<em>රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස</em> කම්කරු මාවත ප්‍රකාශකයන්ගේ අලුත්ම සිංහල පරිවර්තන කෘතිය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස
කම්කරු මාවත ප්‍රකාශකයන්ගේ අලුත්ම සිංහල පරිවර්තන කෘතිය

2016 පෙබරවාරි 07

ඩේවිඩ් නෝර්ත් ගේ රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස (පිටු 528 × ISBN 978-955-9123-81-1) නමැති මෙම කෘතිය, කම්කරු මාවත ප‍්‍රකාශකයන්ගෙන් ලබාගත හැකිය.

මිල රු. 500.00

ඩේවිඩ් නෝර්ත් හතලිස් වසරකටත් වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුල නායක කාර්යභාරයක් ඉටු කර සිටී. ඔහු වර්තමානයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ මෙන්ම එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ය. ඔහුගේ පල කරන ලද කෘතීන් අතරට, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳව ලියවුනු අපරක්නා උරුමය, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදය, මාක්ස්වාදය, ඉතිහාසය සහ සමාජවාදී විඥානය සහ ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා ද ඇතුලත් වේ.

* * *

විසිවන සියවස - සුවිශේෂ දේශපාලන සහ සංස්කෘතික සමයක් ලෙස - ඇරඹුනේ 1914 පලමුවන ලෝක යුද්ධය පටන් ගැනීමත් සමගය යන්න ඉතිහාසඥයන් අතර පුලුල් එකඟතාවයක් පවත්නා කාරනයකි. එහෙත් එම සියවස අවසන් වූයේ කවදා ද - නැතහොත් එය ඇත්ත වශයෙන් අවසන් වුනි ද යන්න - දැඩි මතභේදයන්ට ලක්වී ඇත. මතභේදය අවුරුදු සියයක කාලපරිච්ඡේදයක නිල දින නියම කිරීම පිලිබඳව නොවේ. පැහැදිලිව ම 1900 ගනන් ඉවරය: දැන් අප ජීවත් වන්නේ 21 වන සියවස තුල ය. එසේ වුව ද විසිඑක්වන සියවසේ දෙවන දශකය අඩක් ගෙවීයමින් පවත්නා නමුත්, ලෝකය 20වන සියවසේ ගුරුත්ව ක්ෂේත‍්‍රය තුලම රැඳී සිටි. ඉතිහාසඥයන් ගතවූ සියවස දෙස දැනුදු කෝපයෙන් බලතොත් ඒ, මානව වර්ගයා තවමත් - දේශපාලන, ආර්ථික, දාර්ශනික ක්ෂේත‍්‍රයන්හි පමනක් නොව, කලාව ද ඇතුලු - එම සියවසේ අසමාප්ත අරගලයන් තුලම නිමග්නව සිටින නිසාය.

Share this article: