ෆලූජා: එක්සත් ජනපද යුද අපරාධ පිලිබඳ සංකේතයක්

Fallujah: A symbol of US war crimes

2016 ජුනි 8

එක්සත් ජනපද ආක‍්‍රමනයේ සාපරාධී ආදීනව පිලිබඳ සංකේතයක් ලෙස ෆලූජාවට වඩා වෙනත් නගරයක් ඉරාකය තුල නැත. මානව වර්ගයාගේ පැරනිතම, අඛන්ඩ නාගරික වාසස්ථාන වලින් එකක් වූ “මොස්ක්ස් නගරය” නමින් හඳුන්වනු ලැබූ යුප‍්‍රටීස් ගංඟා ධාරයේ 2003 ට පෙර 300,000 ක බලවූත්, සමෘද්ධිමත්වූත් මූලිකව සුන්නි මුස්ලිම් ප‍්‍රජාවක් ජීවත් විය. එක්සත් ජනපදය හා එහි අනුග‍්‍රාහක රාජ්‍යයක් වන බැග්ඩෑඞ් කල විනාශයෙන් වසර 13 පසු, අද එය නටබුන්වලින් ගහන දුෂ්කර ප‍්‍රදේශයකි, මල නගරයකි.

වාර්තාවන ආකාරයට එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය සහ ඔස්ටේ‍්‍රලියාව, ඉරාක ආන්ඩුවේ හමුදා සහ සියැට් භට කන්ඩායම් වල එකතුවක් එල්ල කල ගුවන් ප‍්‍රහාර වලින් පසුව 2014 මුල දී එය යටත් කරගත් සුන්නි-අන්තවාදී ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යයේ (අයිඑස්අයිඑස්) සටන්කරුවන් 500 ගෙන් ෆලූජා නගරය යලි අත්පත් කර ගැනීමේ අවසන් ප‍්‍රහාරයක අද්දර සිටී. ඍජු ගුවන් ප‍්‍රහාර හා ගොඩබිම් කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කරන හා ඉරාක අනදෙන නිලධාරීන්ට උපදෙස් දෙන එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය ප‍්‍රභූ හමුදා ඉරාක විශේෂ බලකා ඒකක කැටුව යයි.

ආහාර හෝ ජලය නොමැතිව ෆලූජා නගරයේ කොටු වී සිටින 50,000 ක් සිවිල් ජනයාගේ ඉරනම ගැන උත්සුක වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් හදිසි ආයාචනයක් නිකුත් කර ඇත. යටත් කරගෙන සිටින්නන් විසින් ජනතාව “මිනිස් පලිහක්” ලෙස යොදා ගන්න බවට චෝදනා කරමින් ප‍්‍රහාරය හේතුකොට ගෙන සිදුවන සිවිල් ජන ඝාතන එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඉරාක ආන්ඩුව විසින් කලින් ම සාධාරනීකරනය කර තිබේ. පලායාමට උත්සාහ කල දුසිම් ගනනක් මිනිසුන් ඝාතනය කල බවට අයිඑස්අයිඑස් සංවිධානයට චෝදනා එල්ලවුනි,

පලා ආ මිනිසුන් සහ නව යොවුන් තරුනයන් ඉරාක ආන්ඩුවේ භට කන්ඩායම් විසින් රඳවාගෙන සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අනුව පැහැදිලිව පෙනෙන්න තිබෙන විදිහට අයිඑස්අයිඑස් සාමාජිකයන් හෝ ආධාරකරුවන් බවට “බලහත්කාර පාපොච්චාරන ලබා ගැනීම සඳහා කායික හා වෙනත් ආකාරයේ වදදීම් වලට” ඔවුන් භාජනය කරනු ලබයි. අවම වසයෙන් සමුහ ඝාතන 21සිදු වූ බවට තහවුරු නොකල තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලැබී තිබේ.

වසර දෙකකට අයිඑස්අයිඑස් සංවිධානයට පෙර නගරය අත්පත් කර ගැනීමට හැකිවුයේ කෙසේ ද හා ඇයි ද යන ප‍්‍රශ්නය මාධ්‍ය ආවරනවල දී බොහෝ සෙයින් නොතකා හැර ඇත. එම ප‍්‍රශ්නය යම් ප‍්‍රමානයකට මතු කලතාක් දුරට දෙනු ලබන විස්තර කථනය වන්නේ 2011 ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ෂියා අධිපතිධාරී ආන්ඩුවේ නිකායවාදය හා මර්දනකාරී පිලිවෙත් කෙරෙහි සුන්නි ජනයාගේ විරෝධය ඊට හේතු වූ බව ය. සමස්තයක් ලෙස, පොදුවේ ඉරාක ජනතාව චිත‍්‍රනය කරනු ලබන්නේ සුවකල නොහැකි ලෙස සුන්නි, ෂියා හා කුර්දිෂ් රේඛාවන් ඔස්සේ බෙදුන, සහයෝගයෙන් එකාබද්ධව ජීවත් විය නොහැකි සහ නිසගයෙන් ම අන්තවාදී වාර්ගික-නිකායවාදී දෘෂ්ටිවාදයන්ට ආකර්ශනය වූවන් ලෙසිනි.

2003 සිට ෆලූජාවේ වදබන්ධනය පිලිබඳ ඉතිහාසය ගැන කරන විමර්ශනයක දී මෙම කතන්දරය බොරුවක් බව පැහැදිලි වේ. ඉරාකයේ සහ අසල්වැසි සිරියාවේ වර්තමාන තත්වය ඉරාක ජනතාව බෙදීමේ හා තෙල්වලින් පොහොසත් මැදපෙරදිග මත එක්සත් ජනපදයේ ග‍්‍රහනය තබා ගැනීමේ අරමුන ඇතිව, ඇමරිකානු ආක‍්‍රමනය මගින් දැනුවත්ව උසිගන්වන ලද නිකායවාදී ගැටුම්වල ප‍්‍රතිවිපාකයක් හා එම ගැටුම් දිගටම පැවතීම හේතු කොට ගෙන ඇතිවූවකි.

නීති විරෝධී ලෙස ඉරාකය ආක‍්‍රමනය කිරීම හා බාත්වාදී සදාම් හුසේන් පාලන තන්ත‍්‍රය පෙරලා දැමීමෙන් පසු, ඇමරිකානු හමුදා විසින් ඉරාක සිවිල් ජනතාවට විරුද්ධව කරන ලද මුලින්ම පෘථුලව වාර්තා වූ අපරාධවලින් එක් දර්ශනයකි ෆලූජාව. ඔවුන්ගේ පාසැල යලි විවෘත කරන ලෙස ඉල්ලූ තරුනයන් 200 ට එක්සත් ජනපද 82 ගුවන් හමුදා බලකාය විසින් වෙඩි තබන ලදී. දාහතක් මියගොස් 70 වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ඉක්බිති මාසවල දී ඇමරිකානු වාඩිලා ගැනීමට විරුද්ධවීමේ මධ්‍යස්ථානයක් ලෙස ෆලූජා ඉස්මතු විය. නගරය 2004 මුල වන විට බලාත්මකව පාලනය කරන ලැබුවේ බෙහෙවින්ම හිටපු ඉරාක හමුදා සාමාජිකයන් සහ ප‍්‍රාදේශීය සුන්නි ගෝත‍්‍රිකයන් ගෙන් සැදුම් ලත් කන්ඩායම් විසිනි. තමන් විසින් ම “ඉරාකයේ අල් කයිඩාව” ලෙස හඳුන්වා ගන්නා කුඩා කන්ඩායම වැනි ආගමික අන්තවාදීන් සිටියේ සුලුවසයෙනි

බ්ලෑක්වෝටර් කුලී හමුදාවේ හතර දෙනෙකු ෆලූජාවේදී 2004 මාර්තු මාසයේ ඝාතනය කිරීම දැවැන්ත ඇමරිකානු මිලිටරි ප‍්‍රතිචාරයක් උත්තේජනය කලේ ය. ෆලූජාවේ මහ ජනතාවගේ එඩිතර විරෝධය ඉරාකය පුරා ප‍්‍රතිරෝධය සඳහා කැඳවුම් කල කාහල නාදයක් වුයේ ය. ඇමරිකානු හමුදා වාඩිලා ගැනීමට එරෙහිව අපේ‍්‍රල් මාසයේ පලමු සතියේ දී නගරය තුල නැගී සිටීම සමග බැග්ඩඩයේ සහ දකුනු ඉරාකය පුරා නගර වල දසහස් ගනන් කම්කරුවන් හා තරුනයන් එකතු වුහ. එක්සත් ජනපද හමුදාවන් ට එරෙහි සන්නද්ධ කැරැල්ල පැතිරුනේ රාමදී, ටික්රිට් සහ මොසුල් වැනි ප‍්‍රධාන වසයෙන් සුන්නි නගරවල ය.

එක්සත් ජනපද හමුදා වාඩිලා ගැනීමට හා රට තුල එහි සහායකයන් ට එරෙහි වූ සකලාකාර ඉරාක ජාතිකයන් වෛෂයිකව ඒකාබද්ධ කිරීම 2004 වාඩිලා ගැනීම් විරෝධී ප‍්‍රතිරෝධයේ ප‍්‍රධාන අංගය වූයේ ය. කෙසේ නමුත්, එයට කිසිදු පැහැදිලි ඉදිරිදර්ශනයක් හෝ මූලෝපායක් නොතිබුනි. 2004 ෆලූජා ඇතුලුව නගරයකට පසු නගරයක දී එක්සත් ජනපද මිලිටරියේ සුපිරි අවිබලය විසින් ඉරාක සටන් කරුවන් යටත් කර ගත්තේ ය. මාස ගනනක වටලෑමකින් පසුව නගරය ජනශුන්‍ය සුන්බුන් ගොඩක් බවට පත් විය. නිවාස හා වෙනත් ගොඩනැගිලි 39,000 සමග එහි පල්ලි 200 න් 60 ක් විනාශ විය නැතහොත් හානි සිදු විය.

එක්සත් ජනපදය විසින් පුහුනු කරන ලද වොල්ෆ් බි‍්‍රගේඞ් වැනි ෂියා ඝාතක කල්ලි සුන්නි ජනයාට එරෙහිව මුදා හැරීම 2004 එක්සත් ජනපද හමුදා වාඩිලා ගැනීමේ අනෙක් කේන්ද‍්‍රීය අංගය වූයේ ය. දහස් ගනන් මිනිසුන් ඝාතනය කෙරුනි. ඒ සමගම, ජනවර්ගයන් දෙක අතර අරෝවක් ඇති කිරීමේ දී එක්සත් ජනපද වාඩිලා ගැනීමට සහයෝගය දුන් ඉරාක අල් කයිඩාව ෂියා සිවිල් ජනයා මත නරුම බෝම්බ හෙලීම තීව‍්‍ර කලේ ය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ආරක්ෂාව පතා ඔවුන්ගේ ආගමික නිකායේ භට කන්ඩායම් විසින් පාලිත ප‍්‍රදේශ වලට පලායාමට බල කරමින් පූර්න-පරිමාන නිකායවාදී යුද්ධයක් එක්සත් ජනපද පිලිවෙත මගින් 2006 වන විට ප‍්‍රකුපිත කර තිබුනි.

ඉරාකයේ වර්තමාන කුරිරු නිකායවාදයේ සම්භවය පවතින්නේ බෙදා වෙන්කර පාලනය කිරීම, මහා ජනඝාතන හා මහා ජනවිලෝපනයන් උපයෝගී කර ගනිමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් එහි ෂියා අධිපතිධාරී රූකඩ ආන්ඩුවේ පාලනය යටතේ ඉරාකය “ස්ථාවර” කල ක‍්‍රමය තුල ය. එහි හමුදාවන් 2011 දී ඉරාකයෙන් ඉවත් කර ගැනීමේ දී එවැනි ම විධික‍්‍රම භාවිතා කරමින් වොෂින්ටනය ලිබියාවේ තන්ත‍්‍රමාරු යුද්ධයක් දියත් කල අතර සිරියාව තුල තන්ත‍්‍ර මැරූ මෙහෙයුමකට අනුග‍්‍රහය දැක්වීම ආරම්භ කෙරුනි. කෙසේ නමුත්, සිරියාවේ රුසියාවේ සහ ඉරානයේ පිටුබලය ලබන ෂියා අධිපතිධාරී බෂාර් අල් අසාද් ගේ ආන්ඩුව පෙරලා දැමීමට සෞදි අරාබිය හා සෙසු ගල්ෆ් රාජ්‍යයන් හරහා සුන්නි ජන වර්ගය මත පාදක වූ සන්නද්ධ කිරීමට ඇමරිකානු රහස් ඔත්තු සේවය සහ එක්සත් ජනපදය වැඩ කලේ ය.

ආයුධ ගලා ඒමෙන් වාසි ලබා ගත් එක් ප‍්‍රධාන කන්ඩායමක් වුයේ සිරියාවට සටන් කරුවන් යැවු හා සිවිල් යුද්ධයේ ප‍්‍රධාන හමුදාවක් ලෙස ඉක්මනින් ම ඉස්මතු වූ ඉරාක අල් කයිඩාවේ රොඩුබොඩු ය. තුර්කියෙන් සිරියාවට අතුලුවීමට අවසර ලත් විදේශ ඉස්ලාම්වාදී සටන්කරුවන්ගේ ගලා ඒමෙන් ශක්තිමත් වූ එය, 2013 අපේ‍්‍රල් මාසයේ දී ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය (අයිඑස්අයිඑස්) ලෙස යලි නම් කෙරුනි.

එක්සත් ජනපදය සිරියාව තුල කරන කුමන්ත‍්‍රනයේ කොටසක් ලෙස ෆලූජා වලට 2013 අග භාගයේ දී ඇතුලු වී 2014 ජනවාරි මාසයේ දී එය යටත් කර ගත් අයිඑස්අයිඑස් සටන්කරුවන්ට මුදල් සම්පාදනය කර ආයුධ සන්නද්ධ කලේ ය. අයිඑස් අයිඑස් සංවිධානය බටහිර සහ උතුරු ඉරාකයේ සුන්නි ආධිපත්‍යය සහිත සෙසු ප‍්‍රදේශ, වඩාත් නාටකාකාර ලෙස මොසුල් නගරය 2014 ජුලි වල දී අත්පත් කර ගත්තේ ය. ඉස්ලාම්වාදී ව්‍යාපාරයට සහයෝගය යම් ලැබුනේ එක්සත් ජනපද පිටු බලය සහිත බැග්ඩෑඞ් ආන්ඩුවේ මංකොල්ලකෑම් සහ අපචාරයන්ගෙන් එක්සත් ජනපද ආක‍්‍රමනයේ ප‍්‍රතිවිපාක වලින් සුන්නි ජනතාව ආරක්ෂා කිරීමට එය පොරොන්දු වූ නිසාවෙනි. ද්‍රව්‍යමය සහ දෘෂ්ටිවාදාත්මක යන දෙයාකාරයෙන් ම, අයිඑස් අයිඑස් එක්සත් ජනපද පිලිවෙතේ අතුරු නිෂ්පාදනයකි.

ෆලූජාවට එල්ල කරන වර්තමාන ප‍්‍රහාරය ඉරාකයේ සහ සමස්තයක් ලෙස මැද පෙරදිග ජනතාව මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පතිත කර තිබෙන විනාශයේ නවතම පරිච්ඡේදය පමනි. කම්කරු පන්තිය මත පදනම් වූ සහ සමාජවාදය සඳහා සටන් කරන ජාත්‍යන්තර යුද විරෝධී මහ ජන ව්‍යාපාරයක් මගින් පමනි එය අවසන් කල හැකි වන්නේ.

ජේම්ස් කොගන්

Share this article: