ඇන්ඩෙ‍්‍ර ඩෙමොන්ගේ කථාව: තරුනයින් සමාජවාදී අනාගතයක් සඳහා සටන් කල යුතුයි

Speech by Andre Damon: Young people must fight for the socialist future

2014 මැයි 10

අප මෙහි පල කරන්නේ එක්සත් ජනපදයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ජාතික ලේකම් ඇන්ඩෙ‍්‍ර ඩෙමොන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 4 දා පැවැත්වු ජාත්‍යන්තර අන්තර්ජාල මැයිදින රැලියේ දී කල කථාවයි.

ඇන්ඩෙ‍්‍ර ඩෙමොන්ගේ කථාව

එක්සත් ජනපදය, යුරෝපය, ලතින් ඇමරිකාව, ආසියාව හා අප‍්‍රිකාව දක්වා ලොව පුරා තරුනයින් මුහුන දෙන දරුනු සමාජ කොන්දේසි ධනවාදයේ අර්බූදයේ වඩාත්ම දෘෂ්‍යමාන ප‍්‍රකාශනයයි. මේ වනාහී, වාර්තාගත විරැකියාව, පැතිර පවතින දරිද්‍රතාවය, ජීවිත කාලීන නයගැතිභාවය හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ලවන නිමක් නැති ප‍්‍රහාර හමුවේ අනාගතයක් නොදකින පරම්පරාවකි. එක් වාර්තාවකට අනුවල ලොව පුරා තරුනයන්ගෙන් හතරෙන් එක් අයෙක් අධ්‍යාපනය ලබන්නේ හෝ රැකියාවක නිරතවන්නේ නැත.

දියුනු රටවල දී මෙම පරම්පරාවේ තරුනයින්, පෙර නොවූ විරූ තත්වයන්ට මුහුන දී සිටී: මහා අවපාතයේ සිට පලමු වතාවට ශිෂ්ඨසම්පන්න හා පරිපූර්න ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ දෙමාපියන්ගේ කාලයට වඩා නරක අතට හැරී තිබේ. නිමක් නැති යුද තර්ජන හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල වන පෙර නොවූ විරූ ප‍්‍රහාරය මගින් මෙය දෙගුන වී තිබේ.

ධනපති ක‍්‍රමය තරුනයින්ට අනාගතයක් ඉතුරු කර නැත. නමුත් ඔවුන්ට අනාගතයක් තිබේ. එනම්, නිර්ලජ්ජිත ලෙස ධනය පොදිබැඳගන්නා ධනවතුන් අතලොස්සකට ඉහලින් බහුතරයකගේ සමාජ අවශ්‍යතා ඔසවා තබන සමාජයක් ගොඩනැගීමට සටන් කිරීම තුල එය රැඳී තිබේග කෙටියෙන් පැවසුවොත් තරුනයින් ගේ අනාගතය රැඳී ඇත්තේ සමාජවාදය තුලයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේම ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙසය. ජාත්‍යන්තරවාදය මත තබන අවධාරනය, පැන නගින්නේ කම්කරු පන්තියේ ගෝලීය දේශපාලන ඒකාබද්ධතාවයේ පදනම මත පමනක් ම සමාජයේ ඉදිරි ගමන රැඳී තිබේ ය යන සංකල්පයෙනිග ජාතික පදනමක සමාජ ප‍්‍රශ්න විසඳීමේ සියලු ප‍්‍රයත්න මුලුමනින්ම බංකොලොත්ය. ජාත්‍යන්තරවාදය පිලිබඳ මෙම සංකල්පය අද රැලිය මගින් ප‍්‍රකාශිත වේ.

බුෂ් පාලනාධිකාරියේ පිලිවෙත් ආපසු හරවන “බලාපොරොත්තුවේ” හා “වෙනසක” අපේක්ෂකයෙකු ය යන බලාපොරොත්තුවෙන් බොහෝ තරුනයෝ බැරැක් ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දුන්හ. “අයිතීන් පිලිබඳ ප‍්‍රකාශය” ඉරා දමමින් හා ඔහුගේ පූර්වගාමියාටත් එහා යමින් කම්කරු පන්තියට එරෙහිව රුදුරු ප‍්‍රහාර එල්ල කිරීමත් සමග එම බලාපොරොත්තු ක්ෂනිකවම බිඳවැටුනේ ය. තරුනයින් මෙම අත්දැකීමෙන් පාඩම් උගත යුතු ය.

යුද්ධයේ, දේශපාලන පෙරලිකාරිත්වයේ හා ආර්ථික බිඳවැටීමේ කොන්දේසි මැදින් මෙම පරම්පරාව ගමන් කර තිබේ. මෙම සංසිද්ධීන් තරුන විඥානය මත දැඩි බලපෑමක් ඇති කර තිබේ. යල්පිනූ හා පහසු විසඳුම් තවදුරටත් ප‍්‍රමානවත් වන්නේ නැත. කම්කරුවන් හා තරුනයින් වේගයෙන් නව ඓතිහාසික ඉදිරිදර්ශනයකට මුහුන දෙමින් සිටී.

වත්මන් සමාජ පර්යාය කෙරෙහි තරුන ජනයා තුල ඇති විරුද්ධත්වයේ කිසිදු අඩුවක් නොමැති අතර අඩුවකට ඇත්තේ ඓතිහාසික දේශපාලන දැනුවත් භාවය හා අවබෝධයයි. අතීතයේ පාඩම්ල විශේෂයෙන්ම විසිවන සියවසේ හා විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය වටහා ගැනීමට මෙම පරම්පරාව ඉතිහාසය හා දේශපාලනය බැරෑරුම්ව අධ්‍යයනය කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙල අධ්‍යයනය කරන ලෙසත්, සසජාතශි ව්‍යාපාරයට බැඳීමට තීන්දු කරන ලෙසත් අපි තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. ඔබේ පාසලේ, විශ්වවිද්‍යාලයේ හා ප‍්‍රදේශ බදව සසජාතශි කන්ඩායම් ගොඩනැගීමට සහය වෙමින් සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙන යන්න.

Share this article: