ජර්මන්වින්ග්ස් ගුවන් අනතුර: තොරතුරු පැහැදිලි නමුත් අරමුන නොපැහැදිලි ය

Germanwings crash: Details are clearer but motive remains unknown

ක‍්‍රිස්ටෝෆර් ඩි‍්‍රයර් විසිනි , 2015 අප්‍රේල් 03

ජර්මන්වින්ග්ස් ගුවන් සේවයට අයත් 4U9525 ගුවන් යානය කඩා වැටී දින 10ක් ගත වු පසු, එහි දෙවන “කලු පෙට්ටිය”, සොයා ගැනීමට පරීක්ෂක කන්ඩායම් සමත් වී ඇත. පැමිනිල්ල මෙභෙයවන පරීක්ෂක බ්රයිස් රොබින්, මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ, ගුවන් යානයේ රෙකෝඩරය, “යානය කඩා වැටීමට පෙර අවසාන මිනිත්තු කිහිපයේ සිදුවු දේ දැනගනීමට අත්‍යවශ්‍ය වන නවාංගයක්” ලෙසය.

කලු පෙට්ටියෙහි යානයේ වේගය, මුහුදු මට්ටමේ සිට උස, එන්ජින් ධාරිතා, ගුවන් නියමුවන්ගේ කි‍්‍රයාකටයුතු ද ඇතුලු පරාමිතියන් 500ක පමන සටහන් ඇතුලත් ය. “සත්‍ය දැනගැනීමට මෙම කරුනු තීරනාත්මක” බව ඔහු පැවසීය.

මේ වනතුරු පරික්ෂනයට භාජනය වී ඇත්තේ පලමුවෙනි “කලු පෙට්ටිය”, එසේත් නැතිනම් නියමු කුටියෙහි තිබෙන රෙකෝඩරය පමනකි. එහි ඇතුලත් පටිගතවීම්වලින් පෙන්වන්නේ, ගුවන් නියමුවා විවේක කාමරය වෙත පිටවී ගිය අවස්ථාවේ සම නියමු ඇන්ඩි‍්‍රයස් ලුබිට්ස්, ඇතුලතින් නියමු කුටියේ දොර අගුලු දමමින්, යානයේ පාලනය තමන් සතු කරගත් බව ය. ප‍්‍රන්ස ජාතික පැමිනිල්ල මෙහෙයවන්නාගේ ප‍්‍රකාශන වලට අනුව ලුබිට්ස් ඕනෑකමින්ම යානයේ ගමන් දිශාව වෙනස් කර, එය කඳු මුදුනක ගැටීමට සලස්වා ඇත.

දෙවැනි කලු පෙට්ටියේ අඩංගු තොරතුරු වල අධාරයෙන් මෙම උපකල්පනයේ නිවරැදි බව සහතික කරගත හැකිය. යානය කඩා වැටුනු වෙලාව සහ එයට වග කිවයුත්තේ කවුරුන් ද යන තොරතුරු සොයා ගැනීම පරීක්ෂකයින්ගේ විශේෂ බලාපොරොත්තුවයි. ගුවන් කුටියේ දොර අගුලු වැටුනේ තාක්ෂනික දෝෂයක් නිසා ද නැති නම් කිසිවෙකුගේ උවමනාවෙන් එය සිදුවුවා ද යන්න දැනගැනීමට මෙම තොරතුරු උපකාර වේ.

ගුවන් යානා රෙකෝඩරයේ තොරතුරු වලට අමතරව, ඇන්ඩ්රියස් ලුබිට්ස් විසින් මෙම කි‍්‍රයාව පෙර සිටම සැලසුම් කර ඇතැයි එලි කරන නවතම කරුනු කිහිපයක් පසුගිය 02දා, ඩුස්සෙල්ඩොර්ෆ් හි පැමිනිල්ල මෙභෙයවන්නා විසින් හෙලි කරනු ලැබුවේ ය. සම නියමුවා ගේ නිවසෙහි තිබී හමුවුන පරිගනකයක් පිලිබඳ විස්තර, එදින බලධාරින් විසින් අනාවරනය කරන ලදී. පරිගනකයේ මාර්තු 16 සිට 23 දක්වා කෙරී තිබුන අන්තර්ජාල භාවිතයෙන් ගුවන් යානය කඩා වැටීම සම්බන්ධ තොරතුරු හමු වී ඇත.

පැමිනිල්ල බාර නිලධාරියාට අනුව, එක් සෙවීමක් “වෛද්‍ය ප‍්‍රතිකාර සම්බන්ධයෙන් ද, තවෙකක් සියදිවි හානි කර ගැනීමේ ක‍්‍රම සම්බන්ධයෙන් ද වී ඇත. සෑම දිනයකම, අදාල පුද්ගලයා ගුවන් කුටියේ දොරවල් සහ එහි ආරක්ෂක කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සොයා තිබේ”.

අනතුරට ලක් වූ යානයේ තොරතුරු හෙලි වෙමින් පැවතුන ද, එහි පිටුපස පැවති අරමුන තවමත් පැහදිලිව අනාවරනය වී නැත. ඇන්ඩ්රියස් ලුබිට්ස්ගේ පුද්ගලික හා වෘත්තීය ජීවිතය පිලිබද විමසීම් වලින් ද “පිලිගත හැකි අරමුනක් පෙන්නුම් කර නැති” බව, මාර්තු 30දා ඩුස්සෙල්ඩොර්ෆ් හි නිලධාරියා පවසා ඇත.

කෙසේ වුවත් ඇන්ඩ්රියස් ලුබිට්ස් බරපතල මානසික ප‍්‍රශ්න වලට ගොදුරු වූ අයෙකු බව ඇඟවුම් කෙරේ. ගුවන් නියමු බලපත‍්‍රයක් ලබාගැනීමට පෙර, ඇන්ඩ්රියස් ලුබිට්ස් සියදිවි හානි කර ගැනීමට තැත් කල බැවින්, දිගු කාලයක් මානසික සෞඛ්‍ය රැකවරන යටතේ සිට ඇත. පැමිනිල්ල බාර පරීක්ෂකයා මාධ්‍යට කල නිවේදනයකට අනුව “එතැන් සිට සහ මෑතක් දක්වා, ලුබිට්ස් විසින් නොකඩවා ස්නායු වෛද්‍යවරුන්, මනෝචිකිත්සකයන් හමුවීම සඳහා ලෙඩ නිවාඩු ලබාගෙන ඇතත්, සියදිවි නසාගැනීමට ප‍්‍රවනතාවයක් හෝ අන් අය කෙරෙහි වූ ප‍්‍රචන්ඩත්වයක් පෙන්නුම් කර නොමැත.”

බරපතල මානසික අවපීඩනයකට මුහුන දුන් බැවින් පුහුනුවීම් අතරමැද නැවැත්වූ අතර, ඔහු ප‍්‍රකෘති ස්වභාවයට පැමිනීමෙන් පසුව පුහුනුවීම් කටයුතු නැවතත් ආරම්භ කිරීමට හැකි බව බ්රේමෙන් හි පිහිටා ඇති ගුවන් පාසලට දැනුම් දී ඇති බව 31දා සවස, ලුෆ්තන්සා ගුවන් සේවය පවසා ඇත. පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගැනීමට සම්බන්ධ හේතුන් මත ලුෆ්තන්සා ගුවන් සේවයට අයත් ජර්මන්වින්ග්ස් ගුවන් සේවයට, ලුබිට්ස් ගේ වෛද්‍ය වාර්තා ලබා නොදුන් බව සමාගමේ නියෝජිතයෙක් පැවසුවේය.

මේ වන විට පැමිනිල්ල මෙහෙයවන පරීක්ෂකවරුන් විසින් සම නියමුවාගේ නිවසේ තිබී ඉරා දැමූ වෛද්‍ය වාර්තා සොයාගෙන ඇත. පැහැදිලිව ලුබිට්ස් හට තමන්ගේ සෞඛ්‍ය ප‍්‍රශ්න තම සේවා යෝජකයාගෙන් සැඟවීමට උවමනා වී ඇත.

ලුබිට්ස් ගේ රෝගය ගැන මේ වන විට පුවත් පත් වල පිලිගත නොහැකි අනුමානයන් පල වී ඇත. බයිල්ඩ් පුවත්පත කියා සිටියේ, පරීක්ෂක වාර්තා වලට අනුව ඔහු මෙම සිදුවීමට දින 10කට පෙර රිය අනතුරකට මුහුන දුන් බව සහ ඉන් පසු ඔහුගේ පෙනීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් හමුවීමට ගොස් ඇති බවයි.

නිර්නාමික යුරෝපියානු රාජ්‍ය නිලධාරියෙකුගේ තොරතුරකට අනුව සීඑන්එන් පුවත් සේවය පැවසුවේ සහ නියමුවා ගේ අවුරුදු ගනනාවක් සිටි පෙම්වතිය ද මානසික ප‍්‍රශ්න වලින් පීඩා විඳපු කෙනෙක් ලෙසය.

ස්පීගල් ඔන්ලයින් පුවත් පත් සේවය සටහන් කර ඇත්තේ, මොවුන් දෙපලම ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන සුබවාදීව සිට ඇති බවත්, මොහු සුවය ලබමින් සිටින බව ඈ සිතා ඇති බවත් ය.

ගුවන් සමාගමෙන් සහ වෛද්‍ය වාර්තා වලින්, මොහු වැඩ කිරීමට සුදුසු හා ස්ථාවර සමාජ ජීවිතයක් හා මානසික තත්වයක් ඔහුට තිබී ඇති බව පවා පෙන්වා ඇති තතු යටතේ, චෝදනා ලද කි‍්‍රයාවේ අරමුන තේරුම් ගැනීමට ඔහුගේ මානසික ප‍්‍රශ්න ප‍්‍රමානවත් නොවේ. ලුබිට්ස් පෙළුනු මානසික අවපීඩනයෙන් සියදිවි හානිකරගැනීමට හැකියාවක් තිබුනේ නැති බවත්, තමන්ට ආගන්තුකයින් වූ අහිංසක මිනිසුන් 149 දෙනෙකුගේ ජීවිත සිතාමතාම නැති කර දැමීම සහ ඔහුගේ මානසික අවපීඩනය අතර සම්බන්ධයක් නැති බවත් හෙලිවී තිබේ.

මානසික අවපීඩනය පිලිබඳ පර්යේෂක සහ මිව්නිච් හි මැක්ස් ෆ්ලාන්ක් ආයතනයේ හිටපු ප‍්‍රධානියා වන මහාචාර්ය ෆ්ලොරියන් හොල්ස්බර් සඳුදා පැවති ජර්මානු “ටෆ් බට් ෆෙයා” වැඩසටහනේදී පැහැදිලි කරන ලද්දේ, මානසික අවපීඩනයකින් පිඩා විඳින පුද්ගලයෙකු සමහර අවස්ථා වලදී සියදිවි නසාගැනීමේදී අන්‍යයන්ගේද ජීවිත නැති කිරීමට පෙලෙඹුනත්, බොහෝ විට ඒ ඔවුන්ගේ ලඟම සමීපතමයින් වන බව සහ ඒ අනුව, ජර්මන්වින්ග්ස් ගුවන් අනතුරේ තත්වය මීට වඩා වෙනස් බවත්ය. “මානසික අවපීඩනයෙන් පෙලෙන මිනිසුන් මෙවැනි කි‍්‍රයා කරන්නේ නැත” යයි ද මුලාසිය අදහසක් බල පාන්නට ඇතැයි ඔහු පැවසුවේය .

සියදිවි නසාගැනීම් පිලිබඳ ප‍්‍රවීනයෙක් වන තෝමස් බ්රෝනිස්ච් ට අනුව, මුලාසිය අවස්ථාවලදී පවා, එවැනි කි‍්‍රයා බොහෝ සෙයින් විරලය. භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙලෙන්නන් ගැන සැලකුවොත්, මොවුන්ගෙන් බරපතල වරදක් සිදු කරන, හෝ මිනී මැරුමක් කරන ප‍්‍රමානය බොහොම කුඩාය. “මානසිකව කැලඹුනු මිනිසුන් මූලිකවම වඩාත් භයානකයි යන්න ගැන කිසිම සාක්ෂියක් නැත” ඔහු පැවසුවේය.

සහ නියමුවාගේ මානසික රෝගයක් පිලිබඳ විනිශ්චය තහවුරු වුව ද, මෙයින් සපයනු ලැබෙන්නේ ඔහුගේ තත්වය පිලිබඳ විස්තරයක් ය, ඔහුගේ කි‍්‍රයාවෙහි හේතු පැහැදිලි කිරීමක් නොවේ. මිනිස් ජිවිත 149 ක් නැති වීමේ වගකීම එක් පුද්ගලයෙක් මත, සහ ඔහුගේ මානසික සුවය මත සරලව පදනම් කිරීම ගැන සැහීමකට පත් විය නොහැක. අවසානයේදි, මෙවන් ඛේදවාචකයන් පැහැදිලි කල හැක්කේ ගැඹුරු ලෙස දුෂිතවූ සහ බිඳ වැටුනු සමාජයක පසුතලයකින් පමනය.

මෙය වඩාත් පැහැදිලි වන්නේ, ප‍්‍රචන්ඩත්වයෙන් යුත් මෙවැනි දුර්මුඛ, අමිහිරි කි‍්‍රයාවලට කෙටි සහ ඉක්මන් විසඳුම් දීමේ මුවාවෙන් රාජ්‍ය බලය තවදුරටත් තර කර ගැනීමට දේශපාලකයින්ගේ සහ මාධ්‍යයේ ඇති සූදානම ය.

ජර්මන්වින්ග්ස් ගුවන් අනතුරෙන්, ගුවන් තොටුපොලවල් හි සුරක්ෂිතභාවයේ අඩුපාඩුකම් පෙන්වා දී ඇති බවත්, මින් ඉදිරියට යුරෝපය තුල ගමන් කරන සියලු ගුවන් යනා වල මගීන් හඳුනාගැනීම අනිවාර්ය කෙරෙන බවත් අභ්‍යන්තර අමාත්‍ය තෝමස් ද මෙයිසියෙර් 02දා නිවේදනය කලේය.

රෝගියෙකුගේ පුද්ගලික වෛද්‍ය වාර්තා රහසිගතව තබාගැනීමට තිබෙන අයිතීන් විනාශ කිරීමට ගැනෙන පියවරයන් ද මේ හේතුවෙන් දැඩි කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍ර කතෝලික සමිතියේ ඩර්ක් ෆිෂර් ඉල්ලා සිටිනුයේ, ඇතැම් වෘත්තිකයින්ගේ වෛද්‍ය වාර්තා රහසිගතව තබාගැනීමට තිබෙන නීතිය ලිහිල් කල යුතු බවය. රයිනිෂන් පෝස්ට් පුවත් පත කියා සිටියේ “ගුවන් නියමුවන් තමන්ගේ සේවායෝජකයන්ගේ අන පරිදි වෛද්‍යවරුන් හමු විය යුතු බවත්, මෙම හමුවීම් රහස්‍යභාවයෙන් තොර විය යුතු” බවත් ය.

Share this article: