ශ‍්‍රී ලංකාවේ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන ජාලයක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි

Sri Lankan SEP General Secretary Wije Dias interviewed on national election channel

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 ජූලි 30

මෑත රැස්වීමක දී විජේ ඩයස්

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ සතියේ දී සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් සමග පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනය ගැන සම්මුඛ සාකච්ඡාවක් පැවැත් විය.

පුලුල් කරුනු රාශියක් අලලා කෙරුනු මෙම සජීවී සාකච්ඡාව ජූලි 26 වැනිදා උදේ 7.00ට ආරම්භවී පැයක පමන කාලයක් පැවතුනි. සමාජවාදී සමානතා පක්ෂයකොලඹ ප‍්‍රධාන නාගරිකය, යුද්ධයෙන් ඉරිතැලී ගිය යාපනය සහ තේ වගා ප‍්‍රදේශයක් වන නුවරඑලිය යන මැතිවරන දිස්ති‍්‍රක්කවලට අපේක්ෂකයින් 43ක් ඉදිරිපත් කර සිටී.

v

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සසප, ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් කරන බව පවසමින් ඩයස් සම්මුඛ සාකච්ඡාව පටන් ගත්තේ ය. 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලු වෙමින් ලංකා සමසමාජ පක්ෂය කල පාවා දීමෙන් පසුව 1967 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ලෙස ආරම්භ කල පක්ෂය 1996 දී සසප බවට පරිවර්තනය කරන ලද බව ඩයස් ප‍්‍රකාශ කලේය.

ශ‍්‍රී ලංකාවේ නිල නාමය ශ‍්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩුව යයි පැවසූ ගුවන් විදුලි සංස්ථාවේ සම්මුඛ සාකච්ඡාකරු වූ ශාන්ත කුමාර ලියනගේ, ශී‍්‍ර ලංකාව දැනට මත් සමාජවාදී රාජ්‍යයක් නොවේදැයි ප‍්‍රශ්න කලේ ය.

ඩයස් එයට මෙසේ උත්තර දුන්නේ ය. ‘‘පාලක පන්තිය කිසි දවසක ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. මේක එවැනි එක අවස්ථාවක් පමනයි. අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්.ජයවර්ධන ඔහුගේ ඒකාධිපති විධායක ජනාධිපති ආන්ඩු ක‍්‍රමයට පදනම දමාගත් 1978 ව්‍යවස්ථාව තුල සමාජවාදී සමූහාන්ඩුව යයි ප‍්‍රකාශ කිරීම තුලින් කම්කරු පන්තිය ව්‍යාකූල කිරීමට උත්සාහ කලා. 1970-76 ධනේශ්වර සභාග ආන්ඩුවේ කැබිනට් තනතුරු ගැනීම මගින් ලංකා සමසමාජ පක්ෂය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඉටු කල ද්‍රෝහී කි‍්‍රයාව, සාමජවාදී යන වචනය අපයෝජනය කිරීම සඳහා ජේ. ආර්. ජයවර්ධනට උදව් වුනා. සමාජවාදී වෙස් ගත් මොවුන්ට ජනතාව අතර පැවති ද්වේශයේ තරම, 1977 මහ මැතිවරනයේ දී පෙන්නුම් කෙරුනා. පාර්ලිමේන්තු ආසන සියල්ලෙන්ම ඔවුන් පැරදුනා. එයින් සමහර ඒවා අවුරුදු 40 ක කාලයක් ඔවුන්ගේ මංත්‍රීවරු විසින් අඛන්ඩව නියෝජනය කල ආසනයි.’’

ස්වයං පෝෂිත ජාතික ආර්ථිකයක් ගොඩ නැගුවේ යැයි ප‍්‍රකාශ කල 1970 එක්සත් පෙරමුනු ආන්ඩුවේ සමාජවාදී ප‍්‍රතිපත්ති ජනතාව විසින් 1977 දී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ හා එක්සත් ජාතික පක්ෂය විශාල පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගත්තේ ඇයි ද යනුවෙන් ලියනගේ ප‍්‍රශ්න කලේ ය.

1970 ආන්ඩුව, සමාජවාදී ආන්ඩුවක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දෙනු ලැබූ ධනේශ්වර ආන්ඩුවක් බව ඩයස් පෙන්වා දුන්නේ ය. ඊට එකතු වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයෝ ධනපතියන්ගේ සේවකයෝ වූහ. 1960 ගනන්වල සිට මෙරට ධනේශ්වර පාලනය ගැඹුරු වන ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුන දී තිබුනු බව ව ඔහු තවදුරටත් පැහැදිලි කලේය. ‘‘1964 සිරිමාවෝ බන්ඩාරනයකගේ ධනේශ්වර ආන්ඩුවට ‘‘වමේ’’ නායකයින් එකතු වුනේ නැගී ආ කම්කරු පන්තියේ අරගල රැල්ල ඉවතට හැරවීම සඳහා ය. මෙයයි, 1965-70 වේ දක්ෂිනාංශික යූ.ඇන්.පී ආන්ඩුවකට මග පෑදුවේ.’’

‘‘1970 දෙවැනි සභාග ආන්ඩුව බලයට එන කාලය වන විට ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදය තව දුරටත් ගැඹුරු වී තිබුනා. මෙය පෙන්නුම් කලේ පශ්චාත් දෙවන යුද්ධ ලෝක ආර්ථික පර්යායේ පදනම වූ ඩොලර්-රත්තරන් සම්බන්ධතාවය කඩා දැමීම මගින් 1971 අගෝස්තුවේ දී ඩොලරයේ අගය පාවෙන්නට සැලැස්වීම ප‍්‍රධාන ලෝක මුල්‍ය ඒකකයන් ගනනාවක් ම අවප‍්‍රමානය වීමට තුඩු දුන් අතර භාන්ඩ මිල වැඩි වීමට එය හේතු වුනා: විශේෂයෙන් ම තෙල් මිල වැඩි වුනු අතර ශී‍්‍ර ලංකා ආර්ථිකයට විනාශකාරී බලපෑමක් ඇති කලා. මෙම වර්ධනය තියුනු ලෙස හෙලිදරව් කලේ ලෝක ආර්ථිකය සෑම රටක් තුල ම දරන්නා වූ ආධිපත්‍යය යි.

‘‘ඊනියා මහජන පෙරමුනේ ප‍්‍රතිපත්ති ධනේශ්වර ජතිකවාදී ප‍්‍රතිපත්ති යි . එමෙන් ම ඒවා ලෝක ධනේශ්වර අර්බුදයෙන් ගැලවීම සඳහා මෙරට දැරූ මංමුලා සහගත ප‍්‍රයත්නයනය. සහල් ආනයන අඩු කිරීම මගින් විදේශ විනිමය රැක ගැනීම සඳහා රටේ සෑම තැනකම අඟහරුවාදා සහ සිකුරාදා දිනවල, ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත් කෑම තහනම් කිරීම වැනි පියවර ජනතාව අතර පිලිකුලට ලක් වූනා. 1977 බලයට පැමිනිම සඳහාත් දිවයින ගෝලීය ධනේශ්වර ආර්ථිකයට තව තවත් ඒකාග‍්‍රහ කිරීම සඳහාත් යූ. ඇන්. පිය විසින් මෙම තත්ත්වය ගසා කනු ලැබුවා’’ යයි ඩයස් පැවසීය.

2008 ගෝලීය මුල්‍ය අර්බුදය පැන නැගීමට හේතු සහ ලෝක ධනේශ්වර පද්ධතිය වර්තමානයේ දී දිග්ගැස්සුනු කඩා වැටීමකට ලක් වීම සසප ප‍්‍රධාන ලේකම් ඉන් පසුව විස්තර කලේය. ‘‘අධිරාජ්‍යවාදී ප‍්‍රතිවිරුද්ධතා සහ අපාලිත අධිරාජ්‍යවාදී යුද්ධයක තර්ජනය වඩාත් තියුනු කරවන ආර්ථික කැලඹීමක් තුල සමස්ත ලෝක ධනේශ්වර ක‍්‍රමයම ගිලී ඇත. මෙම දියසුලියට ශී‍්‍ර ලංකාවත් හසුවෙලා. පසු ගිය ජනාධිපති මැතිවරනයේ දී එය පෙන්නුම් කලා. එහි දී මහින්ද රජපක්ෂ වෙනුවට මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති ලෙස පත් කරමින් රෙජිමය වෙනස් කිරීමේ කි‍්‍රයාන්විතයට වොෂිංටනය කි‍්‍රයාකාරී ලෙස මැදිහත් වූවා.

‘‘මෙය චීනය වැටලීම සඳහා වොෂිංටනය ගෙන යන ‘‘ආසියාවට හැරීමේ’’ පිලිවෙතේ සහ වර්ගවාදී යුද්ධයේ දී සහ ඉන් පසු ව රාජපක්ෂ ආන්ඩුව බීජිනය සමග ගොඩනගා ගත් සම්බන්ධකම් අවසන් කර දැමීමේ පිලිවෙතේ කොටසක්. ඇමරිකාවට අවශ්‍ය වන්නේ තමාගේ තරගකරුවෙක් ලෙස දැකගන්නා චීනයට එරෙහි මිලිටරි ආක‍්‍රමනයේ මූලෝපායික පිලිවෙත කොලඹ ආන්ඩුව විසින් ද අනුගමනය කිරීමයි.

කොලඹට කිට්ටු දළුගම ප‍්‍රදේශයේ අසන්නෙක් දුරකතනය මගින් ඩයස්ගෙන් මෙම ප‍්‍රශ්නය ඇසුවේය: ‘‘රාජපක්ෂ ආන්ඩුව චීනය වෙත හැරෙමින් සිටි නමුත් එම ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් අධිරාජ්‍යවාදයට පක්ෂපාතී පිලිවෙත් නොවීද? සමාජවාදී චීනය සංවර්ධනය පිලිබඳ බටහිර මොඩලය අනුගමනය නො කරන්නේ ද?’’

ඩයස් ඊට සවිස්තරාත්මක පිලිතුරක් දුන්නේ ය. ‘‘චීනය සමාජවාදී රාජ්‍යයක් නොවේ. එහි පාලකයන් පදනම් වූයේ ස්ටැලින්වාදයේ ප‍්‍රතිමාක්ස්වාදී ජාතිකවාදී පිලිවෙත මත යි . එනම් ‘තනි රටේ සමාජවාදය’ පිලිබඳ න්‍යාය මත යි. 1923 කාල පරිච්ඡේදය් දී සෝවියට් සංගමය තුල මෙම ජතිකවාදී න්‍යාය පලමු වරට ඉදිරිපත් කල අවස්ථාවේ දී ට්‍රොට්ස්කි සහ වාම විරුද්ධ පාර්ශවය සෝවියට් කම්කරු පන්තියේ බලවත් කොටස්වල සහාය ඇති ව ඊට එරෙහිව අධිශ්ඨානශීලී අරගලයක් දියත් කලා. ට්‍රොට්ස්කි 1938 දී හතරවැනි ජාත්‍යන්තරය පිහිට වූයේ මෙම ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී කි‍්‍රයාමාර්ගයට එරෙහිව ලෝක පරිමානව සටන් කිරීම සඳහා යි. සසපයේ උරුමය එය යි.

‘‘1949 චීන විප්ලවයෙන් පසුව බලයට පැමිනි ස්ටැලින්වාදී නිලධරය සමාජවාදී ජත්‍යන්තරවාදය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ව 1970 ගනන්වල දී අධිරාජ්‍යවාදයේ බලපෑම්වලට යට වුනා. එම දශකයේ අග වන විට ඔවුන් කුප‍්‍රකට ‘චීන ලක්ෂන සහිත සමාජවාදය’ පිලිවෙත හඳුන්වා දුන්නා. එයින් අදහස් කලේ ලෝක ධනපති ක‍්‍රමය තුලට ඒකාග‍්‍ර වීම මිස ඊට අඩු දෙයක් නොවෙයි. චීනය සමාජවාදී රාජ්‍යයක් නොවනවා මෙන් ම චීනය සමග රාජපක්ෂ පවත්වාගෙන ගිය සම්බන්ධතා නිසා ඔවුන් අධිරාජ්‍ය විරෝධි වෙන්නේත් නැහැ. මෙම සම්බන්ධතාවේ දෙපැත්තම තමන්ට සේවය සලසා ගැනීමක් වන අතර අවස්ථාවාදී ද වෙනවා. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී එක්සත් ජනපදය ලෝකය මත ආධිපත්‍යය පිහිටුවීමේ සිය මංමුලා සහගත ව්‍යායාමය තුල චීනය යටත් විජිතයක් බවට පත් කර ගැනීමේ එල්ලය ඇතිව කි‍්‍රයාත්මක වන අතර එරට සමග රාජපක්ෂ සම්බන්ධතා ගොඩනගා ගැනීම ඉවසා සිටීමට සූදානම් නැහැ. මේ හේතුව නිසයි රාජපක්ෂ බලයෙන් පහ කිරීමට ඇමරිකාව කටයුතු කලේ ’’

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාන්ත කුමාර ලියනගේ ඊ ලඟට යොමු කල ප‍්‍රශ්නය, පාර්ලිමේන්තුව තුල තමන්ට හිමිවන යම් බලයක් සසප විසින් ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක ආන්ඩුවක් පිහිටුවීමට උදව් කිරීම පිනිස පාවිච්චි කරන්නේ ද යන්නයි.

‘‘අපි පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ සමාජවාදී විප්ලවය තුලින් ධනේශ්වර පාලනය පෙරලා දැමීමේ අපේ කි‍්‍රයාමාර්ගය ගැන කම්කරු පන්තියට සහ පීඩිතයන්ට උගන්වා ගැනීමේ තවත් වේදිකාවක් ලෙස පමනයි. සමාජවාදය සඳහා පාර්ලිමේන්තුවාදී මාවතක් තිබිය නො හැකියි’’ යනුවෙන් ඩයස් පැවසී ය.

‘‘එවැනි පාර්ලිමේන්තු මාවතක් පිලිබඳ පිලිවෙතක් ඉදිරිපත් කරන අය කරන්නේ 1973 චිලිය තුල අටවනු ලැබූ වර්ගයේ ධනේශ්වර ඒකාධිපතිත්වයක් සඳහා පාර කැපීමයි. මේ බව ශ‍්‍රී ලංකාව තුල දැනටමත් පෙනෙන්නට තිබෙනවා. දක්ෂිනාංශික යූඇන්පිය බලයට ගෙන ඒම සඳහා දොර විවෘත කල සමසමාජ කොමියුනිස්ට් පක්ෂ කල පාවා දීමෙන් පසුව නව සමසමාජ පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් මෙම මුලා සහගත මිථ්‍යාව ම දැන් ඉදිරිපත් කරමින් සිටිති.

‘‘වර්ගවාදය ඇවිස්සීමට නොනවත්වා කටයුතු කරන රාජපක්ෂ සමග සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ එකතු වී සිටින අතර සිරිසේනට බලයට පැමිනීමට උදව් කල ව්‍යාජ වම්මු මහ මැතිවරනය තුලදී දැන් යූඇන්පියට සහයෝගය දෙනවා.

‘‘ධනේශ්වර කඳවුරු දෙකටම සහ ඔවුන්ට එල්ලී සිටින කන්ඩායම්වලට එරෙහිව සසප සියලුම ජන කන්ඩායම්වලට අයිති කම්කරුවන්ගෙන් සහ පීඩිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ධනපති ක‍්‍රමය අහෝසිකරන ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයක කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවින්ගේ ආන්ඩුවක් සඳහා අප ගෙන යන සටනට සහාය දක්වන ලෙසයි. අධිරාජ්‍යවාදී යුද්ධය නතර කිරීම සඳහාත් මහජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජනතාව අවශ්‍යයෙන් ම ගත යුතු පලමු වැනි පියවර මෙය යි’’

Share this article: