ශ්‍රී ලංකාවේ සසප ජනාධිපතිවරන උද්ඝෝෂන රැස්වීම් දියත් කරයි

Sri Lankan SEP to hold public meetings to launch presidential election campaign

සමාජවාදී සමානතා පක්ෂය විසිනි,2014 දෙසැම්බර් 09

සමාජවාදී සමානතා පක්ෂය හා එහි තරුන ව්‍යාපාරය වන සසජාතශි, 2015 ජනවාරි 08 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට තමන් ඉදිරිපත් කරන දේශපාලන වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය පැහැදිලි කිරීමේ රැස්වීම් මාලාවක් පවත්වනු ලබයි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන සසප දේශපාලන කමිටු සාමාජික පානිනී විජේසිරිවර්ධන, කම්කරුවන්, තරුනයින් හා පීඩිත ජනතාවන් අතර සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් වැදීමේ දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.

ලෝක යුද්ධයක් පිලිබඳ වැඩෙන තර්ජනයට ද වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට ද එරෙහිව ඒවා ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව මැතිවරනයට ඉදිරිපත්වන එකම අපේක්ෂකයා ඔහු පමනි.

මැතිවරනය වටලාගෙන ඇති දේශපාලන අර්බුදය තුල ප්‍රකාශයට පත් වන්නේ, ගෝලීය ධනවාදයේ බිඳවැටීම හා නැඟී එන භූ-දේශපාලනික ආතතීන්ය. තවදුරටත් ප්‍රමාද වීමෙන් සිය ආන්ඩුවේ ප්‍රතිගාමී කප්පාදු න්‍යායපත්‍රය කෙරෙහි වැඩකරන ජනතාව වෙතින් වඩ වඩාත් ගැඹුරු වෙමින් පලවන විරුද්ධත්වය පාලනය කරගත නොහැකි වෙතැයි යන භීතිය හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරනය කල්තියා නිවේදනය කලේය. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂය විසින් සපයන ලද පිටුබලය සහිතව සෞඛ්‍ය ඇමති හා ශ්‍රීලනිපයේ මහ ලේකම්ව සිටි මෛත්‍රිපාල සිරිසේන ආන්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත්වන බව නිවේදනය කලේය.

මේ කලාපය පුරා ඇති අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් තුලට ඇද ගනිමින් තිබේ. පසුගිය පස් වසර පුරාවටම වොෂින්ටනය, කොලඹ පාලනය බීජිනයෙන් දුරස්ත කිරීම පිනිස, රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ ගසාකමින් සිටියි. දැන් එක්සත් ජනපදය, මෙරට පාලක සන්ධාන ආන්ඩුව දෙකඩ කොට මැතිවරනයේදී රාජපක්ෂ පරාජය කිරීමේ විපක්ෂ කුමන්ත්‍රනයන්ට කොල එලිය දල්වා තිබේ.

එක් හෝ තවත් ආකාරයකින් අධිරාජ්‍යවාදය හා එහි යුද ව්‍යායාමය තුලට මෙරට ඇද දමමින් සිටින පාලක පන්තියේ සෑම කොටසකටම, වැඩකරන ජනතාව විරුද්ධ විය යුතු යයි සසප කියා සිටියි. මෙරට තුල නරක අතට හැරෙමින් ඇති ආර්ථික අර්බුදයකට මුහුනපා සිටින ආන්ඩුව මෙන්ම විපක්ෂයේ සියලු පක්ෂ, අර්බුදයේ බරට වැඩකරන ජනතාව කර ගැසිය යුතුය යන එකඟත්වයකට පැමින සිටිති. ධනපතියන්ගේ කුමන අපේක්ෂකයා ජනවාරි 08දා මැතිවරනය දිනා ගත්ත ද පාලක පන්තියේ එම පාර්ශවය, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් කාබාසීනියා කිරීමේ ව්‍යායාමය උත්සන්න කරනු ඇත.

මෙම දැවෙන දේශපාලන ප්‍රශ්න හා යුද්ධය නතර කිරීම ද කම්කරුවන් හා ශිෂ්‍යයින්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ කෙසේ ද යන්න ද සාකච්ඡා සසප මැතිවරන රැස්වීම් වලදී කරනු ඇත. අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, රැස්වීම්වලට සහභාගී වෙමින් මෙම අත්‍යවශ්‍ය සාකච්ඡාවන්ට සහභාගී වන ලෙසයි.

රැස්වීම් පැවැත්වෙන ස්ථාන හා දින-වේලාවන්

මහරගම
සනාතන මන්දිරය, නාවින්න දුම්රිය ගේට්ටුව අසල,
දෙසැම්බර් 12 සිකුරාදා සවස 4ට

ගම්පහ
මිරිස්වත්ත-ගම්පහ මාර්ගයේ , සනස කුඩා ශාලාව
දෙසැම්බර් 14දා සවස 3.00

හලාවත
සුදසුන ශාලාව
දෙසැම්බර් 17, සවස 3.00

මහනුවර
ජනමැදුර ශාලාව
දෙසැම්බර් 19 සිකුරාදාඝ සවස 4.00

හැටන්
කම්කරු සෙවන ශාලාව
දෙසැම්බර් 21 ඉරිදා උදේ 10.00

රත්මලාන
කම්කරු සෙවන ශාලාව
දෙසැම්බර් 22 සවස 4.00

කයිට්ස්
වීවෘත රංග ශාලාව (පොදු වෙලඳ පොල අසල)
දෙසැම්බර් 26 උදේ 10.00

කරෙයිනගර්
ඌරි, ඇන්ඩර්සන් ශාලාව
දෙසැම්බර් 27 සවස 3

යාපනය
වීරසිංහම් ශාලාව
දෙසැම්බර් 28 ඉරිදා සවස 2.00

කුරුනෑගල
YMBA ශාලාව
දෙසැම්බර් 29දා සවස 4.00

මාතර
සනස ශාලාව, නූපේ හන්දිය
ජනවාරි 03, සවස 3.00

කොලඹ
මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
ජනවාරි 04 ඉරිදා සවස 3.00

Share this article: