටු කරන භූමිකාවෙනි. ඔහු ජනාධිපති ක්ලින්ටන් යටතේ ආර්ථික උපදේශකයන්ගේ කවුන්සිලයේ සභාපති වූ අතර එක් කලෙක ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ද විය. එම නිසා ධනේශ්වර පද්ධතිය රැකීමේ ඍජු උත්සුකයක් ඔහුට ඇත. එහි ගැටළු මොනවා වුවත්, එය තව ම ලෝකයේ ඇති හොඳ ම එක මෙන් ම ජනතාවගේ අවශ්‍යතා අනුව ප්‍රතිසංස්කරනය කල හැකිය යන මිත්‍යාව ප්‍රචාරය කිරීමෙන් ඔහු පරිපාලනය තුල ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත.

ඔහුගේ ක්ෂනික උත්සුකයන් හා ජීවන අපේක්ෂා - නිසැකවම ඒවා වැදගත් ය - ඔහු ඉදිරිපත් කරන දේශපාලන න්‍යායපත්‍රය නීර්නය කිරීමේ එක ම සාධකය යයි සරලව නිගමනය කිරීම ඒකපාර්ශ්වීය වනු ඇත.

ධනේශ්වර පද්ධතිය පිලිබඳ ඔහුගේ විශ්ලේෂනයෙන් ගලා එන හා පසු ගිය වසර තිහ තිස්සේ ව්‍යුහාත්මකව එහි ඇතිව තිබෙන දැවැන්ත වෙනස්කම් මගින් ස්ටිග්ලිට්ස්ගේ දෘෂ්ටිය සවිමත් වෙයි.

වැඩෙන සමාජ අසමනාතාවේ හා පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයේ වැදගත් ම කොටස් ඉවත්කිරීමේ මුල් සෙවිය යුත්තේ, මෙම ව්‍යුහමය වෙනස්කම් තුල ය. එහෙත් ස්ටිග්ලිට්ස් එවැනි විභාගකිරීමකින් බැහර විය.

“ද ප්‍රයිස් ඔ‍ෆ් ඉන්ඊක්ව්ලටි” (අසමානතාවේ මිල) නම් ඔහුගේ පොත තුල ස්ටිග්ලිට්ස් සටහන් කරන්නේ, අසමානතාව “නිකම්ම සිදු නොවුන” අතර “නිර්මානය කෙරුනු” බව යි. “වෙලඳපොල බලවේග කාර්යභාරයක් ඉටු කලේ ය. එහෙත් වෙලඳපොල බලවේග පමනක් නො වේ.” ඔහු එය යොදන ආකාරයට ඔහුගේ “සරල ප්‍රවාදය” නම් “වෙලඳපොල බලවේග අසමානතාවේ මට්ටම හැඩගැස්වීමට උදව් කල නමුදු එම වෙලඳපොල බලවේග හැඩගැස්වීමට උදව් කලේ ආන්ඩුවේ ප්‍රතිපත්ති ය.” (35 පිටුව)

අඩු වශයෙන් යම්තාක් දුරකට නිසැකවම එය නිවරදි ය. ගැටළුව වන්නේ එය අවශ්‍ය තරම් දුර නොයන එක හා හරියට ම පටන් ගත යුතු තැනින් පරීක්ෂනය නැවතීම යි. බ්‍රිතාන්‍ය තුල මාගරට් තැචර්ගේ නැගීම සමග රොනල්ඩ් රේගන් බලයට පත්වීම ― ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන්නේ ඔහුගේ ජනාධිපතිකම එක්සත් ජනපද අසමානතා වර්ධනයේ සන්ධිස්ථානයක් ලෙස ය - ඔවුන්ගේ රටවල හා ගෝලීය වශයෙන් ආර්ථික වාතාවරනය හැඩගැස්වීම තුල බලගතු කාර්යභාරයක් ඉටු කල බවට ප්‍රශ්නයක් නොමැත.

කෙසේ නමුත්, නිකම්ම කාරනා අතහැර දැමීම දායක වන්නේ ඉතිහාසය සරලව ගොඩනගන්නේ බලගතු, මෙම කාරනයේ දී නම් අන්ත දක්ෂිනාංශයේ, ප්‍රමුඛත්වයට පත් තනි තනි පුද්ගලයන් විසිනි යි යන න්‍යායයට ය. ඔවුන්ට බලය අල්ලා ගැනීමට හැකිවන කොන්දේසි නිර්මානය කරන හා ඔවුන් එහි දේශපාලන ප්‍රකාශනය වන, යටින් දිවෙන ක්‍රියාදමය පිලිබඳ කිසියම් හෝ පැහදිලි කිරීමක් එය සම්පූර්නයෙන්ම අතහැර දම යි.

නව-ලිබරල් ආර්ථිකය ලෙස නම් කරුනු ලැබ ඇති දෙයෙහි නැගීම පිලිබද එවැනි පුද්ගලවාදී පැහදිලිකිරීමක් යමෙකු පුළුල් ගෝලීය ඉදිරිදර්ශනය තුල තබා එය නිරීක්ෂනය කරන විටදී සම්පූර්නයෙන් බිඳවැටෙන්නේ ය. v

සියල්ලට පසුව, 1980 ගනන්වල නව ලිබරල් “නිදහස් වෙලදපොල” න්‍යායපත්‍රයට හැරීමේ ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෑන්ග් ලේබර් ආන්ඩුව යටතේ නවසීලන්තයේ දී දැකගත හැකි විය. ධනවාදය යටතේ සමාජ සමානතාවේ හදාගත් දරුවාගේ තැනෙහි සිට නව ගෝලීය ආර්ථික පර්යායේ වඩාත් ම වැදගත් ප්‍රකාශනය බවට එය නවසීලන්තය පරිවර්තනය කලේ ය. ඒ ආකාරයෙන් ම, ඕස්ට්‍රෙලියාවේ දී රේගන්-තැචර් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද්දේ 1980ගනන් හා 1990 ගනන්වල හෝක්-කීටින්ග් ලේබර් ආන්ඩු යටතේ ය.

සමාජ සමානතාව කරා වූ විශාල ප්‍රවනතාවක් ලෙස දැක තිබූ පශ්චාත්-යුද කාලපරිච්චේදයේ දේශපාලන ආර්ථිකය පසෙකට අතුගා දැමීමේ දී හා නව ආර්ථික ආදර්ශය පැටවීමේ දී තනි තනි ධනේශ්වර දේශපාලඥයෝ නිශ්චිතව ම වැදගත් කාර්යභාරයක් ඉටු කලහ. එහෙත් ඔවුන් ස්වාධීන කාර්යභාරයක් ඉටු කලේ නැත. අවසාන විග්‍රහයේ දී, ඔවුන්ගේ ක්‍රියා, දේශපාලන උපරිව්‍යුහය තුල ප්‍රකාශයට පත්වූ බලගතු ආර්ථික බලවේගයන්ගේ ප්‍රතිඵලය විය.

සිය ඉදිරිපත් කිරීම පුරාවට ම ස්ටිග්ලිස්ට් දැඩිව කියා සිටියේ ආර්ථික නීති විශ්වසනීය වන අතර එක්සත් ජනපදයේ වැඩෙන අසමානතාව හා විශේෂයෙන් සියයට 1 විසින් ඩැහැගන්නා ප්‍රමානයන් “සුවිශේෂී ඇමරිකානු ‘ජයග්‍රහනයක්’බව යි.”

ඒ නිසා ඇමරිකානු සමාජයේ ධ්‍රවායනය යටි තලයේ ඇති ආර්ථික නීතිවල ප්‍රතිඵලය නො වේ. ආර්ථික නීති විශ්වව්‍යාපී වන අතර එක්සත් ජනපදය තුල භාවිතා කරන නීති අනෙකුත් රටවල ද ක්‍රියාත්මක එහෙත් එක්සත් ජනපදය තුල අත්දැක ඇති ආකාරයටම සමාජ අසමානතාවේ ඒකාකාරී වර්ධනය අනෙකුත් රටවල් ආදර්ශයට නොගත් නිසා ඇමරිකානු අත්දැකීම දේශපාලන තීරනවල ප්‍රතිඵලය විය යුතු ය.

ඒ හේතු කොට ගෙන, ධනේශ්වර ආර්ථිකයේ පදනම් රඳවාගනිමින්ම වැඩෙන සමාජ අසමානතාව ආපසු හැරවීමට හා වඩාත් සාධාරන හා යුක්තිසහගත සමාජයක් ස්ථාපිත කිරීමට එක්සත් ජනපදය තුල නව දේශපාලන න්‍යායපත්‍රයක් අනුගමනය කල හැකි අතර අනෙකුත් රටවලට “ඇමරිකානු මාවතේ” ගමන් නොගැනීම පිනිස අවශ්‍ය දේශපාලන තීරන ගත හැකි යයි තර්කය ඉදිරියට යයි.

ඔහුගේ සංචාරය තුල දී මාධ්‍ය, ශාස්ත්‍රාලික හා දේශපාලන සංස්ථාපිතයේ “වාම-ලිබරල්” සමාජ කන්ඩායම විසින් ස්ටිග්ලිස්ට් ට ප්‍රශංසා කිරීමේ ප්‍රධාන හේතුව මෙම අවසාන මුඛය කාරනය යි. මෙම ස්ථරයන්, ඔස්ට්‍රෙලියාව තුල වැඩිවන සමාජ අසමානතාව පිලිබද වඩ වඩාත් බියපත්වන අතර, මෙය ධනේශ්වර ආර්ථිකයටම ආවේනික ව්‍යුහයේ නිමැවුමක් ය යන නිගමනය උකහා ගැනීම වැලක්වීමට මංමුලා සහගත උත්සාහයක නිරතව සිටියි.

එවැනි විශ්ලේෂන නිශ්චිත දේශපාලන නිගමනයන්ට - විශේෂයෙන් ලාභ පද්ධතිය ම පෙරලා දැමීමේ අවශ්‍යතාවට - ඇඟිල්ල දිගු කරන බව ඔවුහු වටහා ගනිති. දේශපාලනය තුල කම්කරු පන්තියේ අවිනීත මැදිහත්වීම තමන්ගේ සුවදායක ජීවන රටාව අවුල් කරනු ඇතැයි සලකන, ඓන්ද්‍රියව එවැනි ඉදිරිදර්ශනයකට විරුද්ධ, ඔවුන්ගේ කන්වලට ස්ටිග්ලිට්ස්ගේ ඉදිරිපත් කිරීම සංගීතයක් විය.

සමාජ අසමානතාව ආර්ථිකයේ නො ව දේශපාලනයේ ප්‍රතිඵලය බව හා එය ගෝලීය ප්‍රපංචයක් නොවේය යන කාරනය ද අනෙකුත් රටවල් ඇමරිකාව අනුගමනය කිරීමට අවශ්‍ය නැති බව පිලිබඳ ස්ටිග්ලිට්ස්ගේ ප්‍රකාශ ද එකිනෙකට වෙනස් දේශපාලන තීරන ගැනීමෙන් සැමදා පුළුල් වන සමාජ අසමානතාව නවත්වාලීමේ වැඩි අවස්ථා තිබෙනු ඇත යන නිගමනය කරා එලඹෙයි.

සියළුම දියුනු ධනේශ්වර ආර්ථිකයන් තුල මෙම ප්‍රවනාතව දැකිය හැක. ඇබොට් ආන්ඩුවේ අයවැයෙහි නියමාර්ථය හුදෙක් යෝජිත අයවැය යෝජනා තුලම පැවතියේ නැත. ඒවා පෙර පරිදි ම දරුනු ය. එය දේශපාලන කම්පනයක් ඇති කලේ, පසු ගිය දශක තුන තිස්සේ මීට පෙර ලේබර් හා ලිබරල් ආන්ඩු යටතේ වර්ධනය වෙමින් පැවති වැඩෙන සමාජ අසමානතාව මතුපිටට ගෙන ආ බැවිනි.

“හිමිකමේ අවධිය අවසන් කරනු” යන පැහැදිලි ඉල්ලීම මත පදනම් වුනු අයවැය, සම්පත් හා සශ්‍රීකත්වයෙන් ආඪ්‍යවූ, “සාධාරන ගමනක” යෙදුනු රට වන ඕස්ට්‍රෙලියාව, එක්සත් ජනපදයේ හා වෙනත් තැන්වල ක්‍රියාවට නැඟෙන සමාජ ප්‍රතිවිප්ලවයෙන් කෙසේ හෝ නිදහස් ය යන දීර්ග කාලයක් තිස්සේ පෝෂනය කෙරුනු මිත්‍යාවට එරෙහිව ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කලේ ය.

ඇමරිකාව විශ්වව්‍යාපී ප්‍රවනතා නියෝජනය නොකරතැ යි යන ස්ටිග්ලිස්ට්ගේ තිරසර කියමනට, ඊනියා සංවර්ධනය වන හා “නැගී එන වෙලඳපොල” ආර්ථිකයන් තුල තත්වය මගින් තවදුරටත් වල කපයි. ඉතා ප්‍රමුඛ යැයි නම් කල හැකි බ්‍රසීලය, ඉන්දියාව හා චීනයේ සමාජ අසමානතාව වේගයෙන් වර්ධනය වේ. නො ඇදහිය හැකි ප්‍රමානයෙන් එක ධ්‍රවයක ධනය සමුච්චයනවීම අනෙක් අන්තයෙහි වැඩෙන දරිද්‍රතාව හා දුර්දශාව සමගින් සෑම තැනකදීම අත්වැල් බැඳගනු ලබන බව, කාල් මාක්ස් කෙටියෙන් පවසා ඇත.

අසමානතාව දේශපාලන තීරනයන්ගේ ප්‍රතිඵලයක් ය යන ඔහුගේ තර්කය සවිමත් කිරීමට ස්ටිග්ලිස්ට් නොකඩවා උත්සාහ කලේ නෝර්වේ උදාහරනය දක්වමිනි. තෙල් සම්පත් මත පාදක, රාජ්‍ය ධන අරමුදලක් සහිත එරටෙහි, සමාජ සමානතාවේ යම් මට්ටමක් රඳවාගැනීමට හැකිවන පරිදි එකිනෙකට වෙනස් තෝරාගැනීම් සඳහා හැකියාව ඇති කර තිබුනි. ඕස්ට්‍රේලියාව මෙන් ම නොර්වේ ද යම් දුරකට 2008 අර්බුදයේ ආරම්භක බලපෑම්වලින් ආරක්ෂාවුනේ එහි සම්පත් බාහුල්‍යය නිසා ය. එහෙත් නෝර්වේ සුවිශේෂතාවාදය ඕස්ට්‍රෙලියානු රූපාන්තරයට වඩා තවදුරටත් වලංගු නැත. නැවත මතක් කර ගත යුත්තේ, 1990 ගනන්වල මුල්භාගයේ ප්‍රධාන බැංකු අර්බුදය එලඹෙනතුරු ස්වීඩනය සමාජ ශුභසධන රාජ්‍යයන්ගේ උත්කෘෂ්ට උදාහරනය ලෙස හුවා දැක්වීමට පුරුදු වී තිබුන බව ය.

තව ද, ඔහුගේ ඉදිරිදර්ශනය එක්තරා ආකාරයක නෝර්වීජියානු “පාරාදීසියක්” මත පදනම් කිරීමේ ස්ට්ග්ලිට්ස්ගේ උත්සාහය 2011 සිදුවීම් අභිමුවෙහි දී කුඩුපට්ටම් විය. එම සිදුවීම්වල දී ලේබර් පක්ෂයේ තරුන සංවිධානයේ සාමාජිකයෝ 77දෙනෙක්, දක්ෂිනාංශික අන්තවාදීන් විසින් සිදුකල ප්‍රහාරයක දී ඝාතනය කරන ලදී. එක්සත් ජනපදය තුල ගෙන යනු ලබන සංහාරයකට සමාන මෙම ක්‍රියාව ඇඟිල්ල දිගු කරන්නේ ගැඹුරු සමාජ ව්‍යාකූලතාවයකට ය.

ආර්ථික නීති විශ්වව්‍යාපීව ක්‍රියාකරන බැවින් රටවල් අතර වෙනස්කම් දේශපාලන තීරනවල ප්‍රතිඵලය විය යුතු ය යන ස්ටිග්ලිස්ට්ගේ ප්‍රකාශය අතිමූලික ලෙස බිඳවැටේ.

ඔහුගේ සහතික කිරීමට පටහැනිව, ආර්ථික නීති හා ක්‍රියාදාමය යම් ආකාරයක බාහිර බලයක් නො වේ. ඊට වෙනස් ව ඒවා ක්‍රියාත්මක වන්නේ ඔනෑ ම සලකා බලනු ලබන රටක දේශපාලන උපරිව්‍යුහය හරහා හා ඒ තුල ය. අනෙක් අතට, මෙම උපරිව්‍යුහය එකී රටේ ඓතිහාසික වර්ධනයේ නිර්මානයකි. මෙහි අර්ථය වන්නේ ධනවාදයේ ආර්ථික නීති විශ්ව ව්‍යාපී වන අතර ඒවා සෑම රටක ම එකම ආකාරය නො ගන්නා නමුත් ප්‍රකාශ වන්නේ ට්‍රොට්ස්කි කියූ පරිදි, “ලෝක ක්‍රියාදාමයේ පාදක ලක්ෂනයන්ගේ මූලික සංයෝගයක් ලෙස” ය.

සැබවින්ම ස්ටිග්ලිස්ට්, සමාජ අසමනාතාවේ වර්ධනය කෙරෙහි ධනේශ්වර ආර්ථික ව්‍යුහයේ දුරදිග යන වෙනස්කම්වල බලපෑම ප්‍රතික්ෂේප නො කලේ ය. ඔහුගේ පොත තුල පසු ගිය තිස්වසරේ ඉතාමත් වැදගත් පරිවර්තනයන්ගෙන් එකක් කෙරෙහි එනම්, බදු/කුලී මිරිකා ගැනීම හරහා ධන සමුච්චයනය සිදුවන ආකාරය පෙන්නුම් කර යි.

ආරම්භයේදී බදු/කුලී ව්‍යුත්පන්න ‍කර ගැනුනේ ඉඩම්හිමිකාරිත්වයෙනි. ඉඩම් හිමිකරුවා සම්බන්ධ ප්‍රශ්නයේදී මෙන් ධනය ඒකරාශී කෙරෙන්නේ කෙරෙන්නේ කම්කරුවන්ගේ ශ්‍රමයේ අතිරික්ත වටිනාකම මිරීකා ගැනීමෙන් නො ව ආර්ථිකයේ වෙනත් තැනක නිර්මානය කෙරෙන ධනය ආත්මසාත්කරනය හරහා ය.

නොඑසේ නම් ධනේශ්වර අඳ ගොවියෙකුට ලබා ගැනීමට ඉඩ තිබූ බදු/කුලී ආකාරයෙන්, ඉඩම් හිමියෙකු ආදායම ආත්මසාත්කරන ආකාරයට පුළුල් ආර්ථිකයන් තුල බදු කුලී උපයා ගැනීමෙන් ආදායම නිර්මානය කිරීමට, නිශ්චිත සම්පතක ඒකාධිකාරී අයිතිය තිබිය යුතුය. මෙය ඖෂධීය බෙහෙතක් සඳහා පේටන්ට් අයිතිය, මෘදුකාංග වැඩසටහනක්, නොයෙකුත් බුද්ධිමය දේපල අයිතීන් හෝ වෙලඳ නාමයක ආකාරය ගත හැක. පෙර දී ඉඩම් පිලිබද පුද්ගලික අයිතියෙන් පමනක් ඇදගත් බදු/කුලී දැන් වැඩි වැඩියෙන් විද්‍යාත්මක දැනුම, පැලෑටිවල පමනක් නොව මනුෂ්‍යයාගේ ද ජානමය ව්‍යුහය පිලිබඳ දැනුම ඇතුළු ඕනෑ ම ආර්ථික සම්පතක ඒකාධිකාරී අයිතියෙන් ගලා එයි.

බදු/කුලියට අමතරව, මූල්‍ය සමපේක්ෂනය හරහා ද සමුච්චනය සිදුවේ, මෙහි දී මුදලේ අයිතිය - හා මේ වන විටත් වත්කම් හිමිකම හා මුදල් අයිතිය නිසා තවදුරටත් ලාභ මුදල්වලට පිවිසීමේ හැකියාව - කිසිදු නිෂ්පාදනයක් සිදු නොකර තවත් අතිරේක වත්කම් සමුච්චයනය සඳහා හැකියාව ඇති කර යි. උදාහරන වශයෙන්, කොටස් මිලට ගෙන ලාභයක් ඇතුව විකිනූ සමාගම්වල නිමවුම වැඩි වී නැතත් කොටස් මිල ගනන් වැඩිවීම මගින් විශාල සම්පත් එහි සමුච්චයනය විය හැක. එය යි අද දවසේ ආර්ථිකයේ අගතිය, සිය ශ්‍රමබලකාය කපා දැමීමේ නියැලෙන සමාගම් නිතර ම තම කොටස් මිල ගනන්වල විශාලත ම වැඩිවීම භුක්ති විඳිති.

බදු/කුලී හඹායාම හා මූල්‍යකරනය, අසමානතාවේ වර්ධනයට කේන්ද්‍රය වී ඇති බව ස්ටිග්ලිට්ස් සටහන් කර යි. එහෙත්, එක්සත් ජනපදය හා අනෙකුත් ධනේශ්වර ආර්ථිකයන් තුල මෙම ක්‍රියාදාමය ධනේශ්වර සමුච්චයනයේ හරි මැද පවතින්නේ මන් ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නය මෙයින් මතුකරනවා පමනී.

ස්ටිග්ලිස්ට් පෙන්වා දෙන, 1776දී තරම් ඈත දී ඇඩම් ස්මිත්ට පවා පෙනී ගොස් තිබුනු එම ප්‍රවනතාව නිසා, සිය ලාභ වැඩිකර ගැනීම සඳහා ඒකාධිකාරයන් ‍ගොඩනැගීමට හා සීමාවන් පැනවීමට ඇති ධනේශ්වර සමාගම්වල නිසැග ප්‍රවනතාව තුල පිලිතුර සොයා ගත නොහැක,

තව ද, 2008දී ලෝකය අගාධයක් අද්දරට ගෙන ආ බැංකු හා මූල්‍ය පද්ධතිය පිලිබඳ මොනයම්ම හෝ නියාමනයක් හා පාලනයක් මුළුමනින් ම අතහැර දැමීම පිලිබඳව යමෙකු විස්තර කරන්නේ කෙසේ ද? එම අත්දැකීමට පසුව ද එයට මග පෑදූ ක්‍රියාදාමය ඉදිරියට යයි. ස්ටිග්ලිට්ස් මතක් කර දී ඇති පරිදි, ඔබාමා පාලනාධිකාරයේ බැංකු නීති පද්ධතිය කෙටුම්පත් කල අය “එක්කෝ බැංකුවල සාක්කුවේ සිටි නැත්නම් සම්පූර්නයෙන් ම අදක්ෂ වූහ.”

තවත් මනෝගතියක් ආරෝපනය කරන්නේ නම් පමනක් ධනේශ්වර දේශපාලඥයින්ගේ මනෝගතීන් වෙනස් කල හැකි බව පවසන එවැනි ප්‍රපංච, කිසිදු විවේචනාත්මක විශ්ලේෂනයකට වලංගු නො වේ. එවැනි ප්‍රවාදයක් ක්ෂනිකව මතු කරන ප්‍රශ්නය දැන් මොකෝ යන්න යි. මුල් කාලපරිච්ඡේදයක දී යොදා ගැනුනු නියාමනයන් දැන් සම්පූර්නයෙන් අතහැර දමා ඇත්තේ මන්ද?

ධන සමුච්චයනය හා ඒ නිසා සමාජ අසමනතාවේ ගාමක බලවේගය ලෙස පරපුටුකම හා සමපේක්ෂනය මතුවීමේ මුල් පැවතිය යුත්තේ, ගෝලීය ධනේශවර පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම් තුල ය. සමුච්චයනයේ නව ආකාරය දේශපාලන තීරනවල ප්‍රතිඵලය නො ව, 1960 ගනන් අවසානයේ සිට ලාභ රේට්ටුවේ පහල යාම තුල ප්‍රකාශයට පත්වුනු පශ්චාද් යුද ආර්ථික පර්යාය තුල අර්බුදය ජයගැනීමට දැරූ උත්සාහයන්ගේ ඵලය යි.

සාමාන්‍ය ‍ලාභ රේට්ටුවේ වැටීමකදී හැමවිට ම කරන ආකාරයට ප්‍රතිචාර දක්වමින් ධනවාදය, 1970 ගනන්වල පසු භාගයේ දී ප්‍රමුඛ ප්‍රතිව්‍යුහකරනයකට මුල පිරීය. ලාභ ශ්‍රම සම්පතේ වාසිය ගැනීමට නිෂ්පාදනය ගෝලීයකරනය කිරීම, දියුනු ආර්ථිකයන්ගේ කර්මාන්ත විනාස කිරීම හා ලාභ සමුච්චයනයේ පුධාන මූලාශ්‍රය ලෙස බදු/කුලී හඹායාම හා මූල්‍ය පරපුටුවාදයේ නොනවත්වා නැගී ම මෙය සමග අත්වැල්බැඳගත්තේය. මීට පෙර ක්‍රියාත්මක වුන පාලන හා නියාමන පද්ධතිය අතහැර දැමීමට මෙහෙය වූනේ මෙම තත්වයයි. නියාමනය අතහැර දැමීම හිනිපෙත්තට නැංගේ 1999 ග්ලාස්-ස්ටීගල් පනත අහෝසි කිරීම තුලය. ස්ටිග්ලිට්ස් ම ද කොටස් කරුවෙකු වූ, ක්ලින්ටන් පාලනාධිකාරය විසින් ක්‍රියාවට නගන ලද එය, 2000ස් ගනන් මුල මූල්‍ය උත්පාතයේදී සැලකියයුතු ක්‍රියාකලාපයක් ඉටු කලේ ය.

නිශ්චිතව ම දේශපාලනය වෙලඳපොල හැඩගැන්වී ය. එහෙත් ධනේශ්වර ආර්ථිකය තුල අතිමූලික හා යලි නොහැරවියහැකි වෙනස්කම් කෙරෙහි පලවූ ප්‍රතිචාරයකි දේශපාලන වෙනස්කම්. මුල් කාලයේ ඇතිවූ ලාභ පද්ධතියේ අර්බුදයක් ජයගැනීමේ උත්සාහයක් තුල වර්ධනය කල බදු/කුලී හඹායාම හා මූල්‍ය පරපුටුවාදය මත පදනම් කල ප්‍රතිව්‍යුහකරනය සැමදා වැඩිවෙන සමාජ අසමානතාවකට තුඩුදුන් අතර ධනේශ්වර ආර්ථිකයේ බිඳවැටීමකට කොන්දේසි නිර්මානය කලේ ය. 2008 අර්බුදය එහි ආරම්භක ප්‍රකාශනය යි.

මෙම අතිමූලික ප්‍රශ්නවලින් කිසිවක් ස්ටිග්ලිස්ට් ඉදිරිපත් කලේ නැත.. එසේ කලේ නම්, සමාජ අසමානතා ව ඓතිහාසිකව පෙර නො වූ විරූ මට්ටම්වලට නැගීම එහි එක් ප්‍රකාශනයක් පමනක් වන ධනවාදයේ උග්‍රවන අර්බුදය, ප්‍රතිසංස්කරන මගින් විසඳීමට හැකි ය යන ඔහුගේ තිරසර ප්‍රකාශනය කුඩු වී යන්නනට ඉඩ තිබුනි.

තව ද, ස්ටිග්ලිස්ට්ගේ ම නිරීක්ෂන එවැනි දේශපාලන න්‍යායපත්‍රයක බංකොලොත්කම හෙලිදරව් කලේ ය. වොරන් බුෆේ කෙනෙකුගේ නො ගැඹුරු නිරීක්ෂන, පැහැදිලව ම කරදරයට පත් නෝර්වේහි සමාජ ආර්ථික වාතාවරනය, හෝ ඔබාමා සමග ලත් අත්දැකීම්වලින් ඉක්බිතිව 2016දී හිලරි ක්ලින්ටන්ගේ පුනරාගමනය පිලිබඳ අපේක්ෂාව මත යමෙකුගේ ඉදිර්දර්ශනය පදනම් කිරීම සැබවින් ම තුත්තිරි ගසක එල්ලීමට දරන උත්සාහයකට සමානය.

ඇබොට් පහකිරීම හා ලේබර් - හරිත ආන්ඩුවක් ආපසු පැමනීම හෝ ධනේශ්වර දේශපාලඥයින්ගේ වෙනත් කුට්ටමක් “ප්‍රගතිශීලී” විකල්පයක් වනු ඇති බවට ප්‍රචාරය කිරීම සඳහා ආශාවෙන් ඔහුගේ “ප්‍රතිසංස්කරන” පනිවුඩය ඩැහගත් ඔහුගේ ඕස්ට්‍රෙලියානු ඇබිත්තයන් ලැග සිටින්නේ කාන්තාරයේ වැලිතුඩුවක් මතය.

සමපේක්ෂනය හා පරපුටුකම මත පාදකව, පතල් කැනීම හා මහා පරිමාන භාන්ඩ නිෂ්පාදනය යන දෙක ම සිය ග්‍රහනයට ගනිමින්, ආර්ථිකයේ තනි විශාලත ම අංශය බවට පත්වී ඇති මූල්‍ය වැනි බලගතු ආර්ථික බලවේග මේ වන විටත් ඕස්ට්‍රෙලියානු න්‍යායපත්‍රය නියම කරනු ලැබ තිබේ.

ස්ටිග්ල්ස්ට්ගේ ඔස්ට්‍රෙලියානු සංචාරය තුල දී ඔහුගේ පාමුල දැවටුනු “වාම” ලිබරල් සමාජ කන්ඩායමේ සියලු උත්සාහයන් නො තකා, ඔවුන්ගේ බංකොලොත් “ප්‍රතිසංස්කරන” න්‍යායපත්‍රය ද සමග මෙම ආර්ථික යතාර්ථය වහංගු කිරීමට ඔවුන් ගන්නා උත්සාහය කුඩු කර දමනු ඇත. ධනවාදය විසින් මුදාහරිනු ලබන සමාජ ව්‍යසනය අවසන් කල හැක්කේ, සමස්ත ලාභ පද්ධතියම විප්ලවවාදීව පෙරලා දැමීමෙන් පමනක් බව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ දිනපතා වර්ධනය වන පරාසයක් හමුවේ දිනපතා පැහැදිලි වෙමින් තිබේ.

Share this article: