බ්‍රිතාන්‍යය: ලේබර් පක්ෂ නායකත්ව තරඟයේ පාඩම්

Lessons of Labour’s leadership contes

බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2016 සැප්තැම්බර් 24

අද පැවත්වෙන ලේබර් පක්ෂ නායකත්ව තරඟයේ දී, සිය තරඟකරුවා වන ඔවෙන් ස්මිත්ට ඉහලින් ජෙරමි කෝබින් තම ජයග‍්‍රහනය නිවේදනය කිරීමට අපේක්ෂිත ය.

ඔහු නැවත පත් කිරීම බොහෝ දෙනා විසින් දකිනු ඇත්තේ, පාර්ලිමේන්තු ලේබර් පක්ෂයේ (පීඑල්පී), විශේෂයෙන් ම ඔහු නෙරපීමට මැකාර්තිවාදී දඩයමක් ගෙන ගිය බ්ලෙයාර්වාදීන්ට එරෙහි ජයග‍්‍රහනයක් ලෙස ය. නමුත් එවැනි වැටහීමක මනෝගතියක් තිබිය දී වුවත්, මෙය ඔප්පු කෙරෙනු ඇත්තේ යුද නැටුමක ජයක් ලෙස ය.

කෝබින්ගේ මාස 12ක නිල කාලයෙන් උකහා ගත යුතු කේන්ද්‍රීය පාඩම වන්නේ කප්පාදු, මිලිටරිවාදය හා යුද්ධයට එරෙහි මහජන විරෝධයේ වාහකයක් බවට ලේබර් පක්ෂය හැරවීමේ ඔහුගේ ප‍්‍රකාශිත අරමුන මායාවක් බව යි. මේ අවස්ථාවේ දී, අඩු වසයෙන් ඔහු ලේබර් නායකයා වසයෙන් සිටිනු ඇති අතර, ප‍්‍රතිපත්ති පිලිබඳ සියලුම වැදගත් කාරනා මත දක්ෂිනාංශය දිගට ම බලය පතුරුවනු ඇත.

2015දී කෝබින් පලමුවරට නායකත්වයට පත් වූ අවස්ථාවේ දී, ඔහු තර්ක කලේ පක්ෂය තුලට නව සාමාජිකයින්ගේ ගලා ඒම ටෝනි බ්ලෙයාර් හා ගෝර්ඩන් බ‍්‍රවුන්ගේ විනාසකාරී උරුමය පරාජය කිරීම හා ලේබර් පක්ෂයේ මැතිරවන පරාජය ආපසු හැරවීම සඳහා කොන්දේසි ඇති කරනු ඇති බව යි. ඔහුගේ කේන්ද්‍රීය තර්කය වූයේ ලේබර් මන්ත‍්‍රීවරුන්, ඔවුන්ගේ නොඑකඟතාවන් මොනවා වුවත්, කම්කරු පන්තියේ අවශ්‍යතා මත ආන්ඩුවක් පිහිටුවීමට අවංකව කැමති බවත්, එබැවින් වඩා “ප‍්‍රගතිශීලී” න්‍යායපත‍්‍රයක අවශ්‍යතාව පිලිබඳව නම්මවා ගත හැකි වනු ඇති බවත් ය. ඒ වෙනුවට, කෝබින්ගේ “නව ආරක දේශපාලනය” ඔහුගේ ආසන්න නායකත්ව කන්ඩායම විසින් පමනක් ක‍්‍රියාත්මක කල අතර ඔහුගේ විරුද්ධවාදීහු යුද මාවතකට හැරී සිටියෝය.

ඡායා කැබිනට් මන්ඩලය හා පාර්ලිමේන්තු ලේබර් පක්ෂ කැරැල්ලේ නිත්‍ය තර්ජනය ඉදිරියේ කෝබින් ප‍්‍රතිචාර දැක්වූයේ, එකකට පසු එකක් වසයෙන් පසුබැසීමෙනි. ඔහු ප‍්‍රමුඛ බ්ලෙයාර්වාදියෙකු ඔහුගේ ඡායා කැබිනට් මන්ඩලයට පත් කලේය, යුද්ධය නවත්වනු සභාගයෙන් පල්ලම් බැස්සේ ය, සිරියාව තුල මිලිටරි මැදිහත්වීම මත නිදහස් ඡන්දයකට ඉඩ දුන් අතර කොන්සර්වේටිව් ආන්ඩුවේ වියදම් කප්පාදු ප‍්‍රතික්ෂේප නො කිරීමට ලේබර් කවුන්සිලවලට උපදෙස් දුන්නේ ය. අවසානයේදී ඔහු, යුරෝපීය සංගමය කෙරෙහි කලින් දැක්වූ විරුද්ධත්වය අකුලා ගත් අතර ලේබර් පක්ෂයේ ප‍්‍රමුඛයෝ, ජූනි 23දා බ්‍රික්සිට් ජනමත විමසුමේදී පිටවීම සඳහා උද්ඝෝෂනය කලහ.

මේ කිසිවක් ඔහුගේ විරුද්ධවාදීන් සතුටු කිරීමට සමත් නො වීය. ඉවත්වීමේ ජනමත විචාරනයෙන් බ්‍රිතාන්‍ය ප‍්‍රාග්ධනයේ පැවත්ම පිලිබඳ අර්බුදයක් ඇති වීමත් සමග, ඔවුහු වහාම ඔහු ඉවත් කිරීම සඳහා සැලැසුම් ක‍්‍රියාත්මක කලහ. සාමාජිකයින් හා ආධාරකරුවන් 130,000ට වැඩි පිරිසකගේ ඡන්ද අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම හා සාක්ෂි සෙවීමට ඔන්ලයින් ගිනුම් ඔස්සේ සෝදිසි කර බැලීම ද ඇතුලුව ගෙන යන ලද උද්ඝෝෂනය බියකරු විය.

“ට්‍රොට්ස්කිවාදී විනිවිදින්නන්” පිලිබඳ දෛනික හෙලාදැකීම් සමග, “හිම පොරවේ මෙහෙයුම” ලෙස මෙම විරේක කිරීම නම් කිරීම ගැලපෙන්නේ, ස්ටැලින්ගේ රුසියාව තුල පමනක් සොයා ගත හැකි ඓතිහාසික පූර්වාදර්ශයකට පමනි.

මේ කිසිවක් නො සලකා කෝබින්, නොකඩවාම එක්සත් වන ලෙස ඉල්ලා සිටින්නේ ඔහුගේ දේශපාලනික ඝාතකයන් විය හැකි අයගෙනි. ඔහු නැවතත් පොරොන්දු වී ඇත්තේ පක්ෂයේ “සියලු පාර්ශ්වයන්” ඇතුලත් නායකත්වයක් ගොඩනැගීමට ය. “සාමාග‍්‍රි” ගිවිසුමක් සඳහා ප‍්‍රතිචාරයක් වසයෙන් දක්ෂිනාංශයෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්වලට ඡායා කැබිනට්ටුවේ සංයුතිය වෙනස් කිරීම හා ඒ මගින් කෝබින්ගේ පදනමට වල කැපීම සඳහා ඔහුගේ ආධාරකරුවන් කන්ඩායම තුරන් කර දැමීමේ යෝජනා ද ඇතුලත් ය.

ලේබර් පක්ෂය නො බෙදේ නම්, එයට හේතුව ඔවුන්ගේ කුමන්ත‍්‍රනය ක‍්‍රියාත්මක කිරීමට ඔවුන්ට තවත් කල් අවශ්‍ය යැයි දක්ෂිනාංශය කල්පනා කරන නිසා ය. ඔවුන් විකල්ප “ඡායා ඡායා කැබිනෙට්ටුවක්” පිහිටුවීමට ඉඩ ඇති බව ඇතැම් මන්ත‍්‍රීවරුන් පවසා ඇති අතර, හිටපු ස්වදේශ ලේකම් ඇලන් ජොන්සන් “වසරින් වසර” කෝබින්ගේ නායකත්වය යටපත් කිරීමට නිර්දය උද්ඝෝෂනයක යෙදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

බ්ලෙයාර්වාදීන්ගෙන් ලේබර් (පක්ෂය) “නැවත අල්ලා ගත” හැකි ය යන විශ්වාසයෙන් යුතුව කෝබින් වටා රොක් වී සිටින කම්කරුවන් හා තරුනයන් අවමංගත කෙරී ඇත. ලේබර් පක්ෂයේ පන්ති ස්වභාවය නීර්නය කරුනු ලබන්නේ, මිලිටරි ඔත්තුසේවා රාජ්‍ය සංවිධානවලට පමනක් වග කියන, පීඑල්පීයේ ඉහල මධ්‍යම පන්තික කල්ලිය මිස එහි පාක්ෂිකයින් නො වේ.

සියවසකටත් පෙර ආරම්භ කෙරුනු දා සිට ලේබර් පක්ෂය ක‍්‍රියාත්මක වී ඇත්තේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ දේශපාලන ආරක්ෂකයෙකු ලෙස ය. ලෝක යුද්ධයේ නටබුන් අතරින් බ්‍රිතාන්‍ය ධනවාදය පුනස්ථාපනය කරනු පිනිස කම්කරු පන්තියට සැලකිය යුතු ප‍්‍රතිසංස්කරන ප‍්‍රදානය කිරීම අත්‍යවශ්‍ය වූ, 1945 ලේබර් ආන්ඩුවේ එක ම වෙනස හැරුනු විට, පක්ෂය වමට තල්ලු කිරීමට ගන්නා ලද සෑම උත්සාහක් ම මුහුන දී ඇත්තේ තහනම් කිරීම්වලට හා නෙරපීම්වලට ය.

බ්ලෙයාර් හා නව ලේබර් පක්ෂයේ (1990 සිට 2010 දක්වා-පරි) මතුවීම ඓන්ද්‍රීය ව ගලා ආවේ, බ්‍රිතාන්‍ය තුල සමාජවාදයේ මූලික විරුද්ධවාදියා ලෙස ලේබර් පක්ෂයේ කාර්යභාරයෙනි. සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනයත් සමග, ලෝකයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති ධනවාදී ජයග‍්‍රහනවාදී රැල්ල ඩැහගත් අතර, කම්කරු පන්තිය සමග වූ මොනයම් හෝ සම්බන්ධතාවක් අතහැර දමා, මූල්‍ය සමපේක්ෂනය, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත ප‍්‍රහාර හා විශේෂයෙන් ම මිලිටිරිවාදයේ හා යුද්ධයේ ප‍්‍රතිපත්ති වැලඳගත්හ.

කෝබින්ගේ ආධාරකරුවන්ට එරෙහි ක‍්‍රියා අවධාරනය කරන්නේ, පීඑල්පීය එවැනි ප‍්‍රතිපත්තිවලින් පසුබැසීම නො ඉවසන බව යි. ඔවුන්ගේ ක‍්‍රියා ලාභ පද්ධතියේ ගැඹුරුවන අර්බුදයෙන් ඉස්මතු වෙමින් පවතින පන්ති අරගලයේ හදිසි නැගීමට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ දැ යි යන්න පිලිබඳ සුදුමැලි ඇඟවුමක් පමනි.

කෝබින් මෙය දන්නා නමුත් තවමත් අවධාරනය කරන්නේ ඔහු දක්ෂිනාංශය සමග ආන්ඩුවක් පිහිටුවන බව යි, මන්ද, ඔහු නියෝජනය කරන්නේ ලේබර් නිලධරයේ කන්ඩායමක් මිස, එයට එරෙහි අවංක විරුද්ධපාර්ශ්වය නොවන බැවිනි. දේශපාලනිකව ඔහු ඉටු කරන්නේ එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස් ඩිමොක‍්‍රටික් පක්ෂය වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය යි― ඒ කම්කරුවන් හා තරුනයන් අතර මතුවෙමින් තිබෙන වමට නැඹුරු ව්‍යාපාරය ලේබර් පක්ෂය පසුපස ගාල් කිරීමට උත්සාහ කිරීම යි.

ඔහුගේ ව්‍යාජ වාම හෙංචයියන් ප‍්‍රකාශ කරන පරිදි, ඔහුගේ ප‍්‍රතිපත්තිවලට කම්කරු පන්තිය ආරක්ෂා කිරීම සමග, ඊටත් වඩා සමාජවාදය ක‍්‍රියාත්මක කිරීම සමග මෙලොව සම්බන්ධයක් නැත. අසාර්ථක නව ලිබරල් ආදර්ශයකට එරෙහි ඡන්දයක් ලෙස ඔහු බ්‍රික්සිට් විස්තර කර ඇති නමුත් ආර්ථික ආරක්ෂනවාදය හා රාජ්‍ය මැදිහත්වීම හරහා බ්‍රිතාන්‍ය ධනවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි යි. සමුපකාර, ආයෝජන බැංකු, නය සංගම් හා එවැනි දෑ මත පාදක “සමාජ ව්‍යවසායකයින්” දිරිමත් කිරීමට වන ඔහුගේ යෝජනාව, මධ්‍යම පන්තියේ කන්ඩායමක් තුල ලේබර් පදනම මුල් බැස්සවීම අපේක්ෂා කරන එකකි.

මෙය ගැලපෙන්නේ, සමාජවාදී කම්කරු පක්ෂය, සමාජවාදී පක්ෂය හා කම්කරු විමුක්තිය සඳහා සන්ධානය වැනි කන්ඩායම්වලින් කෝබින්ට සහාය දක්වන කොටස් වලටය. දක්ෂිනාංශික මාධ්‍ය විසින් ඒවා “ට්‍රොට්ස්කිවාදී” යයි නම් කිරීමට විපරීත ලෙස, මෙම සංවිධාන සමන්විත වන්නේ, පවතින සමාජ හා දේශපාලන පර්යාය සංරක්ෂනය කිරීම මගින් සිය වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන, වෘත්තීය සමිති නිලධරය, ශාස්ත‍්‍රාලිකයින්, මාධ්‍යවේදීන්, පාලත්පාලන හා පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීන් අතරින් ඇද ගැනුනු සුලු ධනේශ්වරයේ වෘත්තීයමය ට්‍රොට්ස්කි විරෝධී භටකායකිනි. කෝබින්ගේ ලේබර් පක්ෂය මහිමත්වයට නැංවීම, ග‍්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොඩෙමොස් වැනි ධනේශ්වර පක්ෂ කම්කරු පන්තියේ අවංක ස්වාධීන ව්‍යාපාරයකට විකල්පයක් ලෙස ඔවුන් විසින් ඔසවා තැබීමේ මෑතම උදාහරනය පමනි. සෑම විටකදී මෙන්ම මෙය අවසන් වන්නේ ද දේශපාලන පාවාදීමකිනි.

කම්කරුවන් හා තරුනයන් ඉදිරියේ මතු කෙරෙන ප‍්‍රශ්නය, කවුරු ලේබර් පක්ෂය මෙහෙයවනු ඇද්ද යන්න නො ව, සමාජවාදී ජාත්‍යන්තරවාදී පදනම මත නව කම්කරු පක්ෂයක් ගොඩනැගීම යි. නරකිනුත් නරක අතට හැරෙන ලෝක ආර්ථික අර්බුදයක හා වැඩෙන අන්තර්-අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්වල කොන්දේසි යටතේ ඉදිරි මාවතක් සපයනුයේ ධනවාදයට එරෙහිව පොදු අරගලයක් තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් කම ගොඩනැගීම අරමුනු කර ගත් පක්ෂයක් පමනි.

බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව යි. රුසියානු විප්ලවයේ සමනායකයා ද, ස්ටැලින්වාදයේ ප‍්‍රතිපත්තිමය විරුද්ධවාදියා මෙන් ම ලෝක සමාජවාදී විප්ලවයේ න්‍යායවාදියා ද වූ ලියොන් ට්‍රොට්ස්කිගේ පොහොසත් දේශපාලන සම්ප‍්‍රදායන් මත පදනම් වන්නේ අප පමනි. බ්‍රිතාන්‍ය ලේබර්වාදය හා එහි “වාම” නියෝජිතයින්ගේ රැවටිල්ල පිලිබඳ ට්‍රොට්ස්කිගේ තියුනු හා විනිවිද පෙනෙනා තක්සේරුව අද තීරනාත්මක ලෙස වැදගත් ය. මෙම ඉතිහාසය හදාරන ලෙසත් සසපට එකතුවීමට තීරනය ගන්නා ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: