අඩමාන බැඳුම්කර සංත්‍රාසය ඇඟවුම් කරන්නේ, ලෝක ධනවාදී අර්බුදයේ නව අදියරකි

Junk bond panic signals new stage in crisis of world capitalism

2015 දෙසැම්බර් 14

පසුගිය සතියේ කොටස් හා බැඳුම්කර වෙලඳපොලවල් තුල හටගත් විකුනා දැමීමේ තදියම, ලෝක ධනේශ්වර අර්බුදයේ නව හා පුපුරන සුලු අවධියක් සලකුනු කරන බවට බොහෝ ඇඟවුම් පවතී.

ඇමරිකානු ඛනිජ තෙල් බැරලයක් සඳහා වන පාදක සලකුනු මිල ඩොලර් 36න් ද පහතට ඇද වැටීම සමඟ, හැකිලෙන තෙල් හා අනෙකුත් මූලික භාන්ඬ මිල ගනන් ද චීනයේ වෙලඳාම තවදුරටත් හැකිලී යාම හා “නැඟී එන වෙලඳපොලවල” නරක අතට හැරෙමින් ඇති ආර්ථික තත්වය හමුවේ ඇමරිකානු, යුරෝපීය හා ආසියානු කොටස් මිල ගනන්, තියුනු ලෙස කඩා වැටුනි. ඩව් හා එස්ඇන්ඩ්පී 500 දර්ශක වසරේ රිනාත්මක පැත්තට යාමත් සමඟ ඇමරිකාවේ ප්‍රධාන කොටස් දර්ශක සියයට 3ට වැඩි අගයකින් පහත වැටුනි.

ඊටත් වඩා පැහැදිලි කාරනය නම්, ඇමරිකාවේ වැඩි අවදානම් හා ඉහල ප්‍රතිලාභ සහිත ව්‍යාපාරික බැඳුම්කර නැතිනම් “අඩමාන බැඳුම්කර” වෙලඳපොලේ දියවී යාමය. සතිය තුල ආයෝජකයෝ ඩොලර් බිලියන 3.8ක්, එම බැඳුම්කර වෙලඳපොලෙන් ඉවත් කර ගත්හ.

වැඩි අවදානම් සුරැකුම් මිල, 2008 වෝල් වීදියේ කඩා වැටීමෙන් ඉක්බිති සත් වසර තුල පහතම මට්ටමට ඇද වැටුනි. බැඳුම්කර පැහැර හැරීමට වැට බැඳීම පිනිස දරනු ලබන නය පැහැර හැරීමේ ඇපකර මිලට ගැනීමේ පිරිවැය පරිදි, මිලෙහි ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරන, මෙම පහත් වර්ගයේ බැඳුම්කර ප්‍රතිලාභ, පිම්මේ ඉහල යමින් තිබුනි.

වෙලඳපොලවල් තවත් සොලවාලූයේ, ෆෙඩරල් මහ බැංකුව ලබන සතිය තුල රැස්වන විට දශකයක පමන කාලයකට පසුව පලමු වතාවට පොලී අනුපාත වැඩිකරනු ඇති බවට පල වන විශ්වාසයයි. බැංකු අධිපති ජෙනට් යෙලන්, අනියමිත කාලයකට අනුපාත සාමාන්‍යයට වඩා පහතින් පවතිනු ඇති බවත්, වැඩි කරනුයේ ඉතා සුලුවෙන් බවත් වෙලඳපොලවල් වලට යලි යලිත් සහතික වී ඇති නමුත් කුමන හෝ ඉහල නැංවීමක්, අවදානම් බැඳුම්කර මිල පීඩාවට පත් කරනු ඇත.

වෝල් වීදියේ බිය පල කරමින් ඩබල්ලයින් බැඳුම්කර අරමුදලේ ප්‍රධානී ජෙෆ්රි ගුන්ඩ්ලක් පැවසුවේ, “ව්‍යාපාරික නය මුලුමනින්ම ගොනුවී ඇති නය වෙලඳපොලවල් මත පොලී අනුපාත වැඩිකිරීමේ ආනිසංස ගැනයි අප කථා කලේ, ඒවා කඩා වැටෙනු ඇත.” යනුවෙනි.

වඩාත්ම තර්ජනාත්මක සිදුවීම, බලශක්තියට සම්බන්ධ අඩමාන බැඳුම්කරයන්හි ආයෝජනය කර ඇති, අන්‍යොන්‍ය නය කලමනාකරන අරමුදල, 10දා කඩා වැටීමයි. නැඟෙන නය, පහත වැටෙන ආදායම්, ඉහල යන නය පිරිවැය හා මුදල් ආපසු ගැනීමට ගනුදෙනුකරුවන් දරන උත්සාහයට මුහුනපා සිටින එය හදිසියේම නිවේදනය කලේ, ගනුදෙනුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම අත්හිටුවන බවයි.

මේ පිටුපසින් ස්ටෝන් ලයන් කැපිටල් හි නය ආරක්ෂනයේ මුදල් ආපසු ගැනීම් අත්හිටුවීමත්, කාලයිල් සමූහයේ වත්කම් කලමනාකරන අරමුදලෙන් ආපසු ගැනීම පාර්ශවික ලෙස අත්හිටුවීමත් සිදු විය. බ්ලැක් රොක්හි අඩමාන බැඳුම්කර හුවමාරු වෙලඳ අරමුදල, ඒ වර්ගයේ විශාලතම එක, 11දා, 2009න් පසුව එහි පහතම අඩියට වැටුනි.

මෙය හුදෙක් අයිස් කුට්ටියේ මුදුන පමනි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වර්ගීකරන ආයතනය මෑතකදී අනතුරු ඇඟ වූයේ, බලශක්ති අඩමාන බැඳුම්කර සියයට 50ක් පැහැර හැරෙනු ඇති බවටත්, ලෝහ, පතල් හා වානේ කර්මාන්තයන්හි බැඳුම්කර සියයට 72 න් පැහැර හැරෙනු ඇති බවටත්ය. ඇමරිකාවේ පීඩාවට පත් නය, 2009 ජූනියේ නිල වශයෙන් පසුබෑම අවසන් බව නිවේදනය කිරීමෙන් පසුව එහි උච්ඡස්ථානයට ලඟාවී තිබේ. තෙල්, ගෑස් හෝ බලශක්ති සමාගම් ක්ෂේත්‍ර තුන එක්ව ගත් කල ව්‍යාපාරික පැහැර හැරීම්, මේ වසර තුල 100 ඉක්මවා තිබේ. වසර තුල උතුරු ඇමරිකානු තෙල් හා ගෑස් නිෂ්පාදකයින් 40ක් බංකොලොත් බව ප්‍රකාශ කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්කොට තිබේ. එසේම ඩොලර් ට්‍රිලියනයකට වැඩි ප්‍රමානයක ඇමරිකානු ව්‍යාපාරික නය වර්ගීකරන පහත හෙලා තිබේ.

අඩමාන බැඳුම්කර වෙලඳපොලේ නැඟී එන අර්බුදය, ඇමරිකානු හා ජාත්‍යන්තර සමස්ත නය පද්ධතියම පිලිබඳ ප්‍රගාඪ හා කැලඹිලිකාරී ඇඟවුම් ගැබ්කර ගනියි. මක්නිසා ද යත්, විශේෂයෙන්ම තෙල් හා බලශක්තියට සම්බන්ධ මෙම බැඳුම්කරවල පරිමාව, 2007-08 අවමුඛ උකස්කර බුබුල බිඳ වැටීමේ තැන් පටන් හතු පිපෙන්නාක් මෙන් නැඟීවිත් තිබීමය.

ඇමරිකාවේ අන්‍යොන්‍ය අරමුදල් ක්ෂේත්‍රයේ ඉහල ප්‍රතිලාභ බැඳුම්කර වත්කම් 2014 ජූනියේදී ඩොලර් බිලියන 305 ඉක්මවූයේ, එහි පරිමාව 2009 පසුව තෙගුනයකට ගෙන එමිනි. 2007දී බිලියන 700ට අඩුවෙන් පැවති, ඇමරිකානු අඩමාන බැඳුම්කර වෙලඳපොලේ ආපසු ගෙවිය යුතු නය, සියයට 70න් ඉහල නංවමින්, ට්‍රිලියන 1.2ටත් වඩා ඉහල ගොස් තිබේ. ඇමරිකානු අඩමාන බැඳුම්කර වෙලඳපොලේ දැවැන්ත වර්ධනය එරට හා ලෝක ධනපති ආර්ථිකයේ පුලුල්ව පැතිර පවතින සමපේක්ෂනය හා පරපුටු කම පිලිබඳ ක්‍රියාකලාපයේ ප්‍රකාශනයකි. මූල්‍ය අර්බුදය හා එහි ප්‍රතිපල වශයෙන් ඇතිව තිබෙන අවපාතය අවුලුවන ලද බැංකු හා ආරක්ෂන අරමුදල්වල, සමාජීය වශයෙන් ව්‍යසනකාරී හා අර්ධ සාපරාධී කටයුතු පාලනය කරනවා වෙනුවට ඇමරිකාවේ මහ බැංකුව හා ආන්ඩුව, පලමුව බුෂ් යටතේ ද පසුව ඔබාමා යටතේ ද සිදුකරනු ලැබුවේ, බදු ගෙවන්නන්ගේ ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් ඇප දීම් හා ශුන්‍ය පොලී අනුපාත යටතේ නිදහසේ ලබා දෙමින් ද “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” යන බැඳුම්කර මිලට ගැනීමේ පිලිවෙත මඟින් වෙලඳපොලට නිකුත් කරමින් ද මූල්‍ය අධිකාරීන්ට තෑගි දීමයි. යුරෝපීය හා ආසියානු මහ බැංකු හා ආන්ඩු විසින් ද අනුගමනය කලේ එම පිලිවෙතමයි.

කොටස් වෙලඳපොලට මුදල් පොම්ප කිරීමේ හා මූල්‍ය අධිකාරීන්ගේ ධනය තර කිරීමේ අටියෙන්, මහ බැංකුව දිගු කාලීන පහත් පොලී අනුපාත වාතාවරනය මැඬ පැවැත්වීමේ වාතාවරනය තුල මූල්‍ය ප්‍රාග්ධනය, සිය සමපේක්ෂන ඔට්ටු සඳහා ඉහල ප්‍රතිලාභ ගෙන දෙන නව ක්ෂේත්‍ර, කඩා වැටුනු නිවාස වෙලඳපොලෙන් පිටස්තරව සොයා යා යුතු විය.

බැංකු හා ව්‍යාපාරික සංගත, නිෂ්පාදන බලවේග තුල ආයෝජන හා යහපත් ගෙවීම් සහිත රැකියා මිරිකා දැමූහ. මක්නිසා ද යත්, ඒවායේ ප්‍රතිලාභ පහත මට්ටමක පැවතීම නිසාය. ඒ වෙනුවට, සමාගම් නිකුත් කල බැඳුම්කර අවිශ්වාස හෝ බල ශක්තිය වැනි බෙහෙවින් අස්ථාවර ආර්ථික ක්ෂේත්‍රයන්ට සම්බන්ධ අඩමාන නය නිසාම ඉහල ප්‍රතිලාභ අත්කර දුන්, අඩමාන බැඳුම්කර වෙලඳපොල තුලට මුදල් දෝරේ ගලා ගියේය.

මෙම පරපුටු කමේ නව රැල්ල සමඟ අත්වැල් බැඳගෙන, කම්කරු පන්තියට රුදුරු ප්‍රහාර එල්ල විය. වැටුප් කැපීම හා කප්පාදුව සර්වව්‍යාපී දෙයක් බවට පත්වෙමින්, ලෝකය සිසාරා බාධාවකින් තොරව කෙරීගෙන ගියේය.

කෙසේ වෙතත් අඩමාන නය සහිත සමාගම්, සිය බැඳුම්කර සඳහා පැවති බඩජාරී ඉල්ලුමෙන් වාසි සලසා ගත්හ. විශේෂයෙන්ම බලශක්ති හා අනෙකුත් කාර්මික අමුද්‍රව්‍ය (යපස් හා තඹ වැනි) සාරාගන්නා සමාගම්, තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවීම හා චීනය ද නැඟී එන ආර්ථිකයන් ද ඇති කල ඉහල යන ඉල්ලුමෙන් වාසි ඩැහැ ගැනීම පිනිස, ලාභ නය සපයා ගත්හ. ඔවුන් සහ අවශේෂ ව්‍යාපාරික ලෝකය, තමන්ගේ දැවැන්ත මුදල් තොග, නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආයෝජනය නොකල අතර, ප්‍රතිලාභ වැඩි කරමින් ද කොටස් යලි මිලට ගැනීම් ද ඒකාබද්ධයන්ගේ හා අත්පත්කර ගැනීම්වල උන්මාදය තුලින් ද විධායකයින් හා ප්‍රකෝටිපති ආයෝජකයින්ගේ මඩි තර කලේය.

මේ වසර තුල ඩොලර් ට්‍රිලියන 4.38 ඉක්මවා යාමට නියමිත ඒකාබද්ධයන්ගේ හා අත්පත්කර ගැනීම්වල වාර්තාගත මට්ටම සමඟ පිම්බුනු අඩමාන බැඳුම්කර බුබුල, එකට සම්පාත වීම අහම්බයක් නොවේ. කොටස් හා බැඳුම්කර හැකිලී ගිය පසුගිය සතියේ පවා, රසායනික ක්ෂේත්‍රයේ යෝධ සමාගම් වන ඩයු පොන්ට් හා ඩොව් නිවේදනය කලේ, රැකියා හා වියදම් කැපීමේ පරපුටු ව්‍යායාමයකි. ඒ ඩොලර් බිලියන 120ක ඒකාබද්ධයකි.

එහෙත් චීනය මන්දගාමී වීම හා වරෙක නැඟී එන ආර්ථිකයන් ලෙස පිම්බුනු බ්‍රෙසීලය, ආර්ජන්ටිනාව, තුර්කිය, රුසියාව, දකුනු අප්‍රිකාව, ඉන්දුනීසියාව වැනි රටවල වැඩෙන අර්බුදය, අඩමාන බැඳුම්කර කඩදාසි නිවසේ දෙපා යටින් පාපිස්ස ඉවතට ඇද දමා තිබේ.

තුන්වන මාවතේ අඩමාන බැඳුම්කර අරමුදලේ කඩා වැටීම, එවක පැවති ආයෝජන බැංකුවක් වූ බෙයා ස්ටියන්ස් විසින් හිමිකරගෙන සිටි අවමුඛ උකස් ආරක්ෂන අරමුදල් දෙකක් 2007 ජූලි මාසයේදී කඩා වැටීම නපුරු ලෙස සිහිගන්වයි. මාස අටකට පසුව බෙයා ස්ටියන්ස් බැංකුවම බිඳ වැටුනු අතර ඉනුත් මාස හයකට පසුව ලේමන් බ්‍රදර්ස් බංකොලොත් විය. රක්ෂන යෝධයෙකු වූ ඒඅයිජී, ඇමරිකානු මහ බැංකුව විසින් ඇප දෙනු ලැබ බේරා ගැනුනි.

නැඟී එන අර්බුදය යටින් පවතින ඇමරිකානු හා ලෝක ධනවාදයේ ජරපත් වීම, මූල්‍ය පරපුට්ටන්ගේ පැලැන්තියක් මුදුනට පැන ගැනීම තුලින් සලකුනු කෙරේ. එක් නියෝජිතයෙකු වන්නේ, වෝල් වීදිය විසින් “අයොජක උකුස්සන්ගේ” නියමුවා ලෙස හඳුන්වන තුන්වන මාවතේ කලමනාකරනය නිර්මානය කල මාටින් විට්මන්ය. ඔහු පීඩාවට පත් වත්කම් මත ඔට්ටු ඇල්ලීමෙන් ඩොලර් බිලියන ගනනාවක් උපයා ගත්තේය.

අඩමාන බැඳුම්කර අර්බුදය අංඟ ලක්ෂනය කරන්නේ, වඩ වඩාත් ඉහල නැඟෙන මිලිටරිවාදයේ හා යුද්ධයේ රැල්ල, ආඥාදායකත්වය දෙසට වන තල්ලුව හා පුලුල් වැඩකරන ජනතාවන්ගේ ජීවන තත්වයන්ට එරෙහි නිර්දය ප්‍රහාරයේ දේශපාලන උපරි ව්‍යුහය තුල ප්‍රකාශනය අත්කර ගන්නා, ධනවාදයේ මියෑදෙන ස්වභාවයයි. සමාජයේ ආර්ථික පදනමෙහි පද්ධතිමය මාරුවීම්, දේශපාලන සංස්ථාපිතය පුරා කම්පන තරංඟ නිකුත් කරන අතර පන්ති ආතතීන් හා ප්‍රධාන බලවතුන් අතර ගැටුම් උත්සන්න කරයි.

අනෙක් අතට මෙම කම්පන තරංඟ, ධනපති ක්‍රමයට එරෙහි අරගලය තුලට කම්කරුවන්ගේ පුලුල් කොටස් ඇද ගනියි. ආර්ථික “ප්‍රකෘතිය” පිලිබඳ කථා, අර්බුදයේ ද බිඳ වැටීමේ ද ගැඹුරු හා ස්ථාවර අර්බුදය පිලිබඳ යථාර්තය මඟින් කුඩුපට්ටම් කෙරෙමින් තිබේ. හැරීම කම්කරු පන්තිය වෙතටයි. අරගලය ධනේශ්වර ක්‍රමය අවසන් කර එය සමාජවාදය මඟින් විස්ථාපනය කිරීම දෙසටයි.

බැරී ග්‍රේ

Share this article: