එක්සත් සමාජවාදී පක්ෂයට එරෙහි වර්ගවාදී මැර ප‍්‍රහාරය හෙලා දකිනු

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2014 අගෝස්තු 28

ශී‍්‍ර ලංකාවේ දකුනු පලාතේ අලුත්ගම හා බේරුවලදී මුස්ලිම් ජනයාට සිංහල-බෞද්ධ මැර නඩ එල්ල කල ප‍්‍රචන්ඩත්වයට එරෙහිව එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) සංවිධානය කල යතුරුපැදි චාරිකාවට ජූනි 27 වන දින බෞද්ධ අන්තවාදී බොදු බල සේනා (බොබසේ) හා රාවනා බලය විසින් එල්ල කල මැර ප‍්‍රහාරය සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරයේ හෙලා දකියි. කොලඹ සිට අලුත්ගම දර්ගා නගරය දක්වා සංවිධානය කල එසප යතුරුපැදි චාරිකාවට වස්කඩුවේදී මෙම පහරදීම සිදුකර ඇත.

එසප නායක සිරිතුංග ජයසූරිය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් අගෝස්තු 5 දින කියා සිටි පරිදි හදිසියේ පැමිනි පොලිස් නිලධාරින් “මැරයන් එනවා. ඔවුන් එන මගින් ඉවත්වන්න” යයි පවසා ඇත. ඒ සමගම බෞද්ධ භික්ෂූන් කන්ඩායමක් තී‍්‍ර රෝද රථවලින් පැමින ඇති අතර ඒ සමගම විරෝධතාකරුවන්ට පහරදීම ආරම්භ කර ඇත. තුවාල ලත් කිහිප දෙනෙක් රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ඇත. පොලීසිය මැරයන් නතර නොකල අතර පහරදීම සිදුවූයේ ඔවුන් ඉදිරිපිට ය. යලිත් තහවුරුවී ඇත්තේ බෞද්ධ අන්තවාදී සංවිධානවලට පොලීසියේ හා ආන්ඩුවේ අනුග‍්‍රහය ලැබෙන බවයි.

ජූනි 15දා අලුත්ගමදී පැවත්වූ ප‍්‍රකෝපකාරී රැස්වීමකින් මුස්ලිම් ජනයාට එරෙහිව උසිගැන්වූ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලින් අවම වසයෙන් තිදෙනෙකු මියගොස්, දුසිම් ගනනකට තුවාල සිදු කෙරුනු අතර ඔවුන්ට අයත් ගෙවල් හා කඩසාප්පු සිය ගනනක් මුලුමනින්ම නැතහොත් පාර්ශවීය වසයෙන් විනාශ කරන ලදි. මේ සිදුවීම් බොහෝමයක් ඇතිවූයේ ආන්ඩුව විසින් ප‍්‍රදේශයේ දිගේලි කර තිබූ මිලිටරි බලකායන් බලා සිටියදී ය.

අලුත්ගම ප‍්‍රචන්ඩ කි‍්‍රයා වලට එරෙහිව රට පුරා මතුවූ පුලුල් විරෝධතා මැඞීමට පොලීසිය යෙදවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව බොබසේ ඇතුලු අන්තවාදීන්ට සුදුහුනු ගෑ අතර සිද්ධියට වග කිව යුත්තේ මුස්ලිම් අන්තවාදීන් යයි චෝදනා කලේය.

ලංකාවේ ධනපති ආන්ඩු - එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ආන්ඩු - 1948 සිටම රට පාලනය කරනු ලැබූවේ වර්ගවාදය උසි ගන්වමින් කම්කරු පන්තිය භේද කර ධනපති පන්තියෙන් ස්වාධීන වීමක් වලක්වා ගනිමින්ය. වර්තමාන ආන්ඩුව මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බුදය මධ්‍යයේ වර්ගවාදය යලි උත්සන්න කර ඇත.

උතුරු නැගෙනහිර දෙමල ජනයාට එරෙහිව වර්ගවාදී සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු ආන්ඩුව යලිත් වර්ගවාදී හා ආගම්වාදී රේඛා ඔස්සේ කම්කරු පන්තිය භේද කිරීම උදෙසා කි‍්‍රයා කරමින් සිටින්නේ කම්කරු පන්තිය, ශිෂ්‍යයන් හා පීඩිතයන් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කල කප්පාදු වැඩපිලිවෙල කි‍්‍රයා කරමින් සිටින තතු තුල ය.

වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසු රට තුල විවිධ ස්ථානයන්හි විවිධ විරෝධතා අරගලයන්ට වෙඩි තැබීමෙන් පස් දෙනෙකු ඝාතනය කර ඇත. ආයෝජකයන් සඳහා කොලඹ නගරය පවරා දීම උදෙසා දුගී පවුල් 100,000 පමන බලහත්කාරයෙන් ඉවත් කිරීමට නියමිත ය. කොම්පඤ්ඤ වීදියේ දුගී නිවාස කඩා දැමුවේ හමුදාව යොදවමිනි.

සමාජවාදී සමානතා පක්ෂයට (සසප) එසප සමග අතිශය ගැඹුරු දේශපාලන මතභේද පවතී. එසපට එල්ලවූ මැර ප‍්‍රහාරය සසප තරයේ හෙලාදකින්නේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයක් හෙයිනි. මෙම ප‍්‍රහාරයට විරුද්ධ වන ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ සැබෑ උත්සුකතාව වන්නේ, ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අනකරනු ලැබ ආන්ඩුව විසින් කි‍්‍රයාවට දමන විසකුරු වැඩ පිලිවෙලට එරෙහිව පැන නගින කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ විරෝධතා වර්ගවාදී මැර ප‍්‍රහාර, පොලිසිය හා හමුදා යොදා මැඩලීම යි. එය පරාජය කල හැක්කේ කම්කරු පන්තිය සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලින් බලමුලු ගන්වා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගිනි.

Share this article: