යුකේ‍්‍රනයේ ෆැසිස්ට් අන්තරාය

The fascist danger in Ukraine

2014 මාර්තු 06

1945 පසු පලමු වතාවට යුදෙව් විරෝධී වූ ද ෆැසිස්ට්වාදය වැලඳගත්තා වූ ද පක්ෂයක්, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහය ඇතිව, යුරෝපීය අගනුවරක රාජ්‍ය බලයේ ප‍්‍රධාන ලීවරයන් පාලනය කරයි.

එක්සත් ජනපදයේ පිටුබලය ලත් යුකේ‍්‍රන කුමන්ත‍්‍රනයට ෆැසිස්ට්වාදීන්ගේ සම්බන්ධය, එක්කෝ ප‍්‍රතික්ෂේප කිරීමට නැතිනම් ඔවුන්ගේ භූමිකාව දුරස්ත හා නොවැදගත් දෙයක් ලෙස දැක්වීමට මාධ්‍ය දුෂ් ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයමින් තිබේ.

නිදසුනක් ලෙස නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය “රුසියානු යුකේ‍්‍රනුවන්ට ක්ෂනික තර්ජනයක් එල්ලවී ඇති බවට කෙරෙන පුටින්ගේ ප‍්‍රකාශ පුහු ඒවා” බව අවධාරනය කරයි. බි‍්‍රතාන්‍යයේ පල වන ගාඩියන් පත‍්‍රය, ක‍්‍රිමියාවේ සිදුවීම්, “විප්ලවකාරී ෆැසිස්ට්වාදීන් නඩය විසින් කෙරෙන පහරදීම් වැලැක්වීමේ” ව්‍යායාමයක් බවට පලවන ප‍්‍රකාශ “මනෝවිකාර” යයි බැහැර කරයි. එය තවදුරටත් කියා සිටියේ එවන් බලවේග “ලෝකයේ මාධ්‍ය විසින් තවමත් දැකගෙන හෝ ඒ ගැන අසාවත් නැති” බවයි.

මෙය නින්දිත වසං කිරීමකි.

යථාර්තය වනාහි, 1945න් පසු පලමු වතාවට යුදෙව් විරෝධී වූ ද ෆැසිස්ට්වාදය වැලඳගත්තාවූ ද පක්ෂයක්, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහය ඇතිව, යුරෝපීය අගනුවරක රාජ්‍ය බලයේ ප‍්‍රධාන ලීවරයන් පාලනය කරන බවයි.

එක්සත් ජනපදයෙ විසින් පත්කල තැනැත්තා වන ආර්සේන්ය් යට්සෙන්යුක්ගේ නායකත්වයෙන් යුත් තෝරා පත්කර ගත් එකක් නොවන යුකේ‍්‍රන ආන්ඩුවට, ෆැසිස්ට් ස්වබෝදා පක්ෂයේ ඇමතිවරු හය දෙනෙකුට නොඅඩු ගනනක් ඇතුලත් වෙති.

වසරකටත් අඩු කාලයකට පෙර ලෝක යුදෙව් සංගමය, ස්වබෝදා පක්ෂය තහනම් කලයුතු බව කියා සිටියේය. එහෙත් පක්ෂයේ නිර්මාතෘ හා නායකයා වන ඔලේ ට්යානයිබොක් , “යුකේ‍්‍රනය පාලනය කරන රුසියානු-යුදෙව් මාෆියාව” තලා දැමීම සඳහා සිය අධිෂ්ඨානය යලි යලිත් පවසා ඇති අතර එක්සත් ජනපදයේ හා යුරෝපීය සංගමයේ නිලධාරීහු, පසුගිය මාසයේ කුමන්ත‍්‍රනය සූදානම් කරද්දී ඔහුට අනුග‍්‍රහය දැක්වූහ.

සොබිබෝ යන නාසි වධක කඳවුරේදී 30,000ක් පමන මිනිසුන් මරා දැමූ අපරාධකාරයෙක් ලෙස ජෝන් ඩෙන්ජම්ජුක් 2010 වසරේදී වරදකරු කල විට, ඔලේ ට්යානයිබොක් ඔහු වීරයෙක් ලෙස හැඳින්වීය. ඔහුගේ දෙවෙනියා වන යූරි මයිකාල්චිෂින්, ජෝසෆ් ගොබෙල්ස් දේශපාලන පරියේෂන මධ්‍යස්ථානය නමින් බුද්ධි මන්ඩලයක් පිහිටුවන ලදී.

යුකේ‍්‍රනියානු ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහකල මෙයිඩාන් විරෝධතාවන්හි ප‍්‍රධාන දේශපාලන බලවේගය වූයේ ස්වබෝදාය. කුමන්ත‍්‍රනය සඳහා ප‍්‍රහාරක බලඇනි සම්පාදනය කිරීමට හිලව් වශයෙන් එයට වැදගත් අමාත්‍යාංශවල පාලනය බාරදී ඇත.

ස්වබෝදාහි සමාරම්භකයා වන ඇන්ඩි‍්‍ර පරූබි, විරෝධතාවන්හි “ආරක්ෂක කොමදොරු” ලෙස කටයුතු කරමින්, ෆැසිස්ට්වාදීන් හා අන්ත දක්ෂිනාංශික ජාතිකවාදීන්ගේ සන්ධානයක් වන දක්ෂින නිකාය ප‍්‍රහාර සඳහා මෙහෙයවූයේය. ඊට පැරා මිලිටරි යුකේ‍්‍රනියානු ජාතික සභාව - යුකේ‍්‍රනියානු ජාතික ස්වයං ආරක්ෂාව (යූඑන්ඒ-යූඑන්එස් ඕ) යන සංවිධාන ඇතුලත්ය. හිට්ලර්ගේ වැෆාන් එස්එස් (නාසීන්ගේ සන්නද්ධ හමුදාව) අනුව සැකසූ නිල ඇඳුම් ලාගත් එහි සාමාජිකයෝ, රුසියානුවන්ට එරෙහිව චෙච්නියාවේ, ජෝර්ජියාවේ හා ඇෆ්ගනිස්ථානයේ සටන් කල බවට කයිවාරු ගැසූහ.

පරූබි දැන් ආරක්ෂක අමාත්‍යාංශය හා සන්නද්ධ හමුදා බාරව කටයුතු කරන ජාතික ආරක්ෂාව හා ආරක්ෂක කවුන්සිලයේ නව ලේකම්ය. දක්ෂින නිකායේ නායක ඩිමිට්‍රෝ ඔහුගේ දෙවැනියාය.

නියෝජ්‍ය අගමැති ඔලෙක්සැන්ඩර් සික් තවත් ප‍්‍රමුඛ ස්වබෝදා ක‍්‍රියාකාරිකයෙකි. එමෙන්ම නීතිපති ඔලෙ මැක්නිසට්ස්කි, අධ්‍යාපන ඇමති සහියි ක්විට්, පාරිසරික ඇමති ඇන්ඩි‍්‍ර මැක්නික් හා කෘෂිකර්ම ඇමති අයිහෝ ස්වයිකෝ ද ඒ අතර වෙති.

වාර්තාවී ඇති පරිදි යූඑන්ඒ-යූඑන්එස් ඕවට සම්බන්ධ අනෙකුත් අය වන්නේ, තරුන හා ක‍්‍රීඩා ඇමති ඩිමිට්රෝ බුලාටොව් හා ආන්ඩුවේ දූෂන මර්දන කමිටුවේ සභාපතිති ලෙස නම්කර ඇති මාධ්‍යවේදිනී ටේට්යානා චේර්නොවෙල්ය.

ස්වබෝදාහි හා යූඑන් ඕ-යූඑන්එස් ඕවේ වීරයා වන්නේ, නාසීන්ගේ බිහිසුනු යුදෙව් සංහාරයට ආධාර කල හා නාසි සම්බන්ධකම් ඇති, යුකේ‍්‍රනියානු ත‍්‍රස්තවාදී හමුදාවේ ( ඕයූඑන්) නායකයාය.

2010දී ස්වබෝදා නිල සංසදය පහත සඳහන් ප‍්‍රකාශය නිකුත් කලේය “දකුනේ හා නැගෙනහිර නගරවල සැබෑ යුකේ‍්‍රනුවන්ගේ යුකේ‍්‍රනයක් නිර්මානය කිරීම සඳහා අප පාර්ලිමේන්තුවාදය අවලංගු කිරීම, සියලූ දේශපාලන පක්ෂ තහනම් කිරීම, සමස්ත කර්මාන්තය, සියලූ මාධ්‍ය ජනසතු කිරීම, රුසියාවෙන් යුකේ‍්‍රනයට ආනයනය කරන කුමන හෝ සාහිත්‍යයක් තහනම් කිරීම...සිවිල් සේවයේ, අධ්‍යාපන කලමනාකරනයේ, මිලිටරියේ විශේෂයෙන්ම නැගෙනහිර, රුසියන් බස කථාකරන සියලු බුද්ධිමතුන් හා සියලු යුකේ‍්‍රන උන්මත්තකයින් නඩු ඇසීමකින් තොරව ඉක්මනින් කායිකව අතුගා දැමීම අවශ්‍යය. මෙහිදී යුකේ‍්‍රන උන්මත්තකයින් ලියාපදිංචි කිරීම ස්වබෝදාවේ ඕනෑම සාමාජිකයෙකුට කල හැකිය. යුකේ‍්‍රන දේශපාලන පක්ෂවල සියලු සාමාජිකයින් ඝාතනය කල යුතුය.”

නව ආන්ඩුවේ එක් කර්තව්‍යයක් වූයේ, රුසියානු බස කතාකරන අයගේ සුලුතර අයිතිය අහෝසි කිරීමය. “ෆැසිස්ට්වාදයේ අපරාධ පිලිබඳව සමාවට කරුනු කීම” තහනම් කරන නීතිය අවලංගු කිරීමේ පියවර ද ගැනෙමින් තිබේ.

මෑත දිනවල, දක්ෂින නිකායේ නියෝජිතයින් යුදෙව්වන්ට, රුසියානු සාධර්මික ක‍්‍රිස්තියානුවන් හා නීති වෘත්තිකයින්ට පහර දීමේ යුහුසුලුව සිටිති. “මගේ නහර තුල ලේ ගලායන තෙක්ම කොමියුනිස්ට්වාදීන්ට, යුදෙව්වන්ට හා රුසියානුවන්ට” එරෙහිව සටන් කිරීම සිය ආදර්ශපාඨය ලෙස විස්තර කර ඇති දක්ෂින නිකායේ නායක ඇලෙක්සැන්ඩර් මුස්ච්කෝ, රොව්නෝහි ප‍්‍රාදේශීය අභිචෝදකයෙකුට කායිකව පහර දෙමින් රොව්නෝහි ප‍්‍රාදේශීය පාර්ලිමෙන්තුවේ සාමාජිකයින්ට සැසිවාරය පැවැත්වීමට තුවක්කු තුඩෙන් බලකරන දර්ශනයක් යූ ටියුබ් වීඩියෝ පට දෙකකින් දැක්වේ. එහිදී කැලනිෂ්නිකොව් (මැෂින් තුවක්කු වර්ගයක්) අවියක් අමෝරමින් ඔහු මෙසේ හඬ නැගුවේය: “මගේ මැෂින් තුවක්කුව උදුරා ගැනීමට අවශ්‍ය කාට ද? මගේ තුවක්කුව ගැනීමට අවශ්‍ය කාහට ද? මගේ පිහියා උදුරා ගැනීමට අවශ්‍ය කාට ද? පුලුවන්නම් ගනිං!”

එක්සත් ජනපදය හා යුරෝපීය ධනේශ්වරය හා ඔවුන්ගේ මාධ්‍ය ගැත්තරයෝ මෙම කරුනු හොඳාකාරවම දැන සිටිති

අන්ත දක්ෂිනාංශය, එක රැයකින් බිහිවූ කොන් කල සුලුතරයක් ලෙසට පින්තාරු කිරීමට දරන ඔවුන්ගේ උත්සාහයන් ද එලෙසම ප්‍රෝඩාකාරීය. දශක ගනනාවක් ආපස්සට දිවෙන යුකේ‍්‍රනයේ අන්ත දක්ෂිනාංශයේ භූමිකාව හා කැපීපෙනීම විස්තර කරන බොහෝ ශාස්ත‍්‍රාලික ලිපි ලේඛන ඇත. පලමුව සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව යලි හිස ඔසවා, වසර ගනනාවක් තිස්සේ දෘෂ්ඨිමය වශයෙන් සූදානම් කිරීමෙන් පසුව අන්ත දක්ෂිනාංශය, ප‍්‍රමුඛත්වයට නැගගත්තේ කෙසේදැයි ඒවායින් පෙන්වා දෙයි. බටහිර අනුග‍්‍රහය ලත් 2004 “තැඹිලිපැහැ විප්ලවයෙන්” පසුව අන්ත දක්ෂිනාංශය කැපී පෙනෙන පරිදි වර්ධනය විය.

“යුකේ‍්‍රනියානු සමාජයේ ඉහලම තැන්වලට ලඟාවන හොඳ සම්බන්ධකම් සහිතව ක‍්‍රියාත්මක දේශපාලන ජාලයක් වන” 1989දි පිහිටුවන ලද මානව සම්පත් පිලිබඳ අන්තර් ප‍්‍රාදේශීය අධ්‍යයන ආයතනය MAUP (මවුප්) යන පෞද්ගලික විශ්විද්‍යාලය විසින් ඉටුකල තීරනාත්මක භූමිකාව ගැන පර් ඇන්ඩර්ස් රඩ්ලිං (සමකාලින යුකේ‍්‍රනයේ සංවිධිත යුදෙව් විරෝධය: ව්‍යුහය, ආනුභාවය හා දෘෂ්ඨිවාදය-2006) සඳහන් කරයි.

2008දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “නැගෙනහිර යුරෝපයේ වඩාත්ම මුල්බැස ඇති යුදෙව් විරෝධී සංවිධානයක්” ලෙස මවුප් (ඉහතකී විශ්වවිද්‍යාලය) ලැයිස්තුගත කර ඇත. මවුප් “යුකේ‍්‍රනයේ අන් කවර විශ්වවිද්‍යාලයකටත් වඩා ආන්ඩුවේ නිලධාරීන්, රාජ්‍යතාන්ත‍්‍රිකයින් හා පරිපාලකයින් අධ්‍යාපනගත කර තිබෙන බව රඩ්ලිං සඳහන් කරයි. බොල්ෂෙවික්වාදය හා ඔක්තෝබර් විප්ලවය “ජාත්‍යන්තර යුදෙව් ප‍්‍රජාවගේ” නිර්මානයක් ලෙස පින්තාරු කරන ශාස්ත‍්‍රාලික පරියේෂනයක් ලෙස වෙස්ගන්වන ලද අන්ත දක්ෂිනාංශික ප‍්‍රචාරනයක් මෙහෙයවීමේ විශේෂඥතාවක් මවුප්හි ඇත. මේ පදනම මත එය, යුකේ‍්‍රනයේ ජනතාවට එරෙහිව සිදුකර ඇති ස්ටැලින්වාදී ආඥාදායකත්වයේ අපරාධ එහිම කොටසක් එනම්, “යුදෙව් කුමන්ත‍්‍රනය” යයි අවධාරනය කරයි

මවුප් විසින් 2005 ජූනියේදී සංවිධානය කරන ලද “ලෝක පරිමාන හතරවන සමුලූවට” සහභාගී වූවන් අතර අන්ත ජාතිකවාදියෙකු හා කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයේ හිටපු නායක ඩේවිඩ් ඩියුක් හා කැනඩාවේ හිටපු යුකේ‍්‍රන තානාපති ලෙව්කෝ ලූකියනිකෝ ද වූහ.

1932-33 වසරවල මිලියන ගනනක් යුකේ‍්‍රනුවන් මියගිය සාගතය යුදෙව්වන් පවත්වාගෙන ගිය සාතන්ගේ ආන්ඩුවෙහි වැඩක් වූ බව සඳහන් කරමින් ලූකියනිකෝ එහිදී ලියවිල්ලක් ඉදිරිපත් කලේය. සමුලු නියෝජිතයෝ සියලූ යුදෙව්වන් යුකේ‍්‍රනයෙන් පිටුවහල් කලයුතු බව කියා සිටියහ.

ඒ අතරම ලූකියනිකෝ, තැඹිලිපැහැ විප්ලවයේ මූලික චරිත දෙකක් වන වික්ටර් යුෂ්චෙන්කෝ හා යූලියා ටිමොෂෙන්කෝ සමග සබඳතා ඇතිකර ගත්තේය. දෙදෙනාට වොෂින්ටනයේ හා යුරෝපීය බලවතුන්ගේ පිටුබලය ලැබුනි. ඒ, යුකේ‍්‍රනයේ පසුව බලයට පැමිනි රුසියාවට හිතවත් වික්ටර් යනුකොවිච්ට එරෙහිවය.

2005 ජනවාරියේදී යුෂ්චෙන්කෝගෙන් පසුව ජනාධිපති ලෙස යනුකොවිච් පත් විය. ඒවන විට ඔහු මවුප්හි අධ්‍යක්ෂවරයෙක් විය. ලූකියනිකෝ ටිමොෂෙන්කෝගේ මැතිවරන කන්ඬායමෙහි කොටසක් විය. යුෂ්චෙන්කෝ ලූකියෙනිකෝ “යුකේ‍්‍රනයේ වීරයා” බව කියා සිටියේ 2005 මවුප් සමුලුවට යන්තම් සති කිහිපයකට පෙරය.

2005 වසර අවසානයේ මවුප්, “රතු ත‍්‍රස්තවාදයේ හා යුකේ‍්‍රන සාගතයේ මූලාශ‍්‍රය වූ 1917 යුදෙව් බොල්ෂෙවික් විප්ලවය” යන මාතෘකාව යටතේ සමුලුවක් පැවැත්වීය. “තැඹිලි පැහැ විප්ලවයෙන් පසුව යුකේ‍්‍රනය, සංවිධිත යුදෙව් විරෝධයේ සැලකිය යුතු වර්ධනයක් අත්විඳි” බව රඩ්ලිං සඳහන් කරන්නේ නිකමට නොවේ.

මවුප්හි “විදේශික භීතිකාවෙන්” ඉවත්වන ලෙස එම වසරේ ජූලි මාසයේදී ප‍්‍රමුඛ යුකේ‍්‍රනියානු ශාස්ත‍්‍රාලිකයින් තැඹිලි පැහැ විප්ලවයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කරන තරම්ම ෆැසිස්ට් ප‍්‍රතික‍්‍රියාවන්හි දුර්ගන්ධය දැඩිව තිබුනි. “ආන්ඩුවේ ඉහල නිලධාරීන්ගෙන් අප මෙසේ අසන්නෙමු. මෙම විශාල පරිමානයේ යුදෙව් විරෝධී උද්ඝෝෂන ගෙන යන්නේ කාගේ වියදමෙන් ද?” එහි මෙසේ ද සඳහන් විය. “විදේශයන්හි වාර්ගික දේශපාලනික ගැටුම් අපගේ භූමියට ද ගෙන ඒමට කැපවුනු අතිරේක බලවේගයක් අප හමුවේ නොපවත්නේ ද?”

මෙම අතිරේක බලවේගයේ අරමුන වූයේ, යුකේ‍්‍රනයේ සම්පත්වල පාලනය ඩැහැගැනීමට ලොල්වූ කතිපයාධිකාරීන්ගේ උත්සාහයන් හා සම්බන්ධ වුනු, අවසානයේදී රුසියාව හුදෙකලා කොට යටත් විජිතයක් බවට හැරවීමේ හා යුකේ‍්‍රනයේ අධිකාරය සියතට ගැනීමේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සැලසුම් පෙරට දමාගැනීම හමුවේ දෘෂ්ඨිමය වාතාවරනය ප‍්‍රතිගාමිත්වය වැපිරීම මගින් දූෂනය කිරීමයි.

අධිරාජ්‍යවාදී බලවතුන් යුකේ‍්‍රනය තුල ආධාර හා අනුබලදී ශක්තිමත් කරන ප‍්‍රතිගාමී බලවේගයන්ගේ සැබෑ වාර්තාව මෙයයි. ඔවුන් යුරෝපය හා සැබවින්ම සමස්ත ලෝකයම තුන්වන ලෝක යුද්ධයක් තුලට ඇද දැමීමට සූදානම් වන්නේ, මොවුන් වෙනුවෙනි.

ජූලි හයිලන්ඩ් විසිනි

Share this article: