ග්‍රීක නය අර්බුදයේ දේශපාලන ප්‍රශ්න

Political issues in the Greek debt crisis

2015 ජූනි 26

යන්තම් පැයක තරම් කෙටි කාලයක් තුල, ග්‍රීසියේ සිරිසා නායකත්වයෙන් යුත් ආන්ඩුව සමග බ්‍රසල්ස්හි පැවති සාකච්ඡා නතර කල යුරෝපීය සංගමය (යුස), යුරෝපීය බැංකු විසින් ඉල්ලා ඇති කප්පාදු වලට විරුද්ධ බවට කරන මවා පෑම් සියල්ල නතර කරන ලෙස ලෙසත් ග්‍රීක ආන්ඩුව තමන් සමග පෙලගැසිය යුතු බවටත් පැහැදිලිව දැනුම්දී ඇත.

සිරිසාව සදුදා නව සහන පිරිනැමීය. ග්‍රීසියේ නය සැපයුම යලි විවෘත කිරීමේ හා ග්‍රීක රජය බංකොලොත්වීම වැලැක්වීමේ පූර්ව කොන්දේසිය ලෙස, පසුගිය දෙසැම්බරයේ යුස ඉල්ලා සිටි මට්ටමටත් වඩා දුර යමින්, යුරෝ බිලියන 7.9ක විශ්‍රාම සහන කැපීම හා තවත් පියවර ඊට ඇතුලත් විය. ආරම්භයේදී යුස මෙම යෝජනාව ගෙන ආ‍වේ, ගිවිසුමකට පදනම ලෙස ය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතු බිලියන ගනනක් සදහා යුස ආධාර ලැබීමට නියමිත ජූනි 30 අන්තිම දිනට ආසන්න වෙමින් තිබියදී, 25 දා ඔවුන් පැවසුවේ, ගිවිසුම කවදාකටත් වඩා ඈතට කල් දැමෙන බවයි.

යුස නව කප්පාදු ඉල්ලා සිටිමින් ග්‍රීසියේ නියෝජිතයින්ට දන්වා ඇත්තේ, සාකච්ඡා යලි ඇරඹෙන්නේ 27දා බව ය. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට කාන්දුවූ ලියවිලි වලට අනුව යුස හා ජාමූඅ, ගැඹුරු විශ්‍රාම සහන කප්පාදුවක් හා සිරිසාව සැලසුම් කලාට වඩා ඉක්මනින් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 62 සිට 67 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ඇත. ආන්ඩුව විසින් යෝජිත ව්‍යාපාර බදු වැඩිකිරීම, පහත දැමීම ද ඔවුන්ට අවශ්‍යව ඇත.

ග්‍රීසියේ නය හිමියන් නොවරදින පනිවිඩයක් යවා ඇත: මේතාක් දුරට සිරිසාව බලට පත්වීමේදී පදනම්ව සිටි යුස කප්පාදු අවසන් කිරීමේ පොරොන්දුව, නින්දිත පසුබැසීම් හා යටත්වීම් මාලාවක් හරහා අවසානයකට ගෙන ඒම සදහා බල කිරීමට ඔවුන් අදහස් කර තිබේ. යුස ග්‍රීසියේ ජනවාරි මැතිවරන ප්‍රතිපලයට ගරු කල යුතුව ඇතැයි ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් 25දා යුස කොමිසමේ සභාපති ඩොනල්ඩ් ටස්ක්ට අනතුරු ඇගවූ විට ටස්ක්, සාකච්ඡාව අවසන් කරමින් කෙලින්ම කීවේ, “වැඩේ අවසානයි“ යනුවෙනි.

යුස දැඩි පිලිවෙත, ග්‍රීක රජයේ හා සිරිසා+අන්ත දක්ෂිනාංශික ස්වාධීන ග්‍රීකයෝ (ඇනෙල්) හවුල් ආන්ඩුවේ දේශපාලන අර්බුදය උත්සන්න කර ඇත. බලයට පත්වූදා සිට ග්‍රීක ආන්ඩුවේ සමස්ත ප්‍රතිපත්තිය ලෙස ප්‍රකට වුනේ, යුස කප්පාදුවට විරුද්ධ නොවීම ය. සිප්‍රාස් ම නොයෙක් විට අවධාරනය කලේ, සිරිසාව යුස සමග ගිවිසුමකට පැමිනෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ය. ඒඅතරම ඔහු, මුලුමනින්ම හා විවෘතව යටත් වුනොත්, දැවැන්ත විරුද්ධත්වයක් හා සමාජ කැලඹීමක් හටගනු ඇතැයි ද දැන සිටියේ ය.

ග්‍රීක ධනේශ්වරයේ බලගතු කන්ඩායමක්, ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීම පිලිගැනීමට සූදානම් නොවූහ. පසුගිය සතියේ ග්‍රීක මහ බැංකුව පැවසුවේ, රාජ්‍ය බංකොලොත්වීමක් වලක්වා ගැනීමටත්, නය වෙත ප්‍රවිෂ්ඨය පවත්වාගැනීමටත් මොන වියදම දරා හෝ යුස සමග ගිවිසුමකට එලඹිය යුතුව ඇති බව යි. ග්‍රීසිය යුරෝව හැර දමා, ඩ්‍රැක්මා යන ග්‍රීක ජාතික මුදල දැවැන්ත පරිමානයෙන් පොම්ප කරමින්, එරට බැංකු බේරා නොගතහොත්, ග්‍රීක බැංකුවලට හදිසි යුරෝ නය සදහා පිවිසුම අහිමිවී, මූල්‍ය පද්ධතිය බිඳ වැටී, රට බංකොලොත් වනු ඇත. එහෙත් ග්‍රීසිය පමනක් එයට මුක්කුව දෙන තතු තුල, යුරෝවට සාපේක්ෂව ඩ්‍රැක්මාව ඉක්මනින්ම කඩා වැටේ යයි අපේක්ෂිත ය.

සිරිසාවේ වාම පාර්ශවය හා ආරක්ෂක ඇමති පැනොස් කැමනොස්ගේ ඇනෙල් පක්ෂය, වඩාත් ජාතිකවාදී ආස්ථානයක් ගෙන ඇති හා යුස බිදී ඩ්‍රැක්මාව කරා යලි යෑම ගැන කල්පනා කරන පාලක පන්තියේ අනෙක් කොටස් වෙනුවෙන් කථා කරති. යුස කප්පාදු සිය රට මිරිකා තිබෙන තතු හමුවේ ග්‍රීසිය විසින් යුරෝ බිලියන 300කටත් වඩා වැඩි, ආපසු ගෙවිය යුතුව ඇති නය, ගෙවීමට නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. අනෙක් අතට ඩ්‍රැක්මාවේ අගය කඩා වැටීමෙන් මිල ගනන් අහස උසට නගිමින් හා කම්කරුවන් දුගී භාවයට ඇද දමමින්, ග්‍රීසියට සිය නය, ලාභ මුදලකින් ආපසු ගෙවීමේ හැකියාව ලබා දෙන අතර මූර්ත වැටුප් කැපීගොස් ගෝලීය තරගකාරිත්වය ඉහල නංවනු ඇත.

ග්‍රීක පාලක කව අතරින්, වත්මන් ආන්ඩුව පෙරලා දමා, යුස සමග ගිවිසුමක් ගැසීම කෙරෙහි පමනක් උත්සුක වන නව පාලනයක් ඇතිකිරීමේ ව්‍යායාමයක් ද දියත්වී ඇත. බලයෙන් පහවී දැන් ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටින, දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ (එන්ඩී) නායක හා හිටපු අගමැති ඇන්ටොනිස් සමරාස් ඊයේ පැවසුවේ, සිප්‍රාස් “ජාතික එකමුතුවේ අන්තර්කාලීන ආන්ඩුවක්“ පිහටුවිය යුතු බව ය. එමගින් “යුරෝපය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ඔහු සමග එකඟවී ඇති කොටස්, අපගේ ද සහාය ඇතිව එකට එකතු කරනු ඇත“ යනුවෙන් ඔහු පැවසීය.

ග්‍රීක මිලිටරියේ මැදිහත්වීමක තර්ජනය ද මැද කම්කරු පන්තිය දැවැන්ත අවදානමකට මුහුනපා සිටියි. සිරිසා+එන්ඩී රෙජිමය පාර්ලිමේන්තුවාදී ආඥාදයකත්වයක් වනු ඇත. ජනවාරියේදී යුස කප්පාදුවට විරුද්ධව ඡන්දය දුන් ජනතාව මත, කප්පාදු පැටවීම සදහා ඔවුන් මිලිටරිය මත විශ්වාසය තබනු ඇත. ඩ්‍රැක්මාව කරා යලි යෑම සදහා වන සැලසුමේදී, ග්‍රීක මාධ්‍ය මේ වන විටත් ඇගවුම් කර ඇති ආකාරයට, ග්‍රීසියේ දේශසීමා වසා ඩ්‍රැක්මාව කඩාවැටීමත් සමග ඇතිවියහැකි විරෝධය මැඩීමට හමුදාව බලමුලු ගන්වනු ඇත.

නිසැකව ම මෑතකදී ග්‍රීක හා ඊජිප්තියානු හමුදා ඒකාබද්ධව පැවැත්වූ මිලිටරි අභ්‍යාස ද බර්ලිනය හා පැරිසිය විසින් ඊජිප්තු කුමන්ත්‍රන නායක හා මිලිටරි ආඥාදායක ජෙනරාල් අල් සිසි වෙත කල ආරාධනය ද අහම්බ සිදුවීම් නොවේ. සිරිසාව හෝ බලයට පත්වන වෙනත් ආන්ඩුවක්, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ ආසක්තයන්ට තර්ජනයක් වුවහොත්, ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මුර්සි මෙන් ග්‍රීසියේ නායකයා ද ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය සහිත කුමන්ත්‍රනයක ඉලක්කය බවට පත්වීමේ තර්ජනය පවතියි.

සිරිසා ආන්ඩුව බලයටපත් වීම පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සදහා කර්කෂ ගානකට මිලයට ගත් දැවැන්ත අත්දැකීමකි. යුස කප්පාදු පිලිබදව තමන්ට සාකච්ඡාමය විසදුමක් ඇතිකරගත හැකි යයි සිරිසාව හා එහි ආධාරකරුවෝ සිතා සිටියහ. ඔවුන් බලයට පත්වූ පසුව, යුස එරෙහිව ආරක්ෂා වීම පිනිස ගත යුතු පියවර ප්‍රසිද්ධියේම පිටු දැක්කේ ය. එනම්, නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම, ප්‍රාග්ධන පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීම හා බැංකු හා ප්‍රධාන කර්මාන්ත ජනසතු කිරීම වැනි දේ ය.

සියල්ලටත් වඩා, ග්‍රීක ධනේශ්වර හා වරප්‍රසාදිත මධ්‍යම පන්තික කොටස්වල නියෝජිතයින් ලෙස ගත් කල සිරිසාවට, කප්පාදු කෙරෙහි ග්‍රීසියේ ද යුරෝපය පුරා ද කම්කරු පන්තිය තුල පවතින පුලුල් විරෝධය හා කෝපය, යුස එරෙහිව බලමුලු ගැන්වීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. ඒ වෙනුවට ඔවුන් වෑයම් කලේ, ජර්මනිය, ප්‍රන්සය, ඉතාලිය වැනි යුස ප්‍රමුඛ බලවතුන් අතර පවතින බෙදීම් ගසාකෑමට ය. එමගින් ග්‍රීසිය මත පටවන කප්පාදු පිලිවෙත් ලිහිල්කර ගැනීම ගැන ය. එම සියලු තන්ත්‍රයන් මතභේද පසෙකලා කප්පාදු පැටවීමට පෙල ගැසීමත් සමග, මෙම පිලිවෙත බිඳ වැටුනි.

අවසාන විග්‍රහයේදී සිරිසාවේ මුලු ප්‍රතිපත්තියම පදනම් වූයේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවයක හැකියාව ප්‍රතික්ෂේප කිරීම මත ය. එයට දැක්වූ ක්‍රියාශීලී විරුද්ධත්වය ද සමගය. තමන් විසින්ම බෙදා හරින ලද කාඩ් අත දැන් සෙල්ලම් කරද්දී සිරිසාවට දැකගත හැකිව තිබෙන්නේ, නින්දිත දේශපාලන රෙදි ගලවා විසිකිරීමේ සෙල්ලමකට තමන් තල්ලුකර දමා ඇති බව ය. තමන් බලයට එන්නේ නතර කිරීමට යයි කිවූ ඒ කප්පාදු පිලිවෙත්ම දැන් වඩාත් මෘග ලෙස ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට බල කෙරේ.

සිරිසාවේ බංකොලොත්කම පිලිබද දේශපාලන නිගමනය කම්කරුවන් විසින් උකහාගත යුතුය. ග්‍රීසිය හා යුරෝපය පුරා මතුවී තිබෙන්නේ, ධනවාදයේ හා එහි දේශපාලන ක්‍රමයේ අසාර්ථකත්වයයි. කම්කරු පන්තිය මුහුනදෙන කර්තව්‍ය වන්නේ, රාජ්‍ය බලය හා සමාජවාදය සදහා විප්ලවවාදී අරගලයක් තුල බලමුලු ගැන්වී ගැනීම යි.

සිරිසාවේ අනුගාමිකයින් විප්ලවවාදී ප්‍රතිපත්තියක් යථාර්ථවාදී නොවේ යයි කියා සිටිනු නොඅනුමාන ය. තරයේ ම අයථාර්ථවත් බව සනාථ කෙරී ඇත්තේ, තමන්ගේ තත්කාර්යවාදී (අවස්ථාවාදී) සූදානම හා මාධ්‍ය විජ්ජා පෙරටුකරගත් සිප්රාස්ගේ හා සිරිසාවේ ප්‍රතිපත්තිය යි. ග්‍රීසියේ අත්දැකීමෙන් පෙන්වා ඇත්තේ, පන්ති බලවේගයන්ගේ නොපෑහිය හැකි ගැටුම පිලිබද මාක්ස්වාදී තක්සේරුවක් මත පදනම් වන විප්ලවවාදී දේශපාලනයට පමනක් අර්බුදය පිලිබද යථාර්ථවත් තක්සේරුවක් කල හැකි බව ය.

හදිසි අවශ්‍යතාවය, ග්‍රීසියේ හා යුරෝපයේ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම යි. එනම් කම්කරු පන්තිය තුල විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සදහා අරගලයේදී ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: