ඇබොට් ආන්ඩුව සහ ඕස්ටේ‍්‍රලියාවේ ගැඹුරු වන දේශපාලන අර්බුදය

The Abbott government and the deepening political crisis in Australia

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2015 පෙබරවාරි 10

ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබොට්ගේ නායකත්වයට එල්ලවී ඇති අභියෝගය, වර්ධනය වන වැඩි දියුනු දේශපාලන අර්බුදයේ එක් ප‍්‍රකාශනයකි. නරක අතට හැරෙන ලෝක ධනවාදයේ බිඳ වැටීමෙහි බලපෑම හමුවේ දිග හැරෙන මෙම දේශපාලන අර්බුදය පාලක ලිබරල් ජාතික සභාගයේ පමනක් නොව, සමස්ත ඕස්ටේ‍්‍රලියානු දේශපාලන සංස්ථාපිතයේම අර්බුදයකි.

කලින් පැවති ලේබර් ආන්ඩුවේ පරාජයෙන් යන්තම් මාස 17 කට පසු ඇබොට්, නායකත්වයේ සියලු තනතුරු තරගය සඳහා විවෘත කිරීම පිනිස ගෙන ආ යෝජනාවක් ලිබරල් පක්ෂ ගැබ තුල පරාජය කරමින් පන ගැටගහ ගත්තේ, එය “මරනයට ආසන්න අත්දැකීමක්” යයි සඳහන් කරමිනි. ප‍්‍රකාශිත තරගකරුවෙකු නොසිටිය ද ආන්ඩුවේ වාසනාව හොඳ තත්වයක නොමැතිනම් ඇබොට්ගේ පක්ෂ නායකත්වයට ද ඒ නිසාම අග‍්‍රාමාත්‍ය ධුරයට ද විරුද්ධව ඡන්දය භාවිතා කරනු ඇතැයි ඇබට්ට අනතුරු අඟවමින්, ලිබරල් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සියයට 40ක් මෝසම සඳහා ඡන්දය භාවිතා කලේය.

බොහෝ මාධ්‍ය වාර්තා දැක්වූ පරිදි, ප‍්‍රධාන ගැටලුව වන්නේ, ඇබොට්ගේ නායකත්ව ශෛලියේ ඇති ගැටලුවක් හෝ සන්නිවේදනය සඳහා ඔහුගේ ඇති නොහැකියාව නොවේ. ඒ වෙනුවට, ඇබොට් ආන්ඩුවේ සහයෝගිතා පදනම බිඳ වැටීම පිලිබිඹු කරන්නේ, විශ‍්‍රාමික වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කිරීම, සුබ සාධන වියදම් තියුනු ලෙස කප්පාදු කිරීම, වෛද්‍යවරයෙකු පැමිනෙන සෑම වාරයකටම අමතර ගාස්තුවක් අයකිරීම, විශ්ව විද්‍යාල ගාස්තු ඉහල දැමීම් ඇතුලු පසුගිය මැයි මසයේදී කප්පාදු අයවැයක් ආන්ඩුව බලහත්කාරයෙන් තමන් මත පැටවීමට ගත් උත්සාහයට මහජනයාගේ ගැඹුරු වෙමින් ඇති විරෝධයයි.

සංස්ථා සහ මූල්‍ය ප‍්‍රභූන් ඉල්ලා සිටින ම්ලේච්ඡ කප්පාදු වැඩ පිලිවෙල සහ මුලු ආර්ථික බරම තමන් මත පැටවෙන අයුරු අත් විඳින කම්කරු පන්තියේ අතිමහත් බහුතරයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් අතර ජාත්‍යන්තර පරිමාන විශාල අගාධයක් විවරව ඇත. ලෝක ආර්ථික අර්බුදය පුපුරා යාමේ තැන් පටන් හය වසරක් ගතව තිබිය දී, ජීවන තත්වයන්ට එල්ල කරන රුදුරු ප‍්‍රහාර, සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ වලින් සහ දශක ගනනාවක් පුරාවට දේශපාලන භූමිය මත ආධිපත්‍ය දැරූ සංස්ථාපිතය කෙරෙන් ජනතාව විශාල වශයෙන් හුදෙකලා කර ඇත. මෙය ප‍්‍රධාන වශයෙන් ග‍්‍රීසියේ තත්වය තුලින් පැහැදිලි වේ. එහි පැවති දේශපාලන පක්ෂ සඳහා සහාය බිඳ වැටී ඇති අතර, සිරිසා ආන්ඩුවක් බලයට පත්කර ඇත. එහෙත් ව්‍යාජ වාමාංශික මුහුනුවර පිටුපසින් එම ආන්ඩුව කප්පාදු පියවර සම්පූර්න කිරීමට කැප වී සිටී.

යම් කාලයක් සඳහා ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය මද වශයෙන් ගෝලීය ආර්ථික බිඳ වැටීමෙන් වෙන් වී තිබුන අතර පතල් කර්මාන්ත බුබුල බිඳ වැටීම, සීග‍්‍ර ආර්ථික පසුබෑමක්, ෆෙඩරල් සහ ප‍්‍රාන්ත ආන්ඩුවල ආදායම වලපල්ලට යැවීමක්, ව්‍යාපාර වල ඉල්ලීම මත ජීවන කොන්දේසි වලට පෙර නොවූ විරූ ආකාරයට පහර දීම දැඩි කෙරෙන තත්වයක් නිර්මානය කර ඇත. එහෙත් මෙම ප‍්‍රතිගාමී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට දැරෙන උත්සාහයන් මැතිවරන කැරලි මාලාවකට හේතු වී තිබේ.

ඇබොට් 2013 දී ජයග‍්‍රහනය කලේ ඔහුගේ ජනප‍්‍රියත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස නොව, කලින් පැවති ලේබර් ආන්ඩුව සිය පොරොන්දු කඩකිරීම සහ එහි කප්පාදු ප‍්‍රතිපත්ති නිසා ඇතිව තිබූ බලවත් විරෝධය නිසාවෙනි. තවත් එක් පාර්ලිමේන්තු වාරයක් තිබියදීම සිය ලේබර් පූර්වගාමියා පෙරලා දැමුනු ආකාරයට, මෑතදී පැවැත්වූ ප‍්‍රාන්ත මැතිවරන කිහිපයකදීම, ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියාහි, ලිබරල්-ජාතික ආන්ඩු ද පෙරලා දැමින. සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහිම සිය අප‍්‍රසාදය පලකිරීමක් ලෙස, ස්වාධීන අපේක්ෂකයන්, සුවිශේෂී කරුනක් අරභයා කේන්ද්‍රගත වූ පක්ෂ සහ දක්ෂිනාංශික ජනතාවාදී සංවිධාන සඳහා චන්දය දීමේ වර්ධනය තුල ද මෙම පෙර නොවූ විරූ අස්ථාවරත්වය පිලිබිඹු කෙරෙයි.

මැතිවරන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සහ චන්ද දායකයන්ගේ අති මහත් බහුතරයේ අභිලාෂයන් සමග නොගැලපෙන ප‍්‍රතිපත්ති ඔවුන් මත පැටවීමට චන්දයෙන් පත්වූ ආන්ඩු දක්වන අසමත්කම සම්බන්ධයෙන්, පාලක කවයන් තුල තිබෙන ගැඹුරු අපේක්ෂා භංගත්වය මධ්‍යයේ සමස්ත පාර්ලිමේන්තු පාලන රාමුවම බිඳ වැටෙමින් පවතී. ඇබොට්ගේ ආර්ථික කටයුතු පිලිබඳ ප‍්‍රධාන උපදේශකවරයා වන මවුරිස් නිව්මන් ඕස්ටේ‍්‍රලියන් ටුඬේ පුවත් පතට ලිපියක් සම්පාදනය කරමින් කියා සිටියේ, “ඔස්ටේ‍්‍රලියාව අයවැය සම්බන්ධයෙන් තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින ඇත” ඊයේ නායකත්වයට එල්ලවූ අභියෝගය හමුවේ, “එය විසඳීමට තිබූ සියලු අවස්ථාවන් අහෝසි කර ඇත. ලෝකයට දෙන පැහැදිලි පනිවිඩය වන්නේ, ඔස්ටේ‍්‍රලියාවට සිය අයවැය තුලනය කරගැනීම සඳහා පරිනතකම සහ ශක්තිය හිඟව පවතින බවය.” ඒ පිලිබඳව ඔහු සිය කනගාටුවද පල කලේය.

මෙය ඕස්ටේ‍්‍රලියාවේ හෝ ජාත්‍යන්තර පාලක පන්තීන්ට ඉවසිය හැකි හෝ ඔවුන් ඉවසා සිටීමට සූදානම් තත්වයක් නොවේ. අතීතයේදී නම්, ජාත්‍යන්තර මාධ්‍ය, ඕස්ටේ‍්‍රලියාවේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දැක්වූයේ අඩු අවධානයකි. නමුත් දැන් ඔවුන් කැන්බරා වල සිදුවන නවතම කැලඹීම් සමීපව නිරීක්ෂනය කරයි. ඇමරිකාවට සුවිශේෂී වූ විශාල පංගුවක් පරදුවට තැබී ඇත: 2008 වසරේ සිට ඔස්ටේ‍්‍රලියාව, බීජීනයට එරහි ඔබාමා තන්ත‍්‍රයේ “ආසියාවට හැරීම” වැඩපිලිවෙලෙහි තීරනාත්මක උපාංගයක් මෙන්ම සැලකිය යුතු සහ වර්ධනය වෙමින් පවතින ඇමරිකානු මුල්‍ය ආයෝජනයන්ගේ ගමනාන්තය බවට පත්ව තිබේ. ඇමරිකානු තානාපති කාර්යාලය සමග කිට්ටු සම්බන්ධතා පැවති ලේබර් පක්ෂයේ බලවතුන්, 2010දී පක්ෂ අභ්‍යන්තර කුමන්ත‍්‍රනයක් මගින් ලේබර් අග‍්‍රාමාත්‍ය කෙවින් රඩ් නෙරපා හරින ලදී. රඩ් ගේ අනුප‍්‍රාප්තිකයින් ඔස්ටේ‍්‍රලියාව පෙන්ටගනයේ චීනයට එරහි යුද සැලසුම් තුලට සම්පූර්නයෙන්ම ඒකාබද්ධ කර තිබේ. ඇබොට් ආන්ඩුව, ආසියාවේ පමනක් නොව රුසියාවට එරහිව යුක්රේනයේ සහ මැද පෙරදිග ද එක්සත් ජනපද යුද ධාවනයට පක්ෂ උග‍්‍ර යුදවාදීන් ලෙස ක‍්‍රියා කරයි.

ගැඹුරු වෙමින් පවතින ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තියේ කර මත පැටවීමේ නව යාන්ත‍්‍රනයක අවශ්‍යතාවය පිලිබඳව පාලක කවයන් තුල විවෘත සාකච්ඡාවක්, අයවැය මුල්කරගෙන ඇතිව තිබෙන දේශපාලන අවුල් ජාලය මගින් අවුලුවා තිබේ. සිඩ්නි මෝනින්ග් හෙරල්ඩ් හි පසුගිය සතියේ කතුවැකියක් නම් කර තිබුනේ “ඉක්මනින්ම වුවමනාය: නව දේශපාලන සන්නාමයක්” යනුවෙනි. “ආර්ථික සහ සමාජීය වශයෙන් ප‍්‍රගතිශීලී අදහස් ඇති පලල් ලෙස පදනම්වූ නව මාධ්‍යමික පක්ෂයක්” පිහිටුවීම ගැන එය කේවෙල් කර තිබුනි. ආර්ථික වශයෙන් ප‍්‍රතිගාමී වැඩපිලිවෙලක් ආවරනය කිරීම සඳහා වාමාංශික වාචාලය යොදා ගන්නා, ලිබරල්, ලේබර් සහ හරිත පක්ෂ වල කොටස් වලින් සකස්විය හැකි එවැන්නක්, සිරිසා සංවිධානයට සමාන ක‍්‍රියාකලාපයක් ඉටු කරනු ඇත. සිරිසා සංවිධානයේ ජයග‍්‍රහනයට හුරේ දමමින් සිටින සෝෂලිස්ට් එලායන්ස් සහ සොෂලිස්ට් ඔල්ටනෙටිව් වැනි විවිධ ව්‍යාජ වාම කන්ඩායම් වල සහභාගීත්වය සහ පිටුබලය මත එවැන්නක් රැඳී පවතිනු ඇත.

කෙසේ වුවත් සිරිසා වර්ගයේ “මාධ්‍යමික පක්ෂයක්” කම්කරු පන්තිය පාර්ලිමේන්තු ක‍්‍රමයට ගැටගසා තැබීම මගින් ඔවුන් පක්ෂඝාත කිරීම ඉලක්ක කරගත් අන්තර්කාලීන පියවරක් වනු ඇත. සිරිසා සංවිධානය වැනි “වාමාංශික” ධනේශ්වර තන්ත‍්‍ර ඓතිහාසිකව ක‍්‍රියා කර ඇත්තේ පාලනයේ ඒකාධිපති රූපාකාරයන් කරා හැරීම සඳහා ප‍්‍රවේශ කුටීරයන් ලෙසය. ගෝල්ඩන් ඩෝන් වැනි ෆැසිස්ට්වාදී පක්ෂ පසෙකින් ග‍්‍රීසිය තුල 1967 සිට 1974 දක්වා ඒකාධිපති පාලනයක් ගෙන ගිය මිලිටරිය ද දැනටමත් පසෙකින් බලා සිටී.

එවැනි ක‍්‍රමවේදයක් ඔස්ටේ‍්‍රලියාව තුල ප‍්‍රයෝජනයට නොගනු ඇතැයි කිසිවෙකුත් උපකල්පනය නොකල යුතුය. “ක්වීන්ලන්ඩ් සහ වික්ටෝරියා හී සිදුවූ දැවැන්ත මැතිවරන රැලි මෙන්ම කැන්බරාහි නායකත්වයේ අස්ථාවරත්වය පෙන්නුම් කරන්නේ, මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක නොවන බවයි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තාවකාලිකව අත්හිටුවා, දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය තීරන ගැනීම සඳහා කාරුනික ඒකාධිපතිත්වයක් ස්ථාපනය කිරීමට කාලයයි” යයි ප‍්‍රකාශ කරමින් පසුගිය 06දා මර්ඩොක් ගේ හෙරල්ඩ් සන් හි පලවූ ප‍්‍රකාශයක් මගින් ඒකාධිපති ස්වරූපයේ පාලනයක් පිලිබඳ කාරනය කෙලින්ම ඉදිරිපත් කර තිබුනි.

මේවා එක් හුදකලා විචාරකයෙකුගේ අදහස් පමනක් නොවේ. දශකයකට වඩා වැඩිකාලයක් පුරා බලයට පත්වූ ලිබරල් මෙන්ම ලේබර් ආන්ඩු ද දීර්ඝ කාලයක් පවතින නෛතික අයිතීන් පෙරලා දැමීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීතී මාලාවක් බලගැන්වීමට “ත‍්‍රස්තවාදයට එරහි යුද්ධය” යොදාගෙන තිබේ. මේ සමගම මිලිටරිය, දේශීය කටයුතු වල හරි මැදට ක‍්‍රමානුකූලව ඔසවා තබා ඇත. එයට හොඳම උදාහරනය හිටපු මිලිටරි නායක ජෙනරාල් පීටර් කොස්ග්‍රොව්, අග‍්‍රාන්ඩුකාරයා ලෙස පත් කිරීමයි. එසේම මිලිටරිය උත්කර්ෂයට නැංවීමේ හා ප‍්‍රතිගාමී ඕස්ටේ‍්‍රලියානු යුදවාදී සම්ප‍්‍රදාය පුනර්ජීවනය කිරීමේ කොටසක් ලෙස, පලමු ලෝක යුද්ධය තුල ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාකලාපය සැමරීමට දැවැන්ත මුදල් සම්භාරයක් වැයකරමින් සිටියි.

ධනපති පන්තිය පාර්ලිමේන්තු සීමා අභිබවා ගිය මාධ්‍ය යොදාගනිමින්, යුද්ධයේ සහ කප්පාදුවේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැගීම පිනිස සැලසුම් සකස් කරන පරිදිම කම්කරු පන්තිය ද සිය ස්වාධීන පන්ති අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම ස්වාධීන දේශපාලන සූදානම ඇතිකරගත යුතුව තිබේ. වර්තමානයේදී කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ පලල් ස්ථරයන්ගේ විරෝධය සහ හුදෙකලාවීම, පාර්ලිමේන්තු රාමුව තුල සිරවී ඇත. පසුගිය වසර ගනනාව පුරා අවමානයට පත් වූ එක් එක් ආන්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමේ එකම ප‍්‍රථිපලය, කම්කරු පන්ති විරෝධී ප‍්‍රතිපත්ති සමාන නිර්දය භාවයකින් ක‍්‍රියාවට නැගූ ආන්ඩු බලයට පත්වීමයි.

කම්කරු පන්තිය පසුගිය දශක කිහිපයේ සිය අත්දැකීම් වලින් පාඩම් උකහා ගැනීම ආරම්භ කල යුතුව ඇත. එක් පාර්ලිමේන්තුවාදී පක්ෂයකට හෝ අනෙකට පීඩනය යෙදීම තුලින් කම්කරු පන්තියට සිය අවශ්‍යතා රැක ගත නොහැකිය. ඒ වෙනුවට, ජීවන තත්වයන්ට එල්ල කෙරෙන අනවරත ප‍්‍රහාරයන්ගේ මූල සාධකය, පුද්ගලික ලාභ ගැරීමේ පද්ධතියේම අසාර්ථකත්වය බව හඳුනා ගැනීම අවශ්‍යය. අතිමහත් බහුතරයකගේ ආර්ථික සහ සමාජ අභිලාෂයන් සුරක්ෂිතකර, නගාසිටුවිය හැක්කේ, ධනවාදය අහෝසි කිරීමෙන් සහ එය ලෝක සමාජවාදී ආර්ථිකයක් මගින් ප‍්‍රතිස්ථාපනය කිරීමෙන් පමනකි. ඒ සඳහා සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත, කලාපීය සහ ලෝකයේ කම්කරු පන්තිය ද සමග එක්ව ඕස්ටේ‍්‍රලියාවේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් කරන නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම ඉල්ලා සිටී. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ඉදිරි දර්ශනය මෙයයි.

Share this article: