50 වසරකට පෙර: ලංකාවේ බන්ඩාරනායක සභාගය බිඳ වැටේ

50 years ago: Bandaranaike coalition defeated in Ceylon

2015 මාර්තු

ඩඩ්ලි සේනානායක

සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුව 1965 මාර්තු 22දා පාර්ලිමේන්තු මැතිවරනයෙන් පරාජයට පත් වූ අතර දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 151න් 66ක් දිනාගනිමින් බහුතර ආසන සංඛ්‍යාවක් සහිත පක්ෂය බවට පත් විය.

බන්ඩාරනායකගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 41ක් ද එහි හවුල්කාර සංශෝධනවාදී ලංකා සමසමාජ පක්ෂයට 10ක් හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට 4ක් ද හිමි විය. ශ්‍රීලනිපය නව ආන්ඩුවක් පිහිටුවීමට උත්සාහ කල යුතු යයි පෙලපාලි සංවිධානය කරමින් ලසසපය දැක්වූ විරෝධය නොතකා බන්ඩාරනායක ඉල්ලා අස්විය.

එජාප නායක ඩඩ්ලි සේනානායක සිය මැතිවරන උද්ඝෝෂනය ගෙන ගියේ චීන ස්ටැලින්වාදීන් සමඟ ශ්‍රීලනිප ආන්ඩුවේ සම්බන්ධකම් හෙලා දකිමිනි. මේ සමඟ ඔහු, තම ධනපති සහචරයින් සමඟ හවුල වෙනුවෙන් භාෂාව හා පුරවැසි අයිතිය සඳහා දෙමල ජනතාව ගෙන ගිය අරගලය ලසසපය විසින් නරුම ලෙස අතහැර දැමීම යොදාගනිමින් වාචාල කථා පැවැත්වීය.

පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ පූර්ව ආධාරකරුවන් වූ ලසසපය, 1964 ජූනි මාසයේ බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුල්වීමෙන් සිදුකල පාවාදීම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට දැවැන්ත ඓතිහාසික වැදගත් කමක් සහිත සිදුවීමක් විය. ලසසපයේ පාවාදීම, කම්කරු ව්‍යාපාරය තුල අධිරාජ්‍යවාදයේ ඒජන්සියක් ලෙස පැබ්ලෝවාදයේ අවස්ථාවාදී භූමිකාව තීරනාත්මක ලෙස හෙලිදරව් කලේය. එම සංවිධානයේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති වසං කරමින් පැබ්ලෝවාදීහු, “එකම අව්‍යාජ ට්‍රොට්ස්කිවාදී මහජන පක්ෂය” ලෙස එය හුවාදැක්වූහ.

ලංකාව තුල ලසසපයේ පාවාදීමෙන් වසරක් ඉක්මයාමත් සමඟ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය පැබ්ලෝවාදීන් සමඟ මූලධර්ම විරහිතව යලි එකමුතු විය. එක්සත් ලේකම් මන්ඬලයේ නායක අර්නස්ට් මැන්ඩෙල්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ “එකමුතුව” කඩාකප්පල් වනනේය යන පදනම මත ලසසපයේ අවස්ථාවාදී පරිහානිය පිලිබඳ සාකච්ඡාවක් ඇතිවීම වලක්වනු ලැබිනි.

Share this article: