කොලඹ පැවති රැස්වීමකදී The Russian Revolution and the Unfinished Twentieth Century ග‍්‍රන්ථයේ සිංහල සංස්කරනය
රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස එලිදක්වයි

Colombo meeting launches Sinhala translation of The Russian Revolution and the Unfinished Twentieth Century

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 22

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජතශි) සංවිධානය ඩේවිඩ් නොර්ත් ගේ The Russian Revolution and the Unfinished Twentieth Century කෘතියෙහි සිංහල සංස්කරනය රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස එලිදැක්වීම සඳහා ඉහල සහභාගීත්වයකින් යුත් ප‍්‍රසිද්ධ රැස්වීමක් මාර්තු පහලොස්වෙනිදා පැවැත්වීය.

රැස්වීම කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වුනු අතර එයට දිවයිනේ විවිධ කොටස් වලින් පැමිනි සසප සාමාජිකයන්, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් සහභාගී විය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සහ එක්සත් ජනපදයේ සසප සභාපති ඩේවිඩ් නොර්ත් ජර්මනියේ සිට සජීවීව එක් කල සුබ පැතුම් සමග එය ආරම්භ විය.

මෙම කෘතියේ සිංහල පරිවර්තනයට සම්බන්ධ වී තිබෙන “බුද්ධිමය පරිශ‍්‍රමය, තාක්ෂනික වැඩකටයුතු සහ මූල්‍යමය පිරිවැය” නොර්ත් අගයන විට, සහ ශ‍්‍රී ලංකාවේ සසපට සහ එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට එහි දශක ගනනාවක විප්ලවවාදී මාක්ස්වාදය සඳහා අරගලය වෙනුවෙන් ප‍්‍රසංසාව පලකරන විට, ශ‍්‍රාවක පිරිස ඕනා කමින් ඇහුම්කන් දුනි. නොර්ත්ගේ ප‍්‍රකාශය උද්යෝගීමත් අත්පොලසන් නාදයකින් පිලිගැනුනි.

සසප ජාතික ලේකම් විජේ ඩයස් ප‍්‍රධාන වාර්තාව ඉදිරිපත් කරත්දී සසප දේශපාලන මන්ඩල සභික සහ ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සාමාජික කේ. රත්නායක මූලාසනය දැරුවේය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) න්‍යායික සහ දේශපාලනික අරගලය තුල නෝර්ත්ගේ ප‍්‍රමුඛ කාර්යභාරය රත්නායක පැහැදිලි කල අතර රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය, මාක්ස්වාදයට සහ ට්‍රොට්ස්කිවාදයට කතුවරයා සිදු කොට ඇති අමිල ප‍්‍රතිපදානයන්ගෙන් නවතම ප‍්‍රතිපදානය බව පෙන්වා දෙන ලදී.

කෘතිය සමන්විත වන ලිපි සහ දේශන, ස්ටැලින්වාදීන්ගේ, පැබ්ලෝවාදීන්ගේ, පශ්චාත් නූතනවාදීන්ගේ සහ ව්‍යාජ වමෙහි ඓතිහාසික මුසාකරනයට එරහිව, මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සුරක්ෂිත කලේයැයි රත්නායක පැවසීය.

නව ප‍්‍රකාශනය, “විසිවෙනි සියවසෙහි වෛෂයික චිත‍්‍රයක්” ඉදිරිපත් කරන බව රත්නායක පැවසීය. “විප්ලවවාදී මාක්ස්වාදීන්ට ඉතිහාසය අධ්‍යනය කිරීම ශාස්ත‍්‍රාලීය අභ්‍යාසයක් නොවේ. ඒ වෙනුවට එය ධනවාදයට එරහි අරගලයෙන් වෙන් කල නොහැකි කොටසකි. අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ ප‍්‍රති විප්ලවයට එරහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා වර්ධනය වන ඉදිරිදර්ශනයන්ට මෙය විශාල වශයෙන් ප‍්‍රතිපදාන සිදු කරනු ඇත.”

ප‍්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් සසප ප‍්‍රධාන ලේකම් ඩයස්, නෝර්ත්ගේ කෘතිය සම්පාදනය සහ ප‍්‍රකාශයට පත් කිරීම වෙනුවෙන්, මෙහ්රින් පොත් ප‍්‍රකාශකයන් වෙත ප‍්‍රසංසාව පලකලේය. 20 වන සියවසේ ප‍්‍රධාන ඓතිහාසික මුසාකරනයන් අනාවරනය කිරීම අනාගතයේ විප්ලවවාදී අරගලයන්ගේ ආයුධයක් වූ බව ස්ථිර ලෙස කියාසිටි මුල් හැඳින්වීමෙන් කොටසක් කථිකයා උපුටා දැක්වුවේය.

විජේ ඩයස් කොලඹ රැස්වීම අමතමින්

නොර්ත් ගේ කෘතියෙහි ඇති “තීක්ෂන න්‍යායික සහ දේශපාලනිකන අනාවරනයන්” ව්‍යුත්පන්න වූයේ, හජාජාක ඇතුලු මාක්ස්වාදී ව්‍යාපාරය විසින් ජාත්‍යන්තර පන්ති අරගලය තුල ශතවර්ෂ එකයි තුන් කාලක සිදුකරන ලද මැදිහත්වීම් හී මූලෝපායික අත්දැකීම් වල ක‍්‍රමානුකූල අධ්‍යයනයකින් යැයි ඩයස් රැස්වීමේදී පැවසීය.

සමාජ විප්ලවවාදී නියමය වර්ධනය වන්නේ, සමාජ ක‍්‍රියාකාරීත්වය ඊලඟ මට්ටමේ ඇති ඉහල මට්ටමකට ගෙනයන, මානව වර්ගයාගේ සමාජ ක‍්‍රියාකාරීත්වය බරපතල ලෙස විශ්ලේෂනය කිරීමෙන්ය. එම අර්ථයෙන් මෙම කෘතිය ‘අනාගතයේ විප්ලවවාදී අරගලයේ ආයුධයක් ලෙස’ සේවය කරයි.

“අවස්ථාවාදීන්, සමාජ ක‍්‍රියාකාරීත්වයේ සහ න්‍යායේ පවතින මෙම අපෝහක සම්බන්ධය ප‍්‍රතික්ෂේප කරයි.” ඩයස් පැවසීය. ලෝකය පුරා සිටින අනෙකුත් සියලුම අවස්ථාවාදී ප‍්‍රවනතාවන් මෙන්ම, ශ‍්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එහි ප‍්‍රකාශනයක් වන “අක්ෂය” තුල, වාමාංශය අද දිනයේ මුහුන දෙන අභියෝගය වන්නේ ක‍්‍රියාකාරිකයන්ගේ කටයුතු සහ න්‍යායාචාර්යවරුන් සමපාත කිරීමයි යනුවෙන් ප‍්‍රකාශ කරයි.

“රේල් පීලි දෙකක් මෙන්, සමාන්තරව යන නමුත් එකිනෙකින් වෙන්ව පවතින ආකාරයට, ක‍්‍රියාකාරීත්වය සහ න්‍යාය මත, සමාජය එකිනෙකට වෙනස් කාන්ඩ දෙකකට බෙදී ඇති නමුත්, ව්‍යාජ වාම පක්ෂ මගින් එය සමපාත කෙරේ. පන්ති අරගලයේ ද්‍රව්‍යමය පදනමෙන් වෙන් කෙරුනු මෙම න්‍යාය අවස්ථාවාදීමය ලෙස වෙනස් පන්ති බලවේග එකතු කිරීමට සහ මහජන ව්‍යාපාරය දේශපාලනිකව පීලි පැන්නවීම ඉලක්ක කරගත් උපායක්”යැයි ඩයස් පැවසුවේය.

කථිකයා පවතින ලෝක තත්වය, තුන්වන ලෝක යුද්ධයක් පිලිබඳ අන්තරාය සහ ගෝලීය සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අරමුනු කරගත් හජාජාක උද්ඝෝෂනයේ ඓතිහාසික අර්ථභාරය පිලිබඳ අවධානය යොමු කලේය. අධිරාජ්‍යවාදී ලෝක පර්යායේ සමාජවාදී පෙරලාදැමීම හරහා යුද්ධය වැලැක්වීමට, මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අරගලය පිලිබඳ කම්කරුවන්, ග‍්‍රාමීය දුගීන් සහ තරුනයන් පැහැදිලි කිරීමට, අවශ්‍ය අමිල ඓතිහාසික සහ න්‍යායික ද්‍රව්‍යය වලින් නෝර්ත්ගේ කෘතිය සමන්විත වූවේයැයි ඔහු පැවසුවේය.

ධනපති පාලනය බිඳහෙලීමට අත්‍යවශ්‍ය වූ රුසියානු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට, ලෙනින් විසින් බෝල්ශෙවික්වාදය ස්ථාපනය කල මූලික න්‍යායික පසුබිම, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතියෙහි පැහැදිලිකර ඇති බව ඩයස් පැවසීය.

“රුසියානු විප්ලවය සහ ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන්ගේ යෝජනාව තුල කම්කරු පන්තියේ ප‍්‍රමුඛ භූමිකාව පහත්කොට සැලකීමේ මෙම සියලු උත්සාහයන්ට එරහිව ට්‍රොට්ස්කි විසින් ගෙන ගිය විවාදයන්, ජාතිකවාදී සුලූ ධනේශ්වර සමාජ බලවේගයන් පිලිබඳ මිත්‍යාවන් වගා දිගා කල රුසියාව තුල සිටි සමාජ විප්ලවවාදීන් වැන්නන්ට එරහිව දැඩි අරගලයක් සඳහා බිම නිර්මානය කලේය.

නොර්ත්ගේ කෘතිය කම්කරු පන්තික ජාත්‍යන්තරවාදය මුලුමනින්ම විනිවිද යන බව කථිකයා තවදුරටත් සඳහන් කලේය. රුසියානු විප්ලවය, එහි ජයග‍්‍රහනය මෙන්ම ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය යටතේ එහි පරිහානිය සහ ඛේදජනක විනාශය විසින් ජාත්‍යන්තරවාදය හැමවිටම කම්කරු පන්තියට අතිශය වැදගත් බව පෙන්නුම් කර තිබේ. ජාතික වර්ගවාදී හිස්ටීරියාව පාලක පන්තිය සහ එහි වාම ඒජන්සි විසින් අවුලුවා ඇති පසුබිමක යුද ආතතිය ඉහල නගින කොන්දේසි යටතේ මෙය විශේෂයෙන්ම එසේ වෙයි.

සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයක් ගොඩ නැගීම අරමුනු කරගත් හජාජාක අරගලය, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය මගින් අතිවිශාල ලෙස ධෛර්යයට පත් කර ඇතැයි ඩයස් රැස්වීමේදී පැවසීය.

“අවස්ථාවාදයේ එක් මනෝවිද්‍යාත්මක හේතුවක් වන්නේ විප්ලවවාදී ශක්‍යතාවන් පිලිබඳ ඇති අවිස්වාසය යන්නෙන් අදහස් වන මහා කර්තවයන්ට ඇති භීතියයි” යන ට්‍රොට්ස්කිගේ ප‍්‍රකාශයට යොමුවෙමින් ඩයස් සියදේශනය අවසන් කලේ මෙසේ ප‍්‍රකාශ කරමින්ය: “අපි ලෝකය පුරා වර්ධනය වන විප්ලවවාදී ශක්‍යතාවන් දැකගන්නවා මෙන්ම විස්වාසද කරන අතර එම නිසාම අප‍්‍රමාදව ලෝක සමාජවාදය ස්ථාපනය කිරීමේ කර්තව්‍ය පවරාගනිමු.”

සසප රැස්වීමේ තිබු පොත් විකුනන ස්ථානය

රැස්වීමට සහභාගී වී සිටි පිරිස නිර්ලෝභී ලෙස සසප විශේෂ අරමුදලට ප‍්‍රතිපදානයන් කල අතර රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග‍්‍රන්ථයේ සිංහල සංස්කරනයේ පිටපත් දුසිම් දෙකකට වඩා වැඩි ප‍්‍රමානයක් මිලට ගන්නා ලදී. රැස්වීමට පැමිනි කිහිප දෙනෙකු සමග වැදගත් දේශපාලන සාකච්චාවන් පැවැත්වුනි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු වන සුපුන්, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග‍්‍රන්ථය කාලෝචිත බව ප‍්‍රකාශ කලේය. “ව්‍යාජ වාම පක්ෂ සහ පශ්චාත් නූතනවාදීන් සවිඥානිකව කම්කරු පන්තියේ බෙදුම් රේඛාවන් බොඳ කිරීමට සහ කම්කරු පන්තියක් නැති බව ඇඟවීමට උත්සාහ කරමින් සිටියදී මෙම කෘතිය ‘නැහැ, කම්කරු පන්තිය සිටී සහ විප්ලවය පැමිනෙමින් තිබේ’යැයි ප‍්‍රකාශ කරමින් ඔවුන්ට ඍජු අභියෝගයක්ව සිටී.”

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු වාමාංශික පක්ෂ වල පෙරමුනක් සඳහා කැඳවුම් කරන විට සසප දැඩි ලෙස මෙවැනි ව්‍යාජවාම පක්ෂ සමග එක්වීම ප‍්‍රතික්ෂේප කල බව විජේ ඩයස් සහෝදරයා පෙන්වා දුන්නා. සැබෑ අවශ්‍යතාව වන්නේ සමාජවාදය මත පදනම් වෙමින් කම්කරු පන්තිය සඳහා පක්ෂයක් නිර්මානය කිරීම මිස වෙනස් තැන් වල හුදකලා ප‍්‍රශ්න සඳහා පෙනීසිටින සහ තුවාල වසා ගැනීමට තාවකාලික පැලැස්තර බලාපොරොත්තු වන වෙනස් ව්‍යාපාර නිර්මානය කිරීම නොවේ.”

ඉඳුනිල්, රැස්වීම සඳහා උද්ඝෝෂනයෙහි යෙදෙන විට හමුවූ කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුවෙකි. ලෝකය පුරා සිදුවන අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සහ භූ දේශපාලනික ආතතීන් වලින් අදහස් වන්නේ තුන්වන ලෝක යුද්ධයක් ඉතා ආසන්යට පැමින තිබේය යන්න සසප විසින් පැහැදිලි බව කල ඔහු ප‍්‍රකාශ කලේය. කෙසේවෙතත් ආරම්භයේදී ඔහු ලෝසවෙඅ වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කලේ රටවල් “එකිනෙකා සමග සහයෝගීව ක‍්‍රියාකල යුතුයි” සහ “ඔවුන්ගේ ප‍්‍රශ්න ඔවුන්ගේ දේශ සීමාවන් තුල විසඳා ගැනීමට උත්සාහ ගත යුතුය” යන්නයි.

සාකච්චාව තුලදී, ධනවාදය යටතේ සහ විශේෂයෙන්ම වර්ධනය වන ගෝලීය කරනය වූ ආර්ථික බිඳ වැටීමක කොන්දේසි යටතේ රටවල් අතර සහයෝගය කල නොහැක්කක් බව අවබෝධ කර ගැනුනි. “ලෝක යුද්ධයට පිලිතුර වන්නේ සමාජවාදය බව මම තේරුම් ගත්තා. යුද්ධය වැලක්වීමට අපට ලෝකය පුරා සිටින කම්කරු ජනතාව බලමුලුගැන්වීමට අවශ්‍යයි. එමෙන්ම එම ජනතාවට නායකත්වය දීමට ඔබේ පක්ෂය වැනි පක්ෂයක් අවශ්‍යයි.” යනුවෙන් අවසාන වශයෙන් ඉඳුනිල් ප‍්‍රකාශ කලේය.

Share this article: