ලී ක්වාන් යූ, සිංගප්පුරුවේ නිර්මාතෘ (1923-2015 )

Lee Kuan Yew, founder of Singapore (1923-2015)

ගුස්ටාව් කෙම්පර් විසිනි, 2015 අපේ‍්‍රල් 1

සිංගප්පුරුවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස 1959 සිට 1990 දක්වා සිය පාලනය ගෙන ගිය ලී ක්වාන් යූ වයස 91ක්ව සිටියදි මාර්තු 23 වන සඳුදා උදයවරුවේ අභාවප‍්‍රාප්ත විය.

යන්තමින් මිලියන 5.5ක ජනතාවකගෙන් යුක්ත, පුරවර රාජ්‍යයක ප‍්‍රධානියාව සිටි දේශපාලඥයෙකු වෙනුවෙන් රාජ්‍ය නායකයන් විසින් නිකුත් කල ශෝක ප‍්‍රකාශයන්ගේ ප‍්‍රමානය සහ ප‍්‍රධාන පුවත්පත් වල පලවූ මරන දැන්වීම් විස්මය ජනක විය.

ලී ක්වාන් යූ

“ඉතිහාසයේ යෝධයෙක්” (එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා), “විශිෂ්ඨ දේශපාලඥයෙක්” (ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ), “ආසියාව මෙතුවක් කලකට නිර්මානය කල නවීන යුගයේ විශිෂ්ඨතම නායකයන්ගෙන් එක් අයෙක්” (ජපාන අගමැති ෂින්සො අබේ), “අපේ කලාපයේ යෝධයෙක්” ( ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබොට්), “ආසියාවේ පුරාවෘත්ත ගත ප‍්‍රතිරූපයක්” (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බැන් කි මූන්) සහ “චීන ජනතාවගේ පැරනි මිතුරෙක්” (චීන ජනාධිපති සී ජින්පින්) ලෙස ලී අගය කිරීමට ලක් විය. මෙහි උපුටා දක්වා ඇත්තේ කිහිපදෙනෙක් විසින් සිදු කල අගය කිරීම් පමනි. ”

ඔහුගේ ප‍්‍රඥාව, රාජ්‍යතාන්ත‍්‍රිකභාවය, දුරදර්ශීභාවය, ඍජු භාවය සහ ශක්තිමත් නායකත්වය සම්බන්ධයෙන් ඔහු වර්නනා කෙරී ඇති අතර, රට, ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය අනුව ශ්‍රේනි ගත කිරීමේදී ලෝකයේම තුන්වන ස්ථානය දක්වා සහ “යටත් විජිත වෙලඳ මුරපොලක සිට නිදහස්, දියුනුවන පුරවර රාජ්‍යයක් දක්වා පරිවර්තනය වීමේදී උපකාරී වූ” (සිංගප්පෝ ස්ටේ‍්‍රයිට්ස් ටයිම්ස්) සිංගප්පුරුව නිර්මානය කල පියා ලෙස කීර්තියට පත්ව ඇත.

සිංගප්පූරු ආන්ඩුව දින හතක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කරන ලදී.

සියලුම විශ්ව විද්‍යාල, පාසල්, ජාතික වෘත්තීය සමිති කොන්ග‍්‍රසය, ව්‍යාපාරික සංවිධාන සහ රාජ්‍ය පරිපාලනය අනුස්මරන වැඩසටහන් වලට සහභාගී විය.

සිදුවී තිබෙන නාටකාකාර වෙනස්කම් වාර්තා කිරීමේදී, 1960 ගනන් වල සහ 1970 ගනන් වල සිංගප්පූරුවේ වීදි ජීවිතය නිරූපනය කරන පින්තූර, වර්තමාන නගරයේ පින්තූර සමග මුලුමනින්ම වෙනස්ව පවතියි.

මේ සියලු ප‍්‍රසංශාවන් තුල මග හැරී ඇත්තේ, මෙම වෙනස්කම් සඳහා සහ සිංගප්පූරුව පදනම් කරගත් මූලස්ථාන සහ සහායකයන් මගින් ආසියානු කලාපය විනිවිද යන කර්මාන්ත ජාලය සහ මූල්‍ය කි‍්‍රයාකාරිත්වය හරහා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් එකතු කරගැනීමට සමත්ව ඇති විශාල ධනය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෙවා තිබෙන සහ තවමත් ගෙවමින් තිබෙන මිල පිලිබඳ කුමන හෝ සඳහනකි.

සිංගප්පුරුව තම නිදහස අත් කර ගත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාතික විමුක්ති අරගල ලෝකය පුරා වේගයෙන් හමා යමින් තිබූ කාලවකවානුවේදී ය.

බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ හැදී වැඩුනු මධ්‍යම පන්තික බුද්ධිමතුන්ගේ නව පරම්පරාවක්, බි‍්‍රතාන්‍ය ශෛලියේ අධ්‍යාපනය ලැබීය. ජපානය විසින් සිංගප්පුරුව යටත් කර ගැනීම පිලිබඳ අත්දැකීම් ලැබීය. එමෙන්ම යුද්ධයෙන් පසු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබූහ.

සිංගප්පූරු සහ මලයානු ධනපතීන්ගේ දේශපාලන උත්සුකයන් සහ යටත් විජිත පාලනයේ වියගසින් ගැලවීමට ඔවුනට ඇති අභිලාෂය ප‍්‍රකාශයට පත් කල, තරුන, බලකාමී මිනිසුන්ගෙන් සැදුම්ලත් කන්ඩායමක් එහි විය.

එම කාලය වන විට “හැරී ලී” ලෙස හැඳින්වූ ලී ක්වාන් යූ ඉක්මනින්ම එම කන්ඩායමේ නායකයා බවට පත් විය.

සෝවියට් සංගමයේ හෝ, 1949 දි මා ඕ සේතුං ගේ නායකත්වය යටතේ ධනේශ්වර ක්වොමින්ටෑනය මුලුමනින්ම අතුගා දැමූ උනුසුමේ පසුවූ චීනයේ ස්ටැලින්වාදී පක්ෂ වල අනුහසට ලක්ව සිටි ගිනි කොන දිග ආසියාවේ වැඩකරන ජනතාව අතර, වැඩෙමින් පැවති කොමියුනිස්ට්වාදී අදහස් වල බලපෑමට මෙම බලාපොරොත්තු සහගත ප‍්‍රභූන් මුහුන දුන්නේය.

එමෙන්ම ඉන්දුනීසියාවෙන් තවත් පීඩනයක් එල්ල විය. එනම් මිලියන තුනක සාමාජික සංඛ්‍යාවක් සහිත ලෝකයේ තුන්වෙනියට විශාලතම කොමියුනිස්ට් පක්ෂය එහි තිබීම හා මලයානු අර්ධ-ද්වීපය තුල කි‍්‍රයාත්මක කොමියුනිස්ට් ගරිල්ලා හමුදාවක් පැවතීමය ඒ.

මෙම කොන්දේසි තුල හැරී ලී, ලන්ඩනයේ 1950 මලයානු සංසදයට මෙසේ ප‍්‍රකාශ කලේය: “තෝරා ගැනීම ඇත්තේ මලයානු කොමියුනිස්ට් ජනරජයක් හා අධිරාජ්‍යවාදයට සිය විරෝධය තිබිය දීත් පොදු රාජ්‍ය මන්ඩලය සමග ඇතැම් පොදු අදහස් තවමත් බෙදා ගන්නා මිනිසුන් විසින් නායකත්වය දෙන, බි‍්‍රතාන්‍යට පොදුරාජ්‍ය මන්ඩලය තුල ඇති මලයාවක් අතරය... අපි නායකත්වය නොදුන්නොත්, එය සමාජයේ වෙනත් ශ්‍රේනි වලින් පැමිනෙනු ඇත.”

වර්ධනය වන බීම සමාගම් සහ ඇමරිකාවේ මෝටර් රථ කර්මාන්තයන්ගෙන් ටින් සහ රබර් වල ඉහල යන ඉල්ලුම සමග මලයානු අර්ධද්වීපයේ කම්කරු පන්තිය සීඝ‍්‍රයෙන් වැඩිවී තිබුනි.

දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව සිංගප්පුරුවේ සහ මලයාවේ කම්කරු පන්තිය විසින් කැපී පෙනෙන වැඩවර්ජන සහ උද්ඝෝෂනවල යෙදී තිබුනි.

බි‍්‍රත්‍යන්‍යයන් හට සිය පැරනි යටත් විජිතයට නැවත පැමිනීමට හා එහි පාලනය නැවත අත්කර ගැනීමට ඉඩ දෙමින් මලයානු කොමියුනිස්ට් පක්ෂය එම අරගල පැතිරීම වලක්වන ලදී.

මහ ජනතාවගේ සහය ලබා ගැනීම සඳහා සමාජ සාධාරනත්වය සහ අදායම් යලි බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ සමහර අභිලාෂයන් වෙනුවෙන් තමන් පෙනී සිටිය යුතු බව ලීට පැහැදිලි විය.

ඔහු එංගලන්තයේ සිටි අවසාන වසර කිහිපය තුල ලේබර් පක්ෂයේ නායකයන් සමග හා බි‍්‍රතාන්‍ය ආරක්ෂක සංකීර්නයේ නිලධාරීන් සමග ශක්තිමත් සම්බධතා ගොඩනගා ගත්තේය. පසුකාලීනව බි‍්‍රතාන්‍යයේ සිට නව ජාතික පරිපාලනයට බලය හුවමාරු කිරීමේදී එම කටයුත්ත කලමනාකරනය කිරීමට එම ජාලය ඔහුට ආධාර විය.

ආපසු සිංගප්පුරුවට පැමිනි ඔහු වෘත්තීය සමිතීවාදීන් සහ වාමාංශික දේශපාලඥයන් වෙනුවෙන් පෙනී සිටිමින්, නීතීඥයෙක් ලෙස සේවය කලේය.

එංගලන්තයේදී තමන් සමග ඉගෙන ගත් මිතුරන් කන්ඩායමක් සමග ඔහු දේශපාලන නායකත්වයක් පිහිටුවීය. පසුව මෙම කන්ඩායම 1954 දී නිව් පීපල්ස් ඇක්ෂන් පාටි (පීඒපී) පිහිටුවා ගත්හ.

තමන් හට මලයානු ජනතාවගේ සහ සිංගප්පුරුවේ චීන බස කතා කරන කම්කරු පන්තියේ සහාය අවැසි බව අවබෝධ කර ගනිමින්, හොර රහසේ වෘත්තීය සමිති තුල කි‍්‍රයාත්මක වෙමින් සිටි මලයානු කොමියුනිස්ට් පක්ෂයේ (එම්සීපී) නායකයන් පීඒපී ධජය යටතේ එකතු කිරීමට ඔහු උපායශීලී විය.

එම්සීපීයේ මොස්කව් සහ බිජිං ස්ටැලින්වාදී උපදේශකයෝ, කම්කරු පන්තියේ අවශ්‍යතා ජාතික ධනේශ්වරයට යට කරමින් මහජන පෙරමුනු ප‍්‍රතිපත්තිය සඳහා අනුබල දුන්හ. මෙම ප‍්‍රතිපත්තිය ඒ වන විටත් 1925-27 චීන විප්ලවය ද 1936 ස්පාඤ්ඤ විප්ලවය ද පරාජය කරා මෙහෙයවා තිබුනු පිලිවෙතක් විය. මොස්කව් සහ බීජිනයේ ස්ටැලින්වාදී පක්ෂ, අධිරාජ්‍යයවාදයට එරෙහි පොදු සටනක් සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ ඉලක්කය බොහෝ කලකට පෙර අත්හැර දමා තිබුනි.

එම්සීපීයේ නායකයෙකු වූ චින් පෙන්ග් පසුව පිලිගත් පරිදි, බීජිනය වැඩි අවධානයක් යොමු කලේ, මලයාවේ යටත් විජිත බලවතුන් චීනයට මැදිහත් වීමෙන් ඉවත්කර තැබීම සඳහා, ඔවුනට මලයාව තුල ගැටලු නිර්මානය කිරීම පිලිබඳව ය. මේ වන විට සිය චීන නාමය වන ක්වාන් යූ භාවිතා කල හැරී ලී බලයට ඔසවා තැබීම සඳහා මලයානු කොමියුනිස්ට් පක්ෂය තීරක දේශපාලන භූමිකාවක් ඉටු කලේය. කම්කරු පන්තිය ධනපති නායකයාට යටත් කල සහ ඔහු පිලිබඳ මිත්‍යාවන් ගොඩනැගූ ප‍්‍රධාන බලවේගය එය විය.

ඉංගී‍්‍රසි භාෂාවෙන් තමන් කල කතා තේරුම් ගැනීමට නොහැකි වූ සිංගප්පුරුවේ කම්කරුවන් සමග ඍජුවම සන්නිවේදනය කිරීම සඳහා, ලි ක්වාන් යූ චීන උසස් භාෂාව වන මැන්ඩරින් සහ චීන උප භාෂා කිහිපයක් මෙන්ම මැලේ භාෂාව ද උගත්තේය.

පීඒපීය තුල කොමියුනිස්ට්වරුන්ගේ අනුහස සීමා කිරීමට අවශ්‍ය වු විට ඔහු බි‍්‍රතාන්‍යයේ ම යටත් විජිත පරිපාලනය සමග, විශේෂයෙන්ම ආරක්ෂක සංවිධාන සමග, රහසිගතව කටයුතු කලේ ය. ලී ට පීඒපී නායකත්වය සිය පාලනයෙහි තබාගැනීමට උදව් වුනු ඕනෑම ආකාරයකට අභ්‍යන්තර ආරක්ෂක පනත යටතේ මෙම දේශපාලන විරුද්ධවාදීන් රඳවා ගත හැකි විය.

සිංගප්පුරුවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමන් තේරී පත්වූ 1959 දී පැවති මැතිවරනයෙන් පසුව පවා ලී ක්වාන් යූ වඩාත්ම කැමැත්තක් දැක්වුයේ බි‍්‍රතාන්‍ය ආරක්ෂක සේනාංකයන්ට සිය පොලිස් වැඩ කටයුතු වසර කිහිපයක් නොකඩවා කරගෙන යාම සඳහා ඉඩ දීමට ය. ඒ හේතුවෙන් ඔහුට සිය ප‍්‍රතිරූපය කම්කරුවන්ගේ නියෝජිතයෙක් ලෙස පවත්වා ගෙන යාමට හැකි විය.

අවසානයේදී කොමියුනිස්ට්වාදීන් තමන්ගේම පක්ෂයක් වන බරිසන් සොසිඅලිස් පිහිටුවීම සඳහා 1961 පීඒපීය හැර ගියේය. ලී ක්වාන් යූ බරිසන් සොසිඅලිස් පක්ෂයට එරෙහි ප‍්‍රචන්ඩ ව්‍යාපාරයක් දියත් කල අතර මලයාව සඳහා ජාතික නිදහස නමැති බැනරය යටතේ ඔහුට පොදු ජනතාවගේ සහය ගොනුකර ගත හැකි විය.

උද්ඝෝෂන මෙහෙයවූ නායකයන්, වෘත්තීය සමිති නිලධාරීන්, බරිසන් සොසිඅලිස් නායකයන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කලේය. මේ කොන්දේසි යටතේ ලී ක්වාන් යු 1963 සිංගප්පුරු මැතිවරනයෙන් ජයග්‍රහනය කිරීමට සමත් විය.

මලයානු ධනපති පන්තියේ අභිලාෂයන් නියෝජනය කරමින්, මලයානු නායක තුන්කු අබ්දුල් රහමාන්, සිංගප්පුරුව තුල සංකේන්ද්‍රනය වී සිටි චීන ධනපති පන්තියේ ශක්තිමත් දේශපාලන අනුහසට සහ තරගයට බියවූ අතර ඔහුට ප‍්‍රධාන කොටම චීන වැඩකරන ජනතාවගෙන් සමන්විත කොමියුනිස්ට් බලවේගයන්හි දේශපාලන කටයුතු මගින් තමන් තර්ජනයට ලක්ව ඇතැයි හැඟී ගියේය.

1965 අගෝස්තු මාසයේදී සිංගප්පුරුව සාමාජිකයෙකු කර ගනිමින් මලයානු සමූහාන්ඩුවක් පිහිටුවීම පිලිගැනීම ඔහු ප‍්‍රතික්ෂේප කලේය.

පොහොසත් ස්වභාවික සම්පත් සහිත මලයානු අර්ධ-ද්වීපයේ ප‍්‍රධාන ගොඩ බිම් ප‍්‍රදේශය වෙන්වී යාම නිසා, සිංගප්පුරුවේ අනාගතය, විදේශ ප‍්‍රාග්ධන ආයෝජන මත හා යුරෝපය හා ආසියාව අතර වර්ධනය වන වෙලඳාම මත දැඩිව රඳා පැවතීමට මග පාදනු ඇතැයි යන දැනුවත් භාවයෙන් යුතුව 1956 අගෝස්තු 9 දා පුරවර රාජ්‍යයක් ලෙස සිංගප්පුරුවේ නිදහස ලී ක්වාන් ප‍්‍රකාශයට පත් කලේය.

ඒ අනුව ලී ක්වාන් යූගේ ආන්ඩුව, බටහිර අධිරාජ්‍යවාදී රට වලින් පැමිනෙන ප‍්‍රාග්ධන ආයෝජන ආකර්ෂනය කර ගත හැකි තැනක් බවට සිංගප්පූරුව පත් කිරීම කෙරෙහි අවධානය යොමු කලේය.

මේවා සමන්විත වූයේ, ධනපති සුරාකෑමට ප‍්‍රතිරෝධය දක්වන විපක්ෂය සම්බන්ධයෙන් ස්ථාවර සහ සුදුසු දේශපාලන කොන්දේසි, දේශපාලනිකව විනයගත කල සහ ජාතික වෘත්තීය සමිති කොන්ග‍්‍රසය මගින් පාලනය කල වැඩකරන ජනතාවක්, එක්සත් ජනපදයේ සහ ඊස්රායලයේ සහය ඇතිව ගිනිකොන දිග ආසියාවේ වඩාත්ම නවීන හමුදාව ගොඩනැගීම, නවීන සන්නිවේදනයට හා පලමු පන්තියේ ගුවන් ගමන් පහසුකම් සහ වරාය පහසුකම් සහිත ප‍්‍රවාහන මාර්ගයන්ට ආධාර වන යටිතල පහසුකම් දියුනුව ආදී දෙයිනි.

අසල්වැසි ඉන්දුනීසියාවේ සුහර්තෝ තනත‍්‍රය, 1965-1966 කාලයේදී ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහ වෘත්තීය සමිති වල සාමාජිකයන් මිලියනයක් සමූල ඝාතනය කරද්දී හෝ තවත් සාමාජිකයන්ට අභූත චෝදනා එල්ල කරද්දී, ලී ක්වාන් යූට ජෙනරාල් සුහර්තෝ හමුවීමට සහ ඔහු සමග දීර්ඝකාලීන මිතු දමක් ගොඩනගා ගැනීමට කිසිදු චකිතයක් නොවීය.

දේශපාලන මර්දනයට අමතරව කම්කරු පන්තිය මැඩපවත්වා ගැනීමට ලී ක්වාන් යූ, දිරිගැන්වීමේ සමාජ ප‍්‍රතිපත්තියක් ද අනුගමනය කලේය.

වැඩකරන ජනතාවට තම විශ‍්‍රාම යෝජනා ක‍්‍රමය මගින් මුදල් ගෙවා තමන්ගේම තට්ටු නිවසක් මිලට ගත හැකි දැවැන්ත නිවාස ව්‍යාපෘති, අසල්වැසි රටවලට වඩා ඉහල වැටුප් සහිත ජාත්‍යන්තර සමාගම් වල ආරක්ෂිත රැකියා සැපයීම සහ මනා අධ්‍යාපන පද්ධතියක් වැනි දේ වලින් මේවා සමන්විත විය. ඊලඟ දශක ගනනාව පුරාවට සිංගප්පුරුව තුල ඉහල ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමේ පදනම නිර්මානය කලේ මෙම කොන්දේසි මගිනි.

සිංගප්පුරුව“සාර්ථකත්වයේ කථාන්තරය” ලී ක්වාන් යු පිලිබඳ කතාන්තරයක් නොවනවාක් මෙන්ම එය සිංගප්පුරුවට සීමාවූ දෙයක්ද නොවේ. එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගිනිකොන දිග ආසියාවේ සිදුවූ සංකීර්න සමාජ දේශපාලන සහ ආර්ථික වර්ධනයේ පතිඵලයකි.

එය ලෝකයේ වඩාත්ම ජන සංකේන්ද්‍රනයක් සහිත ආසියානු වෙලඳ පලවල් තුල ලාභ අවස්ථාවන් සඳහා අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයට ඇති ගිජුකම, ඉහල සවිඥානකත්වයකින් යුත් ජාතික ධනේශ්වරය විසින් ගසාකෑම පිලිබඳ කතාන්තරයකි, එමෙන්ම එය ස්ටැලින්වාදයේ ද්‍රෝහී භූමිකාව පිලිබඳ කතාන්තරයකි.

අද ලී ක්වාන් යූ උත්කර්ෂයට නැංවීම යනු, ගිනිකොන දිග ආසියාවේ කම්කරු පන්තිය සුරාකෑමට දොර විවර කර දුන් සහ කම්කරුවන් තමන්ගේ ස්වාධීන අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට තැත් කරන කොයිම හෝ අවස්ථාවකදී වුව ද දේශපාලනිකව මර්දනය කිරීම සඳහා කටයුතු කල නායකයෙකු වෙනුවෙන් කෙරෙන වර්නනාවකි.

සාම්ප‍්‍රදායික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුනුවරට පිටුපසින් ඒකාධිපති බලතල භාවිතයට ගන්නා සිංගප්පුරුවේ දේශපාලන ක‍්‍රමය පිලිබඳ යුරෝපියානු සහ ඇමරිකානු නායකයන් විශේෂයෙන්ම ප‍්‍රමෝදයට පත් වෙයි.

ප‍්‍රමුඛ බටහිර විශ්ව විද්‍යාලයන්හි ශාස්ත‍්‍රාලික කවයන් සහ දෘෂ්ටි මන්ඩල විසින් මෙම “මෘදු” ඒකාධිපතිත්වය, 2010 වසර මැද දී බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිලිබඳ මහාචාර්ය හර්ෆ්රීඩ් මුන්ක්ලර් විසින් “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අබ්බගාත ගෑනි” ලෙස ගුනාංගීකරනය කල බටහිර පාර්ලිමේන්තු ක‍්‍රමයට, වඩා යෝග්‍ය සහ සහ කාර්යක්ෂම විකල්පයක් ලෙස හුවා දක්වා තිබේ.

දේශපාලන ප‍්‍රතිරෝධයකින් තොරව ඒකාධිපති ආකාරයකට හැසිරීම සඳහා ලී ක්වාන් යූට පැවති හැකියාව අගය කල, එයට ඊර්ෂ්‍යා කල සහ ඔහුගේ කටයුතු කොන්ෆියුසියානු පීතෘමූලිකවාදයට උදාහරන ලෙස සුදු හුනු ගෑ දේශපාලකයන්ගේ මිතු දමෙන් ඔහු ප‍්‍රයෝජන ලබා ගත්තේය.

ඔහුගේ කටයුතු අගය කල අය අතර රොනල්ඩ් රේගන්, මාග‍්‍රට් තැචර්, හෙල්මුට් ස්කිමිඩ් හා හෙන්රි කිසින්ජර් ද විය. 1980 දී විශේෂ ආර්ථික කලාප ස්ථාපිත කරමින් චීන වෙලඳ පල ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට විවෘත කල විට ඬේන් සියා ඕ පිං ආවේශය ලැබුවේ සිංගප්පූරු මොඩලයෙන් ය.

එහෙත් මෑත දශක වල ආසියාව තුල අධිරාජ්‍යවාදී ප‍්‍රසාරනයේ ගතිකයන් නව අර්බුද නිර්මානය කර තිබේ. ආසියාව තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් චීනය සිය ආර්ථික ශක්තිය වර්ධනය කරගෙන ඇත.

ආක‍්‍රමනකාරී ලෙස එක්සත් ජනපද නාවුක බලඇනි ගොඩ නැගීම ඇතුලු ඔබාමාගේ “ආසියාවට හැරීමේදී” සිංගප්පුරුවේ විශේෂ වරාය පහසුකම් යොදාගනිමින් එක්සත් ජනපදය ඊට ප‍්‍රතිචාර දක්වයි.

ආරම්භක සාමාජිකයන් වීම සඳහා යුරෝපියානු බලවතුන් ද අත්සන් කර ඇති, චීන පිටු බලය සහිත ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව, ලෝක බැංකුව වැනි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ආයතනයන්ට ඍජු අභියෝගයකි.

මෙම වර්ධනයන්ගෙන් සිංගප්පුරුවේ කම්කරු පන්තියට රිදෙන්නට පටන් ගෙන තිබේ. එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන යටතේ ලාභ මුදල් වලින් ජාත්‍යන්තර වෙලඳ පල වසාගෙන ඇති අතර සිංගප්පූරු ජාතිකයන්ට තමන්ගේම තට්ටු නිවාසයක් යන දැක්ම අවසන් කරමින්, සිංගප්පුරුවේ දේපල මිල ගනන් දැවැන්ත ලෙස ඉහල ගොස් ඇත.

සාමාන්‍ය ආදායමක් ඇති තරුන පවුල් වලට අධ්‍යාපන වියදම් ද ඉහල ගොස් ඇති තත්වය තුල, තවදුරටත් තමන්ගේම තට්ටු නිවාසයක් වෙනුවෙන් මුදල් යෙදවිය නොහැකිවී ඇත.

2011 සිංගප්පුරුවේ පැවති අවසන් මහා මැතිවරනයේදී, විරුද්ධ පක්ෂ සියයට 40ක ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමත් සමග පීඒපීයට දැඩි පහරක් එල්ල වී තිබේ. ලී ක්වාන් යූගේ ප‍්‍රතිරූපය වටා ඇති අතිශෝක්තිය කම්කරු පන්තිය විසින් ප‍්‍රතික්ෂේප කල යුතුව ඇති අතර තමන්ගේ ම ඉතිහාසයෙන් පාඩම් උගත යුතුව ඇත.

Share this article: