ලෝසවෙඅට එරෙහි ලුවී ප්‍රොයෙක්ට්ගේ ප්‍රහාරයට පිලිතුරක්

A reply to Louis Proyect's attack on the WSWS

ඩේවිඩ් නෝත් විසිනි , 2015 ජූනි 8

“ක්ෂමා විරහිත මාක්ස්වාදියා” නම් වෙබ් පිටුවේ ප්‍රකාශක ලුයිස් ප්‍රොයෙක්ට්, එක්සත් ජනපද නිලධාරීහු රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් සලකා බලති යන ශීර්ෂ පාඨයෙන් නය්ල්ස් වෙල්ස් විසින් ලෝසවෙඅට ලියන ලද ලිපියක් පිලිබඳ අවලාදාත්මක හා අසභ්‍ය හෙලාදැකීමක් 05දා පල කලේ ය.

ප්‍රොයෙක්ට් කියන්නේ, ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාකරු රොබට් බර්න්ස් විසින් ඔබාමා පාලනාධිකාරයේ න්‍යෂ්ටික පිලිවෙත්, ගොතන ලද උධෘතයක් සහිතව ලෝසවෙඅ ලිපිය තුල පලකර ඇති බවකි.

“රුසියාව මිසයිල ස්ථානගත කර තිබෙන තැන් වලට ලඟා වී ඇත්තවශයෙන්ම ඒවාට පහර එල්ල කල හැකි තත්වයක් ” එක්සත් ජනපදය වර්ධනය කරගෙන තිබෙන “ප්‍රතිබල” පියවර විසින් පෙන්නුම් කරන බව ඇමරිකානු සහකාර ආරක්ෂක ලේකම් රොබට් ස්ෂර් පසු ගිය අප්‍රේල් 15වැනිදා නියෝජිත මන්ත්‍රී මන්ඩල සන්නද්ධ සේවා උප කමිටුව ඉදිරියේ කියා සිටි බව ලෝසවෙ අඩවිය ගෙන හැර දැක්වූ ඇසෝසියේටඩ් ප්‍රෙස් ලිපියේ දි බර්න්ස් වාර්තා කර තිබුනි.

ස්ෂර් කල අත්‍යාසමාන්‍ය තර්ජනය ලෝසවෙඅ විසින් උපුටා දැක්වීම ගැන ප්‍රොයෙක්ට් මෙසේ ප්‍රතිචාර දක්වයි: “අලුත්ම ලෝසවෙඅ බලන ඕනෑ ම සාමාන්‍ය කෙනෙකු තම ජංගිය තෙමාගනු ඇත. ‘ඇමරිකන් නිලධාරියෝ රුසියාවට විරුද්ධව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම ගැන සලකා බලමින් සිටිති?’ යන කතාව ශුද්ධ අශුචි ය. මේ නම් මහා බරපතල වැඩකි. ”

ප්‍රොයෙක්ට් මෙසේ ද කියයි: “ මෙයින් ඇත්ත වශයෙන්ම මතුවන ප්‍රශ්නය නම් , ලෝසවෙඅ කියන දෙය ඒ හැටියටම පිලිගත හැකි ද යන්නයි.”

ඔහු ඊට පසු ලෝසවෙඅ වාර්තාව සාවද්‍ය තොරතුරු මත පදනම් වන්නේ යයි ඔප්පු කිරීමට උත්සාහ කරයි. ඔබාමා පාලනාධිකාරය ආරක්ෂා කිරීමට පැන එන ප්‍රොයෙක්ට් නිර්ලජ්ජිතව කියා පාන්නේ, ලොසවෙඅ විසින් ස්ෂර් මත පටවා ඇත්තේ ඔහු කවදාවත් නොකල කතාවක් බව යි. ඔහුට අනුව බර්න්ස්ගේ ලිපියේ දැක්වෙන උද්ධෘතය, “ස්ෂර්ගේ සාක්ෂ්‍ය තුල හෝ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ විශ්‍රාමිකයෙකු ලෙස මට නිරතුරුව පිවිසිය හැකි සාධිකාරී පුවත්පත් ලිපි දත්ත සංග්‍රහය වන නෙක්ෂිස් තුල හෝ සොයා ගත නො හැකිය ...”.

“වෙනත් වචනවලින් කියතොත්, බර්න්ස් චෝදනා කර තිබෙන්නේ කොන්ග්‍රස් මන්ඩල වාර්තාවලින් ස්ෂර් කිව් බව තහවුරු නොකරන දෙයක් ගැන ය.”

ප්‍රොයෙක්ට් වියරු වෛරයෙන් පුපුරා හැලෙන කුනුහරුප භාෂාවෙන් ලියන්නේ මෙසේ ය: “මට වැටහෙන හැටියට නම් දුසිමක් තරම් පුද්ගලයන් කරගෙන යන ලෝසවෙඅ හු-න මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට කරන දෙයක් නැති නමුත් දැඩි කරුනු පරීක්ෂකයෙකු නැතිවම බැරි මේ ජාතියේ වසුරු ලිවීම තම වැඩය බවට පත්කර ගෙන සිටිති.”

කරුනු පරීක්ෂකයෙකු උවමනා කර තිබෙන්නේ ප්‍රොයෙක්ට යි, ඔහුගේ කටේ සබන් කෑල්ලක් එබුවොත් හොඳ බව නොකීවාට පැහැදිලිය.

සරල ඇත්ත නම් ඒපී ලේඛකයා වාර්තාකරන ප්‍රකාශය රොබට් ස්ෂර් විසින් කරන ලද්දක් බවය. එසේ නමුත් තීරනාත්මක වාක්‍යඛන්ඩය (“රුසියාව තුල මිසයිල ඇති තැනට අපට ලඟා විය හැකි බව හා පහර දිය හැකි බව” යන්න) කොන්ග්‍රස් මන්ඩල විමර්ශනයට පෙර ස්ෂර් විසින් සූදානම් කරන ලද ලිඛිත ප්‍රකාශයේ දක්නට තිබුනේ නැත. කොන්ග්‍රස් මන්ඩල විමර්ශන පිලිබඳව සාමාන්‍යයෙන් සිදුවන පරිදි ස්ෂර් ඔහුගේ ආරම්භක ප්‍රකාශය නොකියවූ නමුත් එය නිල වසයෙන් පිලිගනු ලැබ වාර්තාවට ඇතුලු කෙරුනි.

උප කමිටුවේ සැබෑ කටයුතු සමන්විත වූයේ මිනිත්තු 50ක විමර්ශනයකට ය, එහි දී ස්ෂර් හා අනෙකුත් සාක්ෂිකරුවෝ කොන්ග්‍රස් සභිකයන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිලිතුරු සැපයූහ. මෙම ප්‍රශ්නෝත්තර අවස්ථාවේදීය රුසියාව කෙරේ ඔබාමා පාලනාධිකාරයේ න්‍යෂ්ටික පිලිවෙතට අදාල ප්‍රකාශනය කෙරුනේ.

විමර්ශනයේ සම්පූර්න වීඩියෝ පටය නියෝජිත මන්ත්‍රී මන්ඩල සන්නද්ධ සේවා කමිටුවේ යූටියුබ් නාලිකාවේ දැක ගත හැකිය. කම්මැලිකම නැත්නම් වංකම නැතිනම් -වඩාත් සිදුවිය හැකි පරිදි - ඒ දෙකේම එකතුවක් හේතුකොටගෙන ප්‍රොයෙක්ට් විමර්ශනය පිලිබඳ වීඩියෝ පටය සලකා බැලීමට කරදර වූයේ නැත.

උපකමිටුව ඉදිරියේ පෙනීසිටින අතරතුර දී, ඇලබාමා රිපබ්ලිකානු නියෝජිත මෝ බෘක්ස් ස්ෂර්ගෙන් මෙසේ අසයි. (වීඩියෝවේ වේලාව 16.58දී) : රුසියාව මධ්‍යම දුර න්‍යෂ්ටික බලශක්ති ගිවිසුම (අයිඑන්එෆ්) උල්ලංඝනය කිරීමේ විපාකයක් ලෙස එක්සත් ජනපදය කුමන පියවර ගනිමින් සිටී ද? ”

එක්සත් ජනපදය “වැඩකරමින් සිටින්නේ සම්මුතිය කරා යලි ඒමට රුසියාව ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම සඳහා ” යයි ස්ෂර් පිලිතුරු දෙයි. මෙය සිදු කරගත නො හැකි වුව හොත් එක්සත් ජනපදය සලකාබලමින් සිටින තුන් වර්ගයක යුද්ධ ක්‍රියා (17.50ට ආරම්භ කරමින්) සමාලෝචානය කරන ඔහු ඉක්බිති මෙසේ කිය යි:

ඉන් එකක් නම් ක්‍රියාන්විත ආරක්ෂාව යි, එනම් ගිවිසුම උල්ලංඝනය කරන මිසයිල වලට ලඟා විය හැකි යුරෝපයේ ස්ථාන ආරක්ෂා කිරීමට කල හැකි දේ කිරීම. පරීක්ෂා කරන තවත් විකල්පයක් නම් අපට මිසයිලය කරා ලං වී ගත හැක්කේ කෙසේ දැ යි සොයා බැලීම හා ඒවා රුසියාවේ තිබෙන තැන දී ම සැබවින් එම මිසයිලයට (වචනය කපා හැර ඇත ). ඊලඟට තුන්වැනි කොටසනම් එම මිසයිලයට නිකම්ම පහරදීම නොකොට රුසියාව තුල ම , කුමන දේවල් අවදානමට පත් කල හැකි දැ යි අවබෝධයක් ලබා ගැනීම යි. අප තවමත් මෙම සියලු හැකියාවන් දෙස පරීක්ෂාවෙන් සිටින අතර වඩාත් ඵලදායි කුමක් විය හැකි දැ යි අප සිතෙන දෙය පමනක් කරමිනි. (අවධාරනය ඈඳුනි)

නො පැහදිලි හේතු නිසා, පටිගත කිරීමෙන් හුදෙක් එක් වචනයක් පමනක් කපා තිබේ. නිශ්චිතව ම 18:11ට වීඩියෝවේ පටිගත කිරීමේ විශේෂ ක්ෂනික බිඳීමක් තිබේ. එහි ඵලයක් වශයෙන්, “පහර” යන වචනය වාක්‍යයෙන් අතුරුදහන් වේ. මෙය හදිසි තාක්ෂනික ඇන හිටීමක් ද නැතිනම් පසු ඇසීම් සංස්කරනයක් දැ යි අපි නො දනිමු. ස්ෂර්ගේ ප්‍රකාශයට දුරදිග යන ගම්‍යයන් පවතින හෙයින් දෙවැනි හැකියාව ඉවත දැමිය නො හැක.

කෙසේ වෙතත්, ගොතන ලද යි ප්‍රොයෙක්ට් කියන (“ප්‍රහාරය” යන වචනය නැති) වාක්‍යාංශය වීඩියෝව තුල ඇසිය හැක. ඒපී වාර්තාකාර රොබට් බර්න්ස් නිවරැදිව ම වාර්තා කලේ එහි සම්පූර්නත්වයෙන් යුත් ස්ෂර්ගේ තීරනාත්මක වාක්‍ය ය යන්න ගැන කිසිම සැකයක් නැත.

මෙම විවාදයට සම්බන්ධව අතිරේක කරුනු කීපයක් ඉදිරිපත් කල යුතු ය. පලමුව, විමර්ශනය තුල සාක්ෂිවලින් වැඩි ගනනක් මෙන් ම ස්ෂර්ගේ ප්‍රකාශය ද ඉදිරිපත් කෙරෙන්නේ සාමාන්‍යවචනවලිනි. ඇමරිකන් මහජනතාවගෙන් සම්පූර්නයෙන් ම සැඟවුනු සංසදයක් තුල වඩා විස්තර සහිත - රුසියානු පාර්ශ්වය පැත්තෙන් අයිඑන්එෆ් උල්ලංඝනය කිරීමට එක්සත් ජනපද ප්‍රතිචාර ඇතුලුව - රහස් සාකච්ඡා පිලිබඳව කොන්ග්‍රස් සභිකයන් හා ස්ෂර් යන දෙගොල්ලම නැවත නැවත සඳහන් කලහ.

දෙවනුව, උක්ත මිසයිලවලට එරෙහිව පමනක් නො ව රුසියාව පුරා අනෙකුත් ඉලක්කවලට ද ප්‍රහාරයක් දියත් කිරීමට ස්ෂර් තර්ජනය කර යි. මිලිටරිය වටහා ගත යුත්තේ “එය එම ශඛ්‍යතාවට නිකම්ම පහරදීම ගැන නො වන අතර රුසියාව තුල ම අපට මොන දේවල් අවදානමට දැමිය හැකි දැ යි බැලිය හැක...” යන ප්‍රකාශනයේ අර්ථය මෙය යි.

තුන්වනුව, සම්පූර්න සංවාදයම න්‍යෂ්ටික ආයුධ ප්‍රතිපත්තිය පුනරීක්ෂනය කිරීමේ සන්දර්භය තුල සිදුවන තතුතුල එක්සත් ජනපදය එවැනි ප්‍රහාරයක් ගෙනයාමේ දී න්‍යෂ්ටික ආයුධ උපයෝගී කර ගැනීම සලකා බලමින් සිටින බව පැහදිලි ය. බර්න්ස් ගේ ලිපියේ සඳහන් කෙරන පරිදි: “නමුත් විෂදවම ප්‍රකාශ නොකෙරුන ද , ගම්‍ය කරන ලද පරිදි එය රුසියානු භූමි භාගයේ මිලිටරි ඉලක්ක විනාස කිරීමට තරම් එක්සත් ජනපද න්‍යෂ්ටික ආයුධවල බලය වැඩි දියුනු කිරීම දක්වාම මෙම විකල්පය ගමන් කර යි. (මෙය ලෝසවෙඅ උපුටා දැක්වූ නමුත් ප්‍රොයෙක්ට් විසින් සඳහන් කරන්නේ නැත.)

විශ්ලේෂනය වනාහි ස්ෂර්ගේ “සාක්කිය මත මුලුමනින් ම පදනම් වුවකි ” යන ප්‍රකාශය ප්‍රොයෙක්ට්ගේ තව බොරුවකි. සැබිවින් ම, පසු ගිය මාස කීපය තිස්සේ ඔබාමා පාලනාධිකාරය හා එහි මිලිටරි සැලැසුම්කරුවන් මූලෝපායක් සකස් කරමින් සිට ඇත්තේ, ප්‍රථම - ප්‍රහාර න්‍යෂ්ටික ආයුධ ප්‍රතිපත්තිය ඇතුලත් වන මිලිටරි ප්‍රකෝපකරනයන් උත්සන්න කිරීමක් යුක්තිසහගත කිරීම උදෙසා අයිඑන්එෆ් ගිවිසුම උල්ලංඝනය කිරීමේ චෝදනා උපයෝගි කර ගැනීමට ය.

පෙබරවාරි මාසයේ දී සෙනේට් සන්නද්ධ සේවා කමිටුව ඉදිරියේ සාක්ෂි දීමේ දී ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් මෙම ප්‍රතිපත්තිය සාරාංශ කලේ ස්ෂර් විසින් විස්තර කරන ලද මාවත ඔස්සේ වන නමුත් බර්න්ස් විසින් සඳහන් කරන ලද “ප්‍රතිබල” භාෂාව යොදා ගනිමිනි. අයිඑන්එෆ් උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර දක්වමින් කාටර් මෙසේ පැවසී ය:

ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අප සලකා බැලිය යුතු විකල්ප පරාසයට ගොඩබිමින්-දියත් කෙරෙන මධ්‍ය - දුර කෲස් මිසයිල ප්‍රහාර පිටුදැකීම සඳහා වූ සක්‍රිය ආරක්ෂාවන්, ගොඩබිමින්-දියත් කෙරෙන මධ්‍ය - දුර කෲස් මිසයිල ප්‍රහාර පූර්වභංග කිරීමට සමත් ප්‍රතිබල හැකියාවන්, හා එක්සත් ජනපද හෝ මිතුරු හමුදා ශක්තිමත් කිරීමට සමත් ප්‍රතිහාරක ප්‍රහාර ඇතුලත් විය යුතු ය.

පැහදිලිව සැකසූනු හා පරිශ්‍රමයෙන් සලකා බැලුනු ප්‍රකාශනය තුල, කාටර් පැහදිලිව ම යෝජනා කරන්නේ කෲස් මිසයිලවලට එරෙහිව රුසියාව තුලටම “පුර්ව- නිරෝධක” - එනම් එක්සත් ජනපයට එරෙහිව මොනයම් ම හෝ ප්‍රහාරයක් දියත් කිරීමට පෙර - ප්‍රහාර එල්ල කිරීමටය.. තව ද , ඔහු පාවිච්චි කරන්නේ දීර්ග කාලයක් තිස්සේ ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ ප්‍රතිපත්තිය සමග බැඳී තිබෙන භාෂාවකි. ඇමරිකානු විද්‍යාඥයින්ගේ ෆෙඩරේෂනයේ විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇති විශ්ලේෂනයකින් පැහැදිලි කෙරෙන පරිදි, “ප්‍රතිබලය යනු අවදානම් සතුරු මිලිටරි හමුදා වලක්වා ලීම කෙරේ යොමු වන මූලෝපායකි. ප්‍රහාර වැලක්වීමට එය යොදා ගැනීම යනුවෙන් ඇඟවුම් කෙරෙන්නේ, (සතුරා) කෲස් මිසයිල (ජීඑල්සීඑම්) යොදාගැනීමට පෙරතුවම ඒවා විනාස කිරීම සඳහා සාම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික බලය යොදා ගැනීම සැලැසුම් කිරීම යි.”

මෙය ප්‍රොයෙක්ට් ලෝසවෙඅ පහර දී ඇති පලමු වතාව නො වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සාරසම්පන්න පාඨක සමූහයා ඔහු පීඩාවට පත් කරයි. සිය අලුත් ම වෙබ් පිටු සටහන තුල පවා ප්‍රොයෙක්ට් මෙසේ ලියයි: “මා දන්නා රැඩිකලුන් කීප දෙනෙක්ම එහි මතුපිට වටිනාකමින් එය ගනිති. සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන ෆේස් බුක් මිතුරෙක් හා මැක්ස්මේල් දායකයෙක් නිරන්තරයෙන් ඔවුන්ගේ ලිපිවලට බද්ධ වෙයි. ටික දිනක් මගේ නිවසේ ආගන්තුකයෙකු වූ තවත් මහාචාර්යවරයෙකු මට කීවේ ලෝසවෙඅ නිව් යෝක් ටයිම්ස් පත්තරයට වඩා විශ්වාස කල හැකි නිසා ඔහු දිනපතා එයා පරීක්ෂා කරන බව යි. නිව් යෝක් නගර විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ කරන මගේ බිරිඳට අනුව, සිය රචනාවල එය සඳහන් කිරීමට කැමති පාසල් සිසුන් අතර ද එය ප්‍රකට ය.”

ඔබාමා පාලනාධිකාරයේ කුරිරු යුදවාදය පිලිබඳ ලෝසවෙඅ අනාවරනය සැලකිය යුතු ශ්‍රාවකයක් දිනාගනිමින්, එමගින් ඔබාමා පාලනාධිකාරයේ අධිරාජ්‍යවාදී මෙහෙයුම්වල අසික්කිත ප්‍රචාරකයෙකු ලෙස ඔහුගේම වැඩකටයුතු ඛන්ඩනය කරමින් තිබෙන හෙයින් රොබට් ස්ෂර්ගේ සාක්ෂිය පිලිබඳ ලිපිය මගින් ප්‍රොයෙක්ට් විශේෂයෙන් ම කුපිත විය යන්න සිතාගත හැකි ය. ඉරානයේ “හරිත විප්ලවය”, ලිබියාවේ නේටෝව මෙහෙය වූ යුද්ධය, සිරියාව තුල සීඅයිඒ සංවිධානය ඇවිල වූ සිවිල් යුද්ධය හා යුක්රේනයේ එක්සත් ජනපද අනුග්‍රහ ලත් කුමන්ත්‍රනය තුල දී ඔහු රුදුරු සහචරයෙකු වී ඇත.

ප්‍රොයෙක්ට්ගේ වෙබ් පිටුව - හෝ අපි එයට නන්දෙඩවිලි යයි කියමු ද - විශ්වනීයත්වයෙන් තොර ය. ඔහුගේ වංකකම, නරුමත්වය හා දීන අශිෂ්ටත්වය විසින් නිරූපනය වන්නේ ඇමරිකානු ව්‍යාජ-වාම දේශපාලන වාතාවරනය තුල පවතින දේශපාලනිකව රෝගී සියලුම දෙයයි.

ලෝසවෙඅ කෙරෙහි ප්‍රොයෙක්ට් එල්ල කර ඇති ප්‍රහාරය මාක්ස්වාදී ව්‍යාපාරයේ දේශපාලනය, ප්‍රතිපත්ති හා සංස්කෘතිය සමග මොන යම් ම හෝ, සම්බන්ධයක් ඇත්තේ නැති එකෙකු ගේ වැඩකි. ඔහුගේ වෙබ් පිටුවට දියයුතු නිවරැදි නම නම්, “ක්ෂමාවිරහිත බොරුකාරයා” යන්න ය.

Share this article: