ආගාමික කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු! උතුරු, මධ්‍යම හා දකුනු ඇමරිකානු කම්කරුවන් එක්සත් කරනු!

ලතින් ඇමරිකාව තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු!

සසප (එජ) තුන්වැනි ජාතික සම්මේලනයේ යෝජනාව

Defend the rights of immigrant workers! Unite the working class of North, Central and South America!
Build the ICFI in Latin America!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2014 අගෝස්තු 14

සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) තුන්වැනි ජාතික සම්මේලනය මෙම යෝජනාව අගෝස්තු 6වැනිදා ඒකමතිකව අනුමත කලේ ය. සම්මේලනය ගාසාවේ ඊස්රායල ප්‍රහාර වලට විරුද්ධවනු! යන යෝජනාව ද සම්මත කලේ ය.

***

1. ධනේශ්වර හාම්පුතුන්ගේ අධි - සූරාකෑමට හා පොලීසියේ හා ආගමන බලධාරීන්ගේ මර්දනයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය ආගාමික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ස්ථිරසාරව ආරක්ෂා කර යි.

2. එක්සත් ජනපදය “පාලනය කරගත නොහැකි” දේශසීමාවකට ද ලියවිලි නැති සංක‍්‍රමනික රලවලට ද මුහුන දී ඇතැ යි කියා පෑම මගින් සංක‍්‍රමනික විරෝධී ජාත්‍යොත්තමවාදය ඇවිලවීමට ප‍්‍රධාන පක්ෂ හා මහාසංගත මාධ්‍යය යන දෙක ම දරන උත්සාහය අපි පිලිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරමු. ඇත්ත තත්වය නම් 2008 දී පටන්ගත් මූල්‍ය අර්බුදය මෙරට උපන් කම්කරුවන්ගේ මෙන් ම සංක‍්‍රමනිකයන්ගේ ද රැකියා වනසා දැමීමත් සමග පසු ගිය අවුරුදු හතර පුරා එක්සත් ජනපදයට ඇතුලු වුවාට වඩා වැඩි ගනනක් කම්කරුවන්, මෙක්සිකෝවට හා අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට ආපසු ගොස් ඇති බව යි.

3. එසේ වතු දු, මහා ව්‍යාපාරික දේශපාලඥයින් හා මාධ්‍ය අනුකම්පා රහිතව, සංක‍්‍රමනිකයන් නමැති කම්කරු පන්තියේ මෙම පීඩිත කන්ඩායම ට දොස් මාරුකරන්නේ ධනේශ්වර අර්බුදයේ ම ප‍්‍රතිවිපාක වන විරැකියාව උග‍්‍රවීම, ජීවන තත්ව පරිහානිය, හා සමාජ තත්ව කප්පාදුව ඇතුලු අර්බුදයේ මුලු බර සමස්තයක් වශයෙන් කම්කරු පන්තිය මත පැටවීමේ අරමුන ඇතිවය.

4. මෙම වර්ගයේ උද්ඝෝෂනයන්ට එක්සත් ජනපදය තුල දිග හා කැත ඉතිහාසයක් පවතී. 19වැනි සියවසේ දී අයර්ලන්ත හා ජර්මානු කම්කරුවන්ට ද, 20වැනි සියවසේ දී නැගෙනහිර යුරෝපීය හා චීන කම්කරුවන්ට ද එරෙහිව එය යොදා ගැනුනේ කම්කරු පන්තිය බෙදීමේ හා එහි ඉතාමත් සටන්කාමී කොටස් මර්දනය කිරීමේ අරමුනෙනි. අද දින යුරෝපය පුරා මෙන් ම ඕස්ටේලියාව, දකුනු අප‍්‍රිකාව හා වෙනත් තැන්වල ද මෙම උපක‍්‍රම ම යොදා ගැනේ.

5. ඔබාමා පාලනාධිකාරය දෙමිලියනයක් සංක‍්‍රමනිකයින් පිටුවහල් කරමින් - දැනටමත් ජෝජ් ඩබ්ලිව්. බුෂ් ඔහුගේ අට වසරක පූර්න නිල කාලය තුල පිටුවහල් කල සංඛ්‍යාව ඉක්මවමින් - එක්සත් ජනපදයේ අන් මොනයම් මැ පාලනාධිකාරයකට ද වඩා අතිශය ම්ලේච්ඡ ආගමන පිලිවෙතක් පවත්වා ගෙන ගොස් ඇත. ඔබාමා විසින් එක්සත් ජනපද දේශසීමාව මිලිටරීකරනය, වෙරලාරක්ෂක මුර සංචාරක භට සංඛ්‍යාව දෙගුන කිරීම, සැතපුම් සිය ගනනක නව ආරක්ෂක වැට ඉදිකිරීම, ජාතික ආරක්ෂක භටයින් හා ඩ්‍රෝන් යානා යෙදවීම ඇතුලත් “විස්තෘත ආගමනික ප‍්‍රතිසංස්කරන” යෝජනා කරනු ලැබ ඇත. මෙහි ප‍්‍රතිවිපාකය නම් සෑම වසරක ම දේශසීමා පනින්නන් බොහෝ දෙනා මරුකතරට තල්ලු කර දැමීම ය.

6. මෑත දී එක්සත් ජනපද දේශසීමාව කරා මධ්‍යම ඇමරිකානු ලමයින් දස දහස් ගනනින් පැමිනීම වනාහි එම ප‍්‍රදේශයේ රට වලට දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදය කලාවූ අතදැමීම මගින් ඇති කෙරුනු බියකරු තත්වයන්හි ඵලයකි. වොෂින්ටනය සිය අතවැසි ලේ පිපාසිත ඒකාධිපතියන්ට අනුග‍්‍රහ දැක් වූ අතර ගෝතමාලාවේ 200,000කට හා සැල්වඩෝරයේ 75,000කට වඩා මිනිස් ජීවිත වනසා දැමූ මහා ජන ඝාතක කැරලි මර්දක යුද්ධවලට සහාය දුන්නේ ය. වඩා මෑත දී, හොන්ඩ්‍යුරාස් හි දී ඡන්දයෙන් පත් වූ ජනාධිපති මැනුවෙල් ෂෙලායාගේ ආන්ඩුව පෙරලා දැමූ 2009 කුමන්ත‍්‍රනයට ඔබාමා පාලනාධිකාරය මුලුමනින්ම ආධාර දුන්නේ ය.

7. බොහෝ දෙනා උතුරේ එක්සත් ජනපද දේශසීමාවට පලායන තත්වයක් ඇති කරන ලද්දේ. එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් ද එක්සත් ජනපද සහය ලත් ඒකාධිපතිත්වයන් සහ බල කොල්ලයන් ද මගින් සිදුකරන ලද මෙම සමාජ ව්‍යසනය සහ එක්සත් ජනපදය දිගින් දිගටම ගෙනයන “මත්ද්‍ර‍්‍රව්‍ය - විරෝධී යුද්ධය” සමග බැඳුනු අසීමිත ප‍්‍රචන්ඩත්වය විසිනි.

8. මෙම තරුනයන්ට ජාත්‍යන්තර නීතිය මගින් ලබා දී ඇති සරනාගත තත්වය ලබාදෙනු වෙනුවට ඔබාමා පාලනාධිකාරය උත්සාහ ගෙන ඇත්තේ ඔවුන් තාවකාලික සිරකඳවුරුවල සිර කිරීමට හා නිර්දේශිත පටිපාටියට ඔවුන් අහිමි කරමින් ඔවුන් පිටුවහල් කිරීම ඉක්මන් කිරීමට ය.

9. එක්සත් ජනපදයට යලි පිවිසීම වැලැක්වීමේ තර්ජනයට මුහුන නොදී සිය රටට ආපසු යෑම ඇතුලූ පූර්න පුරවැසි අයිතිය, පමනක් නොව බාධාවකින් තොරව සිය පවුල් හා එක්වීමට අයිතිය ද සහිතව තමන් කැමති ඕනෑ ම රටක ජීවත්වීමට හා වැඩ කිරීමට අයිතිය ලෝකයේ සෑම කොනක ම කම්කරුවන්ට හිමි බව සසප තහවුරු කර සිටි. සියලු ම ආගමන විරෝධී නීති අවලංගු කිරීමට ද ආගමන බදු හා තීරු බදු පැනවීම ද දේශසීමා මුර සංචාර අහෝසි කිරීමට ද සසප සටන් කරයි.

ලතින් ඇමරිකාව තුල හජාජාක ගොඩනගනු!

10. සංක‍්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීමේ සටන, පොදු හතුරාට -එනම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ධනේශ්වර පද්ධතියට -එරෙහිව අරගලයක් තුල උතුරු, මධ්‍යම හා දකුනු ඇමරිකානු කම්කරුවන් එක්සත් කිරීමේ අරගලය සමග අවියෝජනීයව බැඳී පවතී.

11. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය රියෝ ග‍්‍රෑන්දේ ගංගාවට දකුනේ කම්කරුවන්ගේ අරගලවලට සමීපතම අවධානයක් යොදා, එම සිද්ධීන් පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් සපයාලීමට සටන් වදිමින් මැක්සිකෝවේ ද මධ්‍යම හා දකුනු ඇමරිකාවේ ද කැරීබියන් ප‍්‍රදේශයේ ද රටවල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා ආධාර කල යුතු වේ.

12. මෙම ප‍්‍රදේශය පවතින්නේ අප ග‍්‍රහලෝකය මත පවත්නා සමාජමය වශයෙන් අතිශයින් තියුනු ලෙස ධ‍්‍රැවාන්තගතවූ ද දේශපාලනිකව පිපිරුම් සහගත වූ ද එකක් ලෙස ය. ලෝකාධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පවත්වා ගෙන යන ජාත්‍යන්තර අරගලයේ කරලියක් බවට එය පත් ව ඇත. ඒ නිසා කලක් “තම පිලිකන්න” ලෙස සලකනු ලැබූ මෙම කලාපය තුල වොෂිංටනයේ ආයෝජන හා වෙලඳාම යුරෝපා සංගමය හා චීනය විසින් ප‍්‍රගාමීව විතැන් කරනු ලැබ ඇත.

13. කලාපයේ පැතිරුනු විප්ලවවාදී අරගල රැල්ල පාවාදී දශක ගනනාවක් තිස්සේ මිලිටරි ආඥාදායකත්වයට යටත් කරනු ලැබූ ලතින් ඇමරිකාව තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා විසිවන සියවසේ කටුක අත්දැකීම් වල පාඩම් උකහා ගැනීම අත්‍යාවශ්‍ය ය.

14. මෙම පාවාදීම තුල තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කරන ලද්දේ ආර්ජන්ටිනාවේ දී ගත් එහි මොරිනෝවාදී රූපාකාරය ද ඇතුලු පැබ්ලෝවාද විසිනි. පැබ්ලෝවාදීන් කැස්ත්‍රෝවාදය, සුලු - ධනේශ්වර ජාතිකවාදය හා ගරිල්ලාවාදය වැලඳ ගෙන කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප‍්‍රතික්ෂේප කලේ විනාශ කාරී ප‍්‍රතිවිපාක ගෙන දෙමිනි.

15. බ‍්‍රසීලියානු පැබ්ලෝවාදීන් බ‍්‍රසීලයේ කම්කරු පක්ෂ (පීටී) ආන්ඩුවට සහභාගීවූ අතර වෙනිසියුලාවේ චාවේස් - මදුරෝ සහ මෙක්සිකෝවේ ලෝපෙස් ඔබ‍්‍රඩෝර් වැනි ධනේශ්වර ජතිකවාදී දේශපාලනඥයින්ගේ තන්ත‍්‍ර පිලිබඳව මිත්‍යාවන් ප‍්‍රචාරය කිරීමට වැඩ කල පැබ්ලෝවාදී කන්ඩායම් කම්කරු පන්තිය ජාතික ධනේශ්වරයට යටපත් කිරීමේ සිය වැඩ කටයුතු නොනවත්වා කර ගෙන යමින් සිටිති.

16. ලතින් ඇමරිකාව තුල විප්ලවවාදී නැගිටීම්වල ඊලඟ රැල්ල සඳහා සූදානම් වීමේ දී තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී නායකත්වය ගොඩනැගීම යි, එනම් ඇමරිකාව, (සමස්ත ඇමරිකානු ප‍්‍රදේශයේ) සමාජවාදී එක්සත් ජනපදය පිලිබඳ පොදු ඉදිරිදර්ශනයට සටන් කරන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා මෙම සෑම රටක ම ගොඩනැගීම යි. මෙම නව විප්ලවවාදී පක්ෂවල පැනනැගීමට අවශ්‍ය දේශපාලන පැහදිලි කිරීම තහවුරු කිරීමට එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය විසින් සියලු සහායක් ම ලබා දිය යුතු ය.

Share this article: