රියෝ ඔලික්පික් තරඟවලින් රුසියානු ජවන හා පිටිය මලල ක‍්‍රීඩා කන්ඩායම ඉවත් කිරීමට, තහනම් ඖෂධ ගැනීමේ චෝදනා ඉදිරියට ගනියි

Doping allegations cited to ban Russian track and field team from Rio Olympics

බැරී ගේ‍්‍ර විසිනි , 2016 ජූනි 18

2012 ලන්ඩන් ඔලිම්පික් තරඟ හා අනෙකුත් ජාත්‍යන්තර තරඟවල දී හොඳ ප‍්‍රතිපල ලබාගැනීම පිනිස ක‍්‍රීඩකයන් විසින් උත්තේජනශීලී ඖෂධ භාවිතා කිරීම රුසියානු ආන්ඩුව හා ක‍්‍රීඩා බලධාරීන්ගේ අනු දැනුම ඇතිව සිදුවූයේය යන චෝදනා මත, රුසියානු සමූහාන්ඩුවේ ජවන හා පිටිය මලල ක‍්‍රීඩා කන්ඩායමට ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සංවිධාන පාලක සභාව (අයිඒඒඑෆ්) පැන වූ මුල් තහනම ඒ අයුරුන් ම පවත්වා ගැනීමට සිකුරාදා තීරනය කරන ලදී.

එම තීන්දුවේ අර්ථය, අගෝස්තු මාසයේ බ‍්‍රසීලයේ රියෝ ඩි ජනෙයිරෝ හි පැවත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් තරඟ, රුසියානු ජවන හා පිටිය ක‍්‍රීඩා කන්ඩායමට තහනම් වන බව යි. වංචාකිරීම මත තරඟාවලියක් තුල දී සම්පූර්න ජාතික කන්ඩායමක් තරඟ කිරීමෙන් ඉවත් කිරීමේ තීරනය පෙර නො වූ විරූ එකකි.

සාමාජිකයින් 27දෙනෙකුගේ පාලක සභා රැස්වීමෙන් පසු වියනා හි මාධ්‍ය සාකච්ඡාවකදී, බි‍්‍රතාන්‍ය සාමිවරයෙකු වන අයිඒඒඑෆ් සභාපති සෙබස්තියන් කෝ මෙසේ පැවසී ය, “යහපත් ප‍්‍රගතියක් අත් කර ගෙන තිබුනත්, රුසියානු මලල ක‍්‍රීඩා සංගමය යලි පිලිගැනීමට අවශ්‍ය කොන්දේසි සපුරා නැති බව අයිඒඒඑෆ් ඒකමතිව තීරනය කලේ ය.”

පසු ගිය නොවැම්බරයේ දී, අයිඒඒඑෆ් රුසියානු ජවන හා පිටිය ක‍්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීම තහනම් කලේ, 2012 ලන්ඩන් ගිම්හාන ඔලිම්පික් තරඟවල දී රුසියාව ක‍්‍රමානුකූලව එහි ක‍්‍රිඩකයින්ට උත්තේජන ඖෂධ දී තිබුන බවට චෝදනා කරමින් ලෝක තහනම් උත්තේජක විරෝධී සංගමය (වාඩා) විසින් වාර්තාවක් නිකුත් කිරීමෙන් පසු ය. වැඩි කල තහනම් උත්තේජන ප‍්‍රමිතීන් බලාත්මක කිරීමට හා බි‍්‍රතාන්‍ය නිලධාරීන් විසින් කරනු ලබන බාහිර පරීක්ෂාවන්ට තම රටේ ක‍්‍රීඩකයින් ඉදිරිපත් කිරීමට ද එම අවස්ථාවේ දී රුසියානු ක‍්‍රීඩා බලධාරීහු එකඟවූහ.

රුසියානු ක‍්‍රීඩා බලධාරීන් ඔවුන්ගේ ක‍්‍රමවේදය සංශෝධනය කර ඇති දැ යි තීරනය කිරීමට අයිඒඒඑෆ් කාර්යසාධක බලකායක් පත් කල අතර තහනම ඉවත් කල යුතු ද නැද්ද යන්න තීරනය කිරීමට කාර්යසාධක බලකායේ වාර්තාව සලකා බැලීම සඳහා ජූලි 17 නියම කරන ලදී. “රුසියානු ක‍්‍රීඩකයින් තහනම් උත්තේජන ගැනීම සම්බන්ධයෙන් ගැඹුරට මුල් බැස ගත් සහන දීමේ චර්යාව හෝ ඊටත් නරක තත්වය වෙනස් වී නැති බව” පෙනේ යැයි කාර්යසාධක බලකා සභාපති රූනේ ඇන්ඩර්සන් සිකුරාදා පැවසී ය. “රුසියානු ධජය යටතේ රියෝ හි දී තරඟ කරන” ජවන හා පිටිය ක‍්‍රීඩකයෙකු නොසිටිනු ඇතැ යි ඔහු තව දුරටත් පැවසී ය.

තහනම ඉවත් කිරීම සඳහා අයිඒඒඑෆ් සංවිධානයට දැඩි ලෙස බලපෑම් කල රුසියානු නිලධාරීන්, එම තීන්දුව හෙලා දකිමින් පැවසුවේ, ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (අයි ඕසී) අභියාචනා කරන බව යි. තරඟ අධීක්ෂනය කරන ඉහල ම ආයතනය වන අයි ඕසී අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ලෝසේන් හි දී රැස්වීමට නියමිත ය. ස්විට්සර්ලන්තයේ පිහිටුවා තිබෙන ක‍්‍රීඩා පිලිබඳ බේරුම්කාර මන්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කරනු ඇතැ යි ද රුසියානු නිලධාරීහු පැවසූහ.

සිකුරාදා ශාන්ත පීටර්ස්බර්ග් හි සිට කතා කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, රුසියානු ක‍්‍රීඩකයින් තහනම් උත්තේජන ගැනීම කෙරෙහි ආන්ඩුව සමාව භජනය කර හෝ සහාය දී තිබුනැ යි යන්න ප‍්‍රතික්ෂේප කලේ ය.

“තහනම පලමුවෙන් ම පැන වූ දින සිට ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට අපි කල හැකි සෑම දෙයක් ම කර ඇත්තෙමු. අප දැන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, අපගේ ක‍්‍රීඩකයන් ඉවත් කිරීම මගින් ඔවුන්ගේ බලාපොරොත්තු හා රුසියානු ජනතාව කෙරෙහි ඇති කරන බලපෑම පමනක් නො ව, ඔවුන් සහභාගී නොවීමෙන් ඔලිම්පික් තරඟාවලිය ම පිරිහෙන බව සලකා බලන ලෙස” යයි ප‍්‍රකාශ කරමින් රුසියානු ක‍්‍රීඩා අමාත්‍යාංශය ප‍්‍රකාශනයක් නිකුත් කලේ ය.

රුසියානු තහනම් උත්තේජන ගැනීම පිලිබඳ වාඩාවේ 2015 නොවැම්බර් වාර්තාව බොහෝකොටම පදනම්ව තිබුනේ, පසු ගිය වසරේ දී ඒආර්ඞී නම් ජර්මානු රාජ්‍ය රූපවාහිනී චැනලය විසින් විසුරුවා හරින ලද වාර්තා වැඩ සටහන් පෙලක් මත ය. එම වාර්තා වැඩ සටහන් ප‍්‍රතිචාරනය කෙරුනේ, රුසියානු ක‍්‍රීඩිකා යුලියා ස්ටෙපනෝවා හා කලෙක රුසියානු තහනම් උත්තේජක විරෝධී නිලධාරියෙකු වූ, ඇගේ ස්වාමිපුරුෂයා වන විටලි ස්ටෙපනෝව්ගේ චෝදනා මත ය.

අයිඒඒඑෆ් විසින් සිකුරාදා නිකුත් කරන ලද ප‍්‍රකාශනය ඇඟවුම් කලේ, ස්ටෙපනෝවා හා රුසියානු බලධාරීන්ට එරෙහිව සාක්ෂි දුන් අනෙකුත් රුසියානු මලල ක‍්‍රීඩකයින් හෝ රුසියාවෙන් පිටත දී පුහුනු වීම් ලැබූ හා බටහිර බලධාරීන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාවන්ට යටත් කරන ලදුව තහනමෙන් නිදහස් කිරීම අපේක්ෂා කරන අය, පිලිගනු ලැබුවහොත්, “මධ්‍යස්ත” කන්ඩායමක් ලෙස තරඟ කිරීමේ කොන්දේසි මත ඒ සඳහා ඔවුන්ට ඉඩදීමට තමන් සූදානම් බව යි.

ක‍්‍රීඩකයින් තහනම් උත්තේජක ගැනීම හා ඔවුන් ස්ටෙරොයිඞ්ස් හා අනෙකුත් තහනම් ඖෂධ ගැනීම වසන් කිරීමේ ක‍්‍රියාවලියට රුසියානු ආන්ඩුව හා එහි ක‍්‍රීඩා බලධාරීන් පැටලීම මුලුමනින් ම විය හැකි දෙයකි. රුසියාව තුල සෝවියට් කාලපරිච්ඡේදය දක්වා ආපසු දිවෙන එවැනි භාවිතයන් පිලිබඳ දීර්ඝ ඉතිහාසයක් රුසියාවට ඇත. දක්ෂිනාංශයේ හා සාපරාධී ධනේශ්වර කතිපයාධිකාරයන්ගේ දේශපාලන උපකරනය වන පුටින් ආන්ඩුව, රුසියානු ජාතිකවාදය ප‍්‍රචාරය කිරීම මත විශාල වසයෙන් සිය පාලනය පදනම් කරන අතර එම අරමුන වෙනුවෙන් රුසියානු ක‍්‍රීඩා ජයග‍්‍රහන යොදාගැනීමේ බලගතු උත්සුකයන් ඔවුන්ට ඇත.

රුසියාව මේ ක්ෂේත‍්‍රයේ සිදුකර ඇති අනීත්‍යානුකූල කටයුතු කෙරෙහි ජාත්‍යන්තර ක‍්‍රීඩා බලධාරීන් සැබවින් ම විශේෂ අවධානයක් යොමු කිරීම සහ රුසියානු ජවන හා පිටිය ක‍්‍රීඩා කන්ඩායම මත පනවා තිබෙන තහනම - අනෙකුත් රුසියානු කන්ඩායම් ද තහනම් කිරීමට ඉඩ තිබීමේ තර්ජනය - සඳහා තල්ලුව සැපයෙන්නේ දේශපාලන උත්සුකයන් තුලින් බවට සැකයක් නැත. රියෝ තරඟවලින් රුසියාව ඉවත් කිරීමේ උද්ඝෝෂනය තුල ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී මාධ්‍ය ජාල සහ ඔලිම්පික් හා තහනම් උත්තේජන විරෝධී ඒජන්සි අතර දැඩි සම්බන්ධීකරනයක් ඇත.

ගෙවී ගිය සතියේ, අයිඒඒඑෆ් පාලක සභා රැස්වීම ආසන්නයේ දී, ඒආර්ඞීය චූදිත රුසියානු තහනම් උත්තේජක ගැනීම ගැන තව දුරටත් වැඩ සටහනක් විසුරුවා හැරිය අතර, රුසියානු ක‍්‍රීඩා ඇමති විටලි මට්කෝ රුසියානු පලමු පෙල ලීගයේ පාපන්දු ක‍්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය ගෙන තිබෙන බව පරීක්ෂාවකින් සනාථවූ සිද්ධිය, වසන් කලේ යැයි චෝදනා නැගීය. තහනම් කෙරුනු ක‍්‍රීඩා උපදේශකයෙකු විසින් රුසියානු මලල ක‍්‍රීඩකයින් පුහුනු කරමින් සිටීම දැක්වෙන වීඩියෝ පට ද ඒආර්ඞීයට ඇතැ යි කියනු ලැබේ.

මුට්කෝ චෝදනාව ප‍්‍රතික්ෂේප කල අතර වාර්තා වැඩසහන් විසුරුවා හැරීම “තොරතුරු ප‍්‍රහාරයක්” යැයි හෙලාදුටුවේ ය. “මෙහි හා අනෙකුත් ප‍්‍රකාශනයන්ගේ අරමුන මට පැහදිලි ය. එහි අරමුන, රැස්වීම ආසන්නයේ දී මලල ක‍්‍රීඩා කමිටුවට බලපෑම් කිරීම ය.”

ඒආර්ඞී වාර්තා වැඩසටහනට පසුව බදාදා, අලුත් වාඩා වාර්තාවක් නිකුත් කෙරුනු අතර තහනම් උත්තේජක ගැනීම අධීක්ෂනය කිරීමේ බි‍්‍රතාන්‍ය පියවරයන්ට රුසියානු ඔලිම්පික් ක‍්‍රීඩකයින් හා නිලධාරීන් දිගින් දිගටම බාධාකිරීම හා විරෝධය දැක්වීමේ කාරනයක් ඊට ආරෝපනය කර තිබුනි.

අයිඒඒඑෆ් කවුන්සිලයේ රැස්වීමට දවසකට පෙර බ‍්‍රහස්පතින්දා, ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේ දී රුසියානු මලල ක‍්‍රීඩකයින්ට එරෙහි තහනම සඳහා ඇමරිකානු මාධ්‍ය උද්ඝෝෂනය තුල පෙරමුන ගත් නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය, පලමු පිටේ ප‍්‍රධාන ලිපිය සමග, සම්පූර්න ඇතුලු පිටු දෙකක් පිරුනු වෘත්තාන්තයක් පලකර අතර, රුසියාව පසුපස හඹයාමේ දී අවශ්‍ය තරම් කාර්යක්ෂම ව නොසිටීම ගැන වාඩාව විවේචනය කරනු ලැබින. එකී වෘත්තාන්තය තුල ඒආර්ඞී චිත‍්‍රපට, ස්ටෙපෙනෝව් වරුන් විසින් අකටයුතු හෙලිකිරීමේ අයිතිවාසිකම් කියා පෑම, රුසියාවේ හිටපු තහනම් උත්තේජන විරෝධී රසායනාගාර ප‍්‍රධානී ග‍්‍රිගොරි රොඞ්චෙන්කෝව් විසින් ටයිම්ස් සඟරාවට දෙන ලද සම්මුඛ සාකච්ඡාවක් ගැන ද සඳහන් කලේ ය.

රුසියානු ආන්ඩුව විසින් රොඞ්චෙන්කෝව් නෙරපා හරින ලද්දේ පසු ගිය නොවැම්බරයේ දී තහනම් උත්තේජක නීතිය උල්ලංඝනය කිරීම පිලිබඳ වාඩා හෙලිදරව්ව ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු ය. ඔහු ඇමරිකාවට පැන ගොස්, රුසියානු ක‍්‍රීඩකයින් විසින් තහනම් උත්තේජන ගැනීම පිලිබඳ ග‍්‍රන්ථයක් සකසමින් සිටින ලොස් ඇන්ජලිස් හි ඇමරිකානු ලේඛකයෙකු සමග හවුලේ වැඩ කරමින් සිටී. පසු ගිය මැයි මාසයේ ටයිම්ස් පත‍්‍රය තවත් විස්තීරන පලමු පිටු ලිපියක් පලකල අතර, රුසියානු ක‍්‍රීඩකයින් ක‍්‍රමානුකූලව තහනම් උත්තේජක ගැනීම හා රුසියානු කලූ මුහුදු වෙරලේ 2014 සෝචි සීත ඔලිම්පික් තරඟ අතරතුර ඖෂධ පරීක්ෂාව වංචා කිරීම පිලිබඳව තමා විමර්ෂනය කර ඇතැ යි යන රොඞ්චෙන්කෝව්ගේ කියමන උලුප්පා දැක්වීය.

එම ලිපිය, රියෝ තරඟාවලියෙන් මෙන් ම සීත ඔලිම්පික් තරඟාවලියෙන් රුසියානුවන් තහනම් කල යුතු යයි කියා සිටින, එහි කතුවරුන්ගෙන් අයෙකු වන “ස්පෝර්ට් ඔෆ් ටයිම්ස්” තීරු රචක ජූලියට් මකුර්ගේ රචනාවකින් සමාප්ත කර තිබුනි. බ‍්‍රහස්පතින්දා පල කෙරුනු ලිපියේ ද මකූර් සම කතෘ ය.

පසු ගිය මැයි මාසයේ ටයිම්ස් ලිපිය සෝචි තරඟාවලියේ රුසියානු චර්යාව පිලිබඳ පරීක්ෂනයකට වාඩා ව පෙලඹවී ය. එහි නිගමන එලඹෙන මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ.

මෙහි පැතිර පවතින දේශපාලන න්‍යායපත‍්‍රය පැහැදිලි ය. ඔලිම්පික් තරඟාවලියෙන් රුසියාව බැහැර කිරීමේ උද්ඝෝෂනය, රුසියාව හුදකලා කිරීමට හා වට කිරීමට මෙන් ම මිලිටරි ප‍්‍රහාරයක් සූදානම් කිරීමට එක්සත් ජනපදයේ නායකත්වය යටතේ එහි නේටෝ සහචරයන් විසින් ගනු ලබන ආර්ථික, රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි සූදානමේ අවශ්‍ය කොටසකි. එහි ඉලක්කය, යුරේසියානු මහාද්වීපය මත පාලනයේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ වොෂින්ටන් ව්‍යායාමයට බාධකයක් ලෙස සැලකෙන රුසියාව ඉවත් කිරීම, රුසියාව නව-යටත්විජිත තත්වයට පහල දැමීම හා එය බිඳ විසිරුවා හැරීම ය.

මෙම උද්ඝෝෂනය තීව‍්‍ර කෙරුනේ, යුකේ‍්‍රනයේ පැවති රුසියාවට පක්ෂ ආන්ඩුව පෙරලා දමා, කියෙව් හි අන්ත දක්ෂිනාංශික රුසියානු විරෝධී තන්ත‍්‍රයක් අටවන ලද්දා වූ, ඇමරිකානු-නේටෝ පිටුබලය ඇතිව ක‍්‍රියාත්මක වූ 2014 පෙබරවාරි දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයත් සමග ය. ඉන්පසු නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියානු බස කතා කරන ජනයාගේ කැරැල්ල හා පසුව රුසියානු සමූහාන්ඩුවට එක්වීමට ඡන්දය දුන්නා වූ ක‍්‍රිමියාවේ වෙන්වීම, නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ දැවන්ත නේටෝ මිලිටරීකරනය සඳහා නිමිත්ත කර ගන්නා ලදී. එය තවදුරටත් පැතිර යාමේ හා න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක තර්ජනය මතු කරයි.

මෙම යුදවාදී ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් ඇමරිකාව උත්සාහ දරන්නේ, රුසියාව වැරදිකරුවා කිරීමට හා එය දඩබ්බර රාජ්‍යයක් ලෙස හංවඩු ගැසීමට ය.

වඩාත් පොදුවේ, “ඔලිම්පික් ජීව ගුනයට” රුසියාව එක්තරා ආකාරයක පිටස්තරයෙකු මෙන් ම අවමානයක් යැයි මවාපෑම විකාර හා නරුම බොරුවකි. ඔලිම්පික් තරඟාවලීන්, මුදල් හම්බ කරන, දූෂිත හා වෘත්තීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ජාතික ස්වෝත්තමවාදී දේශපාලනය පිලිබඳ දීර්ඝ කාලීන උදාහරනයක් වී ඇත. තහනම් උත්තේජක ගැනීම බහුලව පැතිරුනු දෙයක් වන අතර සැබවින් ම එය සෑම රටක් විසින් ම අනුගමනය කරනු ලබන්නකි.

ඔලිම්පික් තරඟාවලියේ සෑම අදියරයකට ම තරඟ කිරීම සඳහා වෘත්තීය ක‍්‍රීඩකයින්ට ඉඩදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පැවතුනාවූ නීති වෙනස් කල 1986 සිට, ආධුනික ක‍්‍රීඩාවන් පිලිබඳ ප‍්‍රතිපත්තිවලට වන මොන යම් හෝ දිගු කාලීන කැපවීම් බිඳවැටී ඇත. ඔලිම්පික් තරඟාවලීන්, ව්‍යාපාර වානීජකරනයේ හා කොඩි වනන දේශපේ‍්‍රමිත්වයේ තකතිරු උදාහරනයක් බවට පත්ව ඇත. මෙම ක‍්‍රියාදාමයේ දී, ඕනෑ ම වියදමක් දරා හෝ ජය ගැනීමට ක‍්‍රීඩකයින් මතට යෙදෙන පීඩනය - රන් පදක්කමක් දිනීම වෙනුවෙන් ලැබෙන මුදල් ත්‍යාග ද - විශාල ලෙස උත්සන්න කෙරී ඇත.

අල්ලස් සෝලි චර්යාවක් වී ඇත. ඒ සම්බන්ධයෙන් ගත් විට නරකිනුත් නරක එකක් වූයේ ඇමරිකාවේ සෝල්ට් ලේක් නගරයේ 2002 සීත ඔලිම්පික් තරඟාවලිය පැවත්වීම වෙනුවෙන් ඡන්දය ලබාගැනීම පිනිස, එරට නිලධාරීන් හා අනුග‍්‍රාහකයින් විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින්ට අල්ලස් දීම යි. ඊට පසුව පැවති පරීක්ෂන වලින් අනාවරනය වූයේ, 1998 සීත ඔලිම්පික් හා 2000 ගිම්හාන තරඟාවලියේ සත්කාරත්වය සඳහා සුදුස්සන් තෝරන අවස්ථාවේ දී අයි ඕසී සාමාජිකයින් ඒ ආකාරයෙන් ම අල්ලස් ගෙන ඇති බව යි.

දේශපාලන අරමුනු සඳහා ඔලිම්පික් තරඟ යොදා ගැනීමේ දී ඇමරිකානුවෝ ප‍්‍රවීනයෝ ය, ඇෆ්ගනිස්තානයේ සෝවියට් ආක‍්‍රමනය - කාබුල් හි සෝවියට් ගැති ආන්ඩුවේ විරුද්ධවාදීන්ට අරමුදල් සැපයීම හා සන්නද්ධ කිරීම මගින් කාටර් පාලනාධිකාරිය විසින් හිතා මතා පොලඹවන ලද ආක‍්‍රමනයකි - මුල්කරගෙන 1980 මොස්කව් ඔලිම්පික් තරඟාවලිය වර්ජනය කිරීමට ඇමරිකාව නායකත්වය දුන්නේ ය.

තහනම් උත්තේජක ගැනීම සම්බන්ධයෙන් ගත් විට, ආන්ඩුව අනුග‍්‍රහ දැක් වූ සමාගමක් වන ඇමරිකානු තැපල් සේවා කන්ඩායම වෙනුවෙන් බයිසිකල් ධාවනයේ යෙදුනු ලාන්ස් ආම්ස්ට්‍රෝන්ගේ දශකයක් දීර්ඝ වංචාවට සම කල හැකි තවත් දෙයක් නොමැත. 2012 ඔක්තෝබරයේ දී තහනම් උත්තේජක විරෝධී ඇමරිකානු ඒජන්සිය වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, ඇමරිකානු තැපල් සේවා බයිසිකල් ධාවක කන්ඩායම, “ක‍්‍රීඩාව කිසි දා නො දුටු ආකාරයට, ඉතා නවීන, වෘත්තීය හා සාර්ථක උත්තේජක වැඩසටහනක්” මෙහෙයවා තිබුනු බව සඳහන් කරමිනි.

Share this article: