ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය: ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයේ නව අදියරක්

The Trump campaign: A new stage in the crisis of American democracy

2016 මාර්තු 14

ප‍්‍රකෝටිපති රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ රැස්වීම් තුල ද ඉන් පිටත ද ඔහු විසින් ක‍්‍රියාකාරීවම දිරිගන්වන ලද, කායික ගැටුම් හටගැනීමත් සමග ඇමරිකානු දේශපාලන ජීවිතයේ සම්ප‍්‍රදායික සම්මතයන් වේගයෙන් බිඳ වැටෙමින් තිබේ.

විදේශයේදී නිමක් නැති යුද්ධය සමග බැඳුනු ඇමරිකාව තුල සමාජ ආතතීන්ගේ පුපුරන සුලු ප‍්‍රතිවිපාක, දේශපාලන ජීවිතයේ මතුපිටට පැමිනෙමින් තිබේ. ඇමරිකාව තුල පලමු වතාවට, සිය විරුද්ධවාදීන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේම ප‍්‍රචන්ඩත්වය උසිගන්වන, ඇමරිකානු ජනතාවගෙන් විශාල කොටසක් මැඬිය යුතු බව කියා සිටින, නොවරදින සුලු ෆැසිස්ට්වාදී හා ආඥාදායක ක‍්‍රියාමාර්ගයක් සහිත අපේක්ෂකයෙක්, රිපබ්ලිකානු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමේ අත ලඟටම පැමින සිටියි.

මූල්‍ය, දේපොල ගනුදෙනු තුලින් ද සිය මැර ව්‍යාපාරික පෙනුම මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරවීමෙන් ද ක‍්‍රියාශීලීව සිටින ට‍්‍රම්ප්, සමාජ අසමානතාවයේ දැවැන්ත ආගාධය මගින් සංලක්ෂිත ඇමරිකානු සමාජයේ කතිපයාධිකාරී ස්වභාවය නිරූපනය කරයි. ඔහු නියෝජනය කරන්නේ මෙම කතිපයාධිකාරයේ “බලයට ඇති සාමූහික කැමැත්තය.” වැඩෙන මහජන නොසංසුන්තා හා ඉහල නගිමින් ඇති කම්කරු පන්තියේ සටන්කාමිත්වය පිලිබඳ බියපත්ව සිටින, පාලනයේ ආඥාදායක හා ෆැසිස්ට් වර්ගයේ ක‍්‍රමවේදයන් කරා නැඹුරුවූ, ධනපති පන්තියේ වඩාත්ම නිර්දය හා අධිෂ්ඨානශීලී කොටස්වල පූර්වභංග උත්සාහයකි, ඔහුගේ මැතිවරන ව්‍යාපාරය.

මිලියන ගනන් මිනිසුන් මුහුනපා සිටින ආර්ථික දිරාපත්වීම, පහත වැටෙන වැටුප්, විරැකියාව වැනි ගැටලු පිලිබඳව තැකීමක් නැති හා සතුරු දේශපාලන ක‍්‍රමයක් මගින් නිර්මිත ගැඹුරු සමාජ නොසතුට, ට‍්‍රම්ප් විසින් ගසාකනු ලබයි. ඔහු මෙම සමාජ කෝපය ප‍්‍රතිගාමී ඇල මාර්ග වලට හරවා යවයි. එහිදී ඔහු, රැකියා පිටරට යවන “කලගුන නොදන්නා” සංගත, ප්‍රෝඩාකාරී ලෙස හෙලා දකිමින් හා චීනයට ද මෙක්සිකෝවට ද එරෙහිව, විදේශිකයින් නුරුස්නා ගෝසාවක් ද සමග “මෙහාට අයිති නැති පිටස්තරයින්” වන සංක‍්‍රමනිකයින්ට හා මුස්ලිම් වරුන් පුලුල් කොටසකට එරෙහි වර්ගවාදී ප‍්‍රහාර එකට කලතයි.

ට‍්‍රම්ප් සංසිද්ධිය වනාහි, රෝගී සමාජ, ආර්ථික හා දේශපාලන ක‍්‍රමයක ලක්ෂනයකි. ඔහුගේ ප‍්‍රධාන රිපබ්ලිකානු එදිරිවාදියා වන ටෙක්සාස් සෙනේට් සභික ටෙඩ් කෘස්, “මධ්‍යස්ථ” විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමේ කාරනය, ඇමරිකානු දේශපාලන ක‍්‍රමය කොතෙක් නම් දකුනට ගොස් තිබේ ද යන්න පෙන්නුම් කරන්නකි. කෘස්, ට‍්‍රම්ප් තරම්ම ප‍්‍රතිගාමී හා අන්තරායකාරී විය හැකිය. ඔහු පෙනී සිටින්නේ මැද පෙරදිග මිලිටරි මැදිහත්වීම් උත්සන්න කිරීමට ද සංගත හා පොහොසතුන් සඳහා දැවැන්ත බදු සහන හා ඇමරිකාව තුල අර්ධ දේවධර්මවාදී රාජ්‍යයක් වෙනුවෙනි.

එලඹෙන සති හා මාසවලදී ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරයෙහි ඉරනම කුමක් වුවත් ඔහුගේ හදිසි ඉස්මතු වීම, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසාන අර්බුදයකට මුහුනදී සිටින බවට වන පැහැදිලි අනතුරු ඇඟවීමකි. ට‍්‍රම්ප් ඇතුව හෝ නැතුව, ධනපති ක‍්‍රමය මත පදනම්ව ඇති, සංගත-මූල්‍ය කතිපයාධිකාරය සතු ධනයේ ආන්තික ඒකාග‍්‍රකරනය හා ආධිපත්‍යය විවෘතවම ඇදී යන්නේ, පාලනයේ ආඥාදායක හා ෆැසිස්ට් වර්ගයේ ක‍්‍රමයක් කරාය.

ට‍්‍රම්ප් මැතිවරන ව්‍යාපාරයේ පලමු සංස්කරනය හදිසියේම පුපුරා ගියහොත් පවා එහි දෙවන සංස්කරනය දේශපාලන වෙලඳපොලේ පෙනී සිටිනු ඇත. එය වඩාත්, ලිස්සන සුලු වුවත් නොඅඩුව අන්තරායකාරී විය හැකිය. ට‍්‍රම්ප්ගේ ගොරහැඩි ක‍්‍රමවේදයන් පිලිබඳව රිපබ්ලිකන් පක්ෂ ප‍්‍රභූව අතර දැනට වෙනස්කම් පවතින නමුත් ඔවුහු, ඔහුගේ අවසන් අරමුන සමග එකඟ වෙති. එනම් “පහතින්” එන තර්ජනයන්ට එරෙහිව ධනපති ක‍්‍රමය ආරක්ෂා කර ගැනීමය.

සම්ප‍්‍රදායානුකූලව රිපබ්ලිකානුවන්ට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන ඩිමොක‍්‍රටික් පක්ෂයට මේ ක‍්‍රියාවලිය නැවැත්විය නොහැකිය. එහි ප‍්‍රමුඛ අපේක්ෂකයා වන හිලරි ක්ලින්ටන්, පවත්නා දේශපාලන හා ආර්ථික තත්වයේ පුද්ගලාරෝපනයයි. වැඩකරන ජනතාවගේ වියදමින් වෝල් වීදිය ගලවා ගැනීම, බුෂ් පාලනයේ යුද්ධ තවදුරටත් ඉදිරියට ගෙන යාම, පොලිස්-මිලිටරි යාන්ත‍්‍රනයේ බලතල ශක්තිමත් කිරීම වැනි පවතින ආන්ඩුවේ පිලිවෙත්ම වැලඳගත් ඇය, තම මැතිවරන ව්‍යාපාරය සැලසුම් කරන්නේ, ඔබාමා පාලනයේම දිගුවක් ලෙසය. ට‍්‍රම්ප්ගේ ඉස්මතු වීමට කොන්දේසි නිර්මානය කර තිබෙන්නේ එමගින්ය.

ක්ලින්ටන්ගේ උද්ඝෝෂනය බොරු හා කුහකත්වය මත ගොඩනගනු ලබයි. ඇය හා ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, දැවැන්ත පෞද්ගලික ධන රාශීකරනයකට පහසුකම් සැපයීම පිනිස, දේශපාලන යාන්ත‍්‍රනය තුල සිය තත්වය ප‍්‍රයෝජනයට ගත්තේය.

පවතින ක‍්‍රමයට විකල්පයක් සඳහා, වැඩකරන ජනතාව හා තරුනයින් අතර පවතින කැමැත්ත, වර්මොන්ට් සෙනේට් සභික බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය තුල ප‍්‍රකාශනය අත්කර ගත්තේය. “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදියෙක්” ලෙස තෙමෙම හඳුන්වා ගැනීමේ පදනම මත බොහෝකොටම ඔහු මහජන සහයෝගය දිනා ගත්තේය. ඇල්මැරුනු ලිබරල්වාදය පවා “තහනම් වචනයක්” ලෙස සලකන ලද, නිල දේශපාලනයේ වසර හැත්තෑවක් පමන කාලයක් තිස්සේ සමාජවාදය යන්න බැහැරකොට තිබූ රටක් තුල සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය, ඇමරිකානු ජනතාව කිසි කලෙකවත් ධනවාදයට විකල්පයක් සලකා නොබලනු ඇතැයි යන දේශපාලන මිත්‍යාව බිඳ හෙලනු ලැබිනි.

ඩිමොක‍්‍රටික් අපේක්ෂකත්වයේ බැරෑරුම් තරඟකරුවා බවට පත්කරමින් කම්කරුවන් හා තරුනයින් ඔහුට සහාය දුන්නේ, තීරනාත්මක දේශපාලන හා සමාජ වෙනසක් බලාපොරොත්තුවෙනි.

එහෙත් සෑන්ඩර්ස් ඉදිරිපත් කර ඇති ආකාරයත් සැබවින්ම ඔහු කවරෙක් ද යන්නත් අතර හිඩැසක් පවතියි. ඔහු “ප‍්‍රකෝටිපතියන්ගේ පන්තියට” එරෙහිව එල්ල කරන වාචාල චෝදනාවන්ට වඩා වැදගත් වන්නේ ඔහු, වසර 150ක් ඇමරිකාව පාලනය කර තිබෙන මූල්‍ය වංශාධිපතිත්වයේ දේශපාලන මෙවලම් දෙකෙන් එකක් වන, ධනපති ඩිමොක‍්‍රටික් පක්ෂයේ නාමයෝජනා බලාපොරොත්තු වීමේ කාරනයයි. මෙම පක්ෂය සමාජවාදී කෙසේ වෙතත්, ඇමරිකානු සමාජයේ ප‍්‍රගතිශීලී උපකරනයක් ලෙස හෝ උපයෝගී කර ගත නොහැකිය.

අවසාන විග‍්‍රහයේදී “දේශපාලන විප්ලවයක්” පිලිබඳ සෑන්ඩර්ස්ගේ කථා, කයිවාරුවකට මඳක් වැඩි දෙයක් පමනි. සෑන්ඩර්ස්ගේ “විශ්වාසනීයත්වයට” ප‍්‍රසංශා කිරීම නොමේරූ කම පමනක් නොව, අදාල වන්නේ ද නැති දෙයකි. අද දිනයේ “බර්නි (සෑන්ඩර්ස්) විඳගන්නා” කෙනා, වර්මොන්ට් සෙනේට් සභිකයා, කාලයකදී “ඔබට විශ්වාස කල හැකි වෙනසක්” පිලිබඳ අනාගතවක්තෘ වූ, බරක් ඔබාමාට නොඅඩු නරුමත්වයකින් හා කෲරත්වයකින් ඔවුන්ගේ බලාපොරොත්තු සිඳ දමද්දී, හෙට දිනයේදී දේශපාලනික හද කම්පාවක් විඳිනු ඇත.

ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරය රැකගැනීම සම්බන්ධයෙන් ට‍්‍රම්ප් අතිශය බැරෑරුම් ලෙස අධිෂ්ඨානශීලී වෙද්දී සෑන්ඩර්ස්ගේ “සමාජවාදය”, කිසිදු අව්‍යාජ ධනේශ්වර විරෝධී අන්තර්ගතයකින් තොර හිස් වැකියකට නොඅඩු දෙයකි. උද්ඝෝෂනය පෙරට ඇදෙද්දී ඔහුගේ ක‍්‍රියාමාර්ගය හා කයිවාරු, වඩ වඩාත් සැර බාල වෙමින් තිබේ.

තමා සහ ට‍්‍රම්ප් අතර පැහැදිලි හා නොවරදින සුලු බෙදුම්කඩනය ඇඳීමට වඩා සෑන්ඩර්ස්, “ඇමරිකානු රැකියා සොරාගැනීමට” චීනයට හා මෙක්සිකෝවට අවසර ලැබෙන බවට චෝදනාවන්ට ලක්ව තිබෙන විවිධ වෙලඳ ගිවිසුම් මිස ධනපති ක‍්‍රමය හෙලා නොදකින, සිය දක්ෂිනාංශික කයිවාරු කාරයාගේ විසකුරු ආර්ථික ජාතිකවාදයට තමන්ගේ උද්ඝෝෂනය වඩ වඩාත් අනුගත කරනු ලබයි. එවන් වෙලඳ ගිවිසුම් වනාහි ධනවාදයේ ගෝලීය මෙහෙයුම් වල අනිවාර්ය අංගයක් ය යන කාරනය ඔහු හුදෙක් නොතකා හරියි.

දේශපාලන තත්වය පුපුරන සුලුය. වත්මන් දේශපාලන උද්ඝෝෂන හා 1968 මැතිවරන ව්‍යාපාරය අතර නිශ්චිත සමානකම් දැකගත හැකිය. එහිදී ජෝර්ජ් වොලස්ගේ වර්ගවාදී වාචාල කථා ද ඛනිෂ්ඨ මාටින් ලූතර් කිං හා රොබට් කෙනඩි ඝාතනයන් ද චිකාගෝහි පැවති ඩිමොක‍්‍රටික් ජාතික සමුලුවට එරෙහිව පොලිසියේ ප‍්‍රචන්ඩත්වය මුදාහැරීම ද දැකගත හැකි විය. 1968 මැතිවරන ව්‍යාපාරය දියත් වුනේ, වියට්නාම් යුද්ධයට එරෙහි වර්ධනය වන ව්‍යාපාරයක් ද රට පුරා ඇතිවූ නාගරික කැරලිකාරිත්වයන් ද කම්කරු පන්තියේ සටන්කාමී වැඩවර්ජන ද පැන නැගි කොන්දේසි හමුවේය.

1968 මැතිවරනයට සමාන කිරීම නිශ්චිතවම ගැලපෙන නමුත් තවත් ඇමරිකානු මැතිවරන ව්‍යාපාරයක් ද සිහියට නැගෙයි. ඒ 1860 වර්ෂයයි. එවක ඇමරිකාවේ පාර්ශවික හා පන්ති ගැටුම්, සිවිල් යුද්ධය පුපුරා යාමට පූර්ව රංගනය විය.

2016 ජනාධිපතිවරන ව්‍යාපාරය සංලක්ෂිතව ඇති වැඩෙන ප‍්‍රචන්ඩත්වය හා සමාජ ආතතීන්ගේ වාතාවරනය තුල, මැතිවරනය කව්රු දිනුවත් ඇමරිකාවේ දැවැන්ත සමාජ ගැටුම් ඇතිවන බව පූර්වාපේක්ෂා කල හැකිය.

වත්මන් තත්වය පිලිබඳ මෙම වැටහීම, දේශපාලන මූලෝපාය පිලිබඳ පදනම සකස් කල යුතුය.

ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට් වර්ගයේ දේශපාලන ව්‍යාපාරයන්ට එරෙහි විරෝධතා අවුලුවා තිබෙන කෝපය, මුලුමනින්ම සාධාරනය. එහෙත් -මේ අනතුරු ඇඟවීම බැරෑරුම් ලෙස ග‍්‍රහනය කර ගන්නා ලෙස අපගේ පාඨකයින්ට දැනුම් දෙන්නෙමු- ට‍්‍රම්ප් ද ඔහු නියෝජනය කරන, ආඥාදායක හා ෆැසිස්ට් ප‍්‍රවනතා ද ඔහුගේම දෑත් ශක්තිමත් කරන ගැටුම් තුලින් පරාජය කල නොහැකිය. සත්තකින්ම ට‍්‍රම්ප් මෙම සිදුවීම් වලට අනුබල දෙන්නේ, තමන් පෞද්ගලිකව මුදල් ගෙවා මෙහෙයවනු ලබන මැරයින් හා ඔවුන්ගේ කටයුතු දේශපාලනිකව අනුග‍්‍රහය දක්වන්නාවූ පොලිස් බලඇනිවල කටයුතු සමග සම්බන්ධ කර යුක්තිසහගත කිරීමේ අවස්ථාවක් එමගින් ඔහුට සැලසෙන බැවිනි.

නිල ඇමරිකානු දේශපාලනයේ තියුනු දක්ෂිනාංශික හැරීම සමග පොරබැදිය යුත්තේ, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සියලු කොටස් වලට ඇමතිය හැකි, ධනවාදය විසින් උසිගන්වනු ලබන වාර්ගික හා ජාතික බෙදීම් යටපත්කර දමන, අව්‍යාජ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත දේශපාලනිකව ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම තුලිනි. දක්ෂිනාංශයේ වැඩෙන අන්තරායට එරෙහිව සටන් වදින අව්‍යාජ ක‍්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින්නේ, වැඩකරන ජනතාව හා තරුනයින්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ විලංගුවෙන් බිඳී ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව යොමුකල සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය යන්නයි.

රැකියා, ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැකගැනීමට ද අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක වැඩෙන තර්ජනයට එරෙහිව සටන් වැදීමට ද කම්කරු පන්තිය, ධනේශ්වර විරෝධී මූලෝපායකින් සන්නද්ධ කල යුතුය. මෙහි අර්ථය, බැංකු හා යෝධ සංගත ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනය යටතේ පොදු අයිතියට පත් කරන, සුපිරි පොහොසතුන් සමාජය මත පවත්වන අධිකාරය අවසන් කරන සැබෑ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදීමයි.

සෑම රටකම වැඩකරන ජනතාව හමුවේ මතු කර ඇත්තේ එම ප‍්‍රශ්න ම ය. කම්කරුවන් එකිනෙකා සමග කාකොටා ගන්නා තැනකට ඇද දැමීමට අන්ත ජාතිකවාදී හා ස්වෝත්තමවාදී මනෝගතීන් උසිගැන්වීමේ පාලක පන්ති ව්‍යායාමයන්හි අරමුන, අධිරාජ්‍යවාදී යුද්ධය හා සමාජ ප‍්‍රතිගාමිත්වය පතුරවා හැරීම සඳහා කොන්දේසි සකස් කිරීමයි. සෑම රටකම කම්කරුවන් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත එක්සත් කිරීමේ අරගලයක් තුලින් එය පරාජය කල යුතුය.

තීරනාත්මක ප‍්‍රශ්නය කම්කරු පන්තිය තුල ද තරුනයින් අතර ද විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

මෙය දේශපාලන භාවිතාවේ හා ක‍්‍රියාවේ වේලාවයි. ට‍්‍රම්ප් දේශපාලන අනතුරක්, ආඥාදායකත්වය හා යුද්ධය පිටුදැකිය යුතුය, සමාජවාදය ධනවාදයට වඩා හොඳය වැනි “මූලධර්මාත්මක” එකඟත්වය පමනක් සෑහෙන්නේ නැත. පසෙකටවී සිටීම නතර කරන්න! සමාජවාදී ඇමරිකාවක් දකින්ට කැමති අය ඒ සඳහා සටන් වැදීමට සූදානම් විය යුතුය. අප ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයින්ගෙන් ඉල්ලන්නේ, සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩනගන ලෙසයි.

ලෝසවෙඅ කතෘ මන්ඩලය

Share this article: