ඕස්ට්‍රේලියාව තුල චීනයේ බලපෑමට එරෙහි දඩයම

The witch-hunt against Chinese influence in Australia

2016 සැප්තැම්බර් 14

බීජිනයට විරුද්ධව වොෂින්ටනයේ ගැටුම්කාරී “හැරීම” ට පූර්න සහයෝගය නොදෙන කවරෙකුට හෝ නිග‍්‍රහ කිරීමට යොමුවූ චීන විරෝධී සාමූහික උද්ඝෝෂනයක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය හා දේශපාලන සංස්තාපිතය තුලින්, විශේෂයෙන් ම පසුගිය සතිදෙක තුල ඉස්මත්තට ඒම ආසියානු පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද යුද ධාවනයේ තීව‍්‍ර ස්වභාවය පිලිබඳ ඕස්ට්‍රේලියාව තුල පමනක් නොව; ජාත්‍යන්තර කම්කරු පන්තියට ම කෙරෙන අනතුරු ඇඟවීමකි.

චීන ව්‍යාපාරිකයෙකු විපක්ෂ ලේබර් පක්ෂයේ ඉදිරිපෙල මන්ත‍්‍රීවරයෙකු වූ සෑම් ඩස්ටියාරි ට සුලු ගෙවීම් කිරීම එලිදරව්වීමත් සමග එක්සත් ජනපදය සමග මිලිටරි සන්ධානය හෝ විශේෂයෙන් ම දකුනු චීන මුහුදු ප‍්‍රදේශය තුල චීන “ව්‍යාප්තවාදය” ගැන කන්බිහිරි කරන හෙලා දැකීම ප‍්‍රශ්න කරන්නන් ලෙස අර්ථකථනය කෙරුනු කවර හෝ දේශපාලනඥයෙකුට, ව්‍යාපාරිකයෙකුට හෝ සංවිධානයකට විරුද්ධ සම්පූර්න දඩයමක් පසුගිය සතියේ ඉහල නැගුනි.

වාඩාත් ම දැඩි දෝෂාරෝපනය ලියනු ලැබුවේ “මීයන්, මැස්සන්, මදුරුවන් සහ ලේනුන්” මුලිනුපුටා දැමීම ට හා “විදේශ බලපෑමේ ඒජන්තයන්ට එරෙහිව ආරක්ෂාවීම” ට මාඕ සේතුන් විසින් මෙහෙයවනු ලැබූ උද්ඝෝෂනයට සමාන “කරදරකාරයන් හතරදෙනාට එරෙහි උද්ඝෝෂනයක්” ඉල්ලා සිටි සිඩ්නි මෝනින් හෙරල්ඩ් පත‍්‍රයේ ජාත්‍යන්තර කතෘ පීටර් හාචර් විසිනි. හාචර් ඩස්ටියාරි වැනි මීයන්, හිටපු විදේශ ඇමති බොබ් කාර් ඇතුලුව බීජිනයේ රැවටිල්ලට අසුවූ බව සිතන “මැස්සන්” සහ “මදුරුවන්” චීනයට නයගැති යැයි කියනු ලබන කෙරී ස්ටොක්ස් සහ ජේම්ස් පැකර් වැනි බිලියනපති ව්‍යාපාරිකයන් ඉලක්ක කලේ ය.

හාචර් ගේ “ලේනුන්” හෝ චීනයේ බලපෑමේ නියෝජිතයන් පිලිබඳ අර්ථකථනය චීන- ඕස්ට්‍රේලියා සංවිධාන පමනක් නොව; චීන පසුබිමක් ඇති කවරෙකු හෝ එනම් චීන පෙලපතෙන් පැවත එන තවත් බොහෝදෙනකු ගැන සඳහන් නොකලත්, චීනයේ ඉපිද ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පන්ලක්ෂයක් ජනයා සහ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න 150,000 වන චීන ශිෂ්‍යයන් සම්බන්ධව ප‍්‍රශ්නාර්ථයක් මතු කරයි. එබඳු චීන විරෝධී උමතුවක් සේවය කරන්නේ යුද්ධයක දී, කලින් ලෝක යුද්ධ දෙකේදී මෙන් ඕස්ට්‍රේලියාව තුල සිදුවූ “සතුරු පරදේශිකයන්” තොග පිටින් රඳවා තැබීම වැනි පෘතුල පොලිස් කඩා පැනීම් වලට හා අත්අඩංගුවට ගැනීමට මග හෙලි කිරීමය.

හාචර් විසින් නම් කරනු ලැබූවන් කිසිසේත් ම එක්සත් ජනපදයට සහ ඇමරිකානු සන්ධානයට විරුද්ධ නැති නමුත් චීනය සම්බන්ධයෙන් ගැටුම්කාරී ආස්ථානයක් ඕස්ට්‍රේලියාවේ ප‍්‍රමුඛ වෙලඳ හවුල්කරුවා සහ වැදගත් ආයෝජන මූලාශ‍්‍රයක් වන රට සමග සම්බන්ධතා වලට හානි වනු ඇතැයි ඔව්හු කල්පනා කරති.

වඩාත් ම නරුම අවලාදය පලවූයේ ඔහුගේ චීනය තුල ව්‍යාපාරික උත්සුකයන් නිසා ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් විශ්වාස නො කල අගමැති මැල්කම් ටර්න්බුල් ඇඟවුම් කරමින් පසුගිය සතියේ ඕස්ට්‍රේලියන් ෆිනෑන්ෂල් රිවීව් පත‍්‍රයේ ය. ජනාධිපති බැරක් ඔබාමා 2011 ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුල “හැරීම” නිවේදනය කල විට ටර්න්බුල් ඒ ගැන යම් ප‍්‍රමානයකට විවේචනාත්මක වූ අතර චීනය සමග සම්මුතියක් යෝජනා කලේ ය. පසුගිය සැප්තැම්බරයේ අගමැති වීමෙන් පසු ඔහු වාචිකව දකුනු චීන මුහුදේ එක්සත් ජනපද පිලිිවෙතට සහයෝගය දුන් නමුත් චීන දූපත් අවට නාවික සැතපුම් 12 සීමාව ඇතුලත ඊනියා නාවික ගමනාගමනයේ නිදහසක් සම්බන්ධ මෙහෙයුම (එෆ් ඕඑන් ඕපී) අනුමත කලේ නැත.

දකුනු චීන මුහුදු ප‍්‍රදේශය තුල ප‍්‍රකෝපකාරී එෆ් ඕඑන් ඕපී මෙහෙයුමක් කරන ලෙස කැන්බරාව මත වොෂින්ටනය යොදන පීඩනය ජුලි 2 පැවති මැතිවරනයෙන් ටර්න්බුල්ගේ ලිබරල් ජාතික සන්ධානය ඉතා සුලු වැඩි චන්ද සංඛ්‍යාවකින් ජයග‍්‍රහනය කිරීමෙන් පසු තීව‍්‍ර කර ඇත. මැතිවරනයෙන් ක්ෂනික ඉක්බිත්තේ ඕස්ට්‍රේලියාවට පැමිනි එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බයිඩන් අධිපති පැසිෆික් බලය ලෙස පැවතීමට වොෂින්ටනයට පවතින අධිෂ්ඨානය අවධාරනය කලේ ය.

කවර හෝ දොඩවන්නන් ට නිශ්චිතව කල අනතුරු ඇඟවීමක දී බයිඩන් මෙසේ අවධාරයන කලේ ය: “21 වන සියවස තුල ආර්ථික ව නායකත්වය දෙන්නේ කවුරුන්දැයි මට ඔට්ටු ඇල්ලීමට සිදුවුවා නම්....මම එක්සත් ජනපදය ගැන ඔට්ටු අල්ලමි. නමුත් මම එය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරමි. එක්සත් ජනපදයට විරුද්ධ ව ඔට්ටු ඇල්ලීම කිසිසේත් ම හොඳ ඔට්ටු ඇල්ලීමක් නොවේ” දකුනු චීන මුහුද තුල චීනයේ අයිතිවාසිකම් කීමට අභියෝග කිරීමට ටර්න්බුල් ඕස්ට්‍රේලියානු යුද නැවක් යවනු ඇතැයි වොෂින්ටනය අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියාවට පැමිනි එක්සත් ජනපද අද්මිරාල් සහ ජෙනරාල්වරුන්ගේ දිගු පෝලිමක් විසින් දැනටමත් එය ප‍්‍රසිද්ධියේ පැහැදිලිව කියා ඇත.

දැන් කෙරීගෙන යන චීන විරෝධී උද්ඝෝෂනය චීනය එකට එක කිරීම සහ විවෘත ගැටුමක් අවුලුවන සම්භාවිතාවක් සහිත එෆ් ඕඑන් ඕපී ප‍්‍රකෝපකරනයක් සඳහා විෂ වාතාවරනයක් නිර්මානය කරන බවට බයිඩන්ගේ සංචාරය සඥාවකි. චීන හැක්කිරීම්, චීන ආයෝජන වල “ජාතික ආරක්ෂාවට” අන්තරායන් හා ඕස්ට්‍රේලියාව තුල චීන බලපෑම ගැන භයංකර හා ප‍්‍රමානවත් තරම් සාක්ෂි නොමැති කතන්දර පෙලක් පල වී ඇත. කල වරදට පසු තැවෙන ඩස්ටියාරි ඔහුගේ “වැරැද්ද” පිලිගෙන ලේබර් පක්ෂයේ ප‍්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වූ නමුත් ආන්ඩුවේ ඇමතිවරු සඳුදා පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න ඇසීමේ කාලය තුල “ෂැංහයි සෑම්” හෙලා දුටුවෝය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය විසින් ඕස්ට්‍රේලියාවේ දේශපාලන සංස්ථාපිතය තුල ගොඩනගන ලද හා මාධ්‍ය, එක්සත් ජනපද අධ්‍යයන මධ්‍යස්ථානය වැනි විවිධ බුද්ධි පර්ෂද, හා රාජ්‍ය උපකරන, විශේෂයෙන් ම මිලිටරි සහ බුද්ධි අංශ මගින් හසුරුවන ලද බලපෑම හා සංසන්දනය කිරීමේ දී “චීන බලපෑම” නොවැදගත් තැනකට වැටෙයි. චීනයට එක්සත් ජනපදය සහනයක් දීමට පක්ෂව කතා කිරීම මගින් ඔහු ඔබාමා ආන්ඩුවෙන් දුරස්තවීමෙන් පසුව කැන්බරා වල ඇමරිකානු තානාපති කාර්යාලයේ “ආරක්ෂිත මූලයන්” ලෙස පසුව හෙලිදරව් වූ අතලොස්සක් කම්කරු සහ වෘත්තීය සමිති දේශපාලන බ්‍රෝකරයන් විසින් 2010 දී අගමැති කෙවින් රඩ් එක රැයකින් බලයෙන් පහ කිරීමේ පක්ෂ අභ්‍යන්තර කුමන්ත‍්‍රනයක් මෙහෙය වී ය.

චීනයට එරෙහිව කෙරෙන ඇමරිකානු මිලිටරි සූදානම් කිරීම් සමග පැටලීම ඇති ඉඩ ගැන පරිස්සම් විය යුතු යැයි අවධාරනය කරන දේශපාලන හා සංගත ප‍්‍රභුවේ කොටස් චීනයේ පස්වෙනි කොලම ලෙස සන්නාම කිරීමට මෙම එක්සත් ජනපද ගැති ආයතන ම ඉදිරියට පැන ගෙන සිටිති. පාලක පන්තියට පවතින අවශ්‍යතාවයන් සමග පෙල ගැසෙයි. මෙම චීන විරෝධී භීතිකාව දිරිමත් කරන උද්ඝෝෂනය දුප්පතුන් හා පොහොසතුන් අතර පලල් වන විභේදනය විසින් ඇතිකරනු ලැබ ඇති දැවැන්ත සමාජ ආතතිය අවමංගත කිරීමට “විදේශ සතුරෙකු” එරෙහිව යොමු කරයි.

නිශ්චිත හේතුන් නිසා වර්තමානයේ එක්සත් ජනපදය හා යුරෝපය තුල රුසියාවත්, ඕස්ට්‍රේලියාව තුල චීනයත් අපවාදයේ ඉලක්කය බවට පත් ව තිබේ. ඕස්ට්‍රේලියාව තුල චීන විරෝධී ප‍්‍රචාරය ඉහල නැගෙමින් ඇත්තේ ඇමරිකානු අවශ්‍යතාවයන්ට චීනය යටත් කිරීමේ ඔබාමාගේ “හැරීම” අවහිර වී ඇතැයි වොෂින්ටනය තුල වර්ධනය වන උත්සුකයන් මධ්‍යයේ ය. ආර්ථික පෙරෙමුනේ දී ආසියාව තුල චීනයේ බලපෑමට වල කැපීමට උත්සාහ කරන අන්තර් ෆැසිපික් හවුල්කාරිත්වය (ටීපීපී) එක්සත් ජනපදය විසින් ස්ථීර කිරීමට ඉඩ තිබේ. මෑතදී ලාඕසයේ පැවති නැගෙනහිර ආසියානු සමුලුවේ දී දකුනු චීන මුහුද සම්බන්ධයෙන් චීනය අභිමුඛ කිරීමට බලපෑමක් කිරීමට ඔබාමාට නොහැකි විය.

ඔහුගේ සංචාරයේ දී ප‍්‍රකාශ කල පරිදි අධිපති ෆැසිපික් බලය ලෙස එහි තත්වය අතහැර දැමීමට එක්සත් ජනපදයට අදහසක් නැත. දකුනු චීන මුහුදු ප‍්‍රදේශය තුල චීනයේ නාවික අයිතිවාසිකම් කීමට අභියෝග කිරීමට ඕස්ට්‍රේලියාව පෙරෙට යනු ඇතැයි දැන් එය අපේක්ෂා කරයි. එබඳු මැදිහත්වීමක් කලාපය තුල ආතතිය නාටකාකාර ව දැමීම, වොෂින්ටනයට බෙහෙවින් අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය සම්පාදනය කිරීම සහ බෙයිජිනය මිලිටරිමය ලෙස ප‍්‍රතිචාර දැක්වුවොත් වඩාත් බලගතු ලෙස මැදිහත් වීමට එක්සත් ජනපදයට නිමිත්තක් සම්පාදනය කරනු ඇත. ආසියාව තුල හා ජාත්‍යන්තරව ස්වකීය අවශ්‍යතාවයන් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදයේ පිටුබලය මත වාරු වී සිටින ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදය දෙවන ලෝක යුද්ධයෙන් පසුව, කොරියන් සහ වියට්නාම් යුද්ධයන්ගේ සිට මෑතදී මැදපෙරදිග එක්සත් ජනපදය විසින් මූලිකත්වය ගනු ලැබූ සෑම කොල්ලකාරී ගැටුමක දී ම, මිලිටරි බලකායන් සහ දේශපාලන සහයෝගය ලබා දී ඇත.

දිගුකාලීන දේශපාලන නායකයන් හා පොහොසත් ව්‍යාපාරිකයන් අපවාදයට ලක්කිරීමේ රුදුරු ස්වභාවය එක්සත් ජනපදය හා එහි සගයන් චීනය සමග යුද්ධයකට සුදානම් වෙද්දී සමස්ත කලාපය වෙලාගත් භූ-දේශපාලන ආතතියේ ආන්තික සලකුනකි. එය, යුද අන්තරාය වඩාත් ආසන්න වන විට කම්කරුවන් හා තරුනයන් අතර මුදා හැරෙන පලල් යුද විරෝධී මනෝගතිය පාලක පන්තිය තුල පවතින භීතිය පිලිබඳ මිම්මක් ද වේ.

එහි සමපාර්ශවකරුවන් වන චීනයේ, ජපානයේ, එක්සත් ජනපදයේ හා ලෝකයේ සෙසු රටවල මෙන් ම ඕස්ට්‍රේලියාවේ කම්කරු පන්තියට න්‍යෂ්ටික අවිවලින් සනද්ධ බලයන් අතර ගැටුමක අවශ්‍යතාවයක් නැත. යුද්ධයේ තර්ජනයට එහි පිලිතුර පවතින්නේ යුද්ධයේ මූල හේතුව වන ධනවාදය සහ එහි යල් පිනූ ජාතික රාජ්‍ය අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට දේශපාලන සටනක් කරනු ලබන සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂයන් තුලය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: