ශී‍්‍ර ලංකාවේ සසප, මහනුවර, ගාල්ල සහ ගම්පහ නගරවල යුද විරෝධී රැස්වීම් පවත්වයි

SEP (Sri Lanka) to hold antiwar meetings in Kandy, Galle and Gampaha

2014 සැප්තැම්බර් 12

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මහනුවර, ගාල්ල සහ ගම්පහ නගර වලදී ඇමරිකාවේ “ආසියාවට හැරීම” සහ ලෝක යුද්ධයේ අන්තරාය මැයෙන් රැස්වීම් පවත්වනු ලැබේ. යාපනයේ රැස්වීම සැප්තැම්බර් 07දා පැවැත්වින.

පලමු ලෝක යුද්ධය පුපුරා ගොස් සියවසකට සහ දෙවන ලෝක යුද්ධය ආරම්භ වී 75 වසරකට පසුව එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු, මෙවර න්‍යෂ්ටික ආයුධ හරඹ කරන ලෝක යුද්ධයක ව්‍යසනය කරා මානව වර්ගයා යලි ඇදගෙන යමින් සිටිති. ඇමරිකාව සහ ජර්මනිය, ෆැසිස්ට්වාදීන් මූලිකත්වය ගත් කුමන්ත‍්‍රනයකින් යුකේ‍්‍රනයේ දක්ෂිනාංශික ආන්ඩුවක් ඇටවූ අතර රුසියාව අර්ධ විජිතයක් බවට පත් කිරීමේ අරමුනෙන් යුතුව එරට සමග සාහසික ගැටුමක් අවුලුවමින් සිටිති.

තව ද එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය සහිතව ඊස්රායලය, මැද පෙරදිග පුපුරන සුලු තත්වය උග‍්‍ර කරමින් ගාසාවේ පලස්තීනුවන්ට එරෙහිව මාරාන්තික යුද්ධයක් දියත් කලේය. සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීමේ ඊස්රායල් ව්‍යායාමය, පලස්තීන සටන්කාමින්ගේ සීමිත අරක්ෂක පියවරයන් සමග සමාන කරමින් හා මධ්‍යස්ථ බවක් පෙන්වමින්, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව ඊට සහාය දැක්වූහ. දැන් ඔබාමා පරිපාලනය කලාපයේ සිය අධිකාරය නංවා ගැනීමේ අරමුනින් සිරියාවේ සහ ඉරාකයේ ගුවන් යුද්ධයක් දියත් කර තිබේ.

ඔබාමා පරිපාලනය ආසියාව පුරා චීනය වැටලීමේ එල්ලය ඇතිව, ආක‍්‍රමනශීලී ලෙස මිලිටරි බලවේග ගොඩනගමින් ද සහයෝගිතා පද්ධතියක් හා මූලෝපායික හවුල්කාරකම් තහවුරු කරගනිමින් ද සිටී. ඇමරිකාවේ ආසියාවට “හැරීම” ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව ඇතුලු සෑම රටක්ම ප‍්‍රචන්ඩ මිලිටරි සුලිය වෙත ඇද ගනිමින් සිටී.

යුද්ධය කරා වන තල්ලුව නතර කිරීමේ එකම මග, ධනවාදය අහෝසි කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම ය. දවසේ හදිසි කාර්තව්‍යය වනුයේ, ලොවපුරා කම්කරුවන් එක්සත් කරමින් ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාර ගොඩ නැගීමය. සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර ශාඛා පමනක්ම මෙම ඉදිරි දර්ශනය මත සටන් වදිති. මෙම තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡා කරනු පිනිස නුවර, ගාල්ල සහ ගම්පහ රැස්වීම් වලට පැමිනෙන ලෙස අපි කම්කරුවන්ට, තරුනයන්ට, බුද්ධිමතුන්ට සහ ලෝසවෙඅ පාඨකයින්ට ඇරයුම් කරමු.

මහනුවර

කැප්පෙටිපොල ශාලාව, (මධ්‍යම වෙලඳපොල අසල)

සැප්තැම්බර් 18, බ‍්‍රහස්පතින්දා සවස 4.00

ගාල්ල

නගර ශාලාව

ඔක්තෝබර් 07, අඟහරුවාදා සවස 4.00

ගම්පහ

සනස ශාලාව

ඔක්තෝබර් 12, ඉරිදා සවස 3.00

Share this article: