දකුනු ආසියාව, එක්සත් ජනපදයේ “හැරීම” හා නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය

South Asia, the US “pivot” and the perspective of permanent revolution

විජේ ඩයස් විසිනි, 2015 මැයි 5

මෙම කථාව පවත්වනු ලැබුවේ, ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විසින්ය. ඒ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 03දා සංවිධානය කල ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා ය.

සහෝදරවරුනි, මම කථාකරන්නේ ශ‍්‍රී ලංකාවේ කොලඹ සිටයි.

ලොව පුරා නැගෙන භූ-දේශපාලනික සතුරුකම් හා යුද තර්ජනය දකුනු ආසියාව තුල දී තියුනු රූපාකාරයක් අත්පත් කරගනිමින් සිටියි. සමස්ත කලාපයම එම වාසුලියට ඇද ගනු ලබන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෝලීය ආධිපත්‍යය සඳහා වූ සිය අභිලාෂයන් සහ චීනය ඉලක්ක කරගෙන එය මිලිටරිමය ලෙස වටලෑමේ සිය “ආසියාවට හැරීමේ” පිලිවෙත අනුයන තතු යටතේ ය.

මෙහි ප‍්‍රතිවිපාක ශ‍්‍රී ලංකාව තුල වඩාත් පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත්ව ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයෙක්, ජෝන් කෙරී, දශකයකට පසු ප‍්‍රථම වතාවට මෙරටට පැමින තිබේ. ඔහුගේ ප‍්‍රකාශිත අරමුන නම් එක්සත් ජනපදය හා ශ‍්‍රී ලංකාව අතර සබදතා “යලි පිහිටුවීමයි”. වෙනත් වචනවලින් කියතොත්, මෙම මූලෝපායික පිහිටීමක් සහිත දිවයින එක්සත් ජනපද කක්ෂය තුල දෘඩතරව පිහිටුවීම සහතික කරගැනීමයි.

වොෂිංටනය මේ වන විටත්, සබඳතා “යලි පිහිටුවීම” පිනිස දැවැන්ත පරිශ‍්‍රමයක් දරා ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව චීනය සමග ගෙනගිය සබඳතා ගැන වෛරී සහගත වූ, එක්සත් ජනපදය, සිය පිලිවෙත් සකසා ගැනීමට රාජපක්ෂට බල කරනු පිනිස මනාව සැලසුම් කෙරුනු “මානව හිමිකම්” පිලිබඳ ව්‍යාපාරයක් දියත් කලේය. එය අසාර්ථක වූ කල, වොෂිංටනය මෙම ජනවාරි ජනාධිපතිවරනයේ දී ඔහු විස්ථාපනය කර මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත් කිරීමේ ව්‍යාපාරයට පිටුබලය දුන්නේය. එහි දී කෙරී සෘජු ක‍්‍රියාකලාපයක් ඉටු කල අතර ඔහු මැතිවරන දින රාත‍්‍රියේ රාජපක්ෂට දුරකතන ඇමතුමක් දී සිරිසේන වෙත “සුමට ලෙස බලය මාරු කිරීමක්” ධවල මන්දිරයට අවශ්‍ය යයි අනතුරු ඇඟවීය.

මේ සති අන්තයේ කෙරීගේ සංචාරයට පෙර, ඉහල පෙලේ ඇමරිකානු මිලිටරි හා රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරින් ගනනාවක් ම, පසුගිය මාස තුන තිස්සේ, කොලඹට පැමින නව ආන්ඩුව සමග සාකච්ඡා පවත්වා ඇත. කෙරීගේ රාජකාරිය වන්නේ, සිරිසේන වොෂිංටනයේ අවශ්‍යතාවන්ට මුලුමනින්ම නතු කරගැනීමත් චීනය සමග වන මොනයම් හෝ ගැටුමක දී ඔහු විශ්වාසය තැබිය හැකි අයකු බවත් සහතික කරගැනීමයි.

කොලඹ සිදු කෙරුනු තන්ත‍්‍ර මාරු මෙහෙයුම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පරිපූර්න කෘර ස්වභාවය පිලිබඳ අනතුරු ඇඟවීමකි. එය සමස්ත කලාපයම අස්ථාවර කරන්නේ, එහි ප‍්‍රතිවිපාක ගැන කිසිදු තැකීමක් නැතිවය. ගෝලීය ධනවාදයේ දරුනු වන බිඳවැටීමකින් දුවවනු ලබන, එක්සත් ජනපදය, රාජ්‍යතාන්ත‍්‍රික කූටෝපායන් හා ප‍්‍රකෝපකරනයන් හරහා ද මිලිටරි විධික‍්‍රම හරහා ද, සිය ඓතිහාසික කඩාවැටීම ආපසු හරවා ගැනීමේ මංමුලාසහගත උත්සාහයක යෙදී සිටී.

දකුනු ආසියාව තුල වොෂිංටනයේ කූටෝපායන්ට කේන්ද්‍රීය වන්නේ, ඉන්දියාව සමග පවත්නා එහි මූලෝපායික හවුල්කාරිත්වයයි. එය හින්දු අධිපතිවාදී නරේන්ද්‍ර මෝදි අගමැති ලෙස තේරී පත්වීමත් සමග ගැඹුරු වී තිබේ. වසර ගනනාවක් තිස්සේ, මෝදිට එක්සත් ජනපදයට ඇතුලුවීම තහනම් කර තිබුනා. ඒ ගුජරාටයේ මුස්ලිම්-විරෝධී ජනඝාතන තුල ඔහු ඉටු කල කේන්ද්‍රීය ක‍්‍රියාකලාපය නිසාය. එහෙත් දැන් එම මෝදි වොෂිංටනයේ එවන් ස්වේච්ඡා අපසහායකයෙක් බවට පත්ව ඇති අතර, ඔහුගේ “මානව හිමිකම්” වාර්තාව පසෙකට විසි කොට ඔහුට රාජකීය සැලකිලි ලබා දෙයි.

ලහිලහියේ කෙටි කලක් තුල දෙපසටම සිදු කෙරුනු නිල සංචාර සැලකූ කල ඒ සම්බන්ධයෙන් වෙනත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. එක වසරක් ඇතුලත, කෙරී සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හෙගල් නව දිල්ලියට ගිය අතර මෝදි වොෂිංටනයේ සංචාරය කර තිබේ.

ඔබාමා පසුගිය ජනවාරියේ දී ඉන්දියාවේ ජනරජ දින සැමරුමේ ගරු කටයුතු අමුත්තා විය. ඒ එක්සත් ජනපද ජනාධිපතිවරයකු එවන් තත්වයක් ලද ප‍්‍රථම වතාවය. සමීප මිලිටරි සහයෝගිතාව අවධාරනය කෙරෙන කාරානවක් වන්නේ, දැන් ඉන්දියාවේ විශාලතම මිලිටරි සැපයුම්කරුවා රුසියාව නොව එක්සත් ජනපදය වීමයි.

වොෂිංටනයේ පිටුබලය, වඩා ආක‍්‍රමනික ලෙස සිය බලය කලාපය පුරා පතුරුවාලීම ඉන්දියානු පාලක පන්තිය තව දුරටත් දිරිගන්වයි. මෝදි දැනටමත පකිස්තානයට හා චීනයට එරෙහිව වඩා ප‍්‍රකෝපකාරී ආස්ථානයක් ගනිමින් සිටී. මෙහි දී මතක් කල යුත්තේ, ඉන්දියාව හා පකිස්තානය පසුගිය 60 වසර තුල දැනටමත් තුන් වතාවක් යුද්ධ කර ඇති බවයි. ඉන්දියාව හා චීනය ලේවැකි දේශසීමා යුද්ධයක් සිදු කර ඇත. දැන් මෙම රටවල් තුනම සතුව න්‍යෂ්ටික අවි ඇත.

දකුනු ආසියානු ජනතාවගේ ඉරනම සම්බන්ධයෙන් වොෂිංටනය දක්වන පිලිකුල, ප‍්‍රමුඛ ඇමරිකානු මූලෝපායඥයකු වන ඇන්තනි කෝඩ්ස්මන් විසින් රචිත විෂඝෝර වාර්තාවක් මගින් අවධාරනය කෙරෙනවා. ඔහු අනාවැකි පල කරනවා, ඉන්දියාව හා පකිස්තානය අතර ඇති වන න්‍යෂ්ටික යුද්ධයකින් දස කෝටි ගනනක් නොවේ නම් කෝටි ගනනක් භයංකර ලෙස මරුමුවට පත් විය හැකි බව. එහෙත් එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත හොත්, ඔහු කියා සිටින්නේ, යුද්ධය “අවශ්‍යයෙන්ම බැරෑරුම් දැවැන්ත මූලෝපායික ප‍්‍රතිවිපාක ගෙන එනු නැති” බවයි. “සමහර විට එය ප‍්‍රතිලාභ ගෙන ආ හැකි” බවයි.

එක්සත් ජනපදය දශකයකට වැඩි කාලයක් තිස්සේ යුද්ධයක් හා මිලිටරි වාඩිලාගැනීමක් ගෙනයමින් දැනටමත් ඇෆ්ඝනිස්තානය විනාශ කර ඇත. ඔබාමා තේරී පත්වීමත් සමග, ඇෆ්ඝන් යුද්ධය ඇෆ්පැක් යුද්ධයක් බවට පත්වුනා. සීඅයිඒ සංවිධානය පකිස්තානයේ දේශසීමා ප‍්‍රදේශ මත ඩ්‍රෝන් මිසයිල වැසි වස්සවමින්, සිවිල් වැසියන් සිය ගනනින් ඝාතනය කිරීමේ දිගටම යෙදී සිටිනවා. මෙය පකිස්තාන ආන්ඩුවේ අර්බුදය තව දුරටත් උග‍්‍ර කරමින්, ඉන්දියාව සමග ආතතීන් තව දුරටත් තීව‍්‍ර කරනවා.

දකුනු ආසියාවේ කිසිදු මුල්ලකට අධිරාජ්‍යවාදී මැදිහත්වීමෙන් ගැලවීමක් නැහැ. වොෂිංටනය ශ‍්‍රී ලංකාව තුල එක්සත් ජනපද මෙරයින් බලකායන් යෙදවීම පිනිස 2004 සුනාමිය යොදා ගත්තේ යම් සේ ද, එලෙසම, පෙන්ටගනය, නේපාලයේ ව්‍යසනකාරී භූමිකම්පාව, එම රටට එක්සත් ජනපද මිලිටරිය යැවීම සඳහා හේතුවක් ලෙස ගසා කනවා.

අද හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලොව පුරා කම්කරුවන්ට කැඳවුම් කර සිටින්නේ, ධනවාදය නිර්මානය කරන විනාශයට, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වන අරගලය මගින්, ප‍්‍රතිචාර දක්වන ලෙසයි. දකුනු ආසියාව තුල එයින් අදහස් කෙරෙන්නේ, කම්කරු පන්තිය, ධනේශ්වරයේ සෑම පක්ෂයක්ම හා කන්ඩායමක් ම ද ඔවුන්ගේ කරේ එල්ලී සිටින ස්ටැලින්වාදී, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම ඒජන්තයන් ද ප‍්‍රතික්ෂේප කල යුතු බවයි. පාලක පන්තියේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, අධිරාජ්‍යවාදයට මුලුමනින්ම යටත් වීම සහ වැඩ කරන ජනතාවගේ රැකියාවන්ට හා ජීවන කොන්දේසිවලට එරෙහි ගැඹුරු වන ප‍්‍රහාරයකි. කම්කරු පන්තියෙන් එල්ල වන විරුද්ධත්වය ගැන භීතියෙන් ගල්ගැසී ඇති ඔවුහු ජාතික, ප‍්‍රාදේශීය, භාෂාමය හා ආගමික වෙනස්කම් අවුලුවාලමින් කම්කරුවෙකුට එරෙහිව කම්කරුවෙක් පිහිටුවීමට උත්සාහ කරනවා.

කම්කරු පන්තිය මෙය ප‍්‍රතික්ෂේප කල යුතුයි. මීට සිය වසකටත් වඩා පෙර, ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලව න්‍යාය තුල පැහැදිලි කලේ, පසුගාමී රටවල ජාතික ධනේශ්වරය, මහජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික හා සමාජ අභිලාෂයන් සපුරාලීමට මුලුමනින්ම අපොහොසත් බවයි. යලියලිත් මෙය, ඉන්දියානු උප-මහාද්වීපයේ කම්කරු පන්තියේ කටුක අත්දැකීම් තුල ඔප්පු වී ඇත.

කම්කරු පන්තිය පමනක් ම, ගොවි ජනතාව හා නාගරික දුගීන් ද නැගිටුවා ගනිමින්, යුද තර්ජනය අවසන් කර දැමීමටත් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තහවුරු කිරීමටත් මනුෂ්‍ය වර්ගයා සඳහා ශිෂ්ඨ සම්පන්න අනාගතයක් සම්පාදනය කිරීමටත් සමත් වනු ඇත. මෙය ජාත්‍යන්තර අරගලයකි. එහි දී දකුනු ආසියාවේ කම්කරුවෝ -- ඉන්දියාවේ බිලියන අඩකට ආසන්න සහ පකිස්තානයේ, බංග්ලාදේශයේ හා ශ‍්‍රී ලංකාවේ තවත් කෝටි ගනනාවක් වන කම්කරුවෝ -- ඔවුන්ගේ කාර්යභාරය ඉටු කල යුතුයි. තීරනාත්මක ප‍්‍රශ්නය, විප්ලවවාදී ක‍්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනයයි, අන් සියල්ලටමත් වඩා, විප්ලවවාදී නායකත්වයයි, එය සම්පාදනය කල හැක්කේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවටම පමනි.

දකුනු ආසියාව පුරා ද එක්සත් ජනපදය හා සෙසු අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ඇතුලු, ලොව වටා කම්කරුවන්ගෙන්, එලඹෙන විප්ලවවාදී අරගල සඳහා, සෑම රටක් තුලම, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ සටනට අප හා එක්වන ලෙසට අපි ඉල්ලා සිටිමු.

Share this article: