රුසියානු දේශසීමාවේ පෙන්ටගන් ප‍්‍රකෝපකරන

Pentagon provocation on Russia’s border

2015 පෙබරවාරි 26

රුසියානු දේශසීමාවේ සිට යාර කිහිප සියයක් දුරින් එස්ටෝනියාවේ නර්වා නගරය තුල 24දා, ඇමරිකානු ධජ එසවූ සන්නද්ධ රථ පෙලපාලි පැවැත්වුනි.

ඇමරිකාව විසින් සැලසුම් කල කියෙව්හි කුමන්ත‍්‍රනයේ පලමු සංවත්සරය සමගම සිදුවන මෙම ප‍්‍රකෝපකාරී ක‍්‍රියාව, නැගෙනහිර යුරෝපයේ පමනක් නොව සමස්ත ග‍්‍රහලෝකයේම මිනිසුන්ට ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන ආ හැකි, මිලිටරි ගැටුම් සහිත කලාපයක් බවට මුලු ප‍්‍රදේශයම පරිවර්තනය වෙමින් තිබෙන බව සලකුනු කරයි.

පසුගිය වසරේ පෙබරවාරි 22දා ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව පෙරලා දැමූ, ෆැසිස්ට්වාදී දක්ෂින නිකායේ මිලීෂියවන් විසින් ක‍්‍රියාත්මක කල කුමන්ත‍්‍රනය සිදුවූයේ, ඇමරිකානු ආන්ඩුවේ සෘජු සහාය හා රහසිගත මැදිහත්වීම සහිතවය. මෙම ක‍්‍රියාදාම සම්බන්ධයෙන් වොෂින්ටනයෙහි තුච්ඡ නියෝජිතයා වූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වික්ටෝරියා නූලන්ඩ්, කුමන්ත‍්‍රනයෙන් පසුව අටවන තන්ත‍්‍රයට පත්විය යුතු අයගේ නම් පවා සඳහන් කරන තරම් දුර ගියේය.

කියෙව් තුල මෙම දක්ෂිනාංශික, ජාතිකවාදී හා රුසියානු විරෝධී තන්ත‍්‍රය ඇටවීම, බොහෝකොටම රුසියානු බස කථාකරන නැගෙනහිර ඩොන්බාස් ප‍්‍රදේශයේ පුලුල් මහජන විරෝධයක් පැනනැංවීය. වොෂින්ටනයේ ද සහාය ඇතිව කියෙව් ආන්ඩුව, කැරැල්ල ලේ විලක ගිල්වීමට උත්සාහ කලේය.

දස මාසයක් තිස්සේ පැවති සටන් වලින් 5000ට ආසන්න ජනයා මියගොස් ඇති අතර එම මර්දනකාරී මෙහෙයුම, කියෙව් තන්ත‍්‍රයට මෙන්ම එහි ඇමරිකානු අනුග‍්‍රාහකයින්ට ද එකසේ විනාශකාරීවූ බව ඔප්පු කර තිබේ. ෆැසිස්ට්වාදී මිලීෂියාවරු අධිකාරය දරන යුකේ‍්‍රනියානු මිලිටරිය, හතරගාතෙන් වැටුනු පරාජයකට මුහුනදීමෙන් පසුව මුලුමනින්ම පාහේ බිඳී විසිර ගියේය. රට බංකොලොත් බවේ අද්දරට පැමින ඇත. එහි හරිව්නියා මුදල් ඒකකය එක දිගට ඇද වැටීමෙන් පසුව මේ වසර ආරම්භයේ සිට වටිනාකම අඩකින් පහත වැටී තිබේ.

මෙයට ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ, තරුනයින් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමේ බෙහෙවින් අසාර්ථකවූ උත්සාහයක් ද වැඩකරන ජනතාවට එරෙහි බරපතල කප්පාදු පියවර ද ඇතුලු දේශපාලන මර්දනයකිනි.

ඕනෑම වෛෂයික තක්සේරුවකට අනුව පසුගිය වසරේ ඇමරිකාව සැලසුම්කල කුමන්ත‍්‍රනයෙන් නෙලාගෙන ඇත්තේ, විදේශ පිලිවෙතේ ආවෘත අන්තරයකි. කලාපය තුල නිර්මානය කල අර්බුදය සමහන් කිරීම කෙසේ වෙතත්, වොෂින්ටනයේ ප‍්‍රතිචාරය වූයේ, එය පතුරුවා හැරීමට හා උත්සන්න කිරීමට මැදිහත්වීම ය.

එසේ වී ඇත්තේ, ඇමරිකානු පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමෙහි මූලික ඉලක්කය, යනුකොවිච් නොව රුසියාව වීම නිසාය. එහි අරමුන වූයේ, යුකේ‍්‍රනය ඇමරිකානු බල වැයික්කියට දැඩිලෙස සම්බන්ධ කරමින්, නේටෝව රුසියාවේ බටහිර දේශසීමාව දිගේ ස්ථානගත කිරීම ය. කියෙව්හි මුදාහැරුනු ව්‍යසනය, මොස්කව් තන්ත‍්‍රය අස්ථාවර කිරීමට හා රුසියානු සමූහාන්ඩුව කැබලි කර එහි කොටස් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්ධ විජිත බවට පරිවර්තනය කිරීමට මග හෙලිකිරීම වෙත යොමුවිය.

ඩොන්බාස්හි යුකේ‍්‍රනියානු හමුදාව ලත් පරාජය හමුවේ ඇමරිකාව, රුසියාව සමග මිලිටරි ගැටුමකට සමීප වෙමින්, කියෙව් පාලනය සන්නද්ධ කිරීමේ සැලසුම් සමග ඉදිරියට යයි. එබැවින් ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ මේ සතියේදී, අබුඩාබි හි පැවැත්වෙන වාර්ෂික ආරක්ෂක ප‍්‍රදර්ශනය වෙත පිටත්ව ගොස් ඇති අතර එහිදී ඔහු, ආයුධ සඳහා කොන්ත‍්‍රාත්තු 20කට පමන අත්සන් තබන බව ප‍්‍රකාශවී ඇත. සිරියාවේ ඇමරිකානු පිටුබලය ලබන ඉස්ලාමීය “කැරලිකරුවන්” සන්නද්ධ කිරීමේදී අතරමැදියෙක් ලෙස කටයුතු කරන එක්සත් අරාබි එමිරේට්ස්, යුකේ‍්‍රනය සම්බන්ධයෙන් ද එලෙසම කරන බව පෙනී ගොස් තිබේ.

පොරෂෙන්කෝගේ වැදගත් ආරක්ෂක උපදේශකයෙක් වන ඇන්ටන් ජෙරෂෙන්කෝ, තැතිගන්වන සුලු ප‍්‍රකාශයක් ෆේස්බුක් පිටුවේ පලකරමින් අවධාරනය කර ඇත්තේ, “යුරෝපීයයන් හා ඇමරිකානුවන් මෙන් නොව අරාබීන්, යුකේ‍්‍රනයට මිලිටරි ආම්පන්න හා අවි සම්පාදනය කල හොත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වනු ඇති බවට පුටින් කල තර්ජනයට බිය නොවෙති” යනුවෙනි.

දැන් අප දකින්නේ ඇමරිකානු සන්නද්ධ රථ රුසියානු-එස්තෝනියානු දේශසීමාවේ පෙලපාලි දක්වන ආකාරයයි. මෙය, නේටෝවට බඳවාගෙන ඇති එස්තෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව යන බෝල්ටික් රටවල් තුනෙහිම දැන් සිදුවන ඇමරිකානු මිලිටරි තරකිරීම්වල වඩාත් පුපුරන සුලු ප‍්‍රකාශනය පමනි.

පසුගිය සැප්තැම්බරයේදී එස්තෝනියානු අගනුවර වන තැලින්හිදී කථා කරමින් ඔබාමා, මෙම පැරනි සෝවියට් සමූහාන්ඩු ආරක්ෂා කිරීමේදී ඇමරිකාවේ කැපවීම “නොබිඳිය” හැකි බව පැවසීය. කුඩා රටවල් තුන ආරක්ෂා කිරීම පිනිස ඇමරිකානු මිලිටරි බලය යෙදීමට වොෂින්ටනය දෙන පොරොන්දුව “නොවැනෙන හා සර්වකාලීන” බව ද ඔහු පැවසීය. රටවල් තුනෙහිම “ඇමෙරිකානු හමුදා පවතිනු ඇතැයි” ඔහු කයිවාරු ගැසීය.

මෙය, නේටෝවේ උත්තරීතර ආඥාපති හා ඇමරිකානු යුරෝපීය ආඥා මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ජෙනරාල් ෆිලිප් බී‍්‍රඩ්ලෝව්, මන්ත‍්‍රී මන්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව හමුවේ යලි අවධාරනය කලේය. ඔහු කොන්ග‍්‍රස් කමිටුවට පැවසුවේ සිය “ප‍්‍රමුඛ අවධානය යොමුවන්නේ රුසියාවේ යලි නැගිටීමක්” වෙත බවය.

රුසියානු දේශසීමා ආසන්නයේ “ගුවන්, ගොඩබිම් හා මුහුදු ප‍්‍රදේශවල රැඳී සිටීම” සඳහා වන මිලිටරි යෙදවුම් හා ඇමරිකානු මිලිටරි අභ්‍යාස ලැයිස්තුවක් ඔහු ගෙනහැර දැක්වීය. අර්බුදය පැනනැංග විට, පැය කිහිපයක් තුල ඇමරිකාවෙට ප‍්‍රතික‍්‍රියා කලහැකි පරිදි “විශ්වාසනීය හා අඛන්ඩ වැලැක්වීමේ මෙහෙයුම්” සිදුකිරීමට “වාරික රැඳී සිටීමක්” ආදේශකයක් නොවන බවට ද ඔහු තර්ක කලේය.

බෝල්ටික් රටවල “නේටෝ අනදෙන හා පාලන මෙහෙයුම්” පිහිටුවීත් සමග මෙය ආරම්භවී ඇතැයි ඔහු පැවසීය. 2014 අපේ‍්‍රල් හා ඔක්තෝබර් අතර පමනක්, බෝල්ටික් රටවල් හා පෝලන්තය සමග “සැලකිය යුතු, මිලිටරි තර මෙහෙයුම්” 67ක් යුරෝපීය ඇමරිකානු ආඥා මධ්‍යස්ථානය විසින් සිදුකර ඇත.

ජෙනරාල් ස්ටේ‍්‍රන්ජ්ලෝව් නැතිනම් බී‍්‍රඩ්ලෝව් ද ඇමරිකාවේ භූමිකාව අවධාරනය කලේය. ඒ කලාපය තුල “නේටෝවට සහාය පිනිස න්‍යෂ්ටික අවි හරනය හා කල්පවත්නා ඇමරිකානු ආරක්ෂක කැපවීම් සම්බන්ධයෙනි. ”ඇමරිකානු මිලිටරිය, “ආක‍්‍රමනික හරනය සඳහා න්‍යෂ්ටික බලවේග කාර්යක්ෂමව, විශ්වාසනීයව, ආරක්ෂිතව සම්පාදනය කිරීම වෙනුවෙන්, අපගේ නේටෝ මිතුරන් සමග උරෙනුර පැහැර සිටගනියි.” මූලෝපායික ගුවන් මෙහෙයුම් (එස්ඒසී) වල නවතම සංවිධානය වන ස්ට‍්‍රැට්කොම් නේටෝවේ “කලාපීය අභ්‍යාස” තුලට ඒකාග‍්‍ර කර ඇති බව ද ඔහු පැවසීය.

වෙනත් වචන වලින් කිවහොත්, ඇමරිකාවේ හා සමස්ත ග‍්‍රහ ලෝකයේම ජනතාවට හොරෙන් හා ප‍්‍රසිද්ධ විවාද කෙසේ වුවත්, මාධ්‍ය වල කිසිදු වාර්තා කිරීමකින් තොරවම වොෂින්ටනය, රුසියානු දේශසීමාවේ ඇති කුඩා බෝල්ටික් රාජ්‍යයන් තුන, න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයේ ටි‍්‍රප් වයරය තුලට හරවා ඇත.

න්‍යෂ්ටික සමූලෝත්පාටනයක අවදානම ගැනීම පිනිස ඇමරිකාවට, සැබවින්ම රූකඩයින් වන, වඩා අස්ථාවර මිතුරන් යොදාගත නොහැකිය. එම රටවල් තුනේම නායකත්වය දරන්නේ, දක්ෂිනාංශික, උග‍්‍ර ජාතිකවාදී හා උමතු රුසියානු විරෝධී තන්ත‍්‍රයන් විසිනි. ඇමරිකානු මිලිටරිය ද සම්බන්ධ වන එස්තෝනියා නිදහස් උත්සවයේ ආධිපත්‍යය දරන්නේ, “එස්තෝනියාව එස්තෝනියානුවන්ටය” යන සටන් පාඨයයි. මෙය වනාහි, ජනගහනයෙන් හතරෙන් එකක් වන රුසියානුවන් පිටුවහල් කරන ලෙස කරන වර්ගවාදී ඉල්ලීමකි.”

ඇමරිකානු හමුදා ඛන්ඩයන් පෙලපාලියට එක්වූ නර්වා නගරය, රුසියානු බස කථාකරන කොටස්වල බල කඳවුරකි. ඒ අනුව මෙම පෙලපාලිය දේශීය ජනකොටසට එරෙහි නිශ්චිත තර්ජනයකි.

අනෙක් බෝල්ටික් රටවල් දෙකේ මෙන්ම එස්තෝනියාවේ ද දෙවන ලෝක යුද්ධය අවධියේ යුදෙව්වන් හා අනෙකුත් සුලු ජන කොටස් සමූහ වශයෙන් ඝාතනය කල වැෆන් එස්එස් සැමරීම හා ස්වස්තිකය ප‍්‍රදර්ශනය කරන ප‍්‍රසිද්ධ රැස්වීම් නිරන්තරයෙන් පැවැත්වේ.

වසර විසිපහකට පෙර ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ක‍්‍රියාවලිය පටන් ගැනීමෙන් පසුව, තම ස්වාධීනත්වය පිහිටුවාගත් මෙම රටවලට එරෙහිව රුසියානු තර්ජනයක් පැවතියේ නැත. දැනුදු එවන් තර්ජනයක් ඇත්තේ නැත.

මොස්කෝවේ දූෂිත ධනපති කතිපයාධිකාරී තන්ත‍්‍රය “යලිනැගී ඒමක්” ගැන කරන ඇමරිකානු යුදවාදීන්ගේ කථා, වසර විසිපහකට පෙර නේටෝව, සිය මිලිටරිය රුසියානු දේශසීමාවේ නොයොදවන බවට දුන් සහතිකය කටුගා දැමීමට ද ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර යුද්ධයක් ඇවිලවීමට තර්ජනය කරන්නාවූ, මිලිටරි ප‍්‍රකෝපකරනයේ හා ආක‍්‍රමනයේ පිලිවෙත දියත් කිරීමේ ද කඩතුරාවකි.

යුද්ධයේ මූල සාධකය වන ලාභ පද්ධතියට අවසන් තිත තැබීම සඳහා කම්කරු පන්තියේ මැදිහත්වීමකින් තොරව, ඇමරිකානු ධනවාදයේ ආර්ථික පරිහානිය ජය ගැනීමට මිලිටරි බලය යොදාගැනීමට වොෂින්ටනය දරන උත්සාහය, මානව වර්ගයා න්‍යෂ්ටික සමූලෝත්පාටනයේ ව්‍යසනයකට මුහුනපෑමේ තර්ජනය ජයගත නොහැක.

බිල් වෑන් ඕකන්

Share this article: