යුරෝපා සංගමය සහ යුරෝපීය මිලිටරිවාදයේ පුනරාගමනය

The European Union and the return of European militarism

පීටර් ෂ්වාර්ස් විසිනි, 2015 මැයි 6

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාර්ස් විසින් මෙම දේශනය පවත්වනු ලැබුවේ ජාත්‍යන්තර කමිටුව 03දා පවත්වන්නට යෙදුනු අන්තර්ජාල අන්තර්ජාතික මැයි දින රැලිය සඳහා ය.

සහෝදරවරුනි, මිත‍්‍රවරුනි,

යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 70 වන සංවත්සරය එලඹෙන සිකුරාදාට යෙදී ඇත. 1945 මැයි 8 දා ජර්මානු වේමාක්ට්හි ඒකාබද්ධ හමුදාවේ ඉහල අනදෙන මන්ඩලය යටත් වීමේ ගිවිසුමට අත්සන් තැබූහ.

ඓතිහාසික අර්ථයෙන් ගත් කල, වසර 70ක් යනු කෙටි කාලයකි. යුද්ධය අවසන් වන විට අඩු වසයෙන් 15 වන වියෙහි සිටි අය මිලියන 2ක් තවමත් ජර්මනියේ ජීවත් වෙති. ඔවුන් ගැටවරයන් හෝ වැඩිහිටියන් ලෙස යුද්ධය පුද්ගලිකව අත්දැක තිබේ. ඊට පසුව උපන් අය, විනාශ වූ නගරවල, වදවේදනා විඳි මිනිසුන්ගේ හා රැඳවුම් කඳවුරු තුල ගොඩගසා තිබූ ඉතා කෘශ සිරුරුවල භයංකර පින්තූර දැක තිබේ.

එවන් භයංකර විනාශයක් යුරෝපය තුල යලිත් සිදු විය හැකිද?

2015 මැයි දින රැලියේ දී පීටර් ෂ්වාර්ස් පැවැත්වූ කතාව

දීර්ඝ කාලයක් තිස්සේ මෙම ප‍්‍රශ්නයට ලැබුනු නිල පිලිතුර නැත යන්නයි. යුරෝපයේ සමීප ආර්ථික ඒකාග‍්‍රකරනය, පොදු මුදල් ඒකකය සහ අභ්‍යන්තර දේශසීමා ඉවත් කිරීම මගින් යුරෝපය ලෝක යුද්ධ දෙකක කේන්ද්‍රය බවට පරිවර්තනය කල ගැටුම් අහෝසි කර ඇතැයි කියනු ලැබීය. යුරෝපා සංගමය “යුරෝපයේ ඒකාබද්ධතාවේ” අනුරූපයක් බව ද එය යුරෝපීයයන් කිසිදාක යලිත් එකිනෙකාට වෙඩි තබා නොගන්නා බවට සහතිකයක් යයිකියන ලදී.

මෙය සෑම විටම පචයක් වී තිබේ. යුරෝපා සංගමය යුරෝපයේ මහජනතාව ඒකාබද්ධ කර නැත. එය නිරතුරුවම අතිශය බලගතු ආර්ථික හා මූල්‍ය ආයතනවල මෙවලමක් වී තිබේ. ඔවුන් එය පාවිච්චි කලේ රට තුල කම්කරු පන්තියට ද ජාත්‍යන්තරව සිය ප‍්‍රතිවාදීන්ට ද එරෙහි අවියක් ලෙසයි. යුරෝපා සංගමය, 1914 හා 1945 අතරතුර යුරෝපය අපායක් බවට පරිවර්තනය කල ප‍්‍රතිවිරෝධතා ජයගත්තේ නැත. ඒ වෙනුවට එය ඒවා ප‍්‍රතිනිර්මානය කර ඇත.

අද යුරෝපයේ වඩාත් සමීප පරීක්ෂනයක් පෙන්නුම් කරන්නේ, ලෝක යුද්ධ දෙකක විනාශයට තුඩු දුන් සියලු සමාජ ගැටලු හා ප‍්‍රතිවිරෝධතා යලිත් වරක් වර්තමානයේ ඉස්මතුවී ඇති බවයි.

අපි සමාජ තත්වය සැලකිල්ලට ගතහොත්, මීට පෙර කිසිදාක යුරෝපය තුල පන්ති ප‍්‍රතිවිරෝධතා මෙතරම් තියුනුව නොතිබුනි.

මීට වසර 25කට පෙර, නැගෙනහිර යුරෝපය තුල ධනවාදය යලි හඳුන්වා දීම සමග, සෞභාග්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ පොරොන්දු අත්වැල් බැඳ ගනු ලැබින. දැන්, එහි බොහෝ කම්කරුවන්ගේ ආදායම් චීනයේ මට්ටමට වඩා පහලය. සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති කඩාවැටී, ආන්ඩු තුල දූෂනය ඉහවහා ගොස් ඇත.

“කප්පාදුව”, නමැති වචනය, යුරෝපය පුරා, වැටුප්වලට, විශ‍්‍රාමික සහන වලට, රැකියාවන්ට හා සමාජ ප‍්‍රතිලාභ වලට එරෙහි නිමක් නැති ප‍්‍රහාරවල හරය බවට පත්ව ඇත. ග‍්‍රීසිය නියමු ව්‍යාපෘතියක් ලෙස කටයුතු කරයි. තුන් කට්ටුවේ නියෝග මගින් මිලියන සංඛ්‍යාත ජනයා දුගී බවට ඇද දමා තිබේ. නිල විරැකියා අනුපාතය සියයට 25ට ඉහලින් පවතින අතර කෝටි සංඛ්‍යාත ජනයාට කිසිදු ආදායම් මාර්ගයක් නැතිව ආහාර බැංකු මත යැපීමට සිදුව තිබේ. ජනගහනයෙන් හතරෙන් එකකට සෞඛ්‍ය සේවාවන් වෙත කිසිදු ප‍්‍රවිෂ්ටයක් නැත.

ජර්මනිය, එනම් මහාද්වීපයේ ප‍්‍රධාන ආර්ථිකය තුල, හත් දෙනෙකුට එක් අයෙක් දුගී භාවයට පත්ව ඇත. රැකියාවන්හි නියුතු සියලු දෙනාගෙන් සියයට 39ක් යෙදී සිටින්නේ අනියම් රැකියාවල, එනම් අර්ධ-කාලීන, තාවකාලික හෝ සුලු රැකියාවල.

සමාජය මුදුනේ ධනය කඳුගැසී ඇත. ජර්මානු කොටස් වෙලඳ පොල දර්ශකය, ජර්මනිය ඒකාබද්ධ වීමට පෙර පැවතුනේ 2000ට පහලිනි. දැන් එය 12,000 මට්ටමේ පවතී. මෙම විශ්මයජනක වැඩිවීම ආර්ථික වර්ධනයක ප‍්‍රතිඵලය නොවේ. එය පිලිබිඹු කරන්නේ, කම්කරු පන්තියේ වියදමින් මූල්‍ය කතිපයාධිකාරය අසීමිතව පොහොසත් වී තිබීමයි.

සමාජ අසමානතාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග නොපෑහෙන මට්ටමට ලඟා වී ඇත. සමාජය භේදයන්ගෙන් වඩ වඩාත් ඉරිතලා යද්දී, දේශපාලන පක්ෂ එක මගකට පිවිස ඇත. නාමිකව වාමාංශික හෝ දක්ෂිනාංශික වුවත්, ඔවුන් සියල්ලන්ම අනුයන්නේ එකම ප‍්‍රතිගාමී පිලිවෙතයි. දැන් ඡන්ද පෙට්ටිය හරහා දේශපාලන සිද්ධීන්ට බලපෑම් කිරීම මුලුමනින්ම පාහේ නොහැකි දෙයක් බවට පත්ව තිබේ.

පාලක ප‍්‍රභූන් මෙයට ප‍්‍රතිචාර දක්වන්නේ, දැවැන්ත ඔත්තු බැලීමේ හා පොලිස් යාන්ත‍්‍රනයක් ගොඩනැගීම මගිනි. ඔවුන් මහජනතාව දකින්නේ, බියගැන්විය යුතු මර්දනය කල යුතු සතුරන් ලෙසයි.

යුරෝපය බිඳවැටීමේ වඩාත්ම මාරක ප‍්‍රකාශනය, මිලිටරිවාදය කරා ආපසු යාමයි. 1990 ගනන්වල සිට, යුරෝපීය බලවත්තු, මැද පෙරදිග හා අප‍්‍රිකාවේ එක්සත් ජනපද-නායකත්වයෙන් යුත් යුද්ධවලට සහභාගි වී ඇත. එහෙත්, යුක්රේනය තුල බටහිර බලවතුන් සැලසුම් කල බල කොල්ලය සමග, යුරෝපීය මිලිටරිවාදය නව මානයක් අත් කර ගෙන තිබේ.

නැටෝව සිය මූලෝපාය සංශෝධනය කොට, යලිත් වරක් සිය දැවැන්ත අවි ගබඩාව රුසියාවට එරෙහිව එල්ල කරයි. රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයක් තව දුරටත් න්‍යායික ශක්‍යතාවක් නොව, සැබෑ අන්තරායකි.

ලෝකය අලුතෙන් බෙදා ගැනීම හා යලි බෙදාගැනීම පිනිස වන අධිරාජ්‍යවාදී බලයන්ගේ කොල්ලකාරී තල්ලුවට එක්වීම සඳහා යුරෝපය, යලි සන්නද්ධ වෙමින් සිටියි. ජර්මානු අධිරාජ්‍යවාදය, යුක්රේනය දෙසට ගමන් කිරීම මගින්, සිය සම්ප‍්‍රදායික ව්‍යාප්තියේ දිශාව යලි අරඹා ඇත. එහෙත් එකම ඉලක්කය රුසියාවම නොවේ. යුරෝපීය බලවතුන් මැද පෙරදිග මෙන්ම උතුරු හා මධ්‍යම අප‍්‍රිකාව තුල ද වඩවඩා ක‍්‍රියාශීලීව සිටියි.

යුරෝපීය එකමුතුකමේ මතුපිට පෙනුමට යටින් ආතතීන් වර්ධනය වෙයි. “යුරෝපයට නායකත්වයදීමේ” බර්ලිනයේ අභිලාෂයන්, පැරිසියේ හා සෙසු යුරෝපීය අගනගරවල කනස්සල්ලට හේතුවී ඇත.

යුරෝපය යුද පිටියක් බවට පරිවර්තනය කල ගැටුම් යලි මතුවෙමින් තිබේ. යුරෝපා සංගමය ජාතික හා ප‍්‍රාදේශීය කොටස්වලට බිඳීයාම ඉක්මනින්ම සිදු වීමට නියමිත ය. යුරෝපා සංගමයට, ග‍්‍රීඑක්සිට් එකක්, එනම් ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත් වීමක් දරා ගත හැකි ද යන්න මත මාස ගනනාවක් තිස්සේ උනුසුම් වාදයක් පැවතුනි. දැන් ඊට වඩා විශාල බී‍්‍රඑක්සිට් එකක්, එනම් බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමක අන්තරාය මතුවී තිබේ.

එක්සත් ජනපදය ඇතුලු අන්තර්-අත්ලාන්තික් සන්ධානය හෙවත් නේටෝව ද එවන් ආතතීන්ගෙන් ඉරි තලා ඇත. රුසියාවට එරෙහි ඔවුන්ගේ සහයෝගිතාව කෙසේවෙතත්, ජර්මනිය හා එක්සත් ජනපදය, නැගෙනහිර යුරෝපය, කලු මුහුදු කලාපය, රුසියාව තුල හා චීනය තුල, මූලෝපායික ප‍්‍රතිවාදීහු වෙති.

යුරෝපීය ජනතාවගේ අති මහත් බහුතරය, මිලිටරිවාදය, ස්වෝත්තමවාදය, පරභීතිකාව හා සමාජ අසමානතාවට සතුරුය. මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන් ඒවාට එරෙහිව සටන් වැදීමේ මාවත් සොයයි. මහාද්වීපය පිපිරීමට ආසන්න පමන ඉක්මවා රත් වූ බොයිලේරුවකට සමාන ය.

අඩුවකට ඇත්තේ, මෙම පරිශ‍්‍රමයන්ට ප‍්‍රකාශනයක් අත්පත් කරදෙන, ශක්‍ය ඉදිරිදර්ශනයක් හා දේශපාලන හඬකි.

එකිනෙකාට එරෙහිව සටන් වදින තරගකාරී රාජ්‍ය හා කලාප බවට යුරෝපය බිඳදැමීම ව්‍යසනයක් වනු ඇත. එහෙත් යුරෝපා සංගමය ආරක්ෂා කිරීම තත්වය තවත් නරක් කරනු ඇත. එය කප්පාදු පිලිවෙත්වල, ආඥාදායකත්වයේ හා මිලිටරිවාදයේ මූලාශ‍්‍රයයි -- එනම්, යුරෝපය කැබලිවලට ඉරා දමන කේන්ද්‍රාපසාරී ප‍්‍රවනතා නිර්මානය කරන එම බලවේගවල ම මූලාශ‍්‍රයයි.

මෙම පාඩම ග‍්‍රීසියේ මෑත සිද්ධීන් මගින් මැනවින් පැහැදිලි කෙරෙයි.

රැඩිකල් වාම සභාගය - සිරිසා -- මැතිවරනය ජයගත්තේ කප්පාදු පිලිවෙත් නතර කරන බවට දුන් පොරොන්දු මතයි. කෙසේවෙතත්, එය අවධාරනය කලේ, තමන් යුරෝපා සංගමයෙන් බිඳෙන්නේ නැති බවයි. තමන් යුරෝ කලාපය තුල රැදී සිටින බවයි.

සිය මැතිවරන වැඩපිලිවෙල ප‍්‍රතික්ෂේප කොට තමන් බලයට පත් කිරීමට ඡන්දය දුන් දරිද්‍රතාවේ ගිලී සිටින වැඩ කරන ජනතාව මුලුමනින්ම පාවා දීමට සිරිසා ආන්ඩුව ගත්තේ මාසයකට අඩු කාලයකි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට නම්, මෙම තුච්ඡ පාවාදීම පුදුමයට කාරනාවක් වුනේ නැත. සිරිසා කතා කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නොවේ, ග‍්‍රීක පාලක ප‍්‍රභූවේ සහ ධනවත් ඉහල මධ්‍යම පන්තියේ කොටස් වෙනුවෙනි.

ඔවුන්ට යුරෝපා සංගමය සමග උපායාත්මක මතභේද තිබෙන්ට පුලුවන් නමුත්, ග‍්‍රීසිය තුල ස්වකීය සංගත හා මූල්‍ය අවශ්‍යතාවන්ට තර්ජනය කරන පිලිවෙත් තබා, යුරෝපීය ධනවාදය අස්ථාවර කරන පිලිවෙත් පවා ක‍්‍රියාවට දැමීමක් ඔවුන්ට අවශ්‍ය නැත.

ඔවුන් යුරෝපීය කම්කරු පන්තියට ආයාචනා නොකලේ ද පරභීතික ස්වාධීන ග‍්‍රීකයන් සමග සභාගයක් තනාගත්තේ ද තුන් කට්ටුවේ සෑම ඉල්ලීමකට ම යටත් වුනේ ද එමනිසා ය. ඒ අතරතුර, ඔවුන් සමාජ අසහනය ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටියි.

ග‍්‍රීසියේ සිද්ධීන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා මූලික දේශපාලන අත්දැකීමකි. සිරිසා ඉටු කල ක‍්‍රියාකලාපය, කම්කරු පන්තික පන්ති අරගලය “අනන්‍යතා න්‍යාය පත‍්‍ර” සන්නාහයෙන් විස්ථාපනය කර ඇති ව්‍යාජ-වාම මධ්‍යම පන්තික දේශපාලනයේ ප‍්‍රතිගාමී ස්වභාවය පිලිබඳ ව්‍යසනකාරී එලිදරව්වකි.

ජර්මනියේ වාම පක්ෂය, ස්පාඤ්ඤයේ පොඩෙමොස් සහ ලොව පුරා නිමක් නැති කුඩා කන්ඩායම්, මෙම න්‍යාය පත‍්‍රය අනුයයි. ඔවුහු සිරිසා සංවිධානයේ උද්යෝගිමත් ආධාරකරුවන් වන අතර ඔවුන් කතා කරන්නේ ද එම ධනවත් සමාජ තට්ටු වෙනුවෙන් ම ය. ඔවුන් මුලුමනින්ම යෙදී සිටින්නේ, සමාජයේ ධනවත්ම සියයට 10 ඇතුලත, ධනය වඩා සමාන ආකාරයකට බෙදීමක් සාක්ෂාත් කරගැනීමෙහි ය. අතිශයින් ම ධනවත් කොටස් කෙරෙහි ඊර්ෂ්‍යා සහගතව සිටින ඔවුහු, කම්කරු පන්තියට ගරහන අතර කම්කරු පන්තිය කෙරෙහි භීතියෙන් පසු වෙති.

අප පැහැදිලි කල පරිදි, යුරෝපා සංගමය ආරක්ෂා කිරීම හා ජාතික රාජ්‍යය ශක්තිමත් කිරීම අතර පවතින වෙනස සාවද්‍ය එකකි. යුරෝපා සංගමය ම, යුරෝපය කැබලිවලට බිඳ දමන බලවේග නිර්මානය කරයි.

යුරෝපයේ මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යුරෝපය ඒකාබද්ධ කිරීමේ ද එහි අතිමහත් සම්පත් සියල්ලන්ගේ ම යහපත තකා යොදා ගැනීමේ ද මිලිටරිවාදය නතර කිරීමේ ද එකම ක‍්‍රමය, යුරෝපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයයි.

යුරෝපීය කම්කරු පන්තියේ ස්වාධීන බලමුලුගැන්වීම පමනක්ම, එලඹෙන ව්‍යසනය නතර කිරීමට සමත් වනු ඇත.

සියලු යුරෝපීය රටවල කම්කරුවෝ, යුරෝපා සංගමයට හා එහි ආයතනවලට එරෙහිව ඒකාබද්ධ විය යුතුය. ඔවුහු කම්කරු ආන්ඩු පිහිටුවිය යුතුය. ඒවා දැවැන්ත ධන සම්පත්, බැංකු හා විශාල සංගත අස්වාමික කොට ආර්ථිකය සමාජවාදී පදනමක් මත ප‍්‍රතිසංවිධානය කොට, මූල්‍ය වංශාධිපති පැලැන්තියක ලාභ අවශ්‍යතා වෙනුවට සමස්තයක් ලෙස සමාජයේ සේවයට එය යොමු කරනු ඇත.

Share this article: