දකුනු සුඩානයේ දිගින් දිගටම ඇවිල යන සටන් වලින් බේරී පලා යන සිය ගනනක් දියේ ගිලෙති

Hundreds drown fleeing continued fighting in South Sudan

බිල් වැන් ඕකන් විසිනි , 2014 ජනවාරි 15

පසුගිය මාසයේ දකුනු සුඩානයේ සටන් ඇවිල ගිය තැන් පටන්, විය හැකි මහා තනි ඛේදවාචකයෙන් පුද්ගලයෝ 300ක් පමන, වැඩිපුර සෙනඟ පටවාගත් යාත්‍රාවක් දියේ ගිලී යාමෙන් මරුමුවට පත්වුහ.

මරනයට ගොදුරුවූවෝ, රටේ ඊසාන දිග සුඩාන දේශසීමාවේ තෙලින් සරු උත්තර නයිල් ප්‍රාන්තයේ අගනගරය වන මලකාල් වලින් පලා යාමට උත්සහ කල අය වෙති. ජනාධිපති සල්වාර් කීර් සහ නෙරපා හරිනු ලැබූ උප ජනාධිපති රීක් මශාර් අතර දේශපාලන ගැටුම සන්නද්ධ අරගලයක් බවට පුපුරා ගිය දෙසැම්බර් 15 දින සිට මෙම ප්‍රදේශයේ පාලනය කන්ඩායම් දෙක අතර නිරන්තරයෙන් මාරුවෙමින් පවතී.

මහා පරිමානයේ දියේ ගිලී මිය ගියේ, කීර් ආන්ඩුවට හිතවත් රටේ විශාල බහුතර ඩින්කා ගෝත්‍රයට අයත් හා මශාර්ට හිතවත් දෙවන විශාල බහුතරය වන නුයර් ගෝත්‍රයට අයත් දෙකොටසම විසින් සිදුකරනු ලැබූ වාර්ගික ඝාතනයන් දැකගත හැකිවූ, මාසයක් තිස්සේ සිදු වන සටන් වලින් ඉහල යමින් පවතින මානව ව්‍යසනය මධ්‍යයේය.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාවන්ට අනුව, සටන් නිසා මිලියන භාගයක් තරම් ජනයාට නිවෙස් පලින් පලායාමට සිදුවී ඇති අතර 43,000ක් රට තුල අනාථවී, තවත් 75,000ක් දෙනාට අසල්වැසි රටවලට පලායාමට සිදුවිය.

එක්සත් ජාතීන් අනතුරට පත් ගනන "මරන 1,000 කට වඩා සැලකිය යුතු තරමින් ඉහලය" යනුවෙන් පවසන නමුත් ජාත්යන්තර අර්බූදයන් පිලිබඳ කන්ඩායම පසුගිය සතියේදී එම ගනන 10,000 කට ආසන්න වන්නේ යයි තක්සේරු කලෝය. දෙපාර්ශවයේම අමානුෂික ක්‍රියා ගැන එක්සත් ජාතීන් වාර්තා කලේය.

ගැටුමේ මූලයන් ඇත්තේ, කීර් විසින් උප ජනාධිපති මශාර් ඉවත් කර, ඔහුගේ මුලු කැබිනට් මන්ඩලයම පහ කර, සුඩාන මහජන විමුක්ති ව්‍යාපාරයේ (SLPM) මහ ලේකම් පැගන් අමුන් ගේ සේවය අත්හිටුවා, අසහනකාරී තත්වය ඇති කරවීම ගැන ඔහුට විරුද්ධව පරීක්ෂන ඇරඹීම හේතුවෙන්, SLPM තුල ඇතිවූ කටුක බල අරගලය තුලය. තමන් පක්ෂ නායක කීර්ට විරුද්ධව තරඟ කරන බව ද 2015 ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බවද මශාර් දැනුම්දී තිබුනේය. හිටි හැටියේ ඉවත් කර දැමුනු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගනනාවකගේ සහාය ද මශාර් ට ලැබේ.

මෙම පියවරයන් උත්සන්න ‍කෙරුනු රාජ්‍ය මර්දන පිලිවෙතක් සලකුනු කරන අතර ඒකාධිපතිත්වකට සමාන ආකාරයේ බලතල තහවුරු කර ගැනීමක් විය. එසේම ආන්ඩුව තුල සිටි මශාර් සහ අනෙකුත් සියලු නුයර් වාර්ගිකයන් ඉවත් කිරීම මගින් කීර්, දේශපාලන බල අරගලය වාර්ගික ප්‍රචන්ඩත්වයක් සමග පටලැවීමට තත්වය සකස් කලේය.

පාලක පක්ෂයේ විරසක වීම්, වසර තුනකට පෙරාතුව දැඩි ඇමෙරිකානු පිටුබලය සහිතව ස්වාධීන රාජ්‍යයක් ලෙස දකුනු සුඩානය වෙන්වීමෙන් කුලු ගැන්වුනු, සුඩානයේ දිග්ගැස්සුන සිවිල් යුද්ධය තරම් ඈතට දිව යයි.

1990 ගනන් වලදී SPLM, දකුනේ වැසියන්ට පූර්න අයිතිවාසිකම් හිමි එක්සත් අනාගමික ප්‍රජාතන්ත්‍රවාදී සුඩානයකට සහාය දුන් අතර ස්වාධීන දකුනු සුඩානයක් ඉල්ලමින් මශාර් ඉන් භේද විය. ප්‍රතිඵලය වූයේ 1991 කේ කුප්‍රකට බෝර් නගර වාසී ඩින්කා ගෝත්‍රිකයන් 2,000ක් මශාර් ගේ හමුදා විසින් සමූල ඝාතනය කිරීම වැනි වාර්ගික ලේ වැගිරීම් ඇතුලු, දකුනු සුඩාන කන්ඩායම් අතර සිවිල් යුද්ධයක් ඇවිලී යාමය. 2001 දී ඔහු යලිත් SPLM හි මිලිටරි අංශය සමග සම්බන්ධ විය; 2005දී සාම ගනුදෙනුවක කොටසක් ලෙස, දකුනු සුඩානය අර්ධ-ස්වයංපාලිත තත්වය ලබා ගත් , ඔහු එහි උප ජනාධිපති තනතුරට පත්වූ අතර 2011 දකුනු සුඩානය නිදහස ලබද්දී එම තනතුර දරමින් සිටියේය.

කෙසේ වෙතත්, මතුපිටින් එක්සත් කමක් පෙන්නුම් කල ආන්ඩුවේ මෙන්ම, නිදහසට පෙර සුඩාන ජනතා විමුක්ති හමුදාව යන බැනරය යටතේ සටන් වැදුන නොයෙකුත් මිලීෂියා කන්ඩායම් එක් කර පිහිටවූ හමුදාවේ ද බෙදීම් එලෙසම තිබුනි.

දෙසැම්බර් 15 ගැටුම් ඇරඹුනේ ජූබා අගනුවර විරුද්ධවාදී සොල්දාදුවන් කන්ඩායම් දෙකක ආරවුලක් ඉක්මනින්ම පලල් කොටස් අතර ගැටුමක් ලෙසට පැතිරී යාමෙනි. සිද්ධිය කුමන්ත්‍රන තැතක කොටසක් බව කියා පෑ කීර්, SPLM ය තුල සිය විරුද්ධවාදීන් ගනනාවක් සිර ගත කලේය.

පසු දිනයේ මශාර් ට පක්ෂපාතී හමුදා, තමන් මකාල් නගරය යලි අත්පත් කර ගත් බව ප්‍රකාශ කල නමුත් සිය හමුදා නගරයේ බලය සතුකර ගෙන සිටින බව තරයේ කියා සිටි ආන්ඩුවේ ප්‍රකාශකයකු එය "හුදු ප්‍රචාරයක්" යැයි බැහැර කලේ ය. නගරය තුල සහ අවට දැඩි ගැටුම් පවතින බවට විවිධ වාර්තා පලවුනි.

තවමත් කැරලි කරුවන් අත පවතින රට මැද බෝර් නගරය අවට ද සටන් ඇවිලී ගොස් තිබේ. ආන්ඩුවේ හමුදා එය අත්පත් කර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ අතර මශාර්, සුඩාන ට්‍රිබියූන් පත්‍රය සමග පවසා තිබුනේ, තමන්ට සහය දෙන හමුදා යුනිටි රාජ්‍යයේ අගනුවර (එසේම තෙල් නිශ්පාදනයේ හරි මැද ) රැඳී සිටිමින්, "උපායාත්මකව පසුබැසීමක්" සිදු කල බෙන්චියු නගරයට අලුත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවයි.

තමන්ගේ හමුදා සටන් කරන්නේ, දකුනු සුඩාන ආන්ඩුවේ හමුදා සමග පමනක් නොව, රටේ සිටින සිය වැසියන්ගේ ආරක්ෂාවට යැයි කියමින් උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි දකුනු සුඩානයට එවා , උගන්ඩාවේ ජනතා ආරක්ෂක හමුදා ද සමග බව මශාර් පවසයි.

උගන්ඩා හමුදා ජනාධිපති මාලිගාව සහ ජූබා ජාත්‍යන්තර ගුවන්තොටෙහි රැකවල් ලාගෙන සිටින අතර උගන්ඩා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සිවිල් වැසියන් මරා දමමින් ගම්මාන වලට බෝම්බ හෙලන බව වාර්තා වේ.

මුසවේනිගේ විරුද්ධවාදීන්, ඔහු තම රටේ මිලිටරිය යැවීම මගින් දකුනු සුඩානයේ ස්වාධිපත්‍යය මෙන්ම, පලමු හමුදා සේනාංක යැවීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය නොගැනීමෙන් උගන්ඩා ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරන අතර පාර්ලිමේන්තුව තව තවත් හමුදා එහි යැවීම පිලිබඳව විවාදයක් පැවැත්වීය. දකුනු සුඩානය සමග හවුලේ සිය උතුරු දේශසීමාව පවත්වාගෙන යන උගන්ඩාව එහි විශාලතම අප්‍රිකානු වෙලඳ ගනුදෙනු කරුවාය.

උගන්ඩාවේ මැදිහත්වීම සුඩාන ගැටුම වඩා පලල් කලාපීය යුද්ධයක් ඇවිලී යාම පිලිබඳ අනතුර මතු කරයි. බටහිරට වන්නට, මධ්‍යම අප්‍රිකානු ජනරජය (CAR) ද දකුනේ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය ද සන්නද්ධ අරගලවලින් ඇලලී ගොස් තිබේ. ඇමෙරිකාව ගුවනින් ගෙනා රුවන්ඩා හමුදා සමග ප්‍රන්ස බල ඇනිද CAR වෙත යවා තිබේ.

ඇමෙරිකානුවන් ඉවත් කර ගැනීමට ආධාර පිනිස යයි පවසමින් ඇමෙරිකාව ද පසුගිය මාසයේ ශිර්බොවිටි වල ස්ථානගත කල, නැගෙනහිර අප්‍රිකානු ප්‍රතිචාර බලකායේ 50ස් දෙනකු දකුනු සුඩානයට පිටත් කර හැරියේය.

දකුනු සුඩානයේ සටන් දිගටම පවතිද්දීම, සංවර්ධනය සඳහා වන අන්තර් ආන්ඩු ඒජන්සියේ (IGAD) නැගෙනහිර අප්‍රිකානු කාන්ඩායමේ අනුග්‍රහය යටතේ, ඉතියෝපියානු අගනුවර වන අඩිස් අබාබා වල සටන් විරාමයක් ඇතිකර ගැනීම සඳහා සාකච්චා පැවැත්වෙමින් තිබේ.

බුෂ් සහ ඔබාමා ආන්ඩු වල ද ඉවැන්ජලික ක්‍රිස්තියානුන්ගේ සිට හොලිවුඩ් ලිබරලුන් දක්වා වන ඇමෙරිකානුවන්ගේ ද උද්වේගකර පිටුබලය ලත්, නිදහස් දකුනු සුඩානය බිහිකිරීමේ වින්නඹුකම කලේ එක්සත් ජනපදයයි. මේ සියල්ලෝම නව රජය පුරා පැතිර පැවති දූෂනය, ඒකාධිපතිත්වය සහ කටුක භේදයන් ඔහේ නොතකා හැරියහ.

දකුනු සුඩානයට ආධාර ලෙස ඩොලර් මිලියන ගනන් මුදල් පොම්ප කල වොෂින්ටනය, මිලියන 9 ක ජනගහනයකින් යුත් නව රාජ්‍යයේ බිහිවීම, විශේෂිතවම කලාපය තුල සුඩානයේ ප්‍රධාන වෙලඳ ගනුදෙනු කරුවකු වන චීනයේ බලපෑමට එරෙහිව, එජ බලපෑම ශක්තිමත් කිරීමේ මාර්ගයක් ලෙස දුටුවේය. කෙසේ වෙතත් අඩිස් අබාබා සාකච්චා වලදී චීනය වඩා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව පෙනෙන්නට තිබේ.

සාකච්චා වලට සහභාගී වීමට චීන විදේශ ඇමති වැන්ග් යි සඳුදා ඉතියෝපියානු අගනුවරට ලඟාවිය. සාකච්චා වලට සහභාගී වන ඇමෙරිකානු නියෝජිතයා වන්නේ සුඩානය සහ දකුනු සුඩානය පිලිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ විශේෂ නියෝජිත ඩොනල්ඩ් බූත් ය.

වසර තුනකට පෙර ලද නිදහසින් පසුව බිහිවූ නව රාජ්‍යයේ විශාලතම වෙලඳ හවුල්කරුවා සහ විදේශ ආයෝජකයා ලෙස, දකුනු සුඩාන තෙල් අපනයනයෙන් සියයට 80 කටම හිමිකම් කියන්නේ චීනයයි. විශාල වශයෙන් චීනය විසින් කලමනාකරනය කල තෙල් බිම් වල නිෂ්පාදනය සටන් ආරම්භ වූ තැන් පටන් සියයට 30 කින් පහල වැටුන අතර සිය ගනනක් චීන කම්කරුවන්ට රට හැර යාමට සිදුවිය.

Share this article: