ඉතාලියේ ව්‍යවස්ථාමය ජනමත විචාරන ඡන්දය “නැත” ලකුනු කරනු!

Vote no on the Italian constitutional referendum!

බ්‍රිතාන්‍යයේ, ප‍්‍රන්සයේ හා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂවල ඒකාබද්ධ ප‍්‍රකාශය, 2016 දෙසැම්බර් 03

අගමැති මැටියෝ රෙන්සි විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන පිලිබඳව දෙසැම්බර් 3දා ඉතාලියේ පැවැත්වෙන මැතිවරනයේදී (නැත) යනුවෙන් චන්දය දෙන ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉල්ලා සිටියි.

සිය පක්ෂයේ න්‍යායපත‍්‍රය බලගැන්වීම අරමුනු කල ජනමත විචාරනයෙන්, පාලනයකින් තොර බලතල අගමැතිට මුලුමනින්ම පාහේ හිමිවන අතර එය ඒකාධිපති පාලනයක් දෙසට තබන මූලික පියවරක් වනු ඇත.

ජනමත විමසුම සාරාර්ථයෙන්ම ප‍්‍රතිගාමීය. විශේෂයෙන්ම විශ්වාස භංග යෝජනාවකින් අගමැති ඉවත් කිරීමට ද ආන්ඩුවේ බොහෝ කටයුතු සම්බන්ධයෙන් ද සෙනේට් සභාව සතු බලය අහෝසි කර ප‍්‍රාදේශීය නිලධාරීන් විසින් ඡන්දයකින් තොරව පත්කර ගනු ලබන මන්ඩලයක් බවට එය පරිවර්තනය කරනු ලැබේ. එහි “වක‍්‍ර” පියවර අනුව, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කවර පක්ෂයක් වැඩි ආසන ගනනක් දිනා ගත්ත ද එයට ඉබේම සියයට 54ක බහුතරයක් හිමිවේ. ඉන්පසුව එයට අගමැතිවරයෙක් නම් කල හැකි අතර ඔහුට ව්‍යවස්ථාදායකයේ කිසිදු සැලකිය යුතු විරුද්ධත්වයකින් තොරව කටයුතු කිරීමට ඉඩ සැලසේ.

ජනමත විමසුමට යුරෝපීය සංගමය (යුසං) බැංකු හා රෙන්සිගේ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය විසින් සහාය දෙනු ලැබේ. පසුගිය සතියේදී යුසං කොමිසමේ සභාපති ජීන් ක්ලවුඬේ ජුන්කර් ලා ස්ටැපා පත්‍රයට පවසා තිබුනේ, “මම කැමතියි ‘ඔව්’ යන මතය දිනනවාට” මක්නිසා ද යත්, රෙන්සි “නිවැරදි ප‍්‍රතිසංස්කරන” ක්‍රියාත්මක කරනු ඇති බැවින්ය.

ඔවුන්ගේ තක්සේරුව රෙන්සි ජනමත විමසුම යෝජනා කිරීමට වසර තුනකට පෙරදී එලි දක්වා තිබුනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව හා බෙනිටෝ මුසොලිනීගේ ෆැසිස්ට් තන්ත‍්‍රය බිඳ වැටුනාට පසුව ඉතාලිය විසින් පෙන්වන ලද ආදර්ශයට අනුව, දකුනු යුරෝපීය තන්ත‍්‍රයන් මුහුන දුන් “ගැඹුරට මුල්බැසගත් දේශපාලන ගැටලු” පිලිබඳව ජේ.පී. මෝර්ගන් චේස් කනස්සල්ලට පත් විය.

එය තවදුරටත් මෙසේ පැවසීය, “පරියන්තයේ දේශපාලන ක‍්‍රම පිහිටුවනු ලැබුනේ ආඥාදායකත්වයෙන් පසුවය. ඒවා සංලක්ෂිතව තිබුනේ එම අත්දැකීම් වලිනි....පරියන්තයේ දේශපාලන ක‍්‍රම පහත දැක්වෙන අංග බොහොමයක් පොදුවේ ප‍්‍රදර්ශනය කලේය: පලාත්වලට සාපේක්ෂව දුබල මධ්‍යම ආන්ඩු, කම්කරු අයිතීන් ව්‍යවස්ථාවෙන්ම සුරක්ෂිතව තිබීම, දේශපාලන පරාධීනත්වය පෝෂනය කරන සංහිඳියා ප‍්‍රවර්ධන ක‍්‍රම, පවතින දේශපාලන තත්වයට නොහොබිනා වෙනස්කම් ඇතිකරන්නේ නම් ඒවාට විරුද්ධත්වය පලකිරීමේ අයිතිය. මෙම දේශපාලන උරුමයේ අඩු ලුහුඬුකම් අර්බුදය තුලින් එලිමහනට පමුනුවා ඇත.”

යුරෝපීය පාලක පැලැන්තීන්ගේ පූර්න සහාය ඇතිව රෙන්සි දැන් මෙම ජනමත විමසුම යෝජනාකර ඇත්තේ මන්දැයි වටහාගැනීම අපහසු නැත.

දශකයකට පමන ආසන්න කාලයක් තිස්සේ අනුගමනය කල ගැඹුරු කප්පාදු පියවර මගින් කලාපයේ දේශපාලන ක‍්‍රමය අපකීර්තියට පත්වීමෙන් පසුව යුරෝපය, ආර්ථික පසුබෑමක ගිලී ඇති අතර ඉතාලි බැංකු, යුරෝ බිලියන සිය ගනන් බොල් නය රැස්කරගෙන ඇත. කම්කරුවන් අතර සමාජ නොසංසුන්තා හා කෝපය පුපුරා යාමට තුඩුදෙනු ඇති, ව්‍යාපාර බංකොලොත්වීමේ හා සමාජ කප්පාදු රැල්ලක් මතුව ඇත. ජනමත විමසුම, බැංකු හා ප‍්‍රධාන සංගත වල නියෝගයන්ට කම්කරු පන්තියෙන් පලවන විරුද්ධත්වය මැඩීමේ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලබාදීමට අරමුනුකර තිබේ.

හජාජාක රෙන්සිගේ ජනමත විමසුමට දක්වන විරුද්ධත්වය, “නැත” යන ඡන්දයක් සඳහා ජාතිකවාදී කැඳවුම් නිකුත්කරන ඉතාලියේ දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායම් කෙරෙහි දක්වන එහි අශමනීය විරුද්ධත්වය ලිහිල් කරන්නේ නැත. සිල්වියෝ බර්ලුස්කෝනිගේ ෆෝර්සා ඉටැලියා පක්ෂයේ සුන්බුන්, අන්ත දක්ෂිනාංශික උතුරු ලීගය හා ෆැසිස්ට්වාදී ෆ්රැ ටෙල්ලි ඩි ඉටැලියා සංවිධානය වැනි කොටස් ඊට ඇතුලත්ය. රෙන්සිගේ සංශෝධන වැනි ආඥාදායක පියවර වෙනුවෙන් කාලයක් තිස්සේ පෙනී සිටි නමුත් ඔවුහු, 3දා ඡන්දයෙන් ප්රෝජාතන්ත්රෝ පක්ෂය පැරදුනොත් තමන්ට බලයට පත්වීමේ අවස්ථාවක් විවෘත වන බව සලකති.

බෙපි ග්‍රිනලොගේ තරු පහේ ව්‍යාපාරය, “තුවාල ලත් වලහෙක්” ලෙස රෙන්සි හෙලා දකිමින්, යුරෝ සංගමයට එරෙහිව වඩ වඩාත් ආගන්තුක විරෝධී හා ජනතාවාදී ප‍්‍රහාර එල්ල කරයි. කෙසේ වෙතත් ඔවුන්ම යුරෝ සංගමය හා සම්මුතියක් වෙනුවෙන් සාකච්ඡා කල යුතු බව කියා සිටින අතර, යුරෝපීය ගිවිසුම් හා යුරෝ මුදල අතහැරීම සඳහා වන ඉතාලියේ ජනමත විමසුම පදනම්කර ගනිමින් ඒවා පැවැත්විය යුතු බව අවධාරනය කරයි.

ප්රැජාතන්ත්රේ පක්ෂ වටා සිටින බොහෝ දෙනෙක් “නැත” ඡන්දය වෙනුවෙන් පෙනී සිටිති. එයට, ඉතාලි කම්කරුවන්ගේ පොදු සම්මේලනය, ඉතාලි ලෝහ කම්කරුවන්ගේ සමිතිය, ප‍්‍රජාතන්ත්රෙ පක්ෂයෙන් කැඩී ගිය ඉතාලි වාම කොටස් හා 1991 සෝවියට් සංගමය විසිරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව ප‍්‍රජාතන්ත්රො පක්ෂය හැරෙන්නට ඉතාලි කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වූ ප‍්‍රධාන ප‍්‍රවනතාවය වන රිෆොන්ඩාසියොන් කොමියුනිස්ටා වැනි කන්ඩායම් ඇතුලත්ය.

මෙම කන්ඩායම් දශක ගනනාවක් තිස්සේ ප‍්‍රජාතන්ත්රු පක්ෂය සමග සමීපව වැඩ කලේය. රිෆොන්ඩාසියොන් සම්බන්ධයෙන් ගත් කල එය, 2006-07 වසරවල ප්රුජාතන්ත්රව පක්ෂ ආන්ඩුවට ඇතුලුවී විශ‍්‍රාම කැපීමටත් ඇෆ්ගන් යුද්ධයේ වියදම් සඳහාත් ඡන්දය දුන්හ. ඔවුන් යුරෝ සංගමයට සහාය දෙන අතර රෙන්සිගේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ පිලිවෙත් වලට එරෙහි කම්කරුවන් හා තරුනයින් සඳහා කිසිදු ඉදිරි මාවතක් සම්පාදනය කරන්නේ නැත.

ඉතාලි ධනේශ්වරයටත් මුසෝලිනීගේ වැටීමෙන් පසුව අධිරාජ්‍යවාදී බලවතුන් අතර සන්ධානගත වීමටත් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය දෙන සහයෝගයේ පදනම මත ඔවුහු, දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් පසුව නිර්මානය කල ධනපති රාජ්‍ය පද්ධතියට ඒකාබද්ධව සිටිති. කොමියුනිස්ට් පක්ෂය, ලෝක යුද්ධයෙන් ඉක්බිතිව පැනනැගි සමාජ විප්ලවය වැලැක්වූ අතර ප‍්‍රතිරෝධයේ ව්‍යාපාරය හා කම්කරු පන්තියේ අරගල පාවාදුන්නේය. සෝවියට් සංගමය තුල ධනපති පුනස්ථාපනයට සහාය දුන් හා හිටපු ක්‍රිස්තියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වන, රෙන්සි වැනි දක්ෂිනාංශික ක්‍රියාකාරිකයින් බඳවාගන දැන් එයින් උපත ලත් පක්ෂය, ඒ අවධිය තුල දිනාගත් සහන වලින් ඉතිරිව ඇති දේ උපුටා දැමීමේ අරමුනෙන් වැඩ කරයි.

රෙන්සිගේ ජනමත විමසුමෙන් මතුකර තිබෙන ප‍්‍රශ්න මත කම්කරු පන්තියට දේශපාලනිකව ස්වාධීන ඉදිරිදර්ශනයක් කෙටුම්පත් කිරීම තීරනාත්මක කර්තව්‍යයයි.

ඡන්ද ප‍්‍රතිපලය කුමක් වුවත්, ජාත්‍යන්තරවම පාලක පන්තීන් මුහුනපා සිටින අර්බුදය උත්සන්න වනු ඇත. එය ඇමරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පත්වීමෙන් තියුනු කෙරී ඇත. “ඔව්” යන ඡන්ද ප‍්‍රතිපලය, කම්කරු පන්තියේ සමාජ අයිතීන්ට එරෙහි ප‍්‍රහාර උග‍්‍ර කරනු ඇත. රෙන්සි ඇඟවුම් කර ඇත්තේ “නැත” ඡන්ද ප‍්‍රතිපලය මත තමා ඉල්ලා අස්වන බවය. ප‍්‍රතිපලය ලෙස ග්‍රිගලෝගේ එම් 5එස් සංවිධානය ද ඇතුලුව යුරෝ සංගමයට එරෙහි ආන්ඩුවක් බලයට පත්වීමේ හැකියාව මතු කරයි.

සෑම තන්හිදීම හිස ඔසවමින් ඇත්තේ, පශ්චාත් යුද කාලීන පර්යායට ගැටගැසුන ආයතන බිඳ වැටීම හමුවේ, ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ගැටුමයි. පසුගිය ජූනියේදී බ්‍රිතාන්‍යය යුරෝ සංගමයෙන් ඉවත්වීමේ ඡන්දයෙන් පසුව, සංගමය හා යුරෝ මුදල බිඳ වැටීමේ තර්ජනය මතු කරන යුරෝ විරෝධී පාලනයක් ඉතාලිය තුල පිහිටුවීමේ හැකියාව තියුනු ලෙස මතු කරයි.

හෙට දිනය තුල ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නෝබට් හොෆර් බටහිර යුරෝපයේ පලමු අන්ත දක්ෂිනාංශික රාජ්‍ය නායකයා වුවහොත් එය එෆ්පී ඕ නායක හේන්ස් ක්‍රිස්ටියන් ස්ට්රානචිගේ චාන්සලර් ධුරයට පත්වීමට පසුබිම සකස් කරනු ඇත.

ජාත්‍යන්තර කමිටුව ජනමත විමසුමට විරුද්ධ වන්නේ, යුරෝපියානු හා ජාත්යූන්තර මට්ටමකින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලූ ගැන්වීමක ආස්ථානයෙනි. යුරෝපය පුරා සෑම රටකම කම්කරුවන් මෙන්ම, ජනමත විමසුමට එරෙහි ඉතාලි කම්කරුවන් හා තරුනයින් ද මුහුන දෙන්නේ, පොදු සතුරෙකුටය: එනම්, දරුනු කප්පාදු, මිලිටරිවාදය හා යුද ව්‍යායාම මෙන්ම වේගයෙන් ආඥාදායක්තවය දෙසට පිය නැගීමේ න්‍යායපත‍්‍රයක් සහිත ධනපති පන්තියකටය.

යුරෝපයේ හා ඉතාලියේ කම්කරුවන් හා තරුනයින් අතර ඇත්තේ පුපුරන සුලූ විරුද්ධත්වයකි. කෙසේ වෙතත් මෙම විරුද්ධත්වය එක්සත්කර පැහැදිලි දේශපාලන හා ඓතිහාසික ඉදිරිදර්ශනයක් මත අරගලයකට බලමුලූ ගැන්විය යුතුය. රිෆොන්ඩසියොන් හා ඔවුන්ගේ සහචරයින් පෙන්නුම් කර ඇත්තේ ඒවා ධනපති පක්ෂ බවත් කම්කරුවන්ට අවෘත අන්තයක් බවත් ය.

පාලක පැලැන්ති ආඥාදායක පන්නයේ පාලනයන්ට පැනගන්නා තතු තුල, ගොඩනැගිය යුතු නව දේශපාලන නායකත්වය ලෙස හජාජාක තෙමේම ඉදිරිපත් වෙමින්, කම්කරු පන්තියේ එකම ශක්‍ය ප‍්‍රතිචාරය විය යුතු ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයේ ඉදිරිදර්ශනයට කම්කරුවන් දිනාගැනීමට සටන් කරයි. යුරෝපීය ධනවාදය අපකීර්තියට පත්වන හා එහි දේශපාලන සංස්ථා බිඳ වැටෙමින් ඇති තතු තුල ජාත්‍යන්තර කමිටුව, යුරෝ සංගමය පෙරලා දමා එක්සත් යුරෝපීය සමාජවාදී සංගමයක් මගින් එය විස්ථාපනය කිරීමේ ඉදිරිදර්ශනය පෙරටුකර ගනියි.

Share this article: