බ්‍රිතාන්‍යයේ චීන නැඹුරුවෙන් වොෂිංටනය සමග සබඳතා පලුදුවේ

UK’s courting of China sours relations with Washington

රොබර්ට් ස්ටීවන්ස් විසිනි, 2015 ඔක්තෝබර් 26

පසුගිය සතියේ ජනාධිපති සීජිංපින්ගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන්බ්‍රිතාන්‍ය සංචාරයෙන් සලකුනු කෙරුනු, බ්‍රිතාන්‍ය ආන්ඩුව චීනය සමග ඇතිකරගෙන තිබෙන බැඳීම්, එක්සත්රාජධානිය එහි ප්‍රමුඛ අධිරාජ්‍යවාදී සහචරයා වන එක්සත් ජනපදය සමග ගැටීමේ මාවතකට යොමු කර තිබේ.

සංචාරය තුල දී දෙරට අතර පවුම් බිලියන 40ක් පමන වටිනා වෙලඳ හා ආයෝජන ගිවිසුම් ඇති කර ගැනුනි. ඒ අතර ප්‍රධාන තැන ගත්තේ, චීන රෙන්මින්බි මුදලේ ප්‍රථම විදේශ රාජ්‍ය නය වෙලඳපොල ලෙස ලන්ඩනය තෝරා ගැනීම ය.

“චීන ආර්ථිකය නොකඩවා වර්ධනය වීමේ හා චීනය ලෝකයේ දැවැන්ත බලයක් ලෙස නැගී ඒමේ තතු යටතේ චීනයේ ප්‍රබල හවුල් කාරයෙකු බවට පත් වීමේ අවශ්‍යතාව, (එක්සත් ජනපදය සමග) අපට පවතින සුවිශේෂී සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට බාධාවක් වනු ඇතැයි අපි නොසිතමු.”යි පැවසූ කොන්සවේටිව් පාක්ෂික අගමැති ඩේවිඩ් කැමරන්, චීනය දෙසට හැරීමෙන් එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය අතර බැඳීම දුර්වල කිරීමට තුඩු දෙනු ඇත යන කරුන බැහැර කලේ ය.

මෙය එක්සත් ජනපදය තුලින් ප්‍රකාශිත චිත්‍රය නො වේ. ධවල මන්දිරයේ නිල ප්‍රකාශනයක අඩුව තිබියදී වුවත්, එක්සත් ජනපද මූල්‍ය ප්‍රභූවේ ප්‍රමුඛ පුද්ගලයන් විසින් කැමරන් ආන්ඩුව හෙලා දකිනු ලැබීමේ අඩුවක් සිදු නොවීය. මේ වනාහි හුදෙක් (එක්සත් ජනපද චාන්සලර් ජෝර්ජ්) ඔස්බෝන් නො වේ. විශ්මිත ලෙස පසු පසට නැමෙන සහ මහා බ්‍රිතාන්‍යයට අනාගතයේ දී ඒකාන්තයෙන් ම මහා ගැටලු නිර්මානය කරන සමස්ත කැමරන් ආන්ඩුව ය යි අනතුරු ඇඟවු “ඉහල බලපෑමක් සහිත විශ්‍රාමික එක්සත් ජනපද නිලධරයෙකු” ෆිනැන්ෂල් ටයිම්ස් පුවත්පත උපුටා දක්වා තිබුනි.

“සයිබර් ආරක්ෂාව මූලික තැන ගන්නා හා තවත් ප්‍රශ්න තොගයක් පිලිබඳව එක්සත් ජනපදයේ චීන පිලිවෙත හා සංචාරය තුල දී එක්සත් රාජධානියෙන් යොමු වූ පනිවිඩය ද ඇතුලු ප්‍රවේශය සමග පමන ඉක්ම වූ පරතරයක් ඇති බව ගැන (ඔබාමා) පරිපාලනයේ අවධානය යොමු වනු නිසැක” යයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධරයෙක් වන, එමෙන් ම දැනට වොෂිංටනයේ සංඛ්‍යා ලේඛන හා ජාත්‍යන්තර අධ්‍යන මධ්‍යස්ථානය සමග වැඩ කරන හෙදර් කොනලි කීවේ ය.

යුරේසියා කන්ඩායමේ ප්‍රධානියා සහ ජනාධිපති ඔබාමාගේ හිටපු ඉහල පෙලේ උපදේශකයෙකු වූ එවන් මෙඩීරස්, “ඉදිරියේදී තවත් ගැටලුවලට තුඩු දිය හැකි, ආර්ථික වාසි අපේක්ෂාවෙන් උපායික බැඳීම් ඇතිකර ගැනීම සඳහා ලංඩනය කෙලිමින් සිටින්නේ අනතුරුදායක සූදුවකි” යි කීවේ ය.

ඩොලර් බිලියන 50ක චීන පිටුබලය සහිත ආසියානු යටිතල ආයෝජන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් වීමට ගත් බ්‍රිතාන්‍ය තීරනයෙන් අනතුරුව, පසු ගිය මාර්තුවේ දී ඔබාමා පරිපාලනය ‘ස්තිර බැඳීම් ඇතිකර ගැනීම' පිලිබඳව එක්සත් රාජධානියට දෝෂාරෝපනය කලේ ය. එක්සත් ජනපදය එම බැංකුවට සහයෝගය දීම ප්‍රතික්ෂේප කලේ ය. “අප කනස්සල්ලට පත් කෙරුනේ, එය එක්සත් ජනපදයේ උපදෙස් බිංදුවටම හෙලීම තුලින් එය සිදුවීම නිසාය. එය සමස්ථ ජී-7ටම ( දියුනු ආර්ථිකයන් 7 කන්ඩායම) යටින් වල කැපීය” යි ෆිනැන්ෂල් ටයිම්ස් පත්‍රයට කතා කල හිටපු එක්සත් ජනපද පරිපාලන නිලධාරියෙක් පැවසී ය.

එක්සත් රාජධානියේ මග පෙන්වීම අනුව ජර්මනිය, ප්‍රන්සය සහ ඉතාලිය යන ජී 7 බලවතුන් සියල්ල, තමන් ද එම බැංකුවේ සාමාජිකයන් වීමට කටයුතු කරන බව නිවේදනය කලහ. චීනයේ විශාලතම වෙලඳ සහකරුවා වන ඕස්ට්‍රේලියාව ද ඊට බැඳුනි.

“චීනය පිලිබඳ එක්සත් රාජධානියේ ප්‍රතිපත්තිය මෙහෙයවනු ඇත්තේ වෙලඳ හා ආර්ථික සහයෝගීතාව පිලිබඳ කාරනා පමනක් සැලකිල්ලට ගෙන යයි නිකුත් කෙරෙන පනිවිඩය පිලිබඳවය කනස්සල්ල පලව ඇත්තේ, යනුවෙන් එක්සත් ජනපද ආනුභාවය යටතේ ඇති බෲකින්ස් ආයතනයේ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙක් වන ටොම් රයිට් සඳහන් කලේ ය.

චීනය දෙසට යොමු වීම කෙරෙහි බ්‍රිතාන්‍ය මූල්‍ය ප්‍රභූවේ පුලුල් සහයෝගයක් ලැබෙ යි. වානිජ අවස්ථාවන්ගේ විභව ශක්තියේ පරිමාව කෙබඳු ද යත්, මේ සතියේ චීන කොමියුනිස්ට් නායකයා සඳහා රතටත් වඩා රතු පලස් එලීමෙන් එක්සත් රාජධානිය එය සාධාරනීකරනය කර යි. යනුවෙන් ෆිනැන්ෂල් ටයිම්ස් පත්‍රය කතු වැකියක් ලීවේ ය.

ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන යුරෝපීය විධායක නිලධාරී රිචර්ඩ් හෝම්ස්, සීගේ සංචාරය පිලිබඳ මෙසේ කී ය. “(එක්සත් ජනපදය) ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට සම්බන්ධ නොවීමට ගත් තීන්දුව ඔවුන්ගේ යම් අශිෂ්ටභාවයක් පෙන් වූ බව මම සිතමි.” ඔහු තව දුරට මෙසේ ද කීය. “චීනය බොහෝ අංශවලින් ඔවුන් පසු කර යන්නේ ය. එබැවින් ඒ සමග බැඳුනු යම් අර්බුදයකට තමන් ඇද වැටී ඇත යන මතය තුල එක්සත් ජනපදය අරගලයක යෙදී සිටිනවා ය යි මම සිතමි.”

ස්ටෑන්ඩර්ට් බැංකුවේම එක් ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ජිනී යෑන්, චීනයෙන් බ්‍රිතාන්‍යයට ගලා එන චීන ආයෝජන නිල වශයෙන් ගනන් බලා ඇති ඩොලර් බිලියන 8 ඉක්මවන බව පෙන්වා දුන්නේ ය. ඒකාබද්ධ වෙලඳ ව්‍යාපාර, පවරා ගැනීම්, හා බද්ධ ව්‍යාපාර පිලිබඳ ඇගේ අධ්‍යයනය, එම ප්‍රමානය ඩොලර් බිලියන 50ට ආසන්න බව පෙන්නුම් කර යි. චීනයට හැරීම සාදරයෙන් පිලිගන්නා උනන්දුසහගත අය අතර ටෝනි බ්ලෙයාර්ගේ නව කම්කරු පක්ෂ ව්‍යාපෘතියේ සංවර්ධනය සඳහා කේන්ද්‍රීය ක්‍රියා කලාපයක් ඉටු කල බ්‍රිතාන්‍යයේ හිටපු ස්ටැලින්වාදියෙකු වන මාර්ටින් ජකෝස් ද විය. ඔහු ගාර්ඩියන් පත්‍රයට ලියමින්, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට බ්‍රිතාන්‍ය විදේශ පිලිවෙතෙහි ප්‍රමුඛයා ලෙස කැමරන් වර්නනා කලේ ය.

ඔහු මෙසේ ද පැවසී ය. “ඇත්ත වසයෙන් ම චීනය වැලඳ ගැනීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියට විරුද්ධ වන අය එක්සත් ජනපදයෙන් දුරස් වෙමින් සිටිති. කෙසේ වෙතත් තත්වය බෙහෙවින්ම සංකීර්නය. චීනය ඉහල නැගෙමින් ඇත, එක්සත් ජනපදය පහත වැටෙමින් ඇත. 2030 වන විට චීන ආර්ථිකය එක්සත් ජනපදය මෙන් දෙගුනයක ප්‍රමානයක් වනු ඇතැ යි ගනන් බලා ඇත. බ්‍රිතාන්‍ය හෝ වෙනත් ඕනෑම රටකට මෙය මග හැරිය හැකි ද? මෙය ගුරුත්වාකර්ෂන බලය පිලිබඳ කරුනකි. එය වෙනත් ලෝකයක් පිලිබඳ සිද්ධියක් නො වේ”.

යථාර්ථය නම්, වර්ධනය වන චීන ආර්ථිකයේ බලපෑම් මගින් එල්ල කෙරෙන මෙම තර්ජනය චීනය සමග මෙතෙක් නොවූ විරූ විවෘත ගැටුමකට වොෂිංටනය ඇද දමමින් පවතින බව ය. එමෙන් ම එය දැන් එක්සත් රාජධානිය සමග විභව භේදයකට යොමු වෙමින් සිටී.

2011දී ඔබාමා විසින් “ආසියාවට හැරීම” නිවේදනය කරනු ලැබූ දා සිට එක්සත් ජනපදය, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා සියල්ලටමත් වඩා මිලිටරි ශක්තියකලාපයේ ඇමරිකානු ආධිපත්‍ය යලි තහවුරු කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා සියල්ලටමත් වඩා මිලිටරි ශක්තිය යොදා ගනිමින් සිටියි.

“දකුනු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති මුහුදු සීමාව තුල ස්වාධිපත්‍ය සඳහා චීනයේ අයිතිවාසිකම් පෑමට අභියෝග කිරීම සඳහා එක්සත් ජනපදයේ සූදානම වැනි සුවිශේෂ වශයෙන් අදාල කරුනු ගැන අනියම් සහයෝගයක හෝ ආරක්ෂක පිලිවෙතක අර්ථයෙන් බලවත් එකතුවක් සඳහා එක්සත් රාජධානිය ක්‍රියාත්මක වෙමින් නො සිටින්නේ ය යන්න ගැන එක්සත් ජනපදයේ අවධානය යොමුවී ඇති බවට” අනතුරු ඇඟවූ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අයෙකුගේ මතය ෆිනැන්ෂල් ටයිම්ස් සටහන් කලේ ය.

බර්ලිනයේ පිහිටා ඇති එක්සත් ජනපද ජර්මානු මාෂල් අරමුදලේ හෑන්ස් කුන්ඩ්නානි ගාර්ඩියන් පුවත් පතට පැවසූවේ, “ජාත්‍යන්තර ආරක්ෂාවට ඇති විශාලතම තර්ජනය ආසියාව තුල චීනයේ නැගීම සහ මහා බලවතුන් අතර ගැටුමක හැකියාව යි. බ්‍රිතාන්‍ය කල්පනාවට ගත යුතු කරනු වන්නේ ඒවාය” යනුවෙනි.

රාජකීය එක්සත් සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨයකු හා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කෙනඩි ශිෂ්‍යත්ව ලාභී ශෂංක් ජෝසි ප්‍රශ්නය මෙසේ මතු කලේ ය. “තුන්වන ලෝක යුද්ධය චීනය හා බටහිර අතර සිදු වීම නො වැලැක්විය හැකි ද?

“ආසියාව තුල පුලුල් සවිමත් ආරක්ෂක නිර්මිතයක්” සඳහා බ්‍රිතාන්‍ය සහභාගිත්වයට ආයචනා කරමින් ජෝසි ටෙලිග්‍රාෆ් පුවත්පතට මෙසේ ලීවේ ය. “චීන ගමන් මාවත අපිට, පැසිපික් කලාපය තුල එහි පුලුල් අවශ්‍යතාවන්ට එකඟ වනවා හැරෙන්නට වෙනත් තෝරා ගැනීමක් ඉතිරිකර නැතැයි අශුභවාදීහු තර්ක කරති.... මෙය අඥානකමකි. චීනය එහි හතුරන් එකිනෙකා සිය අක්ෂයට තනි තනිව ඇදගන්නවා විය හැකිය. එහෙත් එහි ප්‍රතිමල්ලවයෝ තම තමන්ගේ නො එකඟතා නො තකා එකිනෙකා අතර නව සහ බලගතු බැඳීම් ඇතිකර ගනිමින් සිටිති.”

නිදසුන් වසයෙන් එක්සත් ජනපදය හා ජපානය සමග එක්ව ඉන්දියාව, සබ්මැරීන දඩයම් කිරීමේ අභ්‍යාසයන්හි නිරත වීම ජෝසි උපුටා දැක් වීය. “ටෝකියෝව තම මිලිටරියට විදේශවල සටන් කිරීමට අවසර ලැබෙන නීති සම්මත කලේ ය. එක්සත් ජනපදය ඉන්දියාවට ගුවන් යානා හාරක යුද නැව් ගොඩ නගන තාක්ෂනය ලබා දීම, මතභේදයට තුඩු දී ඇති දූපත් පිලිබඳ ප්‍රශ්නයේ දී එල්ල විය හැකි ප්‍රහාර වැලැක්වීම පිනිස බ්‍රිතාන්‍ය මැරීන් සේනාංක, ජපානයේ සහචරයින්ට පුහුනුව ලබා දීම..... චීනයේ හැසිරීම මඟින් කෙලින්ම පීඩාවට හා කනස්සල්ලට පත්ව සිටින කලාපීය බලවතුන්ගේ මෙම කන්ඩායම් සවිබල ගැන්වීම හා සූදානම් කිරීම මූලෝපායික ප්‍රමුඛතාවක් වන්නේය.”

“තමන්ගේ ම ජනයා පීඩාවට ලක් කිරීමෙන් හෝ ලෝකය අස්ථාවර කිරීමෙන් තොර මාවතක් වර්ධනය කිරීම සදහා උනන්දු කරන අතරේ ම, සුහදශීලිව හා පලදායි ලෙස චීනය සමග ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ කරුන සම්බන්ධ “උභතෝකොටිය” ගැන ශුභවාදී වචන භාවිත කරමින් ඉකොනොමිස්ට් සඟරාව එක්සත් රාජධානියේ ආර්ථික අවශ්‍යතා හා වොෂිංටනය සමග එහි භූ මූලෝපායික සන්ධානය අතර පරතරය පියවීමට උත්සාහ කලේ ය.

“මෙසේ වෙලඳ හා ආයෝජන ඇතුලත් සියුම් ලෙස වෙනස් ප්‍රතිපත්තියක් මෙන් ම අවශ්‍ය අවස්ථාවක එහි ප්‍රතිපත්ති හා ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමේ සූදානමක් ද බටහිරට අවශ්‍යය ය.” මෙම පියවර සම්බන්ධයෙන් සැලකූ කල බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් රාජ්‍යතාන්ත්‍රිකත්වය පිලිබඳ පරික්ෂනයෙන් අසමත් වී ඇතැයි එය නිගමනය කලේ ය.

“බීජිනය සමග පැවැත්වෙන නව ස්වර්නමය මිත්‍රත්වය ඇමරිකාව සමග පැවති පැරනි 'සුවිශේෂී සම්බන්ධතාව' අවදානමට ලක් කර යි. මේ වන විට නැගෙනහිර ආසියාවේ ප්‍රමුඛ බලවතා වන චීනය ඇමරිකාව සමග ගැටුම් ඇතිකර ගතහොත්, එහි ප්‍රතිවිපාකයන්ගෙන් යුරෝපය ආරක්ෂා වන්නේ නැතැ” යි එය තව දුරටත් අනතුරු ඇඟ වී ය.

මෙම අනතුර වලක්වා ගැනීම සඳහා කැමරන් “දකුනු චීන මුහුදේ අයිතිය සඳහා චීනය ඉදිරිපත් වන විට ඇමරිකාවට සහය දිය යුතු ය. ඔහුට නැවක් එතැනට යැවීමට හැකිනම් එය වඩා හොඳ ය” ඉ‍කොනමිස්ට් සඟරාව අවවාද කලේ ය.

Share this article: