වෙලඳ යුද්ධය සඳහා වන ට‍්‍රම්ප්ගේ නව ධවල මන්ඳිර කාර්යාලය

Trump’s new White House office for trade war

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 දෙසැම්බර් 24

නව ජාතික වෙලඳ කමිටුවක් පිහිටුවන බවට 21දා නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කල නිවේදනය සලකුනු කරන්නේ, කලින් පිලින දී ඇති පරිදි ඔහුගේ ආන්ඩුව, වෙලඳ යුද්ධයේ ක්‍රියාමාර්ග වේගයෙන් පෙරට ගෙන යනු ඇති බවයි.

නව කාර්යාලයේ ප‍්‍රධානියා වන්නේ, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු හා ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරයේ ද අන්තර් වාර කන්ඩායමේ ද ප‍්‍රමුඛ සාමාජිකයෙකු වූ පීටර් නවාරෝය. ඔහු, විශේෂයෙන්ම චීනයට විරුද්ධව එල්ල කෙරෙන, ආක‍්‍රමනික වෙලඳ පිලිවෙත් හා යුදවාදය පිලිබඳ කුප‍්‍රකට කථිකයෙකි.

ට‍්‍රම්ප්ගේ අන්තර්වාර කන්ඩායම පැවසුවේ තමන්, “වෙලඳ සම්බන්ධතා වලදී අභිලාශවත් මූලෝපායක්” පිලිබඳව ජනාධිපතිට උපදෙස් දෙනු ඇති බවයි. එය, “ඇමරිකාවේ නිෂ්පාදන හැකියාවන් හා ආරක්ෂක කර් මාන්තයේ පදනම” මැන බැලීමට අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරනය පවත්වාගෙන යනු ඇත.

තම මැතිවරන ව්‍යාපාරය අවධියේදී ට‍්‍රම්ප්, ඩබ්ලිව්ටී ඕ හෙවත් ලෝක වෙලඳ සංවිධානයෙන් ඉවත් වන බවට තර් ජනය කල අතර, ඇමරිකානු ආර් ථිකයට හානිකර යයි සැලකෙන, උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම වැනි වෙලඳ බැඳීම් අහෝසි කරන බව පවසා තිබුනි. තමා වැඩ බාරගන්නා පලමු දිනයේම, අන්තර් පැසිෆික් හවුල්කාරිත්වයෙන් ඉවත් වන බව නිවේදනය කලේය.

ටීපීපී නිදහස් වෙලඳ ගිවිසුමක් නොවූ අතර එය, වෙලඳාම හා ආයෝජනය පිලිබඳ වොෂින්ටනයේ අවශ්‍යතා බීජිනයට පිලිගැන්වීම සඳහා බල කෙරෙන, ඇමරිකාව මූලිකත්වය දරන ආර් ථික හවුලක් විය. ටීපීපී, ඔබාමා ආන්ඩුවේ “ආසියාවට හැරීම” වැඩපිලිවෙලේ ආර් ථික තුඩ විය. එසේම එය, ආසියාව තුල ඇමරිකානු අනුහස සහතික කිරීම අරමුනු කර ගත්, ආසියානු පැසිෆික් කලාපයේ ගෙන ගිය ආක‍්‍රමනකාරී රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි ව්‍යායාමයක් ද විය.

අන්තර් පැසිෆික් හවුල්කාරිත්ව ගිවිසුමෙන් ඉවත්වීමේ ට‍්‍රම්ප්ගේ තීරනය, චීනය සම්බන්ධ ඔබාමා ආන්ඩුවේ ගැටුම්කාරී පිලිවෙතින් පසුබැසීමක් නොව සලකුනු කරන්නේ, සියලු පෙරමුනු වලදී එහි කැපී පෙනෙන තීව‍්‍ර වීමකි.

මැතිවරන අවධිය තුල ට‍්‍රම්ප්, අසාධාරන වෙලඳ කටයුතු පිලිබඳව යලි යලිත් චීනය හෙලා දුටු අතර චීනය මූල්‍ය මගඩිකාරයෙකු ලෙස හංවඩු ගසන බවටත්, එරටින් ඇමරිකාවට කරන අපනයන සඳහා සියයට 45ක් තරම් තීරු බදු පනවන බවටත් තර් ජනය කලේය.

සමහර වර් ගවල චීන වානේ වලට සියයට 522ක ද සමහර චීන වානේ සමාගම් වලට සියයට 266ක ද දන්ඩන තීරුබදු පැනවීමට ඔබාමා ආන්ඩුව දැනටමත් පියවර ගෙන ඇත. එහිදී ඔබාමා අඩුම තරමින් නාමිකව හෝ පවත්නා ජාත්‍යන්තර රෙගුලාසි වලට අනුව කටයුතු කිරීමට උත්සාහ කල නමුත් ට‍්‍රම්ප්, ඇමරිකාවට එරෙහි ඩබ්ලිව්ටී ඕ දඬුවම් පැනවීම හා එකට එක කිරීමේ පියවරයන්ට මුහුන පෑමට සිදුවනු ඇති අමු ආරක්ෂනවාදී වැඩ කටයුතු නාටකාකාර ලෙස උග‍්‍ර කිරීමට සැලසුම් කරයි.

ජාතික වෙලඳ කමිටුවට නවාරෝ පත් කිරීමෙන් පැහැදිලි වන්නේ, යථාර් තයේදී එය, වෙලඳ යුද්ධය සඳහා ජාතික කමිටුවක් වන බවයි. නවාරෝ ශාස්ත‍්‍රාලික අර් ථශාස්ත‍්‍රඥයෙකුට වඩා චීන විරෝධී දෘෂ්ටිවාදියෙකි.

වානිජ්‍ය ලේකම් බවට පත්වීමට නියමිත බිලියනපති ව්‍යාපාරික විල්බර් රොස් සමග එක්ව නවාරෝ, ට‍්‍රම්ප්ගේ “පලමුවෙන් ඇමරිකාව” යන වෙලඳාම පිලිබඳ කයිවාරු ප‍්‍රචාරනයේ යෙදී සිටියේය.

“ට‍්‍රම්ප්ට ඡන්දය දීම යනු ආර් ථික වර් ධනය සඳහා ඡන්දය දීමයි” යන හිසින් ඔක්තෝබරයේ වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පලවූ ලිපියක මේ දෙදෙනා, “වෙලඳ යුද්ධයේ පඹයා” පිලිබඳ අනතුරු ඇඟවීම ප‍්‍රතික්ෂේප කලහ. ඔවුන් තර් ක කලේ, “මනා, දැඩි සාකච්ඡා” ඇමරිකාවේ වෙලඳ හිඟය අහෝසි කරනු ඇති බවටය.

නවාරෝ හා රොස් චීනය, ජර්මනිය, ජපානය, මෙක්සිකෝව හා දකුනු කොරියාව ඉලක්ක කලහ. “අපට ඔවුන්ගේ වෙලඳපොල වලට වඩා ඔවුන්ට අපේ වෙලඳපොලවල් අවශ්‍ය” යි ඔවුහු පැවසූහ. සැබෑව නම්, ට‍්‍රම්ප් ආන්ඩුවේ දැඩි උපක‍්‍රම හා දන්ඩන වෙලඳ පියවර පිලිබඳ තර් ජ නය නිසැක ලෙසම, ඇමරිකාව ද ඇතුලු ලෝක ආර් ථිකයේ හා වෙලඳාමේ වර් ධනයට වල කපන ප‍්‍රති ප‍්‍රහාර අවුලුවනු ඇති බවයි.

ට‍්‍රම්ප්ගේ අන්තර් වා ර කන්ඩායම දැනටමත් සියයට 10 දක්වා වන ආනයන තීරු බදු සඳහා ඉදිරිපත් කෙරී ඇති යෝජනා සාකච්ඡාවට ගෙන ඇති බව 22දා සීඑන්එන් මාධ්‍ය ජාලය වාර් තා කලේය. ඒ ගැන ඇමරිකාවේම සමහර ව්‍යාපාරික ක්ෂේත‍්‍ර කලබලයට පත් විය. ට‍්‍රම්ප්ගේ “ගොරහැඩි වෙලඳ ප‍්‍රතිපත්තිය ඇමරිකානු ආර් ථිකය මත, විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත‍්‍රය හා ඇමරිකානු කම්කරුවන් මත, දැඩි පිරිවැයක් පටවනු ඇතැයි” එක් සංවිධානයක් සීඑන්එන් වෙත පවසා තිබුනි. ලොව පුරා සිටින සහචරයින් මෙන්ම ඇමරිකානු නිෂ්පාදකයින් ද රැඳී සිටින්නේ, තීරු බදු මගින් පහර වදිනු ඇති, ගෝලීය සැපයුම් ජාලයන් මතය.

වෙලඳ යුද්ධය නොවැලැක්විය හැකි පරිදිම යුද්ධයට තුඩු දෙන බව නවාරෝ හොඳින්ම දැන සිටියි. චීනයට විරුද්ධ දන්ඩන වෙලඳ පියවර වෙනුවෙන් ඔහු ඝෝෂාකාරී ලෙස පෙනී සිටින අතරම කියා සිටින්නේ, ගැටුමට සූදානම් වන ලෙසයි. ඔහු ලියා ඇති පොත්පත් මේවාය: එලඹෙන චීන යුද්ධ; ඔවුන් සමග සටන් කල යුත්තේ කොතැන්හි ද ඔවුන් ජය ගත හැක්කේ කෙසේ ද? චීනයේ මරනය; මකරාට මුහුනදීම- ක්‍රියාව සඳහා ගෝලීය කැඳවුම හා බඩගාන කොටියා; ලෝකයට චීන මිලිටරිවාදයේ තේරුම කුමක් ද? අවසාන කෘතීන් දෙක චිත‍්‍රපට වලට නඟා ඇත.

නව වෙලඳ මන්ඩලය ජාතික ආරක්ෂක කමිටුව හා ධවල මන්දිරයේ අනෙකුත් සංස්ථා සමග වැඩ කරනු ඇති බව පවසයි. එය සිදුවන්නේ, මැතිවරන ව්‍යාපාරය තුල නව ජනාධිපතිගේ සටන් පාඨයව පැවති “මිලිටරි හා ආර් ථික බලය හරහා සෞභාග්‍යය හා සාමය” ක්‍රියාවට නැංවීම එල්ල කර ගෙනය.

නවාරෝ හා ඇලෙක්සැන්ඩර් ග්‍රේ යන ට‍්‍රම්ප්ගේ තවත් උපදේශකයෙක්, “ආසියා පැසිෆික් කලාපය තුල ශක්තියේ දැක්ම හරහා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සාමය” යන මාතෘකාව යටතේ නොවැම්බර් 7දා විදේශ ප‍්‍රතිපත්තිය සඟරාවේ දිග ලිපියක් පල කරමින්, මෙම සටන්පාඨයේ අර් ථය ගෙනහැර දැක්වීය. ඇති තරම් ආක‍්‍රමනකාරී ලෙස චීනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අසමත්වීම ගැන ඔබාමාගේ ආසියාවට “හැරීම” නැත්නම් “ප‍්‍රති තුලනය” පිලිවෙත ගැන හා ඇමරිකානු මිලිටරියේ ප‍්‍රමානය අඩු කිරීම පිලිබඳව දෙදෙනාම විවේචනශීලී වූහ.

නවාරෝ හා ග්‍රේ පැවසුවේ, හැරීම “හයියෙන් කථාකරමින් කුඩා කෙවිටක් ගෙන යාම, කලාපය තුල ආක‍්‍රමනිකත්වය හා අස්ථාවරත්වය අඩුකරනවා වෙනුවට දැඩි කිරීමට තුඩු දුන් අවිචක්ෂන පිලිවෙතක්” බවට පත්ව තිබෙන බවය. ටීපීපී වැනි වෙලඳ ගිවිසුම් මගින් “අපගේ නිෂ්පාදන පදනම හා අප ද අපගේ මිතුරන් ද ආරක්ෂා කරගැනීමේ හැකියාව දුබල කර ඇත.” එබැවින් ආරක්ෂනවාදී ලෙස ඒවායින් ඉවත් වීම ද ඇමරිකාවේ මිලිටරිය, විශේෂයෙන්ම නාවික හමුදාව, විශාල වශයෙන් පුලුල් කිරීමේ පියවරයන් ද ඔවුන්ගේ ප‍්‍රතික ර් මය වන්නේය.

“බලය හරහා සාමය” යන්න සාමය සඳහා නොව, යුද්ධය සඳහා වට්ටෝරුවක් වන්නේය. තනි චීනයක් පිලිබඳ ප‍්‍රතිපත්තිය අත්හැරීමේ විවෘත උපදේශකයෙක් ලෙස නවාරෝ පෙනී සිටීම අර්ථභාරීය. එය 1979 සිට ඇමරිකානු-චීන සම්බන්ධතාවන්හි ප‍්‍රධාන කුලුනක් විය. නවාරෝ තායිවානය සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීම වෙනුවෙන් පෙනී සිටියි.

තනි චීනයක් පිලිබඳ ප‍්‍රතිපත්තියට අනුකූලව වොෂින්ටනය, සමස්ත චීනයේ එකම නීත්‍යානුකූල ආන්ඩුව බීජිනය බව පිලිගනිමින්, තායිවානය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා බිඳ දැමීය.

“ට‍්‍රම්ප් දැනටමත් තනි චීනයක් පිලිබඳ ප‍්‍රතිපත්තිය මත ප‍්‍රශ්නාර් ථය නැඟුවේ, මේ මාසයේ මුල, වෙලඳාම ද ඇතුලු තවත් කරුනු සම්බන්ධයෙන් චීනය සමග සම්මුතියක් ඇතිකර නොගන්නේ නම්, තමා එයට බැඳිය යුත්තේ මන්දැයි තමාට නොවැටහෙන බව කියා සිටිමිනි.” දශක තුනක් තරම් කාලයකට පසුව කෙලින්ම තායිවාන ජනාධිපතිට කථා කල පලමුවැනි ඇමරිකානු නායකයා වන්නේ ද ට‍්‍රම්ප්ය. ඒ ජනාධිපති ට්සායි ඉන් වෙන් දුන් දුරකථන ඇමතුමට ප‍්‍රතිචාර දක්වමිනි.

“ඇමරිකාවට තායිවානය අත්හල නොහැකිය” යන හිසින්, ජාතික ආසක්තයෝහි ජූලි මාසයේ පල කල ලිපියක් තුල නවාරෝ, තායිවානය සමග ඇමරිකාවේ කිට්ටු සබඳතා, චීනය සමග ගැටුමට සූදානම් වීම සමග බැඳී ඇති බව පැහැදිලි කලේය. “තායිවානය ස්වාධීන, ඇමරිකාවට පක්ෂ මිතුරෙක් ලෙස තබා ගැනීම, එන්ට එන්ටම මිලිටරිවාදී වන චීනයට එරෙහිව මූලෝපායික තුලනයේදී තීරනාත්මකය” යි ඔහු පැවසීය.

මෑතකදී තායිවානයට ගිය නවාරෝ, චීනයේ අභිමතය පරිදි දිවයින යොදාගැනීමට ඉඩ දීමේ මිලිටරි අන්තරායන් ගැන අනතුරු ඇඟවීය. එහි චීන කඳවුරු පිහිටුවනු ලැබුනොත්, චීන සබ්මැරින් යානා වලට ශාන්තිකර සාගරය වෙත ක්ෂනිකව පිවිසීමට ද එරට ගුවන් හමුදාවේ පරාසය පුලුල් වීමට ද කොන්දේසි සැකසේ. ඔහු ඇමරිකානු බලධාරීන්ට යෝජනා කලේ, තායිවානයේ මිලිටරි හැකියාවන් තර කරන ලෙසයි.

කෙසේ වෙතත්, තායිවානය සමග ඇමරිකාවේ මිලිටරි බැඳීම්, චීනයට සෘජු තර් ජනයක් වන අතර වොෂින්ටනය හා බීජිනය අතර ආතතීන් ක්ෂනිකව තියුනු කරනු ඇත. පෙන්ටගනය දිගු කලක් තිස්සේ දිවයිනේ මිලිටරිමය වටිනාකම හඳුනාගෙන සිටින අතර තායිවාන් සමුද්‍ර සන්ධියේ පටුම තැන සිට චීන වෙරලට ඇත්තේ කිලෝ මීටර් 130ක් පමනි. ඇමරිකානු ජෙනරාල් මැක් ආතර් එය විස්තර කලේ, පැසිෆික් කලාපයේ “සෙලවිය නොහැකි ගුවන් යානා හාරක නෞකාවක්” ලෙසය.

තනි චීනයක පිලිවෙත හැර දැමීමට ට‍්‍රම්ප් කරන තර් ජනය හා තායිවානය වැලඳ ගැනීමට දක්වන කැමැත්ත, රාජ්‍යතාන්ත්‍රිකව, ආර් ථිකව හා අවශ්‍ය වුවහොත් යුද්ධයක් තුලින් පවා ආක‍්‍රමනකාරී ලෙස චීනයට මුහුනදීමේලා පවතින සූදානම පෙන්නුම් කරයි.

Share this article: