මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - දෙවැනි කොටස: කම්හලේ ගිනිගැනීම හා අවිනීෂ් දේව්ගේ මරනය

The frame-up of the Maruti Suzuki workers—Part 2: The factory fire and the death of Avineesh Dev

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි , 2017 අප්‍රේල් 7

අප කලින් දුටු පරිදි, විනිසුරු ගෝයාල් කම්කරුවන් දහතුන් දෙනෙකු (ඉන් දොලහක් මරුති සුසුකි සේවක සංගමයේ එම්එස්ඩබ්ලිව්යූ සාමාජිකයන්ය), සමාගමේ මානව සම්පත් කලමනාකරු අවිනීෂ් දේව්ගේ මරනය සමබන්ධව සාපරාධී ඝාතන හෝ මිනීමැරුම් චෝදනා යටතේ වරදකරුවන් කලේය.

සිරගත කරන ලද කම්කරුවන්ගේ පවුලේ අය උසාවිය ඉදිරිපිටදී [ඡායාරුපය රාහුල් රෝයි, The Factory (2015)]

පැමිනිල්ල පවසන අයුරින්, මනේසාර් මොටර්-රථ කම්හලේ සේවය කල තමන් හා තවත් කම්කරුවන් පිරිසක් දේව්ට පහරදීම හෝ මැරීමට කුමන්ත‍්‍රනය කලේය යන චෝදනාව, මේ කම්කරුවන් දහතුන්දෙනා ප‍්‍රතික්ෂේප කලහ. ඔවුන් කියා සිටියේ, සේවකයන් බියගැන්වීම සඳහා සමාගම විසින් කැඳවා තිබුනු මැරයන් රැලක් දේව්ට පහර දුන් බවත් එයට හේතු වුයේ, කම්කරුවන්ගේ සටනට දේව් සානුකම්පික වීම බවත්ය. 2012 ජුලි 18 දා ගැටුම හා ගින්නට කලින්, සමාගමේ පාලකයන් හා එම්එස්ඩබ්ලිව්යූ නායකයන් අතර පැවති රැස්වීමේදී දේව් සමාගමේ දරදඬු බවට විරෝධය දක්වමින් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කල බවත් ඔවුහු පැවසුහ.

විනිසුරු ගෝයාල් කම්කරුවන්ගේ කරුනු දැක්වීම සෘජුවම ප‍්‍රතික්ෂේප කලේය. ඔහු කියා සිටියේ, දේව් ඉල්ලා අස්වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, එය හා සමාගමේ මැරයන් දේව්ට පහර දීම යන සියල්ල ගොතන ලද කතා බවත්ය. මෙයට, සාක්ෂි වශයෙන් ඔහු පෙන්වා දුන්නේ, සිරගතකර සිටි මේ දුගී කම්කරුවන්, ජුලි 18 සිදුවීමෙන් සති ගනනක් යන තුරු සිදුවූ දෙය ගැන විස්තරයක් වාර්තා කිරීමට අපොහොසත් වීමයි. එනමුත්, ඔහුගේ වාර්තාවේ වෙනත් තැනක, පොලිසිය සමාගම හා එක්ව වංචාසහගත ලෙස සාක්ෂි නිපදවූ බව විනිසුරු වරයා පිලිගනී, එනම් මේ සිදුවීම් පිලිබඳව කම්කරුවන් පවසන දේ පිලිබඳව ඇබිත්තකවත් උනන්දුවක් ඔවුන්ට නොතිබූ බවයි.

පශ්චාත් මරන පරීක්ෂනයෙන් හෙලිවුයේ දේව් මියගියේ පහරකෑමෙන් නොවන බවයි. ඔහු මිය ගියේ, ෆැක්ටරිය තුල සිදුවුනු, කම්කරුවන්ගේ හෝ සමාගමේ මැරයන්ගේ පහර දීමකින් නොව, ගින්නෙන් ඇති වූ දුම් ආග‍්‍රහනයෙන් සිදුවූ හුස්ම හිරවීමක් නිසාය.

එසේනම්, පැමිනිල්ලේ මිනීමැරුම් චෝදනාව රඳා පැවතියේ, කම්කරුවන් විසින් දේව්ට දුමාරයෙන් ගැලවී යාමට නොහැකිවන තරම් පහරදුන් බව හා වඩාත් වැදගත්ව, ගින්න ඔවුන් හිතා මතාම ඇවිලූ එකක් බව සාධාරන සැකයකින් තොරව ඔප්පු කිරීම මතයි.

පැමිනිල්ල මින් එකක් වත් ඔප්පු කිරීමට සමත් වූයේ නැත. එසේ නමුත්, ගින්නේ නිධානය මේ නඩුවේ කේන්ද්‍රීය කරුන වන නිසා, ගින්න පිලිබඳ පැමිනිල්ලේ ප‍්‍රකාශය විභාග කිරීම, බොරු නඩුව හෙලි කිරීම සඳහා මූලික වෙයි. විනිසුරු ගෝයාල්, තම තීන්දුවේදී ගින්න පිලිබඳ කාරනය හැසිරවූ ආකාරයද විභාග කිරීම වැදගත්ය.

ගින්න අවිලුවේ කවුද?

ගින්න ඇවිලවීම පිලිබඳ පැමිනිල්ලේ සාක්ෂි විභාගයන් එකිනෙකට නොගැලපෙන කරුනු වලින් ගහනය.

එක සාක්ෂි කරුවෙක් වූ, පී. කේ. රෝයි, තමන් ජියා ලාල් සහ අනෙක් අය, කලමනාකරුවන්ගේ කාර්යාලය ගිනි තබනු දුටු බව පැවසුවත්, ඔහුට උසාවියේදී ඒ පුද්ගලයන් හඳුනාගනීමට නොහැකි විය. තවත් පැමිනිල්ලේ සාක්ෂිකරුවෙක් වූ විරේන්ද්‍ර ප‍්‍රශාද, රෝයිගේ ප‍්‍රකාශයට ප‍්‍රතිවිරුද්දව, ඊට සම්පූර්නයෙන් වෙනස් නම් ලැයිස්තුවක් ගිනි තැබීමට හවුල් වූ කම්කරුවන් ලෙස දැක්වීය. පාලකයන්ගේ තවත් එක් සාක්ෂිකරුවෙක් වූ ශලීල් බිහාරි, ජීය ලාල් ඇතුලු පිරිසක් ගිනි තැබීම සිදුකල බව කීවත්, ඔහු උසාවියේදී වෙනත් කම්කරුවෙක් ජිය ලාල් ලෙස වරදවා හඳුනා ගත්තේය. තවත් සාක්ෂි කරුවක් වූ, වික‍්‍රම් සරීන් ගිනිතැබීමට හවුල් වූවන් හඳුනා ගැනීමට මුලුමනින්ම අපොහොසත් විය.

කම්කරු පරීක්ෂකවරයෙක් වූ චන්දර් පාල්, සමාගමේ හා පැමිනිල්ලේ චෝදනා රලු අයුරින් තහවුරු කිරීමට තැත් කලේ වෘත්තීය සමිතියේ සියලුම නායකයින් ගිනිතැබීමට හවුල් වූ බව කියමිනි.

මෙලෙසම, කම්හලේ පාලකයන්ට ප‍්‍රචන්ඩ ලෙස පහර දුන්නේ යයි තමන්ම චෝදනා කල කම්කරුවන්ද හඳුනා ගැනීමට පැමිනිල්ලේ සාක්ෂි කරුවෝ අසමත් වුහ.

සිරගත කල කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරන පෙලපාලි කරුවන් [ඡායාරුපය රාහුල් රෝයි, The Factory (2015)]

නඩුවේ ඇති මේ බරපතල හිඩැස් වසා ගැනීමට, පැමිනිල්ල පාවිච්චි කලේ, කම්කරුවන්ගෙන් “අසන්නට ලැබුනේ යැයි” පැමිනිල්ලේ සාකෂිකරුවන් විසින් පැවෙසන, සාපරාධී ප‍්‍රකාශයන් කීපයකි. ඝාතන, ගිනිතැබීම හා පාලකයන්ට හානි පැමිනවීම් ආදී චේතනාවන් හඟවන ප‍්‍රකාශයන් තමන් කල බවට ඇති චෝදනා, කම්කරුවන් විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත.

කම්කරුවන් වැරදිකරුවන් බව ඔප්පු කිරීමට පැමිනිල්ලට අවශ්‍යව ම තිබු “එකම සාක්ෂිය”, මරුති සුසුකි කලමනාකාරිත්වයට පමනක් අසන්නට ලැබුනු, මේ ප‍්‍රකාශයන් මගින් සැපයීම හුදෙක් අහඹු සිදුවීමක් බව පැමිනිල්ල ප‍්‍රකාශ කල අතර, විනිසුරුද එයට සමගාමී විය.

කම්කරුවන්ගේ නීතිඥයා, පැමිනිල්ල විසින් මේ කිරීමට සැරසෙන දේ කලින්ම දකිමින්, නෛතික පූර්වගමනයක් මගින් එය මෙසේ පහැදිලි කලේය: “චුදිතයෙකුගේ චේතනාව හෝ පෙරදැනුම සෑහෙන අයුරින් ඔප්පු කිරීමට පැමිනිලි පාර්ශවය අපහොසත් වන කල, ඔවුහු සාමාන්‍යයෙන්, නොපවතින සාක්ෂි සපයාගැනීම සඳහා, චුදිතයා පැවසුවේ යයි කියන ප‍්‍රකාශයක් ඔහුට ආරෝපනය කරති.”

නිරුපද්‍රිත ගිනිපෙට්ටි කවරය.

ගින්න ඇතිවූයේ කෙසේද නැත්නම් කොයි වේලාවේද යන්න නිගමනය කරගැනීමට පොලිසිය සමත් වූයේ නැත. නමුත්, නඩු විභාගයේදී පැමිනිල්ල තර්ක කලේ විනාශ වී ගිය කලමනාකාර ගොඩනැගිල්ලේ අලු අතර තිබී හමු වූ ගිනිපෙට්ටි කවරයක්, ගින්නේ සම්භවය පිලිබඳ ප‍්‍රහේලිකාව විසඳා ගැනීමට මග හෙලිකල හැකි බවයි.

සත්‍ය වශයෙන් නම් එය පාදක වූයේ පැමිනිල්ලේ චෝදනාවේ ඇති හිඩැස් තවත් ඉස්මතු කිරීමට පමනි.

වඩාත්ම වැදගත් කරුන නම්, චුදිත කම්කරුවන් හා ගිනිපෙට්ටිය අතර සමබන්ධයක් පෙන්විය හැකි කිසිවක් නොතිබීමයි.

දෙවැන්න, “ගිනිපෙට්ටිය සොයා ගැනීම” සම්බන්ධයෙන් “සැකසහිත බවක්” පවතින බව විනිසුරුම පවසා තිබීමයි. එය සොයාගත්තේ පොලිසිය අපරාධ ස්ථානය පීරමින් පරීක්ෂා කල අවස්ථාවේ නොව, පසුදින අධිකරන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රජෙශ් සෝනි විසින්ය. විනිසුරු ප‍්‍රකාශ කල ආකාරයට: “ගිනිපෙට්ටියෙන් ඇඟිලි සලකුනු ගැනීමක් වත් වෛද්‍ය සෝනි විසින් සිදුකර තිබුනේ නැත. වෛද්‍ය සෝනි සාක්ෂි විභාගයකට භාජනය නොවූ අතර, සොයා ගැනීමේ ලේඛනයේ වෛද්‍ය සෝනිගේ අත්සනද තිබුනේ නැත.” එහි තිබුනේ තවත් පරීක්ෂන නිලධාරියෙක් වූ, එච්. සී. සත්පල් ගේ අත්සනයි, ඔහු ගිනිපෙට්ටිය සොයා ගත්තා යයි කියන වෙලාවේ එතැන නොසිටියා වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

තෙවනුව, ගිනිපෙට්ටි කවරය සම්බන්ධයෙන් පැහැදිලි කරගත නොහැකි කරුනක් ඇත, එනම් අවට සියල්ල ගින්නෙන් අලු වී ගියත් කවරයේ කිසිඳු පිලිස්සුම් සලකුනක් නැති වීමයි. ඔහුගේ තීන්දුවේ වෙනත් තැනකදී විනිසුරු පැවසුවේ “පරිඝනක, පරිඝනක උපාංග, ලී බඩු, ලියකියවිලි හා අනෙකුත් දෑ විශාල ප‍්‍රමානයක් දැවී ගොස් තිබුනු බවයි”, නමුත් ගිනිපෙට්ටි කවරය පමනක් නිරුපද්‍රිතව ඉතිරි විය.

සිරගත කල කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරන විරෝධතා කරුවන් [ඡායාරුපය රාහුල් රෝයි The Factory (2015)]

ඔහුගේ තීන්දුවේදී, විනිසුරු ගෝයාල් “පැමිනිල්ල ගින්න ඇවිලුවේ කවුද යන්න තහවුරු කෙරීමට සමත් වී නැති” බව පිලිගත්තේය. එනම්, තම මිනීමැරුම් නඩුවේ ප‍්‍රධාන ප‍්‍රතිෂ්ටාව ඔප්පු කිරීමට පැනිිල්ල අසමත් වී ඇත.

එසේනම් ඔහු කම්කරුවන් 13 දෙනෙක් වැරදිකරුවන් කිරීමට ගෙන ආ, නෛතික, නැතහොත් ව්‍යාජ-නෛතික තර්කයක්, සාධාරනීකරනය කරන්නේ, වඩාත් නිවැරදි කියතොත්, “ගොතන්නේ” කුමන පදනමකින්ද?

ගිනිපෙට්ටිය එතනට පසුව දැමූවක්ය යන විත්තියේ යෝජනාව විනිසුරු ගෝයාල් එක එල්ලේම ප‍්‍රතික්ෂේප කල නමුත්, අප විසින් පසුව පෙන්වා දෙනු ලබන, අවස්ථා දෙකකදීම ඔහුට පොලිසිය විසින් සාක්ෂි ගොතන ලද බව පිලිගැනීමට සිදු විය.

ඔහුගේ තර්ක පැමිනිල්ලේ චෝදනා වල ඇති හිඩැස් හා අසංගතීන් ආවරනය කිරීම හෝ මගහැරිම සඳහා නිර්මානය වී ඇති අතර තම නිරවද්‍ය භාවය ඔප්පුකිරීමේ බර (සාධන භාරය) චුදිත කම්කරුවන් මත පටවයි.

එබැවින්, පැමිනිල්ල කිසිඳු කම්කරුවෙකුට සම්බන්ධ කිරීමට අසමත් වූ හා ඉතා “අසාමාන්‍ය” ලෙස පොලිසිය තම නිල පරීක්ෂන ක‍්‍රියා පිලිවෙත් වලටවත් ලක් කිරීමට අපොහොසත්වූ, ගිනිපෙට්ටිය සමබන්ධයෙන් විනිසුරු මෙසේ පවසයි: “එය ගිනිගෙන තිබුනේවත් එතුල ගිනිකූරු තිබුනේවත් නැත, නමුත් එපමනින් චුදිතයන් ගින්න දැල්වූයේ නැති බව හෝ පාලකයන්ට හානි සිදුකලේ නැති බව හෝ අවිනීෂ් දේව් ගේ මරනය සිදුකලේ නැති බව හැඟවෙන්නේ නැත.”

පැමිනිල්ලේ නීතිඥයාගේ තර්කනයම අනුව යමින්, විනිසුරු ගොයාල් පසුව මෙසේද එක්කරයි “පැමිනිල්ලේ තර්කය වන්නේ මේ ගිනිපෙට්ටි කවරය මගින් ගින්න ඇවිලූ බව නොවේ... ගිනි පෙට්ටිය හා ගිනිකුරු දැල්වී ගිය පසු, කවරය ගින්නෙන් වට නොවූ ස්ථානයකදී විසි කර දැමුවා වීමට ඉඩ ඇත.”

විනිසුරුගේ මේ චුදිතයා මතට නිවැරදි බව ඔප්පුකිරීමේ වගකීම මාරු කිරීමේ පිලිවෙත තවත් එලිපිටම පැහැදිලි වන්නේ ඔහුගේ මේ ප‍්‍රකාශයෙනි: “අවිනීෂ් දේව් තමන්ට එතරම් හිතවත් වුයේ නම් ඔහු මියගියේ කෙසේද යන්න පැහැදිලි කිරීම චුදිතයින් විසින් කල යුතුය, මන්දයත් ඔහු කම්කරුවන්ට සානුකම්පික අයෙකු යයි ඔවුන් පවසන නිසාය.”

මෙය කම්කරුවන් හා දේව් අතර සම්බන්ධය වෙත අපව නැවත ගෙන යයි. ඔහු කම්කරුවන්ට සහය දුන් බව හා ඔවුන් ඔහුව අගය කල බවට ප‍්‍රමානවත් සාධක විනිසුරු ගෝයාල්ගේ තීන්දුවේම සමහර තැන් වල ගැබ් වෙයි. එම්එස්ඩබ්ලිව්යූ හර්යානා ප‍්‍රාන්තයේ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට සහය දීම හා 2012 දී දේව් අසනීප වූ විට “ඔහු බැලීමට සේවක සංගම් නායකයින් ගිය” බවට, මරුති සුසුකි කලමනාකරු වික‍්‍රම් කජන්චි කල ප‍්‍රකාශය විනිසුරු ගෝයාල් වැදගත් යයි සලකන්නේ නැත.

මරුති සුසුකි පාලනය එම්එස්ඩබ්ලිව්යූ පිහිටුවීමට කර්කශ ලෙස විරුද්ධ වූ බව, 2011දී ඒ ආශ‍්‍රිතව ඇතිවූ වැඩවර්ජන තුනෙන් හා කම්කරුවන් මර්දනය කිරීමට දිගින් දිගටම පොලිසිය කැඳවීමෙනුත් පැහැදිලි වෙයි. කම්හලේ තත්වය කෙසේවීදයත්, විනිසුරුගේ ප‍්‍රකාශයට අනුවම, ජුලි 18 වෙනිදා ආරක්ෂක නිලධාරින් 300ක් යෙදවීමට පාලකයන්ට සිදු විය. එහෙත් ඔහු, අවිනිශ් දේව්ට සමාගමේ මැරයන් පහර දුන් බවට කම්කරුවන් කල ප‍්‍රති-චෝදනාව ඉවතලූ මහේස්ත‍්‍රාත් වරයාගේ ස්ථාවරයම ගනිමින් මෙසේ පවසයි: අවිනිශ් දේව්ට මරුති සුසුකි පාලකයන් සමග “කිසිඳු ගැටලූවක්” තිබූ බවට “වාර්තා වූ සාක්ෂි නැත.”

මීලඟ කොටසේදී අප විමර්ශනය කරන්නේ, උසාවියෙන් මූලිකව පිලිගත් අයුරින්, එම්එස්ඩබ්ලිව්යූ නායකයන් හා කම්කරුවන් ප‍්‍රචන්ඩ කලබලයක් ඇතිකල බවට සමාගම හා පැමිනිල්ල කරන චෝදනාවේ ඇති අසංගතතා, හිඩැස් හා ප‍්‍රතිවිරෝධයන් ගැනය. මෙයින් නැගෙන මූලික ප‍්‍රශ්නයක් නම්: මේ කෝලාහලයේදී සිදුවූ එකම මරනය, නැතහොත් වඩාත් නිවැරදිව, පීඩාවට ලක්වූ එකම මරුති සුසුකි කලමනාකරු, කම්කරුවන්ට සානුකම්පික වූ සමාගමේ එකම එක නිලධාරියාම වූයේ කෙසේද? යන්නයි.

Share this article: