රාජපක්ෂ ආන්ඩුව උතුරට යන විදේශිකයන්ට තහංචි පනවයි

වසන්ත රූපසිංහ විසිනි, 2014 ඔක්තෝබර් 27

ඔක්තෝබර් 15දා ආරක්ෂක අමාත්‍යාංශය පැනවූ නියෝගයකට අනුව, උතුරු ප‍්‍රදේශයේ සංචාරය කරන සියලූම විදෙස් ගමන් බලපත්හිමියන් සංචාරය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ලබා ගතයුතු වේ.

නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් මිලිටරි ප‍්‍රකාශක රුවන් වනිගසූරිය කීවේ, ”සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධවීමේ ව්‍යාජය යටතේ උතුරට සංචාරය කරමින් වාර්ගික සහජීවනයට එරෙහිව ක‍්‍රියාකාරකම්වල නිරතවන සහ එනයින් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කරන විදේශිකයන් වැලැක්වීමට” මෙම තීන්දුව ගත් බව යි. එනමුදු වනිගසූරියම 22දා සිලෝන් ටුඬේ පුවත්පතට කීවේ, නැවත හඳුන්වා දුන් මෙම රෙගුලාසිය උතුරේ වත්මන් තත්වය පිලිබඳව ”බැ?රුම් අධ්‍යනයක් මත පදනම්ව” ගත් එකක් බවත් එයට හේතු මාධ්‍යයට හෙලිකල නොහැකි බවත් ය.

වඩාත් දුරදිග යන ඇඟවුම් සහිත ඉහත ප‍්‍රකාශ සනාථ කිරීමට මිලිටරි ප‍්‍රකාශකයා කවර හෝ සංයුක්ත උදාහරනක් ඉදිරිපත් නොකලේය. ඔහුගේ ප‍්‍රකාශයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, වඩාත් තීව‍්‍ර කෙරෙන යාපනය ප‍්‍රදේශයේ මර්දනකාරී මිලිටරි පාලනය වහංගු කිරීමට ආන්ඩුව දරන මංමුලාසහගත වෑයමයි.

තම කප්පාදු පිලිවෙත්වලට එරෙහිව රටපුරා කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයින් හා ගම්බද පීඩිතයන් අතර වැඩෙන විරෝධයට සහ ගැඹුරු ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මුහුන දී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, එල්ටීටීඊ ය යලි හිස ඔසවමින් සිටින බවට භීතියක් නිර්මානය කරමින් සිංහල වර්ගවාදය උසි ගන්වා දෙමල සිංහල කම්කරු පන්තියේ එකමුතුව බිඳීම සඳහා විෂකුරු උද්ඝෝෂනයක යෙදී සිටී. මෙම නව සංචාරක රෙගුලාසිය එම උද්ඝෝෂනයේම කොටසකි.

රෙගුලාසිය පිලිබඳව 19දා ටැමිල් ගාඩියන් වෙබ් අඩවියට අදහස් දැක්වූ දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්* නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කීවේ, මෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂනයට සාක්ෂි දීමෙන් දෙමල ජනයා වැලක්වීමට බව යි. බෙදුම්වාදී එල්ටීටීඊ යට එරෙහිව ආන්ඩුව ගෙනගිය යුද්ධයේදී සිදුකල අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ පරීක්ෂනයක් එක්සත් ජනපදයේ අනුග‍්‍රහය යටතේ මෙම වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගත් අතර රාජපක්ෂ පාලනය එක දිගටම අවධාරනය කරන්නේ මෙම පරීක්ෂනයට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමට ඒමට එම කමිටුවේ සාමාජිකයන්ට අවසර ලබා නොදෙන බව යි.

කෙසේනමුත්, එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් මෙම මානව හිමිකම් පරීක්ෂනය හරහා වෑයම් කරන්නේ, ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවලට හානිකර අයුරින් රාජපක්ෂ පාලනය චීනය දෙසට ලංවීම වලකාලීම මිස දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැුකීම නම් නොවේ. පොන්නම්බලම්ගේ කතාවේ ඇත්තක් තිබිය හැකිවුවද ඔහුගේ පක්ෂයත් අනෙකුත් දෙමල ධනපති පක්ෂත් මංමුලා සහගත ලෙස එල්ලී සිටින්නේ අධිරාජ්‍යවාදීන්ගේ වලිගයේම ය.

තීන්දු ප‍්‍රකාශයට පත් කල දිනයේදීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ (එෆ්ඒ ඕ* මෙරට නියෝජිතවරිය වන බෙත් ක්‍රොව්ෆෝඞ් ලෝක ආහාර දිනය සැමරීම සඳහා කිලිනොච්චියේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගිවීමට යමින් සිටියදී ඕමන්ත හමුදා මුරපොලේදී ආපසු හරවා එවා ඇත. 19දා සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, උතුරට යන සියලූම වාහන හා දුම්රිය පරීක්ෂා කිරීමට හමුදාව යොදවා ඇති බවත් පෞද්ගලික ගුවන් යානා ක‍්‍රියාකරුවන්ට ද මෙය බලපැවැත්වෙන බව යි.

ලබන වසරේ මුලදී පැවත්වීමට බලාපොරොත්තුවන ජනාධිපතිවරනයේදී තීරනාත්මක වන දෙමල ජනයාගේ ඡුන්ද ඉලක්ක කර ගනිමින් රාජපක්ෂ යාපනයට කල සංචාරයට සමගාමීව මෙම සංචාරක සීමා බන්ධන ආරම්භක වසයෙන් පැනවූයේ ඉකුත් 10දා ය.

ජනාධිපතිගේ සංචාරය නිමිති කර ගනිමින් යාපනය පුරා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව දෙමල මාධ්‍ය වාර්තා කලේ ය. 11දා සන්ඬේ ටයිම්ස් පුවත සඳහන් කලේ පූර්ව දැනුම් දීමකින් තොරව හිතුවක්කාරී ලෙස සිදු කල මෙම තහනම නිසාවෙන්, අවමංගල්‍ය උත්සව, මංගල්‍යයන් හා ආගමික කටයුතු උදෙසා උතුරට සංචාරය කල පුද්ගලයින් සිය ගනනකට ඕමන්තේ හමුදා මුරපොල අසලින් ආපසු හැරී ඒමට සිදුවූ බවත් හෝටල් වෙන් කරවා ගෙන සිටි අයට ඒවා අවලංගු කිරීමට සිදුවූ බවත් ය.

”ත‍්‍රස්තවාදය” පරාජය කර උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ස්ථාපිත කර ඇතැයි නිරන්තර මතුරන රාජපක්ෂට උතුරේදී මේ සා දැවැන්ත මිලිටරි ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ අන්කිසිවක් නිසා නොව, යුද්ධයෙන් අහිමිවූ දසදහස් ගනන් ජීවිත හා දේපල අහිමිවූ දෙමල පීඩිත මහජනයාගේ වෛරය පිලිබඳ බිය හේතුවෙනි.

එක්සත් රාජධානිය, කැනඩාව හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල් ලංකාවේ සංචාරය කරන තම පුරවැසියන් සඳහා ලබා දෙන සංචාරක උපදෙස් යාවත්කාලීන කිරීමකට මෙම නව රෙගුලාසි බලපා තිබේ. ”කල් තියා කිව නොහැකි ආරක්ෂක වාතාවරනය නිසාවෙන් මේ කාලයේදී ශ‍්‍රී ලංකාව තුල සංචාරය කිරීමේදී ඉහලම මට්ටමේ සාවධානවීමක් පවත්වා ගන්නා” ලෙස ඕස්ටේ‍්‍රලියාව තම පුරවැසියන්ට උපදෙස් දෙයි. ”ආරක්ෂක හමුදා රට පුරාම සුපුරුදු දසුනක් වන අතර ඇතම් මාර්ගයන්හි මිලිටරි සහ පොලිස් මුරකාවල් දැකිය හැක. මේ අතර කිසිදු දැනුම් දීමකින් තොරව මාර්ග වසාදැමීම් සිදුවීමට ඉඩ ඇතැ”යි එම උපදෙස්වල තවදුරටත් සඳහන් වෙයි.

යුද්ධයෙන් අනතුරුව සංචාරක ව්‍යාපාරයේ ”දැවැන්ත” වර්ධනයක් ඇතිවී ඇතැයි පම්පෝරි ගසන රාජපක්ෂ ආන්ඩුව මෙකී සංචාරක උපදෙස් යාවත්කාලීන කිරීම් පිලිබඳ කිසිවක් තවමත් කියා නැත. සංචාරක මන්ඩලයට අනුව විදෙස් සංචාරකයින්ගෙන් සියයට 8.6ක් උතුරු ප‍්‍රදේශයට සංචාරය කරයි. යුද්ධයෙන් ඉක්බිතිව හමුදා මාර්ගබාධක ඉවත් කොට රටේ ඕනෑම තැනක නිදහසේ ගමන් කල හැකි තත්වය උදාකර දී ඇතැයි රාජපක්ෂ පැවසුව ද උතුරේ පමනක් නොව දකුනේ ද යලි හමුදා මාර්ග බාධක එසවෙමින් පවතී.

මෙහිලා යලිවතාවක් ඉතා ප‍්‍රබලව ඉස්මත්තට එන කාරනාව වන්නේ, උතුරේ ජනජීවිතය වසා පවතින්නේ මිලිටරියේ මර්දන හස්තය බව යි. උතුරේදී තමන් යනඑන සියලූ තැන් පිලිබඳව ලිඛිත විස්තරයක් ලබා දුන් කිසිදු විදේශිකයෙකු හෝ යාපනය හැර ගොස් විදෙස් රටක දිවි ගෙවන කිසිදු දෙමල ජාතිකයෙකු ආන්ඩුවේ ඔත්තු සේවාවල ඇස නොගැසී දෙමල මිනිසෙකුට කතා කිරීමට හෝ නිර්භීත වන්නේ නැති බව ලදරුවෙකු වුව දන්නා කාරනාවකි.

ඊනියා මානුෂික මෙහෙයුමක් ලෙස සලූපිලි අන්දා ම්ලේච්ඡු ලෙස දියත් කල විනාශකාරී යුද්ධය පිලිබඳ දෙමල ජනයා තුල පවතිනනේ මාරක වෛරයකි. ඉන්දියාවේ හා ඇමෙරිකාවේ බලපෑම මත 2013 වසරේ උතුරු පලාත් සභාව වෙනුවෙන් ප‍්‍රථම වරට පැවත්වූ මැතිවරනයේදී උතුරේ දෙමල ජනයා රාජපක්ෂ වෙත එම වෛරය ප‍්‍රකාශයට පත් කලේ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ* වෙත ඡුන්දය ප‍්‍රකාශ කිරීම හරහා ය.

කෙසේනමුත්, සාමාන්‍ය දෙමල පීඩිත ජනයාගේ නොව දෙමල ධනපති ප‍්‍රභූවේ උත්සුකතාවන් නියෝජනය කරන ටීඑන්ඒ වෑයම් කරන්නේ කොලඹ පාලනය සමග හවුල්වෙමින් වරප‍්‍රසාදිත තත්වය ඉහල නංවා ගැනීමට යි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම රෙගුලාසි පිලිබඳ වචනයක් හෝ සඳහන් නොකිරීමෙන් ම ටීඑන්ඒ මෙම කාරනය සනාථ කරයි.

යුද්ධයෙන් ඉක්බිත්තේ ”උතුරු වසන්තය” ලෙස බෞතීස්ම කොට කෙරීගෙන යන උතුරු පලාතේ සංවර්ධනය වැඩකටයුතු යොමුව ඇත්තේ විදෙස් හා දේශීය ආයෝජකයන්ගේ පහසුකම් සැලසීමට මිස යුද්ධයෙන් විනාශභාග් කල දහස් ගනන් දෙමල ජනයාගේ ජීවිත ගොඩ නැංවීමට නොවන බව දෙමල ජනයා හොඳින්ම දනී.

දෙමල හා සිංහල කම්කරු පන්තියේ පන්ති එකමුතුව ලේවැකි වාර්ගික රේඛා ඔස්සේ භේද නොකර රාජපක්ෂ පාලනයට හෝ අන් කිසිදු ධනේශ්වර පාලනාධිකාරියකට පැවතීමේ හැකියාවක් ඇත්තේ නැත. මෙවැනි තහංචි පනවමින් රාජපක්ෂ සැබවින්ම සිදු කරන්නේ, දෙමල ජනයා පිලිබඳ ගැඹුරු අවිස්වාසයක් දකුනේ මහජනතාව තුල වැපිරීමට වෑයම් කිරීම යි.

v

Share this article: