ගෝලීය ආර්ථික අර්බුදය නව පිපිරුම් ලක්ෂයක් කරා

A new tipping point in the global economic crisis

නික් බීම්ස් විසිනි, 2015 දෙසැම්බර් 10

ඇන්ග්ලෝ ඇමරිකානු යෝධ ගෝලීය පතල් සමාගම, ලොව පුරා කම්කරුවන් 85000ක් නෙරපා හරින බවත්, තම වත්කම් වලින් සියයට 60ක් අලෙවි කරන බව හා පතල් මධ්‍යස්ථාන 55, 20 දක්වා අඩුකරන බව නිවේදනය කිරීම සලකුනු කරන්නේ, ලෝක ධනපති ආර්ථික අර්බුදය නව පිපිරුම් ලක්ෂ්‍යයක් කරා ඇදෙමින් ඇති බවය. ලෝක ආර්ථිකය ගැඹුරු අවපාතයකට ඇද වැටීමේ තර්ජනය, 2007-08 මූල්‍ය අර්බුදය පරයා යන ව්‍යසනකාරී අර්බුදයක් සමඟ අත්වැල් බැඳගෙන ඇත.

ඇන්ග්ලෝ ඇමරිකානු සමාගමේ තීන්දුවට ක්ෂනික හේතුව, යපස්, ගල් අඟුරු, තඹ, නිකල් හා මැන්ගනීස් යන ප්‍රධාන කාර්මික භාන්ඩයන්හි මිල ගනන් කඩා වැටීමය. සඳහන් කලේ කිහිපයක් පමනි. 2009න් පසු ඒවායේ පහතම අගයන් කරා ලඟාවීම හා පහත වැටීම එක දිගට සිදුවීම සලකුනු කරන්නේ, පසුගිය 7 වසර තුල මූල්‍ය වෙලඳපොල වලට මහ බැංකු විසින් ට්‍රිලියන ගනන් මුදල් පොම්ප කරනු ලැබුව ද ලෝක ආර්ථිකය වසාගෙන ඇති ප්‍රවනතාවය යොමුවී ඇත්තේ අවපාතය දෙසට බවය.

ලෝක කාර්මික නිෂ්පාදනයේ මධ්‍යස්ථානය වන චීනයේ තරම් එය අන් කොතැනවත් තියුනු ලෙස ප්‍රකාශ නොවේ. මේ සතිය මුල පලවූ නිල සංඛ්‍යාවලට අනුව, පහත වැටෙන ලෝක ඉල්ලුම හේතුකොටගෙන නොවැම්බර් මාසය තුල චීනයේ අපනයන, කැපී පෙනෙන පරිදි මන්දගාමී වූ අතර රෙන්මින්බි මුදල, වසර 4ක් තුල පහලම මට්ටමට ඇද වැටුනි. බලාපොරොත්තු වන්නේ, චීන මූල්‍ය බලධාරීන් මුදලට දෙන මුක්කුව ඉවත් කල හොත්, ගෝලීය ආර්ථිකය සිසාරා තවත් අවධමනාත්මක රැල්ලක් මුදාහරිමින් රෙන්මින්බි මුදල තවත් වේගයෙන් පහතට කඩා වැටෙනු ඇති බවටය.

මූල්‍ය හා ආර්ථික බලධාරීන්ගේ උඩ ස්ථරය අතර රටේ වර්ධනය පිලිබඳ බලාපොරොත්තු හීන වීම, නොවැම්බර් මාසය තුල විදේශ විනිමය සංචිත තුන්වන විශාලතම මාසික වැටීමත් සමඟ ප්‍රාග්ධනය පලා යාම මඟින් පෙන්නුම් කරයි.

2008 අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි පැවති විශ්වාසය, ඊනියා බ්‍රික්ස් රටවල් සමඟ එක්ව නැඟී එන ආර්ථිකයන්, ලෝක ධනවාදයට නව ස්ථාවරත්වයේ පදනමක් සම්පාදනය කරනු ඇතැයි යන්නය. එම රෝස පැහැ ගැන්වූ චිත්‍රය කුඩුපට්ටම් වී ඇත.

චීනය තුල ආර්ථිකයේ පහතට නැඹුරුව දැන් ලෝක වෙලඳපොලවල් ඉරා දමමින් ඇත. බ්‍රෙසීලියානු ආර්ථිකය1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට දක්නට නොලැබුන පරිමානයේ හැකිලීමක් අත් විඳින අතර රුසියාව අවපාතයකට මුහුනපා සිටී. ඉන්දියාව නැඟෙන ව්‍යාපාර නය ගැටලුවලට ද දකුනු අප්‍රිකාව ඇතුලු මහාද්වීපයේ සෑම ආර්ථිකයක්ම පහත වැටෙන පාරිභෝගික මිල ගනන් හමුවේ අර්බුදයකට ද මුහුනපා සිටියි. නැඟී එන ආර්ථිකයන්හි අනාගතය වෙනිසියුලාව තුලින් ප්‍රකාශයට පත්වේ. ලෝකයේ සමහර විශාලතම තෙල් නිධි සහිත රටේ ආර්ථිකය මේ වසර තුල සියයට 10න් හැකිලෙනු ඇත.

මේ සතියේ නිකුත් කල ලෝක ආර්ථිකය පිලිබඳ සිය කාර්තුගත විමසුම තුල ජාත්‍යන්තර සමත බැංකුව, ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් සංලක්ෂිතව ඇති “නොසංසුන් නිහැඬියාව”, සැබෑ සාධකය වන “ගැඹුරු ආර්ථික බලවේග” චලනය වීම මඟින් ඉක්මනින්ම කඩාකප්පල් විය හැකි බවට අනතුරු ඇඟවීය.

පසුගිය අවධිය පුරා මූල්‍ය වෙලඳපොලවල් තිරසාර කරන ලද, මධ්‍යම බැංකු විසින් මුදාහල ලාභ මුදල් ප්‍රවාහයෙන්, ගැඹුරු ගෝලීය අවධමනාත්මක ප්‍රවනතා නොතකා වෙලඳපොල, එක දිගට ඉහල නැංවිය හැකි බවක් පෙනී ගියේය. කෙසේ වෙතත් “ගැඹුරු බලවේග” වැඩට බැසගත් විට මෙම කඩදාසි නිවස, කඩා වැටීමේ කොන්දේසි එමඟින් නිර්මානය කර තිබේ.

මෙම ලාභ මුදල් ගලා ගිය ඉතා වැදගත් එක් ක්ෂේත්‍රයක් නම්, බොහෝ විට බලශක්ති සමාගම් විසින් නිකුත් කරන ලද ඉහල ප්‍රතිලාභ සහිත “කසල” බැඳුම්කර වෙලඳපොලයි. 2014 මුල් මාසය තරම් මෑතක් වන තෙක් තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවූ මිලකට අලෙවි කෙරෙද්දී, එය වැදගත් මූලෝපායක් ලෙස පෙනී ගියේය. එහෙත් දැන් ඩොලර් 40කටත් අඩු මිලකට හා අලෙවි මිල තවත් පහතට, සමහර විට ඩොලර් 30 දක්වා, කඩා වැටීමේ අවදානම මතුව තිබියදී එය වේගයෙන් දරන හරිමින් ඇත.

බලශක්තියට සම්බන්ධ නය පැහැර හැරීම් ඉහල යාම, වඩාත් සාමාන්‍ය ක්‍රියාවලියක් පිලිබඳ සලකුනක් පමනි.

පසුගිය 04දා ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ, නය පැහැර හැරීම් 2008 මූල්‍ය අර්බුදයෙන් මෙපිට ඉහලම මට්ටමට නැඟිද්දී වසර තුල මේ දක්වා ඇමරිකාවේ ව්‍යපාරික නය ඩොලර් ට්‍රිලියනයකට වැඩි ප්‍රමානයක අගය පහත හෙලා ඇති බවයි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්, මූඩීස් හා ෆිච් යන ප්‍රධාන වර්ගීකරන ආයතන තුනේම විශ්ලේෂකයින් පෙන්වා ඇත්තේ, එලඹෙන මාස 12ක කාලය තුල පැහැර හැරීම් අනුපාත ඉහල යනු ඇති බවත්, ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව ලබන සතිය තුල සිය පාදක පොලී අනුපාතිකය වැඩි කිරීමට තීරනය කල හොත් එම ක්‍රියාවලිය වේගවත් වන බවත්ය.

කොටසක් මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි වෙබ් අඩවියේ ද උපුටා දක්වන ලද, ඩොයිෂ බැංකුවේ විශ්ලේෂනයක, මූල්‍ය වෙලඳපොලවල වේගවත් විභව මාරුවක් ගැන සඳහන් වේ.

“සෑම නය චක්‍රයකම අවසන් අදියරයන් ගොඩනැංවුනේ නිශ්චිත න්‍යායකට අනුව නම්, මෙවර එය වෙනස් වන්නේ කුමක් නිසා ද? තෙල් වෙලඳපොලේ අමාරුකම් හුදෙකලා සිදුවීමක් බවත් එය දිගටම එසේ පවතිනු ඇති බවත් විශ්වාස කරමින් නය වෙලඳපොලවල් බොහෝ විට එම ප්‍රශ්නය ඉවත දමන වර්ගයේ ආකල්පයක් 2015 වසර පුරා පැවතීගෙන යයි.”

එහෙත් තක්සේරුව තවත් එහාට විස්තාරනය වෙද්දී ප්‍රශ්නය එය නොවන බව හෙලිවේ. “කරදරයට පත්” බවට නම්කරන ව්‍යාපාරික බැඳුම්කර ප්‍රතිශතය එක දිගට ඉහල නැඟේ.

“වසරකට පෙර බල ශක්තියේ ආරම්භක ලක්ෂයේ සිට දැන් එය ගමනාගමනය, අමුද්‍රව්‍ය, ප්‍රාග්ධන භාන්ඬ හා වානිජ්‍ය සේවාවන් වැනි පාරිභෝජනයට සංවේදී ක්ෂේත්‍රයන්ට ද පැතිර තිබේ. එය එතැනින් ද නතර නොවේ. සිල්ලර වෙලඳාම, සූදු, මාධ්‍ය, පාරිභෝගික උපාංඟ හා තාක්ෂනය වැනි ක්ෂේත්‍රයන්හි ද එය ප්‍රාදූර්භූත වේ. පහත් තෙල් මිල ගනන් වලින් ලාභ ලබන්නේ නැතිනම්, ඒවායින් ආවරනය වන්නේ යයි සලකන සියලු ක්ෂේත්‍ර ද ඊට ඇතුලත්ය.”

මූල්‍ය අර්බුදයක් අලුතින් පැන නැඟීමේ විභවය ගැන පසුගිය මාසයේ ඇමරිකානු ගෝල්ඩ්මන් සැක්ස් ආයෝජන බැංකුව විසින් නිකුත් කල වාර්තාවකින් ද පෙන්වා දී ඇත. ඇමරිකාව තුල දශකයක ව්‍යාපාරික උත්තෝලන වාසි, එහි ඉහලම මට්ටමට පැමින තිබෙන බව එය සඳහන් කරයි.

පහත් පොලී අනුපාතික හා ලාභය සඳහා වන සමපේක්ෂකයින්ගේ නිමක් නැති ඉල්ලීම්, ව්‍යාපාරික ඇමරිකාව වියදම් කිරීමේ උන්මාදයකට ඇද දමා තිබේ. කොටස් යලි මිලට ගැනීම, ප්‍රතිලාභ වැඩි කිරීම හා ඒකාබද්ධයන් ද අත්පත්කර ගැනීම් ද පිලිබඳ ගනුදෙනු සඳහා වියදම් කරන්නේ බැඳුම්කර නිකුතුවෙන් උපයන මුදලිනි. එහෙත් මුදල් ප්‍රවාහය, බැංකු ශේෂ පත්‍රවල පෙන්වන නය ප්‍රමානයේ එකතුව “අර්බුද පූර්ව මට්ටම් මෙන් දෙගුනයකටත් වඩා” වැඩිවී ඇති තතු හමුවේ, ඊට ගැලපෙන පරිදි විශාල නොවේ.

බලශක්ති ක්ෂේත්‍රයේ හුලං බැසීමෙන් පසුව පවා ආදායම් අනුපාතයට ශුද්ධ නය, අර්බුදයෙන් පසුව එහි ඉහලම තැනට පැමින තිබෙන බව ගෝල්ඩ්මන් වාර්තාව පෙන්වා දෙයි. “නඟින අනුපාතවල අවතාරය , විභව ගෝලීය ප්‍රති උද්ධමනය, (‘අවධමනය' යනුවෙන් හැඳින්විය නොයුතු ද?) මෙහෙයුම් ලාභ පහත වැටීම, නය පුලුල් වීම දිගට පැවතීමට තුඩු දෙමින්, දුබල ශේෂ පත්‍ර අගය පුම්බනු ලබයි.”

යුරෝපීය මහ බැංකුව හා එංඟලන්ත මහ බැංකුව ලිහිල් මූල්‍ය පිලිවෙතක් පවත්වාගෙන යන අතර ඇමරිකාවේ ෆෙඩරල් මහ බැංකුව පාලනය දැඩි කරද්දී, මධ්‍යම බැංකුවල පිලිවෙත් අතර වෙනසේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවමින් එංඟලන්ත මහ බැංකුව, මූල්‍ය වෙලඳපොලවල ස්ථාවරත්වය ගැන කනස්සල්ල පල කරන අයගේ හඬට තමන්ගේ හඬ ද එක් කර ඇත.

බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව පැවසුවේ, ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත වැඩිකිරීමකට වෙලඳපොලවල් කෙසේ ප්‍රතික්‍රියා කරනු ඇද්ද යන්න කල් තියා කිවනොහැකි බවය. පසුගිය මාසයේ පැවති එහි රැස්වීමේ වාර්තාව “ලොව වටා පවතින මූල්‍ය පිලිවෙත්වල වෙනස්වූ බලාපොරොත්තු කෙරෙහි ප්‍රාග්ධන ප්‍රවාහය සංවේදීය. එම වෙනස්කම් තවත් පුලුල් වන විට කැලඹීම් පිලිබඳ අවදානම තවත් වැඩි වනු ඇත.” යනුවෙන් සඳහන් කරයි.

ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම පසුගිය මාසයේ මිලිටරිවාදය ඉහල නැඟීමේ ගාමක බලවේගය විය. ඒ අතර පැතිර යන යුදවාදී තල්ලුව, ආර්ථික හා මූල්‍ය තත්වය තවත් උග්‍ර අතට හැරීමට පමනක් හේතු වෙයි. එය සලකුනු කරන්නේ, නැගෙන ලෝක ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය, යම් වර්ගයක තාවකාලික හෝ ඉවත්ව යනු ඇති අසමතුලිතතාවක ප්‍රතිපලය නොව, ගෝලීය ධනපති ක්‍රමයේ ඟැඹුරු වෙමින් ඇති කඩාවැටීමේ ප්‍රකාශනය බවයි.

Share this article: