දකුනු කොරියාව තුල විශාල ආන්ඩු විරෝධී පෙලපාලි

Large anti-government protests in South Korea

බෙන් මැක්ග්‍රාත් විසිනි, 2015 නොවැම්බර් 17

වසර ගනනාවකට පසු දකුනු කොරියාවේ විශාල ම විරෝධතාව සෙනසුරාදා සෝල් හි දී පැවත්වුනි. කම්කරුවෝ, ගොවියෝ හා තරුනයෝ ජනාධිපති පාර්ක් ගුඑන්-හයි ගේ පාලනය සහ කම්කරු කොන්දේසි හා අධ්‍යාපනයට එරෙහි ප්‍රහාර, විශේෂයෙන් ම රටේ පැවති ඒකාධිපතිත්වය උත්කෘෂ්ටත්වයට නැංවීම සඳහා ඉතිහාස පෙලපොත් නැවත ලිවීම හෙලාදුටුවෝ ය.

සංවිධායකයින්ගේ ගනන් බැලීම්වලට අනුව, විරෝධතාව අවහිර කිරීමට බලමුළු ගැන්වුනු 20,000ක කැරලි මර්දන පොලීසිය නො තකා 130,000ක් පෙලපාලියට එක් වූහ. ආන්ඩුවේ මර්දනකාරී ප්‍රතිචාරය අවධාරනය කලේ දකුනු කොරියානු ධනවාදය ආරක්ෂා කිරීමට පොලිස් රාජ්‍ය පියවර කෙරෙහි ආන්ඩුව තබා ඇති විස්වාසය යි.

පෙලපාලිය අතරතුර දී විරෝධතාකරුවෝ “පාර්ක් ගුඑන්-හයි පලවා හරිනු” හා “දොට්ට දැමීම් එපා” වැනි සටන්පාඨ හඬනැගූහ. අනියම්, අඩු වැටුප් ශ්‍රම බලකාය ව්‍යාප්ත කිරීමට සැලැසුම් කෙරුනු පනතක් ආන්ඩුව හදිසියේ සම්මත කර ගැනීමට උත්සාහ කරමින් සිටී.

මෙම පියවර කැමති කලෙක කම්කරුවන් දොට්ට දැමීමට හෝ කම්කරු කොන්ත්‍රාත්තු වෙනස් කිරීමට සමාගම්වලට ඉඩ දෙනු ඇත. රැකියා හා කම්කරු අමාත්‍යංශය සහ මහා ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කරන අතරතුර ආන්ඩුවට පක්ෂ කොරියානු වෘත්තීය සමිති සම්මේලනය සැප්තැම්බරයේ දී මෙම කොන්දේසි වලට එකඟ විය.

සහභාගීවූ තවත් අය විරෝධය දැක් වූයේ, සින්ග්මෑන් රී ගේ හා ජනාධිපතිගේ පියා වන ජනරාල් පාර්ක් චුන්ග්-හීගේ පැරනි ඒකාධිපතිත්වය උත්කෘෂ්ඨයට නැංවීමට රජය විසින් ලියන ලද පෙලපොත් මධ්‍යම හා උසස් විද්‍යාල වලට නිකුත් කිරීමේ ආන්ඩුවේ සැලසුමට එරෙහිව ය. “මම ආවේ (විරෝධාතාවට) ඉතිහාස පෙලපොත් සඳහා ආන්ඩුවේ සැලැස්මට මගේ විරුද්ධත්වය පෙන්නීමට. ඉතිහාස පෙලපොත ජයග්‍රාහයෙක් විසින් ලියන ලද පිටපතක් නො විය යුතු ය” යි උසස් විද්‍යාල සිසුවෙකු වන ලී යේඔන්-ජූ පැවසී ය.

“ජනතාවගේ මහා නැගිටීම” ලෙස හැඳින්වුනු විරෝධය සංවිධානය කරන ලද්දේ, කොරියානු වෘත්තීය සමිති සම්මේලනය (කේසිටීයූ) හා කොරියානු ගොවි සංගමය ප්‍රධාන, කම්කරු සමිති 53ක් හා විවිධ ගොවි හා ශිෂ්‍ය කන්ඩායම් විසිනි. නිල විරුද්ධ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නව දේශපාලන සන්ධානය (එන්පීඒඩී) සමග කිට්ටු සම්බන්ධකම් ඇති මෙම සංවිධානවලට පරිහානියට පත් වෙමින් තිබෙන සමාජ තත්වයන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් තරුනයන්ගේ හා කම්කරුවන්ගේ කැටිගැසුනු ප්‍රතිරෝධය නිෂ්ක්‍රීය කිරීම සඳහා සීමිත විරෝධතා කැඳවීමේ වාර්තාවක් ඇත.

පෙලපාලි පැවත්වුනේ සෝල් හි ග්වන්ග්වමුන් ප්‍රදේශයේ නගර ශාලාව අසල හා ජනාධිපතිගේ නිවස වූ චෙඔන්වාඩේ අසල ය. විරෝධතාකරුවන් චෙඔන්වාඩේ දෙසට පා ගමනේ යාමට උත්සාහ කල අවස්ථාවේ, කුලු පොලු හා ජල විදිනයන්ගෙන් සන්නද්ධ කැරලි මර්දන පොලීසිය ඔවුනට පහර දුන්හ. රසායනික උත්තේජක මෙන් ම සහභාගීවන්නන් හඳුනා ගැනීමට නිල් සායම් සමග ජලය කලවම් කෙරුනි.

පෙලපාලිකරුවෝ පොලිස් ප්‍රහාරයෙන් ආරක්ෂා වීම පිනිස පොලිස් බාධක බස් රථ කීපයක් ඉවත් කිරීමට උත්සාහ කලහ. නොයෙකුත් මාධ්‍ය වාර්තා කලේ ඇතම් විරෝධතාකරුවන් වානේ නල හා උනබම්බු වලින් සන්නද්ධ ව සිටි බව යි. විරෝධතාකරුවන් සිය ආරක්ෂාව සලසා ගැනීමට යොදාගත් උපක්‍රම පොලීසිය යොදාගෙන තිබුනු ආම්පන්න හා සසඳන විට දුබල ය.

69 හැවිරිදි ගොවියෙකු වන බේක් නැම්-ජී, ජල විදිනයකට මුහුනපා බරපතල ලෙස තුවාල ලැබී ය, පොලිස් බස් රථයකට බැඳුනු කඹයක් අදිමින් සිටිය දී පහර කෑමෙන් පසුපසට ඇද වැටුනු ඔහුගේ හිස පොලවේ වැදුනි. ඔහුට හදිසි මොලේ සැත්කමක් අවශ්‍ය වූ අතර සිහිසුන් ව රෝහලේ සිටී. කේසීටීයූ අනුව 500දෙනෙකුට වඩා විරෝධතාකරුවෝ සුලු තුවල ලැබූහ.

පෙලපාලිය ආරම්භ වීමටත් පෙර ආතති සහගත වාතාවරනයක් නිර්මානය කල ආන්ඩුව හා පොලීසිය ප්‍රචන්ඩත්වයට වග කිව යුතු ය. පසු ගිය සිකුරාදා, මාධ්‍ය හමුවක දී, අධිකරන අමාත්‍ය කිම් යෙඔන් -උන්ග්, තවත් ඇමතිවරුන් සිව්දෙනෙකු සමග පහත සඳහන් පරිදි තර්ජනය කලේ ය:

“විරෝධතාකරුවන් ව්‍යවස්ථාවේ සඳහන් පිලිවෙත් උල්ලංඝනය කරන හෝ පුරවැසියන්ට හානි ඇති කරන මොන යම් හෝ දෙයක් කල හොත්, එම ක්‍රියාවන් කොතරම් සුලුපටු ද යන්න නො තකා, අපි වහා ම හා ස්ථීර ලෙස ඒවායේ වගකීමට ඔවුන් රඳවා ගන්නෙමු.” වෙනත් වචනවලින් කිවහොත්, ආන්ඩුව හා පොලීසිය බලා සිටින්නේ ප්‍රචන්ඩත්වය පාවිච්චි කිරීමට සුලු අවසරයකි.

දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතවීම තහනම් කෙරෙන වගන්ති උල්ලංඝනය කරන කැරලිවලට රජයේ පාසල් ගුරුවරුන් සහභාගී වන්නේ නම් ඔවුන්ට දඬුවම් කරන බවට අධ්‍යාපන උප ඇමති ලී යුංග් අනතුරු ඇඟවී ය.

මේ අයුරින්, සෙනසුරාදා විරෝධතාව එය පැවත්වීමටත් පෙර නීති විරෝධී ලෙස නම් කෙරුනේ , පොලීසිය සාමකාමී පෙලපාලියකට අවසර දී තිබුනේය යන පසු ප්‍රකාශ බොරු කරමිනි. කැරලි මර්දන පොලිස් භටයින් 1000ට අමතරව, පොලිස් බස් රථ 700ක් ද ජල විදිනයන් ද ඒකරාශී කෙරුනි.

පොලීසිය පැහැදිලි කලේ බාධක සෑදීමට ඔවුන් බස් රථ යොදා ගත් බව යි. බස් රථ විරෝධතාකරුවන් වට කලේ ඔවුන් දර්ශනපථයෙන් ඉවත් වීම වලකාලමිනි. 2001දී, ව්‍යවස්ථාදායක අධිකරනයක් විශේෂයෙන් ම තීරනය කලේ මෙම ආකාරයේ පොලිස් ක්‍රියා නීති විරෝධී බව යි.

වර්තාවන පරිද, මේවන විට පුද්ගලයන් 51දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් සංඛ්‍යාව ඉහල යා හැක. ආන්ඩුව සැලැසුම් කරමින් සිටින්නේ නිදහස් භාෂනයේ සිය අයිතිය භාවිතා කරන්නන් වැරදි කරුවන් කිරීමට ය. විරෝධතාව අතරතුර දී පොලීසිය මෙවැනි නිවේදන කීපයක් නිකුත් කලේ ය: “ඔබ මෙහි ගමනාගමනයට බරපතල බාධාවන් කරනවා, කොරියානු නීතිය යටතේ එය නීති විරෝධී යි. නීති විරෝධී ක්‍රියා කරන අය අත්අඩංගුවට ගැනීමට අපි නිල වශයෙන් ඔබලාගේ මුහුනේ පින්තූර ගනිමින් සිටින්නේ. පොලිස් නිලධාරීන් තල්ලු කරන්න හෝ ඔවුන්ට පහර දීම නොකල යුතුයි. ”

ආන්ඩුව ගමන් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විභූෂනය අත් හැර දැමීමට ය. පැරනි මිලිටරි තන්ත්‍රයේ අපරාධවලට සුදු හුනු ගෑමට පාසල් පෙලපොත් නැවත ලිවීමේ සැලැස්ම, පාලක පන්තිය සතුව ඇත්තේ මොනවා දැ යි යන්න පිලිබඳ අශුභ අනතුරු ඇඟවීමකි.

දෙසැම්බර් 5වැනිදාට නියමිත වැඩිදුර විරෝධතාවන් මත කඩා පැනීමට ආන්ඩුව ඉරිදා ප්‍රතිඥා දුන්නේ ය. අධිකරන ඇමති කිම් යුන්-වූන්ග් මාධ්‍ය සමුලුවක දී මෙසේ පැවසී ය: “මෙම ක්‍රියාකාරකම් නීතිය හා සාමයට හා රජයේ අධිකාරයට බලවත් තර්ජනයකි, ඒවා ඉවසනු නො ලැබේ.”

පොලිස් පියවර වඩා වැඩි විරෝධයක් අවුලු වනු ඇත යන උත්සුකය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මාසය මුල දී පැවසුවේ තමන්, “පොලීසිය විසින් සාමාකාමී රැස්වීම්වලට අවසර දෙන සැබෑ ක්‍රමයක් මෙහෙයවීම, ප්‍රමානය ඉක්මවන බලය යෙදීම පිලිබඳ සිද්ධි, මෝටර් රථ හා බස් රථ බාධක යෙදීම හා මධ්‍යම රාත්‍රිය ඉක්මවන පෙලපාලි තහනම් කිරීම ඇතුලුව සාමකාමී රැස්වීමේ අයිතිය මත තබන ලද දැඩි අවහිර කිරීම් පිලිබඳව උත්සුකවන” බව යි.

විරුද්ධ පක්ෂයේ එන්පීඒඩී ය ඒ ආකාරයෙන් ම පොලීසිය විසින් යොදන ලද ප්‍රකෝපකාරී හා ප්‍රචන්ඩ ක්‍රමවේද විවේචනය කලේ ය. ප්‍රකාශක කිම් යෙඔන්ග්-රොක් මෙසේ පැවසී ය: “මෙවැනි අවාසනාවන්ත අනතුරු ඇති කිරීමේ දී, ගැටුම් හා නො නැමෙන හා පමන ඉක්මවන ප්‍රතිචාර සමගින් රැස්වීමට සහභාගීවූවන් පෙලඹවීම වෙනුවෙන් පොලීසියට විශාල වගකීමක් ඇත.” වෙනත් එන්පීඒඩී ප්‍රකාශකයෙකු වන කිම් සෙයොන්ග්-සූ මෙලෙස විරෝධතාකරුවන්ට දොස් පැවරී ය: “ සාමකාමී විය යුතු රැලියක හා විරෝධතාවක වානේ පයිප්ප හා කඹ දක්නට ලැබීම කනගාටුදායක ය.”

පෙලපාලිය තුල මතුවුන ප්‍රශ්න ගැන එන්පීඒඩී විශාල වශයෙන් මුනිවත රැක ඇත. කම්කරුවන් හා ශිෂ්‍යයින් එන්පීඒඩීය මුහුන දීමට අකමැති ඉල්ලීම් හඬ නගනු ඇතැ යි බියට පත්ව සිටින නිසා විශාල විරෝධතා ව්‍යාපාරයක් ඇවිලවීමේ අවදානම ගැනීමට එයට අවශ්‍ය නැත. ආන්ඩුව ගැන මහජන විරෝධය ගසාකෑමට එන්පීඒඩී උත්සාහ ගනු ඇති අතර, පාක්ගේ පාලනාධිකාරය හා පාලක සේනූරි පක්ෂයට අඩු නැතිව පුද්ගලීකරනය හා අනියම්කරනයට (සේවා) ඔවුන් සහාය දෙනු ඇත.

Share this article: