යුද්ධය හා ඇමරිකාව තුල සමාජ යටිතල ව්‍යුහයේ විනාශය- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

යුද්ධය හා ඇමරිකාව තුල සමාජ යටිතල ව්‍යුහයේ විනාශය

War and the destruction of social infrastructure in America

2016 ජනවාරි 28

මිචිගන් ප්‍රාන්තයේ ෆ්ලින්ට්හි ජල අර්බුදය ඇමරිකානු මාධ්‍යවල ජාතික සිරස්තල බවට පත්වෙද්දී, විද්‍යාඥයින් හා පාරිසරික නිලධාරීන් ඇමරිකානු ජන ජීවිතයේ කැත රහස හෙලිදරව් කර තිබේ: පානීය ජලයට වස මුසුවීම ෆ්ලින්ට් ප්‍රෙද්ශයට පමනක් සුවිශේෂී තත්වයක් නොව මුලු රටම මුහුනපා ඇති ප්‍රශනයක් බව හෙලිදරව් වී ඇත.

ලුයිසියානා හා ටෙක්සාස් ප්‍රෙද්ශ මෙන්ම, බැල්ටිමෝර්, මේරිලන්ඩ්, පිට්ස්බර්ග්, පෙන්සිල්වේනියා, වොෂින්ටන් ඩීසී හා බොස්ටන්, මැසෙචසෙට්ස් වැනි නඟර වල ද ලමුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක්, බෙහෝකොටම නාගරික පානීය ජල සැපයුම් තුලින්, ඉහල මට්ටමක ඊයම් සාන්ද්‍රනයකට නිරාවරනයවී ඇති බව වාර්තාවේ.

මේ සතියේ ඔහියෝ ප්‍රාන්තයේ පාරිසරික නියාමන ප්‍රධානියා පැවසුවේ, ජාතික ජල නියාමනය “බිඳවැටී“ ඇති බවයි. ඔවුන් ඇමරිකානු නඟරවල ඊයම් වසවීමේ සැබෑ පරිමාව බෙහෙවින් නොතකා හැර ඇති බව ඔහු පවසයි. “ෆලින්ට් ප්‍රෙද්ශයේ දුම හා ජල නල අර්බුදය ජාතික ආරක්ෂකයින් ද තැතිගන්වන මට්ටම් වලට නැඟ ඇත.“

ඇමරිකාවේ බොහෝ ජල නල වසර සීයකට වඩා පැරනිය. නඟර විශාල සංඛ්‍යාවක තවමත් නල වල සියයට සීයක් ඊයම් තැවරීම සිදුවේ. හේතුව සොයා ගැනීම අපහසු නැත. කොන්ග්‍රස් අයවැය කාර්යාලයට අනුව, ගමනාගමනයේ හා ජල යටිතල ව්‍යුහයේ පොදු ප්‍රාග්ධන ආයෝජන දශක ගනනාවක් තිස්සේ පවතින්නේ පහත මට්ටමකය. එහි මුදුන සලකුනු කල 2003 පටන් ආයෝජන සියයට 23න් කපා ඇත.

2003 වසර වැදගත් වන්නේ, බුෂ් පාලනය විසින් නීති විරෝධී ඉරාක ආක්‍රමනය පටන්ගත් වසරට එය සම්පාත වන නිසාය. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය“ දැවැන්ත මිලිටරි ප්‍රසාරනයකට තුඩු දුන් අතරම, මූල්‍ය වසංශාධිපතිත්වයේ ධන රාශිකරනයට සම්බන්ධයක් නැති ඕනෑම වියදමක් අඛන්ඬව කපා හැරීමට ලක්ව ඇත.

ෆ්ලින්ට්හි දස දහස් ගනනක් මෙන්ම ඇමරිකාව පුරා මිලියන ගනන් ජනතාවක් විය හැකි වස මිශ්‍ර පානීය ජල අර්බුදයකට මුහුනදී සිටියදී දේශපාලන සංස්ථාපිතය ඊට දක්වන ප්‍රතිචාරය, නොතැකීම ලෙස අංඟලක්ෂනය වී තිබේ. මිචිගන් ආන්ඩුකාර රික් ස්නයිඩර්ගේ සිට, ප්‍රාදේශීය ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරීහු ද ඔබාමා පාලනය ද ශෝකී මුහනු පෙන්වමින්, වගකීම බාර ගන්නා බව අඟවමින් හෝ චෝදනා ඉවතට හැරවීමට උත්සාහ කරමින්, ප්‍රශ්නය විසඳීමට කිසිවක් නොකර සිටිති.

පැහැදිලිවම අවශ්‍ය කෙරී තිබෙන දේ ඉල්ලා සිටිමින් ව්‍යසනයට ප්‍රතිචාර දක්වන කිසිදු දේශපාලකයෙක් සොයාගත නොහැකිවී ඇත: පාරිසරික ආරක්ෂක ඒජන්සියට අනුව, ඇමරිකාව තුල ඇති නාඟරික ඊයම් නල වෙනුවට ආරක්ෂිත නල එලීම පිනිස, ඩොලර් බිලියන 273ක් වැනි සාපේක්ෂව සැලකිය යුතු මුදලක් වහාම යොදවන ලෙසට ඉල්ලීමක් නැත. මෙය ඇමරිකානු මිලිටරියේ අංශ හතරෙන් එකක් වන හමුදාවට වාර්ෂිකව වැය කරන මුදලට සමානය. එවැන්නකට අනුමැතිය දීම කෙසේ වෙතත් එවන් යෝජනාවක් සලකා බැලීමට හෝ “මුදල් ඇත්තේ නැත“ යන්න සරල පිලිතුර වී ඇත.

සමාජ වියදම් සඳහා කුමන හෝ මුදල් යෙදවීමකදී සෑම කූපයක්ම මනාව පීරා බලන දේශපාලඥයෝ, දෙවරක් සිතන්නේ නැතිව, සිතාගත නොහැකි තරම් මුදල් මිලිටරිය සඳහා වෙන්කිරීමට පියවර ගනිති. ඇමරිකානු මිලිටරිය ඩොලර් ට්‍රිලියනයකටත් වඩා සිය යුදවාදී එෆ්-35 වෙනුවෙන්, ලොක්හීඩ් මාටින් යන ආරක්ෂක කොන්ත්‍රාත්කරුවාට ගෙවන බව දන්නේ කීදෙනා ද? එසේ නැතිනම් තම පරමානු බෝම්බ වඩා කුඩාවට හා මෙහෙයවීම පහසු කෙරෙන පරිදි, න්‍යෂ්ඨික අවි ගබඩාව “නවීකරනයට“ තවත් ට්‍රිලියනයක් වියදම් කරන බව කී දෙනෙක් දනිත් ද?

මෑතකදී සිය රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කරමින් ඔබාමා කයිවාරු ගැසූ පරිදි, ඇමරිකාව ඊලඟට ඇති රටවල් අටටම වඩා මිලිටරිය සඳහා වියදම් කරයි. ඒ සඳහා තව තවත් අරමුදල් ඉල්ලා සිටියි.

මුලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය (සීඑස්අයිඑස්) මෑතකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ඊනියා ආසියාවට හැරීම වෙනුවෙන් වියදම් ඇස්තමේන්තු කලේය. ඒ අනුව චීනයේ ආර්ථික හා මිලිටරි ශක්තියට මුහුනදීම පිනිස බටහිර ශාන්තිකරයේ, මිලිටරි ආම්පන්න යලි ස්ථානගත කිරීම සිදුවේ. එම වාර්තාව ඇමරිකානු මිලිටරියට දී ඇත්තේ අසමත් තත්වයක් වීම කැපී පෙනේ. එය ශාන්තිකරයේ ඇමරිකානු මිලිටරි ශක්තියේ සෑම අංශයක්ම පුලුල් කිරීම හා වර්ධනය කිරීම ඉල්ලා සිටියි. චීනය සමඟ යුද්ධයකදී ඉහලින් සිටීමට නම්, එය අවශ්‍ය බව වාර්තාව කියා සිටියි.

1990 ගනන් ආරම්භයේ පටන් ඇමරිකානු මිලිටරිය ක්‍රියාත්මක වූයේ, කලාපීය මට්ටමකදී හෝ සිය මිලිටරි අධිකාරයට අභියෝග කල හැකි වෙනත් කිසිදු බලයකට පවතින්නට ඉඩ නොතැබීමේ මූලෝපායික ධර්මතාවට අනුවය. එහි අර්ථය, ඇමරිකානු දේශසීමාවෙන් බොහෝ ඈත කෙරෙන සම්ප්‍රධායික යුද්ධයකදී, චීනය වැනි තවත් ප්‍රධාන බලවතෙකු පරාජය කිරීමට නම් ඇමරිකාව, එවන් දැවැන්ත මිලිටරි ශක්තියක් යෙදවිය යුතුව ඇති බවයි.

මෙය වනාහි ඇමරිකාවේ පමනක් නොව සමස්ත පෘතුවි තලයේම මිනිසුන්ට ව්‍යසනයකින් පමනක් කෙලවර විය හැකි මිලිටරි අධිකාරයක් පවත්වාගැනීමේ උමතු උත්සාහයකි. එය ඇමරිකානු සමාජයේ ලේ සිඳුවන වට්ටෝරුවකි.

ඇමරිකානු සමාජ ගැටලුවල එකම හේතුව යුද්ධය යයි කීම සැබවින්ම ලාභ කථාවක් වනු ඇත. ඇමරිකානු ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන අංඟය වනුයේ, ධනවතුන් හා දුගීන් අතර වන යෝධ ආගාධයයි. කෙසේ වෙතත් යුද්ධයේ හා මිලිටරිවාදයේ නැඟීම අන්තර් සම්බන්ධිත එකම මූලයකින් පැන නඟියි.

ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්වයෙහි දිගු කාලීන පරිහානියට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තිය, එක් අතකින් මූල්‍ය සමපේක්ෂනයේ, ඒකාබද්ධයන්ගේ, අත්පත්කර ගැනීමේ හා වැටුප් කැපීමේ රැල්ලක් වර්ධනය කරමින්, ජනගහනයේ අති මහත් බහුතරයක් වෙතින් සමාජ ධනය තමන්ගේ සාක්කු තුලට රුවා ගත්හ. අනෙක් අතට ඔවුන්, සිය ආර්ථික පරිහානියේ ප්‍රතිවිපාකයන්ට මුහුනදීමේදී තම සුපිරි මිලිටරි බලය යොදා ගැනීමට උත්සාහ දරයි.

ඇමරිකානු පාලක පන්තියේ උමුතු සහගත හා සමාජීය වශයෙන් ව්‍යසනකාරී ප්‍රමුඛතා, යුද්ධය හා ධනවාදය අතර නොවෙන්කල හැකි සම්බන්ධයේ රූපයෙන් මාධ්‍යගතවී ඇති අතර වැඩකරන ජනතාවගේ සියලු සමාජ අයිතීන් සඳහා සටන අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සමඟ නොවෙන් කල හැකි පරිදි බැඳී ඇත.

ඇන්ඩ්‍රි ඩෙමෝන්

Share this article: