එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චීනයට එරෙහි තර්ජන උත්සන්න කරයි

US defense secretary steps up threats against China

නික් බීම්ස් විසිනි, 2015 නොවැම්බර් 06

ඊයේ (නොවැම්බර් 5 දා ), එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇශ්ටන් කාටර් එක්සත් ජනපද ගුවන් යානා වාහක තියඩෝර් රූස්වෙල්ට් නෞකාවට ගොඩ නැඟුනු අතර එහිදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවක් මගින් දකුනු චීන මුහුදේ මතභේදයට ලක්ව ඇති භෞමික අයිතිවාසිකම් පිලිබඳව චිනයට එරෙහි ප්‍රකෝපකාරී තර්ජන තවදුරත් දැඩි කලේ ය.

මෙම ගමන සිදුවූයේ, මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පුර් හි දී පැවති, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) ආරක්ෂක ඇමතිවරුන් ගේ සමුලුවකට දිනකට පසුවය. සමුලුව අවසන්වුනේ, චීනයට එරෙහි සිය යුද්ධ ව්‍යායාමයට දේශපාලන පිට කවරයක් ලෙස පාවිච්චි කිරීම පිනිස චීන මුහුදු ප්‍රදේශය තුල “නාවික ගමනාගමනයේ නිදහස” පිලිබඳ අධිකාර නිවේදනයක් නිකුත් කරවාගැනීමට එක්සත් ජනපදය දැරූ උත්සාහය අසාර්ථක වීමෙනි.

තියඩොර් රූස්වෙල්ට් නෞකාවේ සිට ඇශ්ටන් කාටර් කතා කරමින් (U.S. Air Force photo by Senior Master Sgt. Adrian Cadiz)

මෙම තතු තුල කාටර් , චීනය මුහුද ගොඩ කොට භූමිය පුලුල් කර ගැනීම සඳහා වැඩකරගෙන යන විවාදිත, ස්ප්‍රැට්ලි දිවයින් වලට සැතපුම් 150-200 දකුනින් නවතා තිබුනු යු එස් එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාවට පැමිනියේ ය. තමන්ගේ කටයුතු සඳහා ප්‍රදේශයේ රටවල සහය තිබෙන බව ට එක්සත් ජනපදය කරන කියාපෑම් වලට මුක්කුවක් වශයෙන් ඔහු මැලේසියානු ආරක්ෂක ඇමති හිස්හමුද්දීන් හුසෙන් ද කැටුව ගියේ ය.

ගුවන් යානා වාහක නෞකාව මත දී කාටර් කල ප්‍රකාශය පෙන්නුම් කලේ, ගිය සතියේ යුඑස්එස් ලාර්සන් නම් එක්සත් ජනපද ප්‍රහාරක (ඩිස්ට්‍රොයර්) නැව චීනය අලුතින් මුහුදු බිම් ගොඩකරන ස්ප්‍රැට්ලි දිවයින් වල නාවුක සැතපුම් 12 ක මුහුදු සීමාව තුලට වැදීමෙන් පසුව, එක්සත් ජනපද මිලිටරි ප්‍රකෝපකරන තව තවත් උග්‍ර කරන බව ද ඒවාට සහය දෙන ලෙස ප්‍රදේශයේ රටවලට බල කරන බව ද වේ.

යුද නැව වෙත තමාගේ පැමිනීම, “ලෝකයේ මෙම ප්‍රදේශය මත දශක ගනනාවක් තිස්සේ පැවතී එක්සත් ජනපදයේ ස්ථායි කාරක බලපෑම පිලිබඳ සංකේතයක්” යයි කාටර් ප්‍රකාශ කලේ ය. එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” සඳහා එරට පාලනය විසින් යොදා ගැනෙන නිල පදය වන , “ ‘ප්‍රතිතුලනයේ ’ ඉලක්කය වන්නේ, ඒ තත්වය දිගින් දිගටම පවත්වා ගැනීම” යයි කාටර් කියා සිටියේය. මෙහි අර්ථය, දෙවන ලෝක යුද්ධයේ අග, දකුනු චීන මුහුද ඇතුලු මෙම ප්‍රදේශය මත පිහිටුවාගත් යුද්ධ ආධිපාත්‍යය මොන වියදමකින් හෝ, එනම් චීනය සමග යුද ගැටුමක් මගින් හෝ, පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය තැත් කරන බව ය.

විසි වන සිය වසේ අධිරාජ්‍ය බලවතෙකු ලෙස ඉස්මතු වූ තැන් පටන් තමන්ගේ කඩා වැදීම්වල අරමුන, වෙනත් රටවල උත්සුකයන්ට ප්‍රතිචාර දක්වීම යයි කියමින් එක්සත් ජනපදය, සිය කටයුතු යුක්ති සහගත කල අතර මෙවර කාටර් වනන්නේ ද එම වැරහැල්ලමය. .

ඔහු මෙසේ කීය, “ මා මෙහි සිටින්නේ තවත් රටක... එනම් මැලේසියාවේ, ආරක්ෂක ඇමතිවරයා ද සමගය යන කාරනය ම පෙන්නුම් කරන්නේ, ඇමරිකාව මෙම ප්‍රදේශයේ පෙනී සිටීම ඔවුන්ට කොතරම් උවමනාවී තිබේ ද යන්න ය.” ආසියාන් රැස්වීමේ කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ චීනයේ වැඩ කටයුතු, චීනය සිය “ප්‍රමානය ඉක්මවූ” භෞමික හිමිකම් පෑම ද ඒ හා බැඳුනු යුද සුදානමද ඇතුලු කටයුතු පිලිබඳව ප්‍රදේශයේ රටවල් තුල පවත්නා තැවුල යයි කාටර් කියාපෑවේ ය.

“ එක්සත් ජනපදය අමතන බොහෝ රටවල් අපට කියන්නේ මේ පලාතේ සාමය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සමග වැඩියෙන් හවුල්වන ලෙසය. ඒ නිසා මෙය [ ඔහුගේ ගමන ] එක්සත් ජනපදයේ යුදබලය ඉටු කරන තීරක ක්‍රියා කලාපය පිලිබඳ සංකේතයක් වන අතර ..... මෙය වනාහි ඇමරිකාවේ අනාගතය සඳහා සාතිශය වැදගත් කමක් දරන ප්‍රදේශයකි.”

අන්තිමට කී කතාව එක්සත් ජනපද පිලිවෙතේ සැබෑ අරමුනු මොනවාදැයි අවධාරනය කරයි. ඒවා වනාහි චීන මිලිටරි කටයුතුවලට එරෙහිව සාමය ආරක්ෂා කිරීම නොවේ. ඒවා වනාහි භුතලයේ අතිශයින්ම සාර්ථක ආර්ථික ප්‍රදේශ වලින් එකක් මත එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුනෙන් ගැනෙන පියවරයන්ය.

පුවත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යුද නෞකාවේ අන්වර්ත නාමය “තඩි මුගුර” යන්න (නැවට නම් දුන් තියඩෝර් රූස්වෙල්ට් ගේ සටන් පාඨය වූ එක්සත් ජනපදය “ හෙමින් කතාකරන්න තඩි මුගූරක් අත ට ගන්න” යන්න මතක් කරමින්) බව පෙන්නුම් කරමින් අසන ලද ප්‍රශ්නයක දී එලිදරව්කාරී වචන හුවමාරුවක් සිදුවිය.

පුවත් කලාවේදියා, පෙරදා ආසියාන් සමුලුවේදී එක්සත් ජනපද අරමුනු” අසාර්ථක වීම” ( එනම් , එක්සත් ජනපදය සිය “නාවුක ගමනාගමනයේ නිදහස” පිලිබඳ කටයුතු වලට ආසියාන් රටවල සහය දිනා ගැනීමට අසමත් වීම) ගැන සඳහන් කරමින් මෙසේ ඇසීය: “ මෙය මුදු රාජ්‍යතාන්ත්‍රික පියවරයන්ට යටින් ඇමරිකානු බලය යොදන බව සිහිකැඳ වීමක් ද ?”

කාටර් පිලිතුරු දීම ඇරඹුවේ එක්සත් ජනපදය සැමවිටම ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ගැන චීනය ද ඇතුලු රටවල් සමග සාකච්චා කිරීමට සැමවිටම උත්සාහ දරන්නේ, එසේ කිරීම වඩා හොඳ නිසාය. ප්‍රදේශයේ ස්ථාවරත්වයක් පවතින්නේ ද එක්සත් ජනපදයේ භූමිකාව නිසාම යයි ඔහු කියාසිටියේ ය.

“ බොහෝ උදවිය අප වටා එක්රොක් වෙති. අප එම භූමිකාව ඉදිරියට ද ගෙනයායුතු යයි ඔවුහු ඉල්ලති. ටී ආර් එනම්, යුද නැවේ බලය එහි පිලිබිඹුවකි. ඒ මත ලෝකය රඳා පවතියි. මක්නිසා ද යත්, ජනගහනයෙන් ද ආර්ථිකයෙන් ද අඩක් ඇත්තේ මෙහි නිසාය.”

ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ප්‍රදේශය තුල “ස්ථාවරත්වය “ බිහිකර ඇතැයි යන්න සම්පුර්න පචයකි. ජපානය මත පරමානු බෝම්බ හෙලා අවසන් කරනු ලැබූ දෙවන ලෝක යුද්ධයෙන් 30 වසරකට පසුව මුලු මහත් ප්‍රදේශයම එක්සත් ජනපදය විසින් සිදු කරනලද යුද්ධ සහ මහා මිනිස් ඝාතන මඟින් විනශභාග් කරන ලදී. මීට 1950- 1953 කොරියන් යුද්ධය , වියට්නාම යුද්ධය සහ ඉන්දුනීසියාවේ මිලියනයක් මිනිස් ඝාතන මගින් සුහර්තෝ බලයට පත්කල 1965කුමන්ත්‍රනය ඇතුලත්ය.

මෙම ප්‍රදේශය තුල සාපේක්ෂ ස්ථාවරත්වයක් ඇතිවුයේ 1971 දී එක්සත් ජනපද ජනාධිපති රිචර්ඩ් නික්සන් බෙඉජිනයේ කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය පිලිගනිමින් සහ මාඕ වාදී පාලන තන්ත්‍රය සමග ඇතිකරගත් ගිවිසුම ද , එමගින් මාඕ වාදීන් විසින් ප්‍රදේශය තුල එක්සත් ජනපද මිලිටරියේ ආධිපත්‍යය පිලිගනු ලැබීමෙන් ද පසුව ය.

නික්සන් මාඕ එකඟතාවය, චීන ස්ටලින්වාදී නිලධරය විසින් එරට ධනේශ්වර පුනස්ථාපනය ආරම්භ කිරීමේ ආරම්භක ලක්ෂ්‍යයක් විය. එය චීනය ගෝලීය සංගතයන් ගේ ලාභ - ශ්‍රම වේදිකාව බවට චීනය පත් කිරීමට මං කැපීය.

කෙසේවෙතත්, මෙම ආර්ථික වර්ධනයම පෙර තිබු සාපේක්ෂ සම තුලනයේ පදනම ඛාදනය කර ඇත. චීනයේ නැගීම ද අග්නිදිග ආසියාවේ රටවල් සමග එරට වඩ වඩාත් සමීපව ඒකාග්‍ර වීම ද ප්‍රමුඛ බලවතුන්, විශේෂයෙන්ම ජර්මනිය , බ්‍රිතාන්‍යය සහ වෙනත් යුරෝපීය තරඟ කරුවන්, විසින් චීනය තුලට කෙරෙන වානිජමය කාවදීම ද එක්සත් ජනපදය දරා සිටි ආර්ථික ආධිපාත්‍යය වියැකී යාමට හේතු වී තිබේ.

එක්සත් ජනපදය මෙම තත්වය කපා හෙලීම සඳහා තවමත් තමන්ට ප්‍රමුඛත්වය පවත්නා මිලිටරි ක්ෂේත්‍රයේ බලය පාවිච්චි කිරීමට උත්සාහ කරමින් සිටි. ඔබාමා පාලනාධිකාරය 2011දී දියත් කල ‘ආසියාවට හැරීම’ හෙවත් “ ප්‍රතිතුලනය වීම” යටින් පවත්නා ගාමක බලය මෙයයි.

එක්සත් ජනපදයේ ආසියාවට “හැරීම” චීනයට පහර දීම ද චීනය සහ එහි දකුනු ආසියානු අසල්වැසියන් අතර දශක ගනනාවක් තිස්සේ දකුනු චීන මුහුද පිලිබඳව පවත්නා භෞමික කරුනු පිලිබඳ සන්ඩු ගිනියම්කර ඔවුන් විරසක කිරීම ද සිදුකර තිබේ.

මෙම ව්‍යායාම වල අරමුන, “ස්ථාවරත්වය” පවත්වාගෙන යාම, ආර්ථික වර්ධනය හෝ “නාවික ගමනාගමනයේ නිදහස” , චීනයේ බලය වැඩීම ගැන අනෙකුත් රටවලට පවත්නා බිය හෝ වොෂින්ටනය පතුරුවන වෙනත් යුක්තිකරනයන් හෝ නොවේ. එය වනාහි චීනය අර්ධ යටත් විජිතයක තත්වයටම සිඳුවාලීම මඟින් මෙම වැදගත් ආර්ථික කලාපය තුල සිය පරමාධිපත්‍යය පිහිටුවාලීමය.

යූ එස් එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාව වෙත කාටර් ගේ ගමන වනාහි එක්සත් ජනපදය තම අරමුන උදෙසා ඕනෑම දෙයක් කිරීමට සුදානම් බව ය. ඒ සඳහා මිලිටරි “තඩි මුගුර ” යොදා තුන්වන ලෝක යුද්ධයක් කිරීමට වුව ද ඇමරිකාව් සුදානම් බවය.

Share this article: