2016 මැයි දිනය: යලි වතාවක් ජර්මානු මිලිටරිවාදය එහි අශෝභන හිස ඔසවමින් සිටියි

May Day 2016: Once again, German militarism is rearing its ugly head

උලී රිපට් විසිනි, 2016 මැයි 6

මෙහි පලවන්නේ ජර්මානු සසප ප්‍රධාන ලේකම් උලී රිපට් 2016 මැයි දිනය නිමිතිකොට දියත් කරන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කල කථාවයි.

වසර 100ට පෙර අද වැනි දිනක කාල් ලිබ්නෙක්ට් බර්ලින් නගරයේ පෝස්ටර්ඩෑම් ප්ලාට්ස් පෙදෙසේ දී කතා කරමින්, යුද්ධයට විරුද්ධ වන ලෙස කම්කරුවන්ට කියා සිටියේය.

පලවන ලෝක යුද්ධයේ යුද බිම් වල ජන සංහාරයන් වසර දෙකක් තුල අඛන්ඩව සිදු විය. දශ ලක්ෂ ගනන් ඒ වන විටත් ඝාතනය කර තිබුනි.

උලී රිපට් ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කල කථාව

මෙම දරුනු යුද්ධය මැද ලිබ්නෙක්ට් නොබියව හඬ නැඟීය.

යුද්ධයට එරෙහි ඔහුගේ ඉල්ලීම කරුනු තුනකින් සමන්විත විය.

1914දී යුද අය වැයට පක්ෂවීම මගින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කල පාවාදීමේ දරුනු ප්‍රතිඵල හා දෙවන ජාත්‍යන්තරය කඩා වැටීම පිලිබඳව ඔහු කථා කලේය.

ඔහු යුද්ධයේ පන්ති ස්වභාවය පැහැදිලි කොට ධනපති ලාභ ගැරීමට එරෙහිව කතා කලේය.

එවගේම ඔහු අවධාරනය කලේ, විලෝපනය අවසන් කල හැකි හැකි එකම බලවේගය, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තිය පමනක් බව ඔහු පැවසීය.

පෙලපාලිය සඳහා කැඳවුම් කරමින් ඔහු මෙසේ ලිවීය.

“බ්‍රසල්ස්, හේග් හෝ බර්න් හි දුසිම් කිහිපයක් ක්‍රියාකරුවන්ගෙන් කම්කරු පන්ති ජාත්‍යන්තරය යලි ස්ථාපිත කල නොහැකියි. එය ස්ථාපිත කල හැක්කේ දශ ලක්ෂ ගනනකගේ ක්‍රියාවන් හරහා පමනයි. එය ජර්මනියේ, ප්‍රන්සයේ, එංගලන්තයේ හා රුසියාවේ ස්ථාපිත කල හැක්කේ සෑම තැනකම කම්කරු ජනයා පන්ති අරගලයේ බැනරය අතට ගෙන ජන සංහාරයට එරෙහිව ගුගුරා හඬ නඟන විටයි....”

වසරකට පසුව රුසියානු කම්කරුවන් සාර්වාදයට එරෙහිව නැගී සිටිමින් ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වය මත සමාජවාදී විප්ලවය ජයග්‍රහනය කරා ගෙන ගොස් යුද්ධය අවසන් කරනු ලැබින.

1918 නොවැම්බරයේ මෙම විප්ලවය ජර්මනියට පැතිරුනු විට කාල් ලිබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් ඝාතනය කරනු ලැබින. මෙහිදී එනම් බර්ලිනයේ පැවති ඊබට්, නොස්කේ හා ෂෙයිඩ්මාන් නායකත්වය දුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ආන්ඩුව, විප්ලවය ලේ විලක ගිල්වනු ලැබුවෝය. බහුතරයක් සමාජවාදීන් සමඟ වැඩ කල මාධ්‍යමික යූඑස්පීඩීය මෙම පාවාදීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කලේය.

ලිබ්නෙක්ට් හා ලක්සම්බර්ග් ඝාතනය කෙරුනේ ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාවාදීමේ පාඩම් සම්පූර්නයෙන්ම උකහා ගැනීමට පෙරාතුව වුවත් ලෙනින් හා ට්‍රොට්ස්කි අවධාරනය කලේ, යුද්ධයට එරෙහි අරගලය සඳහා අවස්ථාවාදයට හා මාධ්‍යමිකවාදයට එරෙහි ක්ෂමා විරහිත අරගලයක් අවශ්‍ය බවය.

වසර සියයකට පසුව අද, පසුගිය සියවසේ සියලු නොවිසඳුනු ගැටලු ආපසු පැමිනෙමින් තිබේ. යලි වතාවක් ජර්මානු අධිරාජ්‍යවාදයේ හා මිලිටරිවාදයේ අවලස්සන හිස ඔසවමින් ඇත.

ජර්මනියේ පාලක ප්‍රභූවට අවශ්‍යවී තිබෙන්නේ, ලෝකය යලි බෙදා ගැනීමේ හා අමු ද්‍රව්‍ය හා වෙලඳපල සඳහා හඹායන අලුත් අරගලයේ දී ඔවුන් හිස් අතින් නොපැමිනෙන බව සහතික කිරීමටයි.

වසර දෙකකට පෙරාතුව ෆෙඩරල් ආන්ඩුව “මිලිටරියට සීමා පැනවීමේ අවසානය” නිවේදනය කලේය . ඉන් අනතුරුව මිලිටරිවාදය ක්‍රමානුකූලව පෝෂනය කර ඇත. බුන්ඩස්වර් නමින් හැඳින්වෙන ජර්මානු මිලිටරිය රුසියාවට හා නැගෙනහිර යුරෝපයට එරෙහි නැටෝ මෙහෙයවීම් වල ද මැද පෙරදිග යුද්ධ වල හා අප්‍රිකාවේදී පවා ඉදිරියෙන්ම සිටියි.

මීට දින කිහිපයකට ඉහත සම්මුඛ සාකච්ඡාවකදී ජර්මානු විදේශ කටයුතු ඇමති ෆ්‍රෑන්ක් -වෝල්ටර් ස්ටෙයින්මියර් පැවසුවේ; “අද තත්වය සීතල යුද්ධ සමයේ තිබූ තත්වයට වඩා භයානක බවයි. “පැරනි පර්යාය තවමත් නව එකකින් විස්ථාපනය කර නැත. බලපෑම් හා අනසක පිලිබඳ මෙම අරගලය පවතින්නේ සාමකාමී සම්මන්ත්‍රන වට පිටාවක නොව ප්‍රචන්ඩ පිපිරීමක් මැද ය”යි ඔහු පැවසීය.

ජර්මනියේ මිලිටරි තර කිරීම් එදිරිවාදිකම් සමඟ ඉදිරියට ගෙන යමින් තිබේ.

එලඹෙන වසර වලදී මිලිටරි වියදම යුරෝ බිලියන 130 දක්වා ඉහල දැමීමේ සැලසුම් ජර්මානු ආන්ඩුව නිවේදනය කර ඇත. බුන්ඩ්ස්වර්හි වසන්ත සමයේ වාර්තාව, යුරෝ බිලියන 60ක ආයුධ සන්නද්ධ කිරීමේ ව්‍යාපෘති 20ක් ලයිස්තුගත කර තිබේ.

නවීනතම තාක්ෂනයෙන් අනූන පාබල, නාවික හා ගුවන් හමුදා සමඟ එක පෙලට ක්‍රියාත්මක වන 13,500ක සොල්දාදුවන්ගෙන් සමන්විත නව අති-නවීන “සයිබර් අවකාශයේ ප්‍රහාරාත්මක හමුදාවක්” ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

පලමු ලෝක යුද්ධයේ පරාජය ත් වර්සායි ගිවිසුමෙන් පැනවුනු සීමාවනුත් අභිබවමින් තිස් ගනන් වල මුලදී යලි වතාවක් ජර්මනිය, එතෙක් දැනසිටි අතිශයින්ම නවීන හා බලවත් හමුදාවන්ගෙන් එකක් තනමින්, ලෝකය විශ්මයට පත් කලේය. අද දින ජර්මානු අධිරාජ්‍යවාදය, යලි වතාවක් ගෝලීය අවි තරඟයේ මුල් පෙලට පැමිනීමට වලි කමින් සිටියි.

දැන් මෙම ක්‍රියා මාර්ගය සිදුවෙමින් තිබෙන්නේ එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගය ඇතිවය. මෑතදී ජනාධිපති ඔබාමාගේ ජර්මානු සංචාරයේදී සිරියාවේ හා ලිබියාවේ නව මිලිටරි ආක්‍රමනය සූදානම් කිරීම පිලිබඳ යුද සමුලුවක් සංවිධානය කරනු ලැබින. ඉන් ක්ෂනික ඉක්බිත්තේ බුන්ඩ්ස්වර් නිවේදනය කලේ, රුසියාවට එරෙහි බටහිර ප්‍රකෝපකරනය ශක්තිමත් කිරීම සඳහා එය බැර මිලිටරි උපකරන හා හමුදා ලිතුවේනියාවට යවන බවය.

කෙසේ වෙතත් ජර්මානු මිලිටරිවාදයේ යලි පැන නැගීම රුසියාව සමඟ ගැටීම උග්‍ර කරනු ඇතුවා පමනක් නොව යුරෝපීය බලවතුන් අතර ආතතීන් ද ඉහල යාමට තුඩු දෙනු ඇත. යුරෝපීය යුද්ධයක් හොල්මන් කිරීම හා අන්තර් අත්ලාන්තික් ගැටුම්, වේගයෙන් මිලිටරි රූපාකාරයන් අත් කර ගනිමින් තිබේ.

මිලිටරි තරකිරීම් හා යුද ධාවනය සඳහා සියලු පක්ෂ සහාය දෙති.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හුරේ දමන්නා හා ප්‍රධාන යුද උද්ඝෝෂකයා ලෙස ක්‍රියා කරයි.

හරිත පක්ෂය සම්බන්ධයෙන් ගත්විට “පරිසර-සාමවාදය” බොහෝ කලකට පෙර කුනු කූඩයට දමා ඇති මොවුන් “මානව හිමිකම්” සුරැකීමේ පදනමෙන් යුද ධාවනයට සහය දෙමින් සිටියි.

වාම පක්ෂය සුවිශේෂිතවම ද්‍රෝහී ක්‍රියා කලාපයක් ඉටු කරයි. “දක්ෂිනාංශයට එරෙහි සමගිය” යන සටන් පාඨය යටතේ යුදවාදී පක්ෂ වලට සහය දෙමින්, කම්කරු පන්තියේ සමාජවාදී වර්ධනය සිර කිරීමට ඔවුන් වලි කමින් සිටියි.

වෘත්තීය සමිති ද යුද පිලිවෙතට සහය දෙති. ඔවුන් ආරක්ෂක තීරු බදු මෙන්ම ආරක්ෂනවාදය ද ඉල්ලා සිටිමින් ඩීජීබී හා බුන්ඩ්ස්වර් අතර නිල ගිවිසුමක් ඇති කරගෙන තිබේ.

සංස්ථාපිතයේ පක්ෂ හා මධ්‍ය සැබවින්ම මහජනතාවට එරෙහි දේශපාලන කුමන්ත්‍රනයක යෙදී සිටිති.

එසේ වෙතත් වසර 100ට පෙර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විප්ලවය යටපත් කර ධනවාදයේ පන රැක දීමට සමත් වුවත්, අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිතිවල බලපෑම ගිලිහෙමින් තිබේ. ඔස්ට්‍රියාවේ මෑතදී තිබූ ජනාධිපතිවරනයේදී හිටපු වෘත්තීය සමිති නායකයෙකු වූ එස්පීඕ අපේක්ෂකයාට ලබා ගත හැකිවූයේ යන්තම් සියයට 11ක් පමනක් වූ නිසා ඔහුට දෙවන වටයටද ඉදිරිපත් වීමට නොහැකි විය.

ප්‍රන්සයේ දහස් ගනන් කම්කරුවන් හා තරුනයින් හොලන්ඩේ ආන්ඩුවේ කම්කරු වෙලඳ පල ප්‍රතිසංස්කරන වලට එරෙහිව සති ගනනක් තිස්සේ පෙලපාලි දක්වයි. ජර්මනියේ සිවිල් සේවය තුල හා ඉංජිනේරු කර්මාන්තය තුල වැඩ වර්ජන පසුගිය සතියේ සිට ආරම්භ වෙමින් තිබේ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති වලට එරෙහිව වැඩෙන කැරලිකාරිත්වය අපි සාදරයෙන් පිලිගන්නෙමු. වාම පක්ෂය හා අනෙකුත් සියලු ව්‍යාජ වාම පක්ෂ, නිලධරයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට උත්සාහ කරන අතරතුරේ අප සටන් වදින්නේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහායි.

කෙසේ වෙතත් දශ ලක්ෂ ගනනක් ජනයා ගේ කෝපය හා විරුද්ධත්වය ඉල්ලා සිටින්නේ, නව මූලෝපායකි. සමාජ කප්පාදු වලට, යුද්ධයට හා ඒකාධිපතිත්වයට එරෙහි අරගලය සඳහා ධනපති විරෝධී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනමෙහි ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරේ.

මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි අපගේ ජාත්‍යන්තර උද්ඝෝෂනය තීරනාත්මක වන්නේ මේ සන්දර්භය තුලය.

බර්ලින්හි හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දක්ෂිනාංශික මහාචාර්යවරුන්ට හා ඔවුනගේ යුද ප්‍රචාරනයට එරෙහි වූ විට අපට සැලකිය යුතු සහයෝගයක් දිනා ගත හැකි විය. නාසි අපරාධ ලඝු කිරීමට හා ඉතිහාසය අමු අමුවේ මුසාකරනය කිරීමට අපගේ විරුද්ධත්වය යටපත් කිරීමට හා අප බිය වැද්දීමට විශ්ව විද්‍යාල පරිපාලනය දැරූ උත්සාහය පසු බැස්සවීමට අපි සමත් වූවෙමු. මෙම වසර මුලදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුල සිටින අපගේ නියෝජිත සංඛ්‍යාව සිව් ගුනයකින් ඉහල දමා ගැනීමට ද අපි සමත් වීමු.

මෙම දේශපාලන උද්ඝෝෂනය කම්හල් හා වැඩපලවල් දක්වා පුලුල් කිරීමට අපි දැන් තීන්දු කර ඇත්තෙමු.

අපගේම නියෝජිතයින් මෙම ගිම්හානයේ පැවැත්වෙන බර්ලින් නියෝජිත මන්ත්‍රී මන්ඩල මැතිවරනයට ඉදිරිපත් කර අපි උද්ඝෝෂනය ආරම්භ කර ඇත්තෙමු. අපි මැතිවරනය, යුද්ධයට හා මිලිටරිවාදයට එරෙහි ජනමතවිචාරනයක් බවට පත් කරමින් සිටින්නෙමු.

ලෝකය දෙවතාවක් අගාධයට ඇද දමමින් ප්‍රබලතම යුද අපරාධ සිදුකල එම සමාගම් හා බැංකු වලට තුන්වන ලෝක යුද්ධයක් සංවිධානය කිරීමට අපි ඉඩ නොතබන්නෙමු.

මීට වසර 100ට පෙර පලමු ලෝක යුද්ධයට විරුද්ධ වෙමින් කාල් ලිබ්නෙක්ට් පල කල නිර්භීතකම හා සටන්කාමිත්වය සමඟ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය සතුව තිබෙන ප්‍රබල දේශපාලන පාඩම් අපි එකතු කරන්නෙමු.

අපගේ ශක්තිය වන්නේ අප තුල මූර්තිමත්ව පවතින ඓතිහාසික සම්ප්‍රදායයි. කම්කරු පන්තිය තුල දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා සියලු වර්ග වල අවස්ථාවාදයන්ට හා මාධ්‍යමිකවාදයන්ට එරෙහිව අපි වෙහෙස නොබලා සටන් කර ඇත්තෙමු.

අද දැවැන්ත යථාර්තයක් හා බලයක් වනු ඇත්තේ ඒකාන්ත වශයෙන්ම මෙම මූලධර්මයන්ය!

Share this article: