ශ්‍රී ලංකාවේ සසප/සසජාතශී ප්‍රසිද්ධ දේශන මාලාව-ලසසපයේ මහා පාවාදීමේ සිට පනස් වසරක්

Sri Lankan SEP/IYSSE public lecture series: Fifty years since the LSSP’s Great Betrayal

2014 ඔක්තෝබර් 04

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශී) 1964 වසරේ අගමැති සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුවට ඇතුල් වෙමින් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) විසින් සිදුකල “මහා පාවාදීමේ“ ප්‍රතිවිපාක හා පාඩම් විමසා බලන ප්‍රසිද්ධ දේශන මාලාවක් සංවිධානය කරයි.

ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් පක්ෂයක් පලමු වරට ධනපති ආන්ඩුවකට ඇතුල් වෙමින් සිදුකල පාවාදීමේ 50 වසර පසුගිය ජූනියේදී සපුරනු ලැබින. එය මෙරටෙහි ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට දුරදිග යන ඇඟවුම් සහිත පාවාදීමක් විය.

මෙරටදී එම පාවාදීම, දකුනේ ජනතා විමුක්ති පෙරමුන වැනි වර්ගවාදී දේශපාලනය පාදක කරගත් සුලු ධනපති සංවිධාන හා උතුරේ තරුනයින් අතර එල්ටීටීඊ වැනි සංවිධාන බිහිවීමට දොර විවර කල අතර 1983 සිවිල් යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කලේය.

ලසසප පාවාදීම, ඉන්දියාව හා ආසියාව පුරා, විශේෂයෙන්ම ෆිලිපීනය හා ඉන්දුනීසියාවේ, මාවෝවාදී හැඩතල සහිත ස්ටැලින්වාදයට ද ආධාරක වෙමින්, මේ වර්ගයේ සංවිධානවල ප්‍රතිගාමී ධනේශ්වර ගැති දේශපාලනය සඳහා යුක්තිකරනයක් සැපයීය.

ලසසපයේ පාවාදීමට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය මූලධර්මාත්මක අරගලය, 1968දී ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස, සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය පිහිටුවීමට මුල් විය.

ලසසප පාවාදීමේ සැබෑ මූලයන් ඇත්තේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන අතහැර දමමින් 1950 ගනන්වල මුල, හතරවන ජාත්‍යන්තරය තුල හිස එසවූ සංශෝධනවාදී ප්‍රවනතාවක් වූ පැබ්ලෝවාදය තුල බව ජාත්‍යන්තර කමිටුව පෙන්වා දුන්නේය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවන ලද්දේ 1953 වසරේ පැබ්ලෝවාදයෙන් බිඳී වෙන්වීමෙනි.

ලසසප පාවාදීමට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ද විකොස/සසප ද විසින් ගෙන ගිය මූලධර්මාත්මක අරගලයේ දේශපාලන හා න්‍යායික පාඩම්, මෙරට පමනක් නොව ලෝකය පුරා කම්කරුවන්ට හා තරුනයින්ට ද නැතුවම බැරිය.

රැස්වීම් වලට සහභාගී වන ලෙස අපි, කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයින්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිමු. දේශන මාලාව කොලඹින් ඇරඹෙන අතර අනෙකුත් ප්‍රදේශවල දේශන පැවැත්වෙන ස්ථාන, දින, වේලාවන් ඉදිරි සති වලදී දැනුම් දෙන්නෙමු.

කථිකයා- සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්

ස්ථානය- කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

දිනය- ඔක්තෝබර් මස 25, සවස 3ට

Share this article: