ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය ලොව වටා පේ‍්‍රක්ෂතයින් ඇද ගනියි

International Online May Day Rally draws worldwide audience

ෂැනන් ජෝන්ස් විසිනි, 2015 මැයි 04

ජාත්‍යන්තර කමිටුවේ දෛනික මාධ්‍ය මධ්‍යස්ථානය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා සංවිධානය කල රැලිය, 2014 පැවැත්වූ සාර්ථක මැයි රැලියෙන් පසුව පැවැත්වූ දෙවැන්නයි. මෙවර රැලියට ලෝකය පුරා 1500ට වැඩි පිරිසක් සහභාගී වූහ. බෙහෝ රටවලදී තැන් තැන්වලට එක්වූ බොහෝ දෙනෙක් ද එයට සවන් දුන්හ. මෙම සහභාගිත්වය පෙන්නුම් කලේ, ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද ව්‍යායාමය කෙරෙහි මෙන්ම, ඒ ඒ රටවල් තුල ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන අනවරත ප‍්‍රහාර හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව නැගෙන පුලුල් විරුද්ධත්වයයි.

කථිකයන් අතර ඇමරිකාවේ, ඔස්ටේ‍්‍රලියාවේ, ශ‍්‍රී ලංකාවේ, බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ හා නවසීලන්තයේ ජාත්‍යන්තර කමිටු නායකයින් ද වූහ. කථා ජර්මානු, සිංහල හා දෙමල භාෂා වලට එසැනින් පර්වර්තනය කරන ලදී.

රැස්වීම අතරතුර ලෝකය පුරා සියගනනක් දෙනා අදහස් ලියා දැක්වූහ. රැලිය වෙත අන්තර්ජාල යෙන් ශුභ පැතුම් එවා තිබුනි. ඒ අතර ඇමරිකාව, කැනඩාව, දකුනු ඇමරිකාව, යුරෝපය ආසියා පැසිෆික් කලාපය හා අප‍්‍රිකානු ශ‍්‍රාවකයෝ වූහ. මෙයට තුර්කිය, නවසීලන්තය, ඉන්දියාව, තායිලන්තය, ශ‍්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, දකුනු අප‍්‍රිකාව, ඝානා, සවුදි අරාබිය, යූඒඊ, ස්පාඤ්ඤය, ප‍්‍රන්සය, බෙල්ජියම, ජර්මනිය, නොර්වේ හා වෙනුසියුලාවේ ආධාරකරුවන් ද එක්ව සිටියහ.

ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සාමාජිකයින් වූ හෙලන් හෙල්යාඩ් හා ක‍්‍රිස්ටිනා බෙටිනිස් රැලියේ සම සභාපතිවරු වූහ.

ආරම්භක කථිකයා වූයේ ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘමන්ඩලයේ සභාපති හා ඇමරිකානු සසප ජාතික සභාපති ඩේවිඩ්නෝර්ත් ය.

රැලියේ අරමුන, අධිරාජ්‍යවාදී යුද්ධයට ජාත්‍යන්තර කම්කරු පන්තියේ විරුද්ධත්වය පල කිරීමට අවස්ථාවක් සැලසීම ද ලෝකය පුරා ධනපති ආන්ඩු හා අධිරාජ්‍යවාදී බලවතුන් අනුගමනය කරන මිලිටරිවාදී ප‍්‍රතිපත්තිවලට තුඩුදෙන ප‍්‍රධාන හේතු සොයා බැලීම ද යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ නව විප්ලවවාදී ව්‍යාපාරයක් පදනම් විය යුතු ක‍්‍රියාමාර්ගය විස්තාරනය කිරීම ද බව නෝර්ත් පැවසීය.

“පසුගිය වසර, එක්සත් ජනපදය හා එරට ප‍්‍රධාන අධිරාජ්‍යවාදී සහචරයින් විසින් අවුලුවනු ලැබූ අතොරක් නැති මිලිටරි ප‍්‍රචන්ඩත්වයේ උග‍්‍ර වීමක් අත්දුටුවේය. කලාපීය මැදිහත්වීම්, න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇවිලයාමේ තර්ජනය මතු කරන, හිස ඔසවමින් තිබෙන ගෝලීය සටන් සැලසුම්වල කොටස් ය.”

නෝර්ත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් විදේශයන්හි මිලිටරි ප‍්‍රචන්ඩත්වය පුලුල් කිරීම, දේශපාලන බලයේ සියලු ලීවරයන් පාලනය කරන ධනවත් මූල්‍ය ප‍්‍රභූව විසින් සමාජය කොල්ලකෑම ලෙස ප‍්‍රකාශයට පත්ව තිබෙන, රට තුල අභ්‍යන්තර අර්බුදයට සම්බන්ධ කලේය.

“ජනතාව පෙරට ඇදී එමින්, සිය පීඩකයන් විසින් තමන් මත පටවා ඇති බාධක බිඳගෙන යන අවස්ථා ඉතිහාසය අපට මුනගස්වයි. අප එලඹෙමින් සිටින්නේ එවන් ඓතිහාසික අවස්ථාවක් කරාය.” නෝර්ත් පැවසීය.

යුද්ධයට අවසන් තිත තැබිය හැක්කේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයකට පමනක් බව ඔහු අවධාරනය කලේය. විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලය මත සිය අරගලය පදනම් කරන්නේ, හජාජාක පමනක් බව ද ඔහු තිරසරව කියා සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුවේ ද ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ ද සමාජික නික් බීම්ස්, ලෝක ආර්ථිකයේ ව්‍යසනකාරී තත්වය විමසා බැලීය. 2008 මූල්‍ය කඩාවැටීම හමුවේ පාලක පන්ති අනුගමනය කල පිලිවෙත්, ඊටත් වඩා දැවැන්ත අර්බුදයකට වේදිකාව සකසා ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. එසේම, ලෝක මූල්‍ය ක‍්‍රමය බිඳ හෙලන ලද එම ආර්ථික ප‍්‍රතිඝතිතාවන්ම අධිරාජ්‍යවාදය, නව ලෝක යුද්ධයක් දියත් කිරීමේ දිසාවට තල්ලු කරයි.

“ලෝකය බෙදීමට ද යලි බෙදීමට ද යොමුවූ නව යුද්ධයක්, ශිෂ්ඨාචාරයේම පුනර්ජීවනයට තර්ජනය කරයි.” බීම්ස් පැවසීය. (බීම්ස්ගේ කථාව ද අනෙකුත් සියලු කථිකයින්ගේ එකතු කිරීම් ද ඉදිරි දිනවලදී ලෝසවෙඅ පලකරනු ඇත.)

ශ‍්‍රී ලංකාවේ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්, චීනය වැටලීමේ සිය ව්‍යායාමයේ කොටසක් ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදය, දිවයිනේ ජනතාව තම දේශපාලන කක්ෂය තුලට කෙලින්ම ඇද ගැනීමට උත්සාහ දරන බව පැහැදිලි කලේය. ජනනය කල හැකි ප‍්‍රතිවිපාක ගැන කිසිදු තැකීමක් නොමැතිව ඇමරිකාව, සමස්ත දකුනු ආසියාවම අස්ථාවර කිරීමේ ව්‍යායාමයක නිරතව සිටියි.

ජාත්‍යන්තර වශයෙන් කම්කරු පන්තිය මුහුන දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය, විප්ලවවාදී ක‍්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනයයි. හජාජාක සිය අරගලය පදනම් කරන්නේ, ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද නොනවතින විප්ලවයේ න්‍යාය මත බව ඔහු අවධාරනය කලේය.

හජාජාක ලේකම් පීටර් ෂ්වාස්, ජර්මනියේ හා යුරෝපය පුරා මිලිටරි වාදයේ පුනර්ජීවන පිලිබඳව කථා කලේය. මහාද්වීපය විනාශභාග් කල පූර්ව ලෝක යුද්ධ දෙකට මුල්වූ සියලු පරස්පර විරෝධතා යලි හිස ඔසවමින් තිබෙන බවට ඔහු අනතුරු ඇඟවීය. මහාද්වීපය සාමය හා සෞභාග්‍ය කරා මෙහෙයවීම කෙසේ වෙතත් යුරෝපීය සංගමය, කප්පාදුවේ හා මිලිටරිවාදයේ මූලාශ‍්‍රය බවට පත්වෙයි. ෂ්වාස් පැවසීය.

ඔහු ග‍්‍රීසියේ සිරිසාව බලයට පත්වීමේ අත්දැකීම් විමසා බැලීය. එය තීරනාත්මක ලෙස හෙලිදරව්කර ඇත්තේ, සියලු ව්‍යාජ වාම සංවිධාන යනු අධිරාජ්‍යවාදයේ හා කම්කරු පන්තියට පහර දෙන සහායක බලඇනියක් බවයි.

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් උලී රිපට් ඊලඟට කථා කලේය. නාසීන්ගේ අපරාධ සාපේක්ෂකරනය හා මකා දැමීම සිදුවන අතර දැවැන්ත මිලිටරි තරකිරීම් හා බැඳුනු ඉතිහාසය සංශෝධනය කිරීම ජර්මනිය තුල සිදුවෙමින් ඇත්තේ කෙසේ ද යන්න ඔහු වාර්තා කලේය.

මිලිටරිවාදය යලි ප‍්‍රවර්ධනය කිරීම දෙස මිලියන ගනනක් මිනිසුන් බලා සිටින්නේ කම්පාවෙන් හා කෝපයෙනි. ඓතිහාසික සත්‍යය යෝධ බලයකි. ඉතිහාසයේ පාඩම් මත පදනම් වෙමින් ජාත්‍යන්තර කමිටුව, මිලිටරිවාදයේ ප‍්‍රතිවාදී කඳවුර සවිඤානක ක‍්‍රියාමාර්ගයකින් සන්නද්ධ කරනු ඇතැයි ඔහු පැවසීය.

බි‍්‍රතාන්‍යයේ සසප ජාතික ලේකම් ක‍්‍රිස් මාස්ඩන්, ජනගහනයේ පහල සියයට 40සතු ජාතික ආදායමේ පංගුවට වඩා රටේ ධනවත්ම පුද්ගලයින් 117 දෙනා අතෙහි ධනය ඒකරාශී වී තිබීම ගැන සඳහන් කරමින්, සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනය කෙරෙහි අවධානය යොමුකරවීය. වැඩකරන ජනතාව මුහුනදෙන කිසිදු ගැටලුවක්, සමාජය මත අධිකාරය දරන මූල්‍ය වංශාධිපතිත්වයේ ග‍්‍රහනය නොබිඳ විසඳිය නොහැකි බව ඔහු අවධාරනය කලේය.

ඇමරිකානු සසප ජාතික කමිටුවේ හා ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සාමාජික බිල් වෑන් ඕකන්, ලතින් ඇමරිකාවේ තත්වය ගැන කථා කලේය. සංක‍්‍රමනිකයින්ට විරුද්ධව ඔබාමා පාලනය දියත්කර තිබෙන දඩයම ගැන සඳහන් කරමින් ඔහු, කම්කරුවන්ට තමන් කැමති රටක ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් සසප පෙනී සිටින බව අවධාරනය කලේය.

ඇමරිකාව හා කියුබාවේ කැස්ට්‍රෝවාදී පාලන තන්ත‍්‍රය අතර මෑතකදී ඇතිකරගත් ගිවිසුම කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු, ලතින් ඇමරිකානු කම්කරුවන් සඳහා ශක්‍ය ඉදිරිදර්ශනයක් ලෙස කැස්ට්‍රෝවාදය හුවා දැක්වූ ව්‍යාජ වාම බලවේගයන්හි දැක්මේ බංකොලොත්කම පිලිබඳ තවත් සනාථනයක් ලෙස එය ඉදිරියට පැමින තිබෙන බව සඳහන් කලේය.

නවසීලන්තයේ සමාජ සමානතා කන්ඩායමේ ප‍්‍රමුඛ සාමාජිකයෙකු වන ටොම් පීටර්ස්, ඇමරිකානු ආන්ඩුව ගෙන යන “ආසියාවට හැරීම,” “කලාපය ආතතීන්ගේ හා එදිරිවාදිකම්වල කල්දේරමක් තුලට” ඇද දමා ඇති බව පැවසීය. කලාපය තුල මිලිටරිවාදයේ වර්ධනය, විශේෂයෙන්ම ජපානය යලි සන්නද්ධවීමේ ක‍්‍රියාවලිය හා ඔස්ටේ‍්‍රලියාව පලමු ලෝක යුද්ධය තුල එකිනෙකා මරාගැනීමේ ව්‍යායාමය උත්කර්ෂයට නැංවීම ගැන ඔහු සඳහන් කලේය.

ඕස්ටේ‍්‍රලියානු සසප ජාතික ලේකම් ජේම්ස් කෝගන්, ආසියානු පැසිෆික් කලාපයේ වර්ධනයන් ගැන කථා කලේය. විශේෂයෙන්ම ඔහු පෙන්වා දුන්නේ, න්‍යෂ්ටික ව්‍යසනයක හැකියාව මතුකරන, චීනය ඉලක්ක කරගත් ඇමරිකාවේ යුද සැලසුම් ගැනය. චීක කම්කරු පන්තියට සිය ඉරනම චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ අනුකම්පාව මත පදනම් කල නොහැකිය. චීන කම්කරුවන් එරට ධනේශ්වරයේ සියලු පාර්ශවයන්ගෙන් දේශපාලනිකව ස්වාධීන විය යුතු අතර ආසියාවේ හා ලෝකය පුරා කම්කරු පන්තිය සමග සිය සන්ධානය ගොඩනගා ගත යුතුය.

ජර්මනියේ සසප ජාතික කමිටු සාමාජික ජොහැනස් ස්ටර්න් මැද පෙරදිග තත්වය ගැන කථා කලේය. එම කලාපය පලමු ලෝක යුද්ධයට පෙරාතුව බෝල්කන් ප‍්‍රදේශවල පැවති වෙඩි බෙහෙත් ගබඩාවට වඩ වඩාත් සමානකම් දක්වන බව ඔහු පෙන්වා දුන්නේය. “සමස්ත රටවල්ම නටඹුන් බවට පත්ව, මිලියන ගනනක් ජනතාව මරුමුවට පත්ව හෝ සරනාගතයන් බවට පත්ව ඇත.”

සියලු අධිරාජ්‍යවාදී බලවත්තු, ස්වාභාවික සම්පත් අතින් පොහොසත් කලාපය කොල්ලකෑමේ හා සිය අනසකට යටත්කර ගැනීමේ අරගලයකට පිවිස සිටිති. ව්‍යාජ වාම කන්ඩායම්, අධිරාජ්‍යවාදී මිලිටරි ආක‍්‍රමනිකත්වය මානව අයිතීන් සඳහා අරගලයක් ලෙස පින්තාරු කරමින්, විශේෂිතවම දුෂ්ඨ ක‍්‍රියාකලාපයක් ඉටුකර ඇත. ඊජිප්තුවේ ඛේදජනක වර්ධනයන්, ජනතාවගේ අරගලයට මග පෙන්වන විප්ලවවාදී නායකත්වය පිලිබඳ තීරනාත්මක ප‍්‍රශ්නය ලෙස මතුව තිබේ යයි ස්ටර්න් කියා සිටියේ ය.

බි‍්‍රතාන්‍ය සසප සහකාර ජාතික ලේකම් ජුලී හයිලන්ඩ්, යුරෝපය කරා සංක‍්‍රමනය වීමට උත්සාහ කරන සරනාගතයින් මුහනපා සිටින බිහිසුනු තත්වය කෙරේ අවධානය යොමු කලාය. මධ්‍යධරනී මුහුදේ ගිලී මිය යන දහස් ගනනක් සංක‍්‍රමනිකයින්ගේ විනාශයෙහි පූර්න වගකීම, “ඔවුන් ගිලී ගියාදෙන්” යන පිලිවෙත අනුගමනය කරන යුරෝපීය බලවතුන් වෙත පැවරෙන බව ඇය පැවසුවාය.

අඟහරු වෙත ගවේෂන චාරිකාවන්හි යෙදෙන, එක් යතුරු පහරකින් ලෝකය පුරා ඩොලර් ටි‍්‍රලියන ගනන් අන්තර්ජාලය හරහා මාරු කරන අද දවසේ ධනවාදය, තමන්ම නිර්මානය කල සමාජ භීෂනයට ගොදුරුවූවන්, තම සිදුරු තුලින් මිරිකා හැරීමට යලි වතාවක් උත්සාහ දරයි.” හයිලන්ඩ් පැවසුවාය.

අවසන් කථිකයා වූ ඇමරිකාවේ සසප ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර්, ලෝක යුද්ධයේ අන්තරාය අවතක්සේරු නොකල යුතු බව පැවසීය. ඇමරිකාව යෙදී සිටින්නේ ලෝකය ජයගැනීමේ ව්‍යාපාරයක ය. “බෝම්බ හා ඩ්‍රෝන් යානා පිරිවරාගෙන එය මැදිහත්වන සෑම රටක්ම ව්‍යසනය කරා තල්ලුවෙයි.” කිෂෝර් පැවසීය. කෙසේ වෙතත්, “රටක් රටක් පාසා විනාශය කටිද්දී, ඇමරිකානු පාලක පන්තිය මුහුනදෙන්නේ, තමන්ගේම දේශසීමා ඇතුලත සිටින වඩාත්ම හැකියාව හා බලය සහිත සතුරාට ය. එනම් ඇමරිකානු කම්කරු පන්තියටයි.” බැල්ටිමෝර්හි මෑතම වර්ධනයන් පෙන්වන්නේ, සමාජ පිපිරීමක් බවට පත්වීමට ඔන්න මෙන්න කියා ඇති සමාජ ආතතීන්ගේ තරම යයි කිෂෝර් කියා සිටියේය.

යුද්ධයට එරෙහි අරගලය දැනුවත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම ඉල්ලා සිටියි. “මෙම රැලිය නියෝජනය කරන්නේ, එම කර්තව්‍යයට උරදිය හැකි ශක්තිමත් බලවේගයකි.... පොදු දේශපාලන ක‍්‍රියාමාර්ගයක් පදනම් කරගත් ලෝක පරිමාන එකම ව්‍යාපාරයයි. එනම්, විප්ලවවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදයයි.”

සමාප්තියේදී ඔහු, සමාජවාදය සඳහා අරගලය ද සසප හා ජාත්‍යන්තර කම්ටුවේ ක‍්‍රියාමාර්ගය හැදෑරීම ද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමට සම්බන්ධවීමේ තීරනය ද ගන්නා ලෙස සහභාගී වූ අයගෙන් ඉල්ලා සිටියේ ය.

Share this article: