වසර සියයකට පෙර: ජර්මානු බලධාරීහු රෝසා ලක්සම්බර්ග් සිරගත කරති

100 years ago: Rosa Luxemburg imprisoned by German authorities

2015 පෙබරවාරි 18

රෝසා ලක්සම්බර්ග්

1915 පෙබරවාරි 18දා විප්ලවවාදී මාක්ස්වාදී නායිකාවක් වූ රෝසා ලක්සම්බර්ග්, 1914 අගෝස්තුවේ පුපුරා ගිය අධිරාජ්‍යවාදී පලමු ලෝක යුද්ධයට දැක්වූ විරුද්ධත්වය නිසා ජර්මානු බලධාරීන් විසින් සිරගත කරන ලදී.

ඊට පසු වර්ෂය පුරා බර්ලිනයේ බානිම්ස්ට්‍රාසි කාන්තා බන්ධනාගාරය තුල සිරගතව සිටිමින් ඇය,The Crisis of German Social Democracy, (ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය )නැතිනම්,The Junius Pamphlet ජුනියස් පත්‍රිකාව ලෙස ප්‍රකට ලේඛනය රචනා කලාය. ව්‍යාජත්වය සැලකිල්ලට ගනිමින් ඇය සිරගතව සිටියදී සිය කතෘත්වය සැඟවීමට තීරනය කලාය. ලක්සම්බර්ග්, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුල දක්ෂිනාංශික අවස්ථාවාදයේ වඩාත්ම ප්‍රමුඛ විරුද්ධවාදියා වූ අතර සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදෙමින් 1914 අගෝස්තුවේදී යුද අයවැයට ඡන්දය දීම සඳහා එස්පීඩීයේ පාර්ලිමේන්තු කන්ඬායම ගත් තීරනයේ උග්‍ර විවේචකයෙක් විය.

එස්පීඩීයේ ඡන්දයෙන් පසුව ඇය මෙසේ ලියුවාය. “දේශපාලන පක්ෂ පැවති තාක් කාලයක, පන්ති අරගලයේ ඉතිහාසය තුල, වසර පනහක කාලය පුරා අඛන්ඩව වර්ධනයක් අත්කරගැනීමෙන්, බලයේ පලමු ශ්‍රේනියේ තත්වයක් ලබාගැනීමෙන්, තමන් වටා මිලියන ගනන් පෙලගස්වා ගැනීමෙන් පසුව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සිදුකලාක් මෙන් පැය විසිහතරක් තුල, මේ ආකාරයට පක්ෂයක් මුලුමනින්ම හා නින්දිත ආකාරයෙන් දේශපාලන බලවේගයක් ලෙස සිය පැවැත්ම නැතිකරගෙන ඇත් ද? ”

එස්පීඩීයේ පාවාදීමත් සමඟ ලක්සම්බර්ග්, කාල් ලිබ්නෙක්ට් සමඟ එක්ව, පක්ෂය තුල ජාත්‍යන්තර (Internationale) කන්ඬායම පිහිටුවීය. එය කම්කරු පන්තිය තුල ද එස්පීඩී සාමාජිකත්වය තුල ද විප්ලවවාදී ජාත්‍යන්තරවාදී හා යුද විරෝධී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදින ප්‍රවනාතව විය.

පලමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් දින ගනනකට පසුව ලක්ෂ ගනන් කම්කරුවෝ අධිරාජ්‍යවාදී ජාතීන්ගේ යුද ධාවනයට එරෙහිව බර්ලිනයේ පෙලපාලි දැක්වූහ. යුද්ධය ආරම්භවී සය මසකට පසුව යුද ව්‍යායාමය කෙරෙහි කම්කරුවන් අතර පුලුල් සතුරුකමක් පැවතුනි.

ලක්සම්බර්ග් සිරගත කිරීම, යුද්ධයට විරුද්ධව කම්කරු පන්තියේ නැඟිටීමක් පිලිබඳව ජර්මානු පාලක පන්තිය හා එස්පීඩී අවස්ථාවාදී නායකත්වය තුල පැවති භීතිය හමුවේ ඇය නිහඬ කිරීමේ උත්සාහයක් ලෙස සිදුවිය.

දෙසතියකට පෙරාතුව එස්පීඩීයේ පාර්ලිමේන්තු කන්ඬායම, පක්ෂ ප්‍රතිපත්තිය කඩකිරීමේ චෝදනාව මත කාල් ලිබ්නෙක්ට්ගේ සාමාජිකත්වය තහනම් කල අතර ඔහු බලහත්කාරයෙන් හමුදා ලේඛනයට ඇතුල් කරන ලදී. ලිබ්නෙක්ට් සම්බන්ධ ප්‍රශ්නයේදී මෙන්ම එස්පීඩීය, ලක්සම්බර්ග්ට එරෙහිව රාජ්‍යයෙන් එල්ල කල ප්‍රහාරයන්ට විරුද්ධව ඇඟිල්ලක්වත් එසවූයේ නැත.

Share this article: