ජනාධිපති රාජපක්ෂ මැතිවරනය ජය ගැනීමේ වියරු මෙහෙයුමක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 දෙසැම්බර් 23

දෙවසරකට කලින් ජනාධිපතිවරනයක් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ එය කෙසේ හෝ දිනා ගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටී. හොරෙන් අල්ලස් දීම හා විවිධ වරප‍්‍රසාද දීමේ පොරොන්දු මගින් විපක්ෂ මන්තී‍්‍රන් බිලිබා ගැනීම, රාජ්‍ය සම්පත් අමු අමුවේ යොදා ගැනීම සහ ප‍්‍රචන්ඩත්වය රාජපක්ෂගේ ඡුන්ද ව්‍යාපාරයේ අංග බව කුප‍්‍රකට ය.

මෙතරම් කල් තියා මැතිවරනයකට යාමට රාජපක්ෂ තල්ලූ වූයේ තමන්ට එරෙහිව නැගි මහජන විරෝධය නිසා කල් බැලීම පරාජයකට තුඩුදෙතැයි ඇතිවූ බිය නිසා ය. ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් යුද අපරාධ පිලිබඳව චෝදනා එල්ල කරමින් චීනය සමග සබඳතා බිඳ දමා තම මූලෝපායාත්මක න්‍යාය පත‍්‍රය පිටුපස පෙල ගැසෙන ලෙස කෙරෙන බලපෑම් මධ්‍යයේ යලි බලයට පැන ගැනීමෙන් දේශපාලන උපාමාරු දැමීමට අවස්ථාව ලැබේ යයි රාජපක්ෂ ගනන් බැලුවේ ය.

පූර්ව සූදානමක් මගින් ඔහුගේ කැබිනෙට්ටුවේ සෞඛ්‍ය ඇමති මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරනය කැඳවීම ප‍්‍රකාශයට පත් කල දිනට පසු දා ඔහුට එරෙහිව තරගයට ඒම නිවේදනය කිරීමත් සමග රාජපක්ෂ මුහුන දෙන දේශපාලන අර්බුදය තවත් උග‍්‍ර වී ඇත. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහගේ ආධාරය ද ඇතිව සිරිසේන කරලියට ගෙන ආවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යි. ඇය ඇමරිකාවේ ක්ලින්ටන් පදනමේ ගෝලීය නායකත්ව පුහුනු සංවිධානයේ උපදේශිකාවකි.

මේ සම්බන්ධතා ඔස්සේ, එජාපය ප‍්‍රමුඛව ගෙන යන මැතිවරන මූලෝපාය යටතේ කොලඹ ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය රාජ්‍ය තන්ති‍්‍රකයන් සමග සාකච්ඡා කෙරී වොෂින්ටනය දැනුවත් ව සිදුවන ආන්ඩු මාරුවක සැලසුමකට රාජපක්ෂ මුහුන දී සිටියි.

රාජපක්ෂ ප‍්‍රමුඛ පාලක කල්ලිය රාජ්‍ය වියදම්වලින් සියයට 50ක් පමන පාලනය කරමින් හා දේශීය හා විදේශීය අයෝජකයන් සමග සම්බන්ධතා ඔවුන්ට සීමා කර ගෙන සිටින තතු තුල තමන්ට පංගුව අහිමි වූ මැති ඇමතියන් ද තමන්ට අවස්ථාවන් අහිමිවූ ධනපතියන් ද රොත්තක් සිටිති. මේ මැති ඇමතියන් සිරිසේන පිටුපසින් යෑම වලක්වා ගැනීමේ ද එජාප මන්තී‍්‍රන් බා ගැනීමේ ද වියරු ව්‍යායාමයක රාජපක්ෂ යෙදී සිටියි. මේ ව්‍යායාමය සඳහා කෝටි ගනනින් අත යට මුදල් පාස්වන බවට ප‍්‍රසිද්ධ වී ඇත. මාරු වන මැති ඇමතියන් රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ තොරතුරු අඩංගු “ෆයිල්” එලියට දමන බවට රාජපක්ෂ ප‍්‍රසිද්ධියේ තර්ජනය කලේ ය. මැති ඇමතියන්ගේ වංචා හා දූෂන ඇතුලත් මෙබඳු “ෆයිල්” රාජපක්ෂ සිය පාක්ෂිකයන් පක්ෂය තුල දඬු ගසා තබා ගැනීමට යොදා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත.

මැතිවරන නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපොල ඡන්ද ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට ද දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව රුදුරු ප‍්‍රචන්ඩ කි‍්‍රයා මුදා හැරීමට ද ආන්ඩු පාක්ෂිකයින් කි‍්‍රයාවට බැස ඇත්තේ රාජපක්ෂගේ නිහඬ අනුමැතිය ඇතිව ය. මෙම ප‍්‍රචන්ඩ කි‍්‍රයා මගින් පෙන්නුම් කෙරෙන්නේ මැතිවරන පරාජයකට මුහුන දුනහොත් රාජපක්ෂ ලේසියෙන් බලය අත් නොහරිනු ඇති බව මෙන් ම යලි බලයට පත් වුව හොත් දේශපාලන විරුද්ධවාදීන්ට පමනක් නොව විශේෂයෙන් ම කම්කරු පන්තියට හා පීඩිතයන්ට ද එරෙහිව මොන තරම් රුදුරු ලෙස කඩා පනිනු ඇත්ද යන්නයි.

ජනාධිපතිවරනය නිවේදනය කිරීමටත් ප‍්‍රථමයෙන් සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කල රාජපක්ෂ දෙසැම්බර් 2 දා රජයේ රස පරීක්ෂක සහ ශී‍්‍ර ලංකා විද්‍යාත්මක සේවාවන්ගේ සංගමයේ නිලධාරීන් අමතමින් ප‍්‍රකාශ කලේ “රටේ යහපත් වැඩ පිලිවෙලවල් කි‍්‍රයාවට දැමිය හැක්කේ ස්ථාවර ආන්ඩුවක් යටතේ පමනක් ම” බවයි. ඊට පසු දින ඇඹිලිපිටියේ පැවති රැස්වීමක දී පසුගිය ආන්ඩු “විරෝධතාවලට බයේ වෙවුලවෙව්ලා” සංවර්ධන වැඩ අතපසු කල බව ඔහු කියා සිටියේ ය. රාජපක්ෂ ආන්ඩුවේ මැති ඇමතියෝ “ස්ථාවර ආන්ඩුවක්” සඳහා රාජපක්ෂට ඡන්දය දෙන ලෙස පුනපුනා කියති. තම මැතිවරන ප‍්‍රකාශය නිකුත් කරමින් දෙසැම්බර් 23 දා රාජපක්ෂ අවධාරනය කලේ තමන් “ස්ථාවර ශක්තිමත්” ආන්ඩුවකට කැපවී සිටින බව ය. (රාජපක්ෂගේ මැතිවරන ප‍්‍රකාශය ගැන සවිස්තරාත්මක විශ්ලේෂනයක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පසුව පලවනු ඇත.)

රාජපක්ෂ පවත්වා ගෙන ආ “ස්ථාවර හා ශක්තිමත් ආන්ඩුව” නම් වඩවඩාත් අධිපතිවාදී බලය යොදා ව්‍යවස්ථාව ද රටේ නීති ද උල්ලංඝනය කරමින් විරුද්ධවාදීන් මැඩලමින් පාලනය ගෙන යාමයි. විරෝධතාවලට බය නොවී කි‍්‍රයා කිරීම නම් 2011 කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරු උද්ඝෝෂනයේ දී හා 2012 හලාවත ධීවර විරෝධතාවල දී ද 2013 වැලිවේරියේ ජනයාගේ විරෝධතා දැක්වීමේ දී ද පොලීසිය හා හමුදාව යොදා වෙඩි තබා පස් දෙනෙකු ඝාතනය කරමින් ආන්ඩුවේ ද ධනපති කොම්පැනිකාරයින්ගේ ද අනසක කි‍්‍රයාත්මක කිරීම යි.

රාජපක්ෂගේ ප‍්‍රකාශවල තේරුම නම් යලි බලය අත් කරගෙන පොලිස් රාජ්‍ය පාලනයක් තහවුරු කර ගැනීමයි. අවුරුදු 2ක් කලින් මැතිවරනය තැබීම මගින් 2022 දක්වා බලයේ සිටීමට ඔහු තැත් කරයි.

දැවැන්ත නය බරෙන් ද මෝදුවන ගෝලීය අර්බුදයෙන් ද උග‍්‍රවී ඇති ලංකාවේ ආර්ථික අර්බුදය තුල රාජපක්ෂ යලි බලයට ආවොත් පෙර නුවූ විරූ ප‍්‍රහාර මාලාවක් කම්කරුවන්ගේ දුගීන්ගේ හා තරුනයන්ගේ ජීවන කොන්දේසිවලට එල්ල කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත 2016 වන විට අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.8 දක්වා කැපීම රාජපක්ෂගේ න්‍යාය පත‍්‍රයට අඩංගු ය. රටේ සංවර්ධනය ලෙස රාජපක්ෂ හුවා දක්වන්නේ තුනී ධනපති පන්තියේ තට්ටුවක් සංවර්ධනය කිරීම හා විදේශ අයෝජකයන්ගේ ලාභ අවශ්‍යතා සන්තර්පනය කිරීමයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ න්‍යායපත‍්‍රයට අනුව ආන්ඩු මාරුවකින් බලය ගැනීමට කි‍්‍රයා කරන සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට අවොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන් ම ය. සිරිසේන යහ පාලනය ගැන පූච්චානම් කතාවලින් ආවරනය කර ගෙන ඇත්තේ එයයි.

මෙම ධනපති අපේක්ෂකයන් අතර තෝරා ගැනීමක් කම්කරුවන්ට, තරුනයන්ට හෝ දුගීන්ට නැත. ඔවුන්ගේ සහයෝගය ගොනු විය යුත්තේ සමාජවාදී සමානතා පක්ෂයත් එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දනත් සමාජවාදී පිලිවෙත් සඳහා කරන අරගලයට ය.

Share this article: