සසප හා සසජාතශි සාමාජිකයන්ට කොලඹ සරසවියේ දී එල්ල කල මැර ප‍්‍රහාරය හෙලා දකිනු

සමාජවාදී සමානතා පක්ෂය / සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසිනි, 2014 අගෝස්තු 16

අගෝස්තු 15 දා කොලඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨ ආපන ශාලාවේදී එක්සත් ශිෂ්‍ය සංවිධානයේ නායක මැර කන්ඩායමක් විසින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයන්ට එල්ල කල කායික ප‍්‍රහාරය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

සිසුන්ගේ මෙන්ම කම්කරු‐පීඩිත මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ගෙනයන රුදුරු මර්දනය සමග එක පෙලට සිටිමින් එල්ල කෙරුනු මෙම ප‍්‍රහාරයට විරුද්ධත්වය පල කරමින් ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස සසප හා සසජාතශි සියලු සිසුන්ගෙන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

“දේශපාලනය එපා” යයි කියමින් ආන්ඩුවේ දේශපාලනය ගෙන යන මැර නඩය එල්ල කල මෙම මැර ප‍්‍රහාරය, සිසුන් තමන්ගේ අයිතින් සඳහා අරගලයකට එන තතු යටතේ මොන තරම් රුදුරු ලෙස කි‍්‍රයා කරනු ඇත් ද යන්න පිලිබඳව පෙර අනතුරු ඇඟවීමකි.

සසජාතශි කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දුට හා සංජය ජයසේකරට මෙම ප‍්‍රහාරය එල්ල කෙරුනේ, සසපත් සසජාතශිත් එක්ව “ඇමරිකාවේ ආසියාවට ‘හැරීම’ සහ ලෝක යුද තර්ජනය” මැයෙන් අගෝස්තු 18 දා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ පැවැත්වීමට නියමිත රැස්වීමට අදාල ප‍්‍රචාරක කටයුතු සඳහා එහි ගිය අවස්ථාවේදීය. ප‍්‍රනාන්දු ආපන ශාලාව දෙසට එමින් සිටියදී ඔහු වටකරගත් මැරයෝ “උඹට අපි කියල තියෙනව නේද මෙහේ දේශපාලනය කරන්න එන්න එපා කියල” යනුවෙන් පවසමින් අතින් පයින් පහර දී මුගුරුවලින් පහරදීමට ද සූදානම් වූහ.

තමා විශ්වාස කරන දේශපාලනික අදහස් ප‍්‍රකාශ කිරීම සහ ප‍්‍රචාරය කිරීම මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් බවත් විශේෂයෙන්ම බුද්ධිමය කොටස්වලින් සමන්විත විශ්ව විද්‍යාල තුල දේශපාලන වැඩ කටයුතු කිරීමේ අයිතිය කම්කරුවන් විසින් සටන් කොට දිනාගත් අයිතියක් බවත් ප‍්‍රනාන්දු පැහැදිලි කලද නොකඩවාම පහරදීම සිදුවුනි. පහර දෙන අතරතුර මැරයන් දිගින් දිගටම කියා සිටියේ විශ්ව විද්‍යාලය තුලට “දේශපාලනය” ගෙන ඒමට හෝ “දේශපාලනය මත සිසුන් බෙදීමට” ඉඩ නොදෙන බවයි.

ප‍්‍රනාන්දුට පහර දෙනු දැක ඔහු බේරා ගැනීමට වහා එතැනට පැමිනි ජයසේකරට ද ඔවුහු පහර එල්ල කලහ. තමා එම සරසවියේ නීති පීඨයේ අධ්‍යාපනය ලැබූවකු බව ජයසේකර පැවසුව ද ඔහුට පහර දුන්නේ පාලකයන්ගේ නිසි අවසරය ලබා නො ගෙන පෝස්ටර් ඇලවූයේය යන පොලිස් චෝදනාවක් ද ඉදිරිපත් කරමිනි.

පසුව මැරයන් ප‍්‍රනාන්දු සහ ජයසේකර ශිෂ්‍ය උපදේශක කාර්යාලයට භාර දුන් අතර, එහිදී දෙදෙනාගෙන්ම ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව “අවසරයකින් තොරව” විශ්ව විද්‍යාල භූමියට ඇතුලු නොවන ලෙස අවවාද කොට මුදා හැරින.

මෙම ප‍්‍රහාරයට පෙර, පසුගිය 13 දා සසප හා සසජාතශි සාමාජිකයන් සරසවි පරිශ‍්‍රය අසල ඉහත රැස්වීමට අදාල පත‍්‍රිකා බෙදමින් සිටියදී ද මෙම මැර කන්ඩායම විසින්ම ප‍්‍රනාන්දුට පහර දීම සඳහා ප‍්‍රකෝපකාරී ලෙස හැසිරී ඇත්තේ ශිෂ්‍යාවන් බිය වද්දා ඔවුන් සමග දේශපාලනය කතා කරන බවට ප‍්‍රනාන්දුට බොරු චෝදනා කරමිනි. අප සහෝදරවරුන් ඊස්රායලය ගාසා තීරුවේ ගෙන යන මිනීමරු යුද්ධය හෙලා දැකීමට විරුද්ධවෙමින් ඔවුන් ඊස්රායල ආක‍්‍රමනය ආරක්ෂා කලේ තමන් පෙල ගැසී සිටින්නේ අන්ත ප‍්‍රතිගාමීන් සමග බව ප‍්‍රදර්ශනය කරමිනි.

සිසුන් අතර කම්කරු පන්තික දේශපාලනය තහවුරු කිරීමට එරෙහිව “දේශපාලනය එපා” යන ප‍්‍රතිගාමී සූත‍්‍රය තොරොම්බල් කරන ඊනියා එක්සත් ශිෂ්‍ය සංවිධානය රාජපක්ෂ ආන්ඩුවේ ද, පොදුවේ ධනේශ්වර පාලක පන්තියේ ද දැනුවත් අත් ගෙඩියකි. සිසු මර්දනය සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් විශ්ව විද්‍යාල පරිපාලනය හරහා ස්ථාපිත කොට ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති රෙගුලාසි ආරක්ෂා කරන මෙම මැරයෝ තම ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් මත දේශපාලනිකව මැදිහත්වන සංවිධාන වලට කායිකව පහර දී පරිපාලනය සමග එක්ව ඔවුන් දඩයමට ලක් කිරීමේ පොලිස්කාර මෙහෙයේ නිර්ලජ්ජිතව යෙදී සිටිති.

දින කීපයකට පෙර තවත් දේශපාලන සංවිධානයක ශිෂ්‍යයෙකු ප‍්‍රචාරක කටයුතුවල යෙදෙද්දී මෙම කන්ඩායමේ පහර දීමට ගොදුරු විය. තමන් නුරුස්නා සිසුන් බියවැද්දීම මොවුන්ගේ කාර්යයක් වී ඇත.

ශී‍්‍රලනිපයේ “නිල් බලකාය” නමින් පිහිටුවා ඇති අවෘතව හා විවෘතව මැරකම්වල යෙදෙන සංවිධානයෙන් ද පොලිසියේ හා බුද්ධි අංශවලින් ද එක්සත් ශිෂ්‍ය සංවිධානයේ නායකයන්ට පිටුබලය ලැබෙයි. ඔවුන් කොලඹ සරසවිය තුල කි‍්‍රයා කරන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය කපා දැමීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට සිසු විරෝධයක් පැනනැගීම වලක්වා ලන පොලිස්කාරයන් ලෙස ය.

ඔවුන් විරුද්ධවූයේ කිනම් දේශපාලනයට ද යන්න ඉතා වැදගත්ය. සසප හා සසජාතශි උද්ඝෝෂනය කරමින් සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින දරුනුම අන්තරාය වන තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට එරෙහිවය. එම රැස්වීම සංවිධානය කෙරෙන්නේ මෙම අන්තරාය ගැඹුරින් විශ්ලේශනය කොට එයට කම්කරු පන්තියේ විසඳුම ඉදිරිපත් කිරීම සඳහා ය. පෝස්ටර් ඇලවූයේ එම රැස්වීමේ ප‍්‍රචාරනයටයි.

සසජාතශි බෙදාහල, “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සහ සමාජවාදය” යන හිසින් යුත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශය පෙන්වා දෙන්නේ බිඳවැටීමක් තුලින් ගමන් කරමින් සිටින ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර ගතිකය යොමුව පවත්නේ සමාජ ප‍්‍රතිවිප්ලවයන් මගින් කම්කරු පන්තිය දිනා ගත් අයිතීන් උදුරාගැනීමට බවත් න්‍යෂ්ටික අවි භාවිත කෙරෙන මනුෂ්‍ය සංහතියට විනාශය කටින තුන්වන ලෝක යුද්ධයක් දෙසට බවත් ය.

“ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී මාක්ස්වාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත මැදිහත් නොවුනහොත්, තවත් අධිරාජ්‍යවාදී රුධිරස්නානයකට අවස්ථාව සැලසෙනවා පමනක් නොව එවැන්නක් නොවැලැක්විය හැකි” බවට ප‍්‍රකාශය අනතුරු අඟවයි. මැරයන් විරුද්ධවූයේ මෙම අනතුරු ඇඟවීමටයි.

රාජපක්ෂ තන්ත‍්‍රය ද ඇතුලු ලොවපුරා පාලක පන්තීන් මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත අධ්‍යාපනය ඇතුලු සියලු සමාජ සුබසාධන විනාශ කරමින් මෙම සමාජ ප‍්‍රතිවිප්ලවයේ න්‍යාය පත‍්‍රයන් කි‍්‍රයාවට දමමින් සිටී. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් මර්දනය කිරීමට පොලිස් මිලිටරි ක‍්‍රමවේදයන් මත ආන්ඩුව වඩවඩාත් යැපෙමින් සිටී.

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා සිසු අරගල මැඞීම සඳහා, ශිෂ්‍ය සංගම් තහනම් කරමින් ද, දහසකට අධික සිසුන්ගේ පන්ති තහනම් කරමින් හෝ ශිෂ්‍යභාවය අහෝසි කරමින් ද, ව්‍යාජ නඩු පවරමින් හා මැර ප‍්‍රහාර එල්ල කරමින් ද, රාජපක්ෂ ආන්ඩුව ගෙනයන්නේ මෙම වැඩ පිලිවෙලයි.

තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේදී ගොඩ නගාගත් මිලිටරි යන්ත‍්‍රය යොදා ගනිමින් සමස්ත සමාජයම මිලිටරීකරනයට ලක් කරමින් සිටින ආන්ඩුව විශ්ව විද්‍යාල සිසුන් “මිලිටරි විනයට” යටත් කරනු වස් අනිවාර්ය මිලිටරි පුහුනුවකට යොමු කලේය. මීට අමතරව, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන රක්නා ලංකා ආයතනය යටතට ගැනුනි.

ආන්ඩුව මෙම මර්දනයට සමගාමීව කම්කරු පන්තිය මෙන්ම සිසුන් හා තරුනයන් ඇතුලු අවශේෂ පීඩිතයන් භේද භින්න කරනු වස් වර්ගවාදය නව වටයකින් අවුලවමින් සිටී. පසුගිය දා සබරගමු සරසවියේ දෙමල ශිෂ්‍යයෙකුට කල පහරදීම සිසුන් අතර වර්ගභේදය ඇවිලවීම සඳහා යොදා ගැනීමේ උත්සාහයක ආන්ඩුව නිරත වෙමින් සිටින්නේ මෙම සැලසුම් යටතේය. වර්ගවාදයට අමතරව ආගම්වාදය ද යොදා ගනු වස් දෙමල ජනතාවට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයෙන් පසු බොදු බල සේනා වැනි ෆැසිස්ට් පන්නයේ අත්තවාදී කන්ඩායම් මුස්ලිම් ජනයාට එරෙහිව පාරට බස්සවා ඇත්තේ ආන්ඩුවේ පිටුබලයෙනි.

විශ්ව විද්‍යාල තුල පවත්නා අනෙකුත් ශිෂ්‍ය සංගම් ද, සිසුන් දේශපාලනිකව පසුගාමීත්වයේ ගිල්වා නිරායුද කර තැබීම මගින් ආන්ඩුවේ ප‍්‍රහාරවලට සහාය දෙමින් සිටිති. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකත්වය යටතේ ක‍්‍රියාත්මක ශිෂ්‍ය සංගම් ‘ශිෂ්‍ය දේශපාලනය’ යන ප්‍රෝඩාව යටතේ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් මෙම සිසු අයිතීන්ට එල්ල වන ප‍්‍රහාර ආපසු හැරවිය හැකිය යන මිත්‍යාවේ සිසුන් හිර කොට තැබීමේ දේශපාලනයක නිරතව සිටී.

ලෝක යුද තර්ජනයටත්, රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ටත් එරෙහිව, කම්කරු පන්තියේ නායකත්වය යටතේ අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය මත දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් කම්කරුවන්, තරුනයන්, සිසුන් සහ අනෙකුත් පීඩිතයන් අතර සටන් වදින්නේ සසප සහ සසජාතශි පමනකි.

නිදහස් අධ්‍යාපනය ඇතුලු අයිතීන් රැක ගැනීම කල හැක්කේ සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීම තුලින් පමනකි. ජාත්‍යන්තරවාදය මත පදනම්ව මෙම වැඩ පිලිවෙලට සටන් කිරීමට සසජාතශි සමග එක්වන ලෙස සියලු සිසුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: