ට‍්‍රම්ප් ට එරෙහි අරගලය සඳහා ගතයුතු මග

The way forward in the fight against Trump

2016 නොවැම්බර් 16

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට විරුද්ධව රට පුරා පැන නැගෙමින් තිබෙන විරෝධතා උද්ඝෝෂන සාදරයෙන් පිලි ගන්නා අතර ඒවාට සහය පල කරන්නෙමු.

උසස් පාඨශාලීය තරුනයන්, විද්‍යාල ශිෂ්‍යයන් හා තරුන ජනයාගේ සෙසු කොටස් වල මෙම පෙලපාලි තුලින් අනාගත ට‍්‍රම්ප් ආන්ඩුවක දක්ෂිනාංශික හා වාර්ගික පිලිවෙත් වලට සහ වාර්ගික රේඛා ඔස්සේ ජනතාව බෙදීමට දරන සියලු උත්සාහයන් කෙරෙහි ගැඹුරු විරුද්ධත්වයක් ප‍්‍රකාශයට පත් කරයි.

ඔහුගේ තේරී පත්වීමෙන් පසු සතිය තුල ගබ්සාව තහනම් කිරීමට, සමූහ පිටුවහල් කිරීමට හා සකලාකාර අන්ත දක්ෂිනාංශික පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට පවතින ඔහුගේ අධිෂ්ඨානය ට‍්‍රම්ප් යලි වතාවක් ප‍්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ ප‍්‍රධාන මූලෝපායඥයා ලෙස සුදු ජාතිකවාදීන් හා නව ෆැසිස්ට් කන්ඩායම් සමග ඍජු සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු වන ස්ටෙෆන් බැනන් පත් කිරීම පෙන්නුම් කරන්නේ සමස්ත කම්කරු පන්තිය මුහුන දෙන අන්තරාය යි. ට‍්‍රම්ප්ගේ තේරී පත්වීම ඇමරිකානු පාලක පන්තිය ආඥාදායක සහ සමාජ විරුද්ධත්වයට එරෙහිව රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය යොදන පාලනයකට මාරුවීම සලකුනු කරයි.

විරෝධතාකරුවන් පෙන්නුම් කරන මනෝගතීන් ට‍්‍රම්ප්ගේ “ජයග‍්‍රහනයට” සුබ පැතීමට හා ඔහු සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති සුදානම ගැන පොරොන්දු දෙන ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රධාන නායකයන්ගේ ප‍්‍රතිචාරයට මුලුමනින් ම ප‍්‍රතිවිරුද්ධ වේ.

“ඉදිරි මාස දෙක තුල අංක එකට ප‍්‍රමුඛත්වය දිය යුත්තේ” අපගේ තේරී පත් වූ ජනාධිපතිගේ සාර්ථකත්වය “සහතික කිරීම” බව හිලරි ක්ලින්ටන් ඇගේ පරාජය භාරගත් දිනට පසු දින ජනාධිපති ඔබාමා කීවේ ය. ට‍්‍රම්ප්ගේ ජනාධිපතිකම සමග ඇමරිකානුවන් “ඇතුලතින් හැඩ ගැසිය” යුතු බව ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප‍්‍රකාශ කල ඔබාමා තේරී පත් වූ ජනාධිපති සමග ඔහුගේ “සුහද සාකච්ඡාව” වගවර්නනා කලේ ය.

සති අන්තයේ නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයට ලියමින් “ඇත්ත වශයෙන් ම මේ රටේ මධ්‍යම පන්තියේ සහ කම්කරු පන්ති පවුල් සඳහා කරන වැඩ වල දී ජනාධිපති ට‍්‍රම්ප් සමග වැඩ කිරීමට” ඔහුට අවශ්‍ය බව කියමින් මධ්‍යම පන්තියේ ආරක්ෂකයකු ලෙස ට‍්‍රම්ප් ව සාධාරනීකරනය කිරීමට උත්සාහ කල බර්නි සෑන්ඩර්ස් ගේ ප‍්‍රතිචාරය, විශේෂයෙන් ම නිර්ලජ්ජිතය.

අවංක ප‍්‍රකාශ විරෝධතාවලට සම්බන්ධ වන අයත් ඇතුලුව රට පුරා සහ ජාත්‍යන්තරව දස ලක්ෂ සංඛ්‍යාත කම්කරු සහ තරුන ජනයා ප‍්‍රකටව දන්නා දේ ට පැහැදිලි ව ම ප‍්‍රතිවිරුද්ධ ය. වැඩකරන ජනයාගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමට ට‍්‍රම්ප් කිසිවක් කරන්නේ නැත. ඒ වෙනුවට, ඔහු සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ට එරෙහිව සකලවිධ ප‍්‍රහාරයන් සුදානම් කරනු ඇත.

පසුගිය දින කිහිපය තුල විරෝධතාවන් වර්ධනය වන බව තේරුම් ගනිමින් නැවත වරක් සංස්ථාපිතයේ විරුද්ධවාදියෙක් ලෙස සාවද්‍යව තමන් ව ඉදිරිපත් කර ගනිමින් සෑන්ඩර්ස් වඩාත් විවේචනශීලී ස්වභාවයක් පෙන්නුම්කර ඇත. ඔහු හෙලා දුටු “බිලියනපති පන්තිය” සහ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි වැඩෙන විරුද්ධත්වය ඩිමොක‍්‍රටික් පක්ෂයේ රාමුව තුල සිරකර තැබීම සඳහා ඩිමොක‍්‍රටික් අපේක්ෂකයා තෝරා ගැනීමේ මැතිවරනයේ දී සමාජවාදියෙක් ලෙස කල මාවාපෑමේ භූමිකාව පුනරුච්චාරනය කිරීමට ඔහුගේ අරමුනයි. ක්ලින්ටන්ට ඔහුගේ සහයෝගය ප‍්‍රකාශ කර පවතින දූෂිත තත්වය පුද්ගලාවරෝපිත කල සෑන්ඩර්ස්, වැඩකරන ජනතාව ගේ පුලුල් කොටස් අරගලයට තල්ලු කරන ජීවන තත්වයන්ගේ කඩාවැටීම සහ අසමානතාවය කෙරෙහි පවතින කෝපය හා අපේක්ෂා භංගත්වය, අවසානයේ දී ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය නිශ්චිත කරමින් දක්ෂිනාංශයට යටත් කිරීම සහතික කලේ ය.

ක්ලින්ටන්ට වඩා මිලියන දෙකක තරම් චන්ද සංඛ්‍යාවක් ට‍්‍රම්ප්ට අඩුවූ බව ක්ලින්ටන් හෝ ඔබාමා සඳහන් කලේවත් නැත. ඔහුගේ දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රයට ජන වරමක් ලැබුන බවට ට‍්‍රම්ප් කල ප‍්‍රකාශය අසත්‍ය බව පෙන්නුම් කරන ජනතා චන්ද සහ චන්ද විද්‍යාල අතර අසමානතාවේ ඓතිහාසිකව පෙරනොවූවිරු පරිමාව ගැන ඔවුන් ඉඟියක්වත් කර නැත.

මැතිවරනය කෙරෙහි ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රතිචාරය මූලික දේශපාලන කාරනාවක් අවධාරනය කරයි: ට‍්‍රම්ප්ට විරුද්ධවීම ඩිමොක‍්‍රටික් පක්ෂය හෝ එහි කිසිදු කන්ඩායමක් හරහා හෝ සහයෝගය ඇතිව ඉදිරියට ගෙනයාමට නො හැකිය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙම දිගුකාලීන පක්ෂය වෙනස් කිරීමට, ප‍්‍රතිසංස්කරනය කිරීමට හෝ “ආපසු හැරවීමට” නො හැකිය. එවන් ඉදිර්දර්ශනයක් ඉදිරපත් කරන සියල්ලෝම, වෛශ්‍යක දේශපාලන අර්ථයෙන් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක මතුවීම වැලක්වීමට වැඩ කරන්නෝ වෙති.

මැතිවරනය “අභ්‍යන්තර අරගලයක්” ලෙස ඔහු කියන විට ඔහු අදහස් කලාට වැඩි දෙයක් ඔබාමා එලිදරව් කරයි: එනම් කම්කරු පන්තියට විරුද්ධව; වෝල් වීදිය, ඇමරිකානු රහස් ඔත්තුසේවය සහ පෙන්ටගනය සමග ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලික් පක්ෂ එක පෙලට සිට ගන්නා බව ය. ධනපති ක‍්‍රමයට සහ ඔවුන් සේවය කරන පාලක පන්තියට තර්ජනය කරන සමාජ විරුද්ධත්වයක වර්ධනය විසින් ඩිමොක‍්‍රටිකයන් බිය ගන්වනු ලබයි. ට‍්‍රම්ප් ගේ ආන්ඩුවක ප‍්‍රතිවිපාක වලට වඩා ජනතා විරෝධය දිරිමත් කිරීමට සහ සාධාරනීකරනය කිරීමට ඔව්හු බෙහෙවින් ම බියවෙති.

ට‍්‍රම්ප් සහ අන්ත-දක්ෂිනාංශිකය ඉදිරියේ ඩිමොක‍්‍රටිකයන්ගේ මෙම බියගුලුකම මැතිවරන ව්‍යාපාරය තුල ඔවුන්ගේ භූමිකාවේ දිගුවකි. සොලී සහ විශේෂයෙන් ම රුසියාවට එරෙහිව යොමුකල යුද ගෝසාවක් මත පදනම් වූ දක්ෂිනාංශික මැතිවරන ව්‍යාපාරයකි ක්ලින්ටන් ගෙන ගියේ. ඇය තරග වැදුනේ අට වසරක මිලිටරි ප‍්‍රචන්ඩත්වය, වැඩෙන සමාජ අසමානතාවය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර තීව‍්‍ර කිරීමේ ඔබාමා ආන්ඩුවේ අඛන්ඩතාවය ලෙස ය.

මැතිවරනය පුරාම, ඩිමොක‍්‍රටිකයෝ යුද්ධයේ දක්ෂිනාංශික ක‍්‍රියාමාර්ගයක් සහ වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තියේ උත්සුකතාවයන් ඉස්මතු කරන හා කම්කරු පන්තිය බෙදීමට සේවය කරන වාර්ගික සහ ලිංගිකත්ව දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රතිගාමීත්වය සමග සම්බන්ධ වූ “අනන්‍යතාවයන්”ගේ පක්ෂයක් ලෙස තමන් ව විකුනා ගත්හ. වැඩකරන ජනතාවට දීමට ඩිමොක‍්‍රටිකයන් ට කිසිවක් නැති නිසා ක්ලින්ටන් ගේ චන්ද සියලුම ජාතීන් අතර කම්කරු පන්තියේ චන්ද පහත වැටුනි.

කුමක් නිසාද යත්, ලොව පුරාම බරපතල ව අර්බුදයට ගොස් ඇති ධනවාදය ආරාක්ෂා කරන හෙයිනි. ට‍්‍රම්ප්ව නිෂ්පාදනය කල ධනවාදී පද්ධතිය එයයි.

දසක ගනනාවක යුද්ධය, ආර්ථික කප්පාදු පිලිවෙත් හා ප‍්‍රතිගාමීත්වය ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියට මාරාන්තික ව වල කපමින් මුල්‍ය පරපුටුවාදය සහ දේශපාලන දූෂිතකම විසින් පාලිත සමාජයක් නිෂ්පාදනය කලේ ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටීමේ ෆැසිස්ට්වාදී පුද්ගලාවරෝපනය වූ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ව වමනය කල කොන්දේසි මේවාය.

එම නිසා ට‍්‍රම්ප්ට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලය මත පාදක විය යුතු ය. එනම්, එය එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව සියලුම වාර්ගික හා ලිංගිකත්වයන් ට අයත් වැඩකරන ජනතාව හා තරුනයන් සාමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පාදක ව එකමුතු කිරීමේ අරගලයකි. එය නිෂ්පාදන ලීවරයන්ගේ පුද්ගලික හිමිකාරකම හා සංගත හා මූල්‍ය කතිපයාධිපතිත්වය විසින් අති දැවැන්තව ධනය රැස්කිරීම මත පාදක වූ සමස්ත සමාජ හා ආර්ථික පද්ධතියකට විරුද්ධවීමක් මිස තනි පුද්ගලයෙකුට විරුද්ධවීමේ ප‍්‍රශ්නයක් නො වේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදය සඳහා අරගලයට මූලිකත්වය ගනිමින් සිටී. සසපට සහ සසජාතශි ට බැඳී මෙම අරගලයට උරදෙන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන් ගෙන් ඉල්ලා සිටිමු. අපතේ යැවීමට කාලයක් නැත!

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසිනි.

Share this article: