“ජන අරගලයක දිය සලකුන” : රතුපස්වල අරගලයේ වැදගත් දේශපාලනික පාඩම් යටගසන කෘතියක්

විලානි පීරිස් විසිනි, 2016 සැප්තැම්බර් 25

ශ්‍රී ලංකා තරුන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (තජසං), පසු ගිය සැප්තැම්බර් 13 දින, එහි ලේකම් තරිදු ජයවර්ධන විසින් රචිත, ජන අරගලයක දිය සලකුන-රතුපස්වල නම් කෘතිය කොලඹ දී එලි දැක්වීය. වැලිවේරියේ රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පරිසරයට විෂ සහිත අපද්‍රව්‍ය මුදා හැරීමට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව ගෙනගිය අරගලය පිලිබද “සවිස්තරාත්මක කෘතියක්” ලෙස‚ එම සංගමය විසින් ජන අරගලයක දිය සලකුන හඳුන්වා දී තිබුනි.

ග්‍රන්ථය එලි දැක්වීමේ රැස්වීම සදහා ප්‍රධාන කථිකයන් ලෙස කැඳවා තිබුනේ‚ ප්‍රතිගාමී රාවය පුවත්පතේ වික්ටර් අයිවන් සහ පුරවැසි පෙරමුනේ සරත් විජේසූරිය යි. මොවුන් දෙදෙනා ම ඇමරිකානු අධිරාජ්‍යගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සඳහා දරදිය ඇදි අය යි. ආන්ඩුවේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරනවල කොටසක් ලෙස ක්‍රියාවට දමන පුද්ගලීකරනයට විරුද්ධව රාජ්‍ය හා අර්ධ-රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විරෝධතා පෙලක්, ගොවීන් හා සිසුන්ගේ අරගල මාලාවක් ඇතිවන තත්වයේදී‚ අයිවන් සහ විජේසූරිය එම කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව ආන්ඩුවේ පිලිවෙත් ආරක්ෂා කරමින් සිටිති.

පරිසර දූෂනය සම්බන්ධයෙන් සැබෑ ලෙසම වගකිවයුතු, ලාභය පදනම් කරගත් ධනේශ්වර ක්‍රමයට මහජනතාව අභිමුඛවීම වැලැක්වීම සඳහා මෙම අරගලය, හුදෙක් කම්හල ඉවත් කිරීමකට සීමා කිරීම සඳහා ආරම්භයේ සිටම දැනුවත්ව ක්‍රියාකල ඊනියා ප්‍රාදේශීය නායකයන් වගවර්නනා කරමින්‚ අයිවන් මෙසේ පැවසීය: “මෙම අරගලය ගෙන ගියේ ප්‍රාදේශීය නායකයන්. පිටින් පැමිනි දේශපාලන නායකයන් නොවේ.”

කම්හල රතුපස්වලින් ඉවත් කොට බියගම නිදහස් වෙලඳ කලාපය තුල ස්ථාපිත කිරීම දැවැන්ත ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින්, ධනේශ්වර පද්ධතිය පිලිබඳව අරගලයෙන් මතු කෙරුනු දේශපාලන ප්‍රශ්න සහ ඉන් මහජනතාව උගතයුතු වැදගත් දේශපාලනික පාඩම් යට ගැසූ මෙම කථිකයෝ, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික වැඩපිලිවලකින් තොරව ධනේශ්වර ආන්ඩුවට බලපෑම් දමා පරිසර දූෂනය වැනි බැරූරුම් ප්‍රශ්න විසඳාගත හැකිය යන ප්‍රෝඩාව වැමෑරූහ. පසුගිය රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව ද රතුපස්වල පරිසරය දූෂනය කල කර්මාන්ත ශාලාව හා ආයෝජකයන් ආරක්ෂා කරමින් සිටින බව කථිකයන් දෙදෙනා ම වහංගු කලහ.

ජයවර්ධනගේ කෘතියේ අන්තර්ගතය සැලකූ කල, ඔහු සහ ඔහු නියෝජනය කරන සංගමය විසින් කැඳවා ගෙන ඇත්තේ තකටතක ගැලපෙන කථිකයන් බව ඉතා පැහැදිලි ය. කෘතිය පවසන්නේ‚ එය “වසර 16ක් තිස්සේ රතුපස්වල ගම්වාසීහු ගෙන ගිය සටනේ වැදගත් ජයග්‍රහනයක්” බවයි.

එහෙත් රතුපස්වල ජනතාව ආරම්භ කල අරගලය‚ කම්හල වෙනත් ස්ථානයකට ගෙනයාමෙන් විසැඳී නැත. මහජන විරෝධතාව යටපත් කිරීම සදහා කම්හල බියගම වෙලෙද කලාපයට ගෙනගිය ද රතුපස්වල පරිසරයේ හා එහි ජලයේ සිදුවූ දූෂනය වසර ගනනාවක් ඉදිරියට ද බලපානු ඇත. අනෙක් අතට බියගමදී ද කම්හලෙන් එවන් පරිසර දූෂනයක් සිදු නොවෙතැයි සහතිකයක් ද නැත.

රතුපස්වල ජනතාව පිරිසිදු වතුර ඉල්ලා‚ 2013 අගෝස්තු 1දා කල උද්ඝෝෂනය විසුරුවා හැරීමට රාජපක්ෂ ආන්ඩුව විසින් හමුදාව යොදවා එල්ල කල ප්‍රහාරයෙන් තිදෙනෙකු මරනයට පත්වූ අතර දුසිම් ගනනකට තුවාල සිදුවිය. මේ අයට ලැබී අති ජයග්‍රහනය කුමක්ද? හමුදාව වෙඩිතැබූ ආකාරය තම කෘතිය තුල දීර්ඝව විස්තර කරන ජයවර්ධන, ප්‍රහාරයේ වගකීමෙන් රාජපක්ෂ ආන්ඩුව මුලුමනින්ම මුදා හරී. වෙඩි තැබීම “සැලසුම් සහගත ක්‍රියාවක් බව” මූනිච්චාවට පවසන ලේඛකයා එයට වගකිව යුත්තේ කවුරුන් ද යන්න වසන් කරයි.

එපමනක් නොව, ශ්‍රී ලංකාවේ ධනපති පාලකයන් මහජන උද්ඝෝෂනයක් මර්දනය කිරීම සඳහා පලමු වරට මිලිටරිය යෙදවූ මෙම අවස්ථාව, අනාගත පංති අරගලයන් මැඩීම සදහා අත්හදා බැලීමක් ලෙස, දැනුවත්ව සහ සැලසුම්සහගතව යොදාගත් බව ඉතා පැහැදිලිව පෙනෙන තතු තුල, රාජපක්ෂ ආන්ඩුව කොක්කෙන් ගලවා දැමීම දැනුවත් වංචාවකි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව පමනක් නොව‚ වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද කාර්මික දූෂනයේ යෙදෙන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පාලකයන් ඇතුලු ආයෝජකයන් විවෘතව ම ආරක්ෂා කරයි. ලාභ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කරන දේශීය හා විදේශීය ආයෝජකයෝ රටේ විවිධ තැන්හි, නිසි ප්‍රතිකාරක පද්ධති නොමැතිව අපද්‍රව්‍ය පරිසරයට බහැර කරමින් නොකඩවා පරිසරය දූෂනය කිරීමේ යෙදී සිටිති. ඔවුන් උත්සුක වන්නේ තමනගේ ලාභ මට්ටම් ගැන පමනි.

ඩිප්ඩ් ප්‍රොඩක්ට් පාලකයන්ට ම අයත් තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හලෙන්, කැලනි ගඟ ආශ්‍රිත කර්මාන්තශාලා වලින් හා යාපනයෙන් කාර්මික දූෂන වාර්තාවීමෙන් ඒ බව සනාත වෙයි. ආයෝජකයන් මත ආර්ථිකය රඳවා ඇති ධනපති ආන්ඩු‚ පොලිස්-හමුදා ප්‍රහාර එල්ල කරමින් විරෝධතා මැඩ කර්මාන්ත හිමියන් ආරක්ෂා කරයි. රතු පස්වල පරිසර දූෂනය හුදකලා සිදුවීමක් නොව‚ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රියාවට දමන ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තීන්ගේ කොටසකි.

ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් කාර්මික දූෂන විසඳිය නොහැකි බව රතුපස්වල අරගලයේ වැදගත්ම පාඩම යි. ජයවර්ධනගේ කෘතිය මගින් මෙය මුලුමනින් ම වසං කෙරේ.

ජයවර්ධන මෙසේ පවසයි: “2013 වසරේ සිට අද දක්වාම රතුපස්වල වීදි සටන ඇදගෙන ගිය පුද්ගලයා වූයේ සුරෙෂ් පෙරේරා ය.” සියනෑ පරිසරය සුරකීමේ සංවිධානය නම්වූ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා වන පෙරේරා මුල සිටම යත්න දැරුවේ‚ මහජනතාවගේ අරගලය, ධනේශ්වර අධිකරනය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතන තුල කොටුකර තැබීමට ය. මෙම ක්‍රියාමාර්ග තුලින් ජනතාවට කිසිදු සහනයක් නොලැබුන අතර‚ මානව හිමිකම් කොමිෂම තම පරීක්ෂනයේ නිරීක්ෂන හා නිගමන ඉදිරිපත් කරමින් කම්හල ද ආන්ඩුව ද ආරක්ෂා කලේ ය.

එපමනක් නොව, වෙනිග්‍රොස් කම්කරුවන් හා මහජනතා බෙදීමට පෙරේරා දැනුවත්ව කටයුතු කලේ ය. ඉතා රුදුරු සේවා කොන්දේසි යටතේ විෂ ශරීර ගතවීම්වලට ගොදුරුවෙමින් රැකියාවෙහි නිරතව සිටි කම්කරුවන් පිලිබඳව පෙරේරාට සහ ඔහුගේ සංවිධානයට කවර හෝ උත්සුකයක් පැවතියේ නැත.

පෙරේරා සහ ඔහුගේ විරෝධතා දේශපාලනය උත්කර්ශයට නංවන තජසං ධනේශ්වර මාධ්‍යයන්හි සේවයේ යෙදී සිටින තරුන මාධ්‍යවේදීන් කන්ඩායමකින් සමන්විත ය. ඔවුනගේ මූනු පොතේ සඳහන් කර ඇති පරිදි‚ “ජනමාධ්‍ය ප්‍රජාව අතර යහපත් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සහ හඬක් නැති සමාජ කන්ඩායම්වලට ශක්තියක් ලබා දීම” ඔවුන්ගේ අරමුන යි. මෙම “අරමුනෙන්” මත් ප්‍රකාශයට පත් වන්නේ‚ විරෝධතා දේශපාලනයට සහ අනන්‍යතා දේශපාලනයට ඔවුන්ගේ ඇති නෑකම යි.

එම සංගමය නිල වශයෙන් රතුපස්වල අරගලයට මැදිහත්වූයේ‚ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු ය. 2015 දෙසැම්බර් මාසයේ සිට, මහජනතාවගේ විරෝධය මැඩ පැවැත්වීම සදහා ආන්ඩුවට බලපැම් දමීමේ මුවාවෙන්, ඔවුන් සහ පෙරේරා එක්ව කටයුතු කල ආකාරය කෘතිය ම පැහැදිලි කරයි. එම මාසයේ 15 දින ජනාධිපති සම්බන්ධීකරන ලේකම් ශිරාල් ලක්තිලක සමග පැවැත්වූ සාකච්ඡාවකදී ජයවර්ධන හා පෙරේරා පෙන්වාදී ඇත්තේ‚ “ගම්වාසීන් නැවතත් උද්ඝෝෂනය කිරීමට සූදානම්” බව යි. මෙය මහජනතාව අරගලයට පැමිනීම නතර කර ගැනීම සඳහා ආන්ඩුවට දෙන ලද සංඥාවකි.

ආන්ඩුව මහජන විරෝධයක් මැඩගෙන ඇත්තේ‚ 2016 මාර්තු 4දා පැවත්වූ සාකච්ඡාවකදී තරුන මාධ්‍යවේදීන් ලක්තිලකට ලබාදුන් තොරතුරු මත සොච්චම් වන්දි මුදලක් ලබාදීමෙනි. රතුපස්වල බොහෝදෙනෙක් ඉන් සෑහීමකට පත්ව නැත. එම වන්දි මුදල් ලබාදී අත්තේ‚ තුවාල ලැබීමෙන් පසු රෝහලේ ගත කල දින ගනන අනුව ය. එනමුත්‚ හමුදා ප්‍රහාරයෙන් භීතියට පත් ඇතැම් අය ප්‍රතිකාර සදහා රෝහලට නොගිය අතර ඇතැම්හු සිය කැමැත්තෙන් රෝහලෙන් පිටතට පැමින ඇත. එනිසා වන්දි ලැබී ඇත්තේ සුලු පිරිසකට ය. එසේත් නැත්නම් ඉතා සුලු මුදලක් ය. තුවාල ලැබූ අයෙකු පැවසූ පරිදි මියගිය අය වෙනුවෙන් පවුලේ අයට හා අබ්බගාත තත්වයට පත්වූවන්ට මුදලක් ලබාදීම ජයග්‍රහනයක් වන්නේ නැත.

රතුපස්වල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන තජසං, රැස්වීම් ශාලාව අසල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රකාශන අලෙවි කිරීමට එරෙහි විය. සසප සාමාජික-සාමාජිකාවන් තිදෙනෙකු රැස්වීම පැවැත්වූ මහජන පුස්තකාල ශාලාවේ ආරක්ෂක අංශයට භාර දීම මගින් තවදුරටත් සනාථ කෙරී ඇත්තේ‚ රතුපස්වල අරගලයේ පාඩම් යටගැසීමට ඔවුන්ට ඇති බලගතු උවමනාව යි.

වෙනිග්‍රොස් කම්හලෙන් සහ හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් පරිසරයට විෂ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් සහ මිලිටරි ප්‍රහාර පිලිබඳව‚ සසප සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන ඇතුලත් කෘතිය එම ස්ථානයේ විකිනීමට කිසිසේත් ඉඩ නැතැයි ඔවුහු මුලින් ම කියා සිටියහ. ඔවුන් එසේ සසප ප්‍රකාශන අලෙවිය නතර කරන ලද්දේ‚ ඔවුනගේ විරෝධය තිබියදී ම රැස්වීමට පැමින සිටි ජනයා සසප ප්‍රකාශන මිලදී ගැනීම ආරම්භ කල තත්වයේදී ය.

ජන අරගලය මගින් ජයග්‍රහන ලැබිය හැකිය යන ප්‍රෝඩාවට එරෙහිව සසප පරීක්ෂනය පෙන්වා දුන්නේ‚ පිරිසිදු ජලය ඉල්ලා රතුපස්වල ජනයා ගෙනයන අරගලය ජයග්‍රහනය කල හැක්කේ‚ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමිය හැකි එකම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ස්වාධීනව සමාජවාදී ප්‍රතිපත්ති යටතේ කාර්මික දූෂනයට එරෙහි සටනේ මූලිකත්වය ගැනීමෙන් පමනක් බවයි. සසප පෙන්වා දුන් රතුපස්වල මහජන උද්ඝෝෂනයේ පාඩම එය යි. මෙම පාඩම් යටගැසීම ජයවර්ධන ඇතුලු තරුන ජනමාධ්‍යවේදීන්ගේ අරමුන යි.

Share this article: