බ්‍රික්සිට් ජනමත විචාරනය ක්‍රියාශීලිව වර්ජනය කිරීම සඳහා වන උද්ඝෝෂනයේ දේශපාලන වැදගත්කම

The political significance of the campaign for an active boycott of the Brexit referendum

2016 අප්‍රේල් 18

යුරෝපීය සංගමයේ බ්‍රිතාන්‍ය සාමාජිකත්වය පිලිබඳව ජූනි 23දා පැවත්වීමට නියමිත ජනමත විචාරනය සඳහා උද්ඝෝෂනය, අප්‍රේල් 15දා ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව, දැන් නිලවසයෙන් ආරම්භවී ඇත. නිල කඳවුරු දෙකේ ප්‍රතිගාමී ජාතිකවාදයට එරෙහි වෙමින්, ජනමත විචාරනය ක්‍රියාශීලිව වර්ජනය කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (බ්‍රිතාන්‍ය) කැඳවුම් කර සිටී. නිල රැඳී සිටීමේ හා ඉවත් වීමේ උද්ඝෝෂන තුලිදී වෙන්වූ බ්‍රිතාන්‍යයක ස්වෝත්තමවාදී උපදේශකයින් හා යුරෝපීය සංගමයේ ආරක්ෂකයින් යන දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

කොන්සර්වේටිව් අගමැති ඩේවිඩ් කැමරන් විසින් සාකච්ඡා කල ප්‍රතිගාමී සහනදායි පදනම මත, යුරෝ සංඟමයේ රැඳී සිටින්නේ ද නැතිනම් ඉවත්ව යන්නේ ද යන්න තීන්දු කරන ලෙස, ජනමත විචාරනයේදී බ්‍රිතාන්‍යය ඡන්ද දායකයාගෙන් ඉල්ලා සිටියි. වැඩ කිරීමේ සහන ඉල්ලා සිටින යුසං සංක්‍රමනිකයන් ගෙන් “ක්ෂනිකව කැඩී වෙන්වීම,” ද ඇතුලු යුරෝපයේ සංක්‍රමනිකයින්ට දෙන ලමා සහන සීමා කිරීම, ලංඩන් නගරයට බලපාන මූල්‍ය රෙගුලාසි තාවකාලික අත්හිටුවීමට එක්සත් රාජධානියට ඇති අයිතිය, බ්‍රිතාන්‍ය ඉල්ලා සිටින සහනවලට අයත් ය.

සමස්ත බ්‍රිතාන්‍ය දේශපාලනික සංස්ථාපිතයම එකාවන්ව උසිගන්වනු ලබන ජාතික බෙදීම් ද කප්පාදු පිලිවෙත් ද කෙරෙහි සිය විරෝධය ප්‍රකාශ කිරීම සඳහා වැඩකරන ජනයාට මෙම ජනමත විචාරනය තුල මොනම යාන්ත්‍රනයක්වත් ඇත්තේ නැත.

රැඳී සිටීම සඳහා ඡන්දය දීම යනු, කප්පාදු පිලිවෙත්, මිලිටරිවාදය හා යුද්ධයට කැපවූ අධිරාජ්‍යවාදී කන්ඩායම වන යුරොපියානු සංගමයටත්, කැමරන් ආන්ඩුවේ ස්වෝත්තමවාදී, ව්‍යාපාර ගැති න්‍යාය පත්‍රයටත් යන දෙකටම සහාය දීමයි. වෙන්වීමට ඡන්දය දීම යනු, එක්සත් රාජධානියේ ඉන්ඩිපෙන්ඩන්ස් පක්ෂයට සහ ටෝරී පක්ෂයේ දක්ෂිනාංශය තුල කැමරන්ගේ විරුද්ධවාදීන්ට සහාය දීම යි. සංක්‍රමනිකයන්ට වැටබැඳීමට කැමරන් විසින් අනුමත කරවා ගත් පිලිවෙත් ඇති තරම් දුර යන්නේ නැතැයි ඔවුන් තර්ක කරයි. මෙම බලවේගවල ආස්ථානය වන්නේ, යුරෝපීය සංගමයේ නීති පැනවීම මඟින් මූල්‍ය පරපුටුකමේ ගෝලීය මධ්‍යස්ථානයක් වසයෙන් ක්‍රියා කිරීමට ලන්ඩන් නගරයට පවතින හැකියාව අවම කරන බවත්, එක්සත් රාජධානියේ ව්‍යාපාරයන්ට වැඩකරන ජනතාව සූරා කෑම උග්‍ර කිරීම මත සීමා පනවන බවත් ය.

ඡන්දයේ ප්‍රතිපලය යුරෝපීය සංගමයෙන් වෙන්ව යාම හෝ ඒ තුල රැඳී සිටීම යන දෙකින් කොයි එක වුනත්, ජාතික ආතතීන්වල උත්සන්නවීමත් සමග ධනපති දේශපාලනය තවදුරටත් දකුනට මාරු වනු ඇත. යුරෝපය පුරා පාලක පන්තීන් ජාතිකවාදය හා මිලිටරිවාද ව්‍යාප්ත කරමින් ද න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක අනතුරට මනුෂ්‍ය වර්ගයා ඇද දමමින් ද සිටින තතු තුල, සමාජවාදී සමානතා පක්ෂය, ක්‍රියාශීලී මැතිවරන වර්ජනයකට කැඳවුම් කරන්නේ, එලැඹෙමින් තිබෙන අරගලවලට විප්ලවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සපයමින්, කම්කරු පන්තිය දේශපාලනිකව සන්නද්ධ කිරීමට යි.

කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට අනුකූලව යුසං ප්‍රතිසංස්කරනය කල හැකියැයි කියාපාමින් ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින්, රැඳී සිටීමට උද්ඝෝෂනය කරන කඳවුරට, මේ සතියේදී සිය සහාය පල කලේ ය. කැමරන් ආන්ඩුව පුලුල් විවේචනයට ලක්ව, යුරෝපය පිලිබඳව පක්ෂය ඇතුලතින් බෙදී සිටින කොන්දේසි යටතේ, සිදුවිය හැකිව තිබෙන බ්‍රෙක්සිට් මගින් එයට එල්ලවී ඇති තර්ජනයෙන් බ්‍රිතාන්‍ය ධනවාදය ගලවා ගැනීමට දරන වෑයමකි, යුරෝපානු සංගමයට ඔහුගේ අනුමැතිය පලකිරීම.

කෝබින්ගේ කතාවෙන් හරියට දිනකට පසු, එක්ව සිටීමට අදාල උද්ඝෝෂනයට එක්සත් ජනපදයේ අනුමැතිය දැක්වීමට ජනාධිපති බැරැක් ඔබාමා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන බව නිවේදනය කිරීම මගින් යුරෝපියානු සංගමයේ ප්‍රතිගාමී ස්වභාවය අවධාරය කෙරුනි. යුරෝපියානු බලවතුන් වර්තමානයේදී සිරියාවට බෝම්බ හෙලීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා පමනක් නොව, රුසියාවට මායිම්වන මුහුදු හා සියලුම රාජ්‍යයන් තුල මිලිටරි කටයුතු ද සහිතව, නැටෝව තුල මිලිටරි තාප්පයක් ලෙස යුරෝපිය සංගමයේ අත්‍යවශ්‍ය පැවත්ම, ඔබාමාගේ අනුමැතිය මගින් පෙන්නුම් කරයි.

යුද්ධය ගෙනයාමට අමතරව යුසං හි අනෙක් මූලික අරමුනු දෙක, ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් අඛන්ඩව ගෙන යාම සහ බලකොටු යුරෝපයේ දේශසීමාවල පොලිස්කාර කමයි. වර්තා වෙන පරිදි ග්‍රීසියේ නයහිමියන් සලකා බලමින් සිටින්නේ, දැනටමත් එකඟත්වයට පැමින තිබෙන, බදු වැඩිකිරීම් හා වියදම් කැපීමෙන් ඉතිරිකර ගන්නා යුරෝ බිලියන පහක පැකේජයට අමතරව, තවත් යුරෝ බිලියන 3ක වියදම් කැපීමකි. බ්‍රසල්ස් හා ඇන්කාරා අතර අත්සන් කල මාර්තු ගිවිසුම යටතේ සංක්‍රමනිකයන් සිය ගනනක් තුර්කියට පිටුවහල් කිරීමට මෙම සතියේදී ග්‍රීසියේ සිරිසා ආන්ඩුව වැඩ ඇරැඹුවේ ය. තවමත් පිටුවහල් නොකල දහස් ගනන් ජනයා ඒජියන් මුහුදේ යුද නෞකා මෙන්ම යුසංහි ආරක්ෂක බලකායන්ගේ රැකවල් මධ්‍යයේ රැඳවුම් කඳවුරුවලට කොටුකරනු ඇත.

රැඳී සිටීමට උද්ඝෝෂනය කරන කඳවුරට විරුද්ධවීමේදී, කම්කරුවන්ට හා තරුනයින්ට ඉවත්වීමේ උද්ඝෝෂනයට සහය දිය නොහැක. ග්‍රීක කම්කරු පන්තිය සහ යුසංහි කප්පාදු පිලිවෙත්වල ගොදුරුබවට පත්වූ අනෙකුත් ජනතාව ද සමග දේශසීමාවන්ට ඔබ්බෙහි සහෝදරත්වය සඳහා කෙරන ඉල්ලීම් ද වැඩවර්ජන ද ඇතුලු, යුරෝපීය සංගමයට එරෙහි කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක කොන්දේසි යටතේ, යුරෝපීය සංගමයෙන් ඉවත්වීමේ ඡන්දයක්, ධනපති විරෝධී ස්වභාවයක් අත්කර ගත හැක. කෙසේ වෙතත් වත්මන් කොන්දේසි යටතේ, ඉවත්වීමේ ඡන්දයක්, බ්‍රිතාන්‍ය දේශපාලනයේ වඩාත් නග්න ප්‍රතිගාමී බලවේග ශක්තිමත් කිරීම පමනක් වනු ඇත.

ඉවත්ව යාමේ ඡන්දයක් යුරෝපියානු බලවතුන් අතර වැඩෙන ජාතිකවාදී ප්‍රතිවිරෝධයන්හි පීඩනය යටතේ, යුරෝපීය සංගමය කැබලි කිරීමත්, මහද්වීපය පුරා අන්ත දක්ෂිනාංශය පිම්බීමත්, වේගවත් කරනු ඇත. ප්‍රංශයේ නව-ෆැසිස්ට්වාදී ජාතික පෙරමුන, යුරෝපියානු සංගමය කෙරෙහි වැඩෙන මහජන වෛරය ගසා කමින් එය ජාතිකවාදී, සංක්‍රමනික විරෝධී දිශාවකට හැරවීම සඳහා වෑයම් කරමින් සිටින කන්ඩායම් ගනනාවකින් එකක් පමනි. එහි නායක මැරීන් ලා පෙන්, තමා “මැඩම් ෆ්‍රික්සිට්” (ප්‍රන්සය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම) ලෙසින් හඳුන්වා ගැනීමෙන් එය සංකේතවත් කරයි.

කම්කරු පන්තිය මුහුනදී ඇති බිහිසුනුම අනතුර ගෙන එන්නේ, ස්වාධීන බ්‍රිතාන්‍ය රාජ්‍යයක් ප්‍රගතිශීලී, කප්පාදු පිලිවෙත්වලට එරෙහි එකක් වසයෙන් ඉස්මතු කරන, “වාම” ජාතිකවාදයේ පදනම මත වෙන්වීමේ කඳවුර සමග සන්ධානගතව සිටින අය විසිනි. සිරිසාව බලයට ඒම හා යුසං ප්‍රතිසංස්කරනය කිරීම පිලිබඳව එහි වැඩසටහනට හුරේ දැමූ හා සිරිසා ආන්ඩුව බලයට පත්වී අතිශය ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමද්දී එය වසං කරන එම බලවේගයන්ම ය. දැන් ඔවුන් “වාම වෙන්වීමක්” (ලෙක්සිට්) යෝජනා කරයි. මේ නම්, ආන්තික දක්ෂිනාංශික කන්ඩායම් සමග දේශපාලන සන්ධානයක් සඳහා ඇඳගත් කඩමාල්ලකි.

ජාතිකවාදී කඳවුරු දෙකම ප්‍රතික්ෂේප කිරීමට කැඳවුම් කිරීමේදී සමාජවාදී සමානතා පක්ෂය, එහි පිලිවෙත් පෙල ගස්වන්නේ, බ්‍රිතාන්‍යය හා යුරෝපය පුරා කම්කරුවන් හා තරුනයන් ඇතුලු මහජනයා අතර වැඩෙමින් පවත්නා පුපුරන සුලු සමාජ අතෘප්තිය සැලකිල්ලට ගනිමින්, එය විප්ලවවාදී සමාජවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කිරීම සඳහාය.

ෆ්‍රන්සුවා හොලන්දේගේ සමාජවාදී පක්ෂ ආන්ඩුවට එරෙහිව ප්‍රන්සය පුරා පැවති මහජන විරෝධතාවලදී පෙන්නුම් කෙරුනු පරිදි, කප්පාදු පිලිවෙත්, මිලිටරිවාදය හා යුද්ධයට එරෙහිව පෙරලා සටන් වැදීමට සමස්ත යුරෝපයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන අභිලාෂයක් පවතී. එහෙත් මෙය ස්වාධීන දේශපාලන ප්‍රකාශනයක් සොයා ගත යුතු ය.

ක්‍රියාශීලී වර්ජනයක් සඳහා සසප කැඳවුම, සමස්ත යුරෝපය පුරාම කම්කරු පන්තිය තුල මතු වෙමින් තිබෙන ව්‍යාපාරයක් සමග, කැමරන් ආන්ඩුව කෙරෙහි එක්සත් රාජධානියේ වැඩකරන ජනයාගේ විරුද්ධත්වය ඒකාබද්ධ කිරීමේ මාධ්‍යයන් සම්පාදනය කරයි. යුසං හා එහි සාමාජික ආන්ඩුවලට එරෙහිව අව්‍යාජ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් සඳහා අරගලය ඉදිරියට ගැනීමට අවශ්‍ය අනිවාර්ය නායකත්වය ලෙස, යුරෝපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ බ්‍රිතාන්‍ය තුල සසප ගොඩ නැගීමේ අරගලය එය පෙරට ගෙන යනු ඇත.

ක්‍රිස් මාස්ඩන්

Share this article: