චීන-ඉන්දීය දේශසීමා ආරවුල හයවැනි සතියට ලඟාවේ

China-India border impasse enters sixth week

කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 22

සති පහකට වැඩි කාලයකට පෙර, විවාදිත ප‍්‍රදේශය තුල මාර්ගයක් පුලුල් කිරීමෙන් චීන කම්කරුවන් වැලක්වීමට ඉන්දියානු හමුදා, ඩොක්ලෑම් නැතහොත් ඩොන්ග්ලෑන්ග් සානුවට අතුල් විය. එතැන් සිට බීජීනය හා නව දිල්ලිය, යුදවාදී තර්ජන හා ඇනුම්පද හුවමාරු කරගත් අතර ඉන්දියාව හා භූතාන් දේශ සීමා අන්තර් ඡේදනය වන දුරස්ත කලාපයට තකහනියේ හමුදා භටයින් දහස් ගනනක් යැවූහ.

18දා ඉන්දියන් එක්ස්ප‍්‍රස් පත‍්‍රයට අනුව බීජීනය, ගෙවී ගිය සති අන්තයේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින්ට කරුනු පැහැදිලි කල අතර චීනයට එරෙහිව ඉන්දියානු මැදිහත්වීම “නව දිල්ලිය තමන්ගේ යැයි අයිතිවාසිකම් පවා නොකියන ප‍්‍රදේශයක් මුල්කරගෙන ― පෙර නො වූ විරූ බව; ඉන්දියානු හමුදා ඉවත් කර ගන්නා තුරු සැලකිය යුතු සාකච්ඡුා නොපැවැත්විය හැකි බව; හා චීනයේ ඉවසීම තදින් ම පරීක්ෂාවට ලක් කෙරෙමින් ඇති බව අවධාරනය කලේ ය.

එක්ස්ප‍්‍රස්පත‍්‍රය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර සාමාජික රටවලින් එකක් ලෙස හඳුන්වන ලද රටක තානාපතිවරයෙක්, “අපගේ සගයන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ අතර චීන ආන්ඩුව අනියමිත කාලයක් සඳහා බලා සිටින්නේ නැතැ යි යන හැඟීම අපට ඇති කරන ලදී. මෙය තරමක් අසහනකාරි යි, එමෙන් ම අප එය බීජීනයේ සිටින අපගේ ඉන්දියානු සගයින්ට මෙන් ම නව දිල්ලියේ සිටින භූතාන සගයින්ට ද දැනුම් දුන්” බව පැවසුවේ ය.

බීජීනය මුලින් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාව ගැන අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කලේ ය. පසුව විදේශ අමාත්‍යංශ ප‍්‍රකාශකයෙකු වන ලූ කැන්ග්, දේශ සීමා මතබේදය ගැන තම අදහස් අනෙකුත් රටවලට දැන ගැනීමට සලස්වා ඇති බව පැවසීය. “තිගැස්සී හා ව්‍යාකූලවී සිටින, චීනයේ ඇතම් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින්, කරුනු දැන ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාධ්‍ය ඔස්සේ අප ඇමතූ” බව ඔහු පැවසීය.

චීන මහජන විමුක්ති හමුදාවේ නිල හොරනෑව වන පීඑල්ඒ ඩේලි පත‍්‍රය 17දා වර්තා කල පරිදි, අනතුරු ඇඟවීම අවධාරනය කිරීමේ පැහැදිලි අරමුන ඇතිව බීජීනය, පෞද්ගලික මට්ටමෙන් පැහැදිලි කර ඇත්තේ, වර්තමාන දේශ සීමා ආරවුල හට ගත් ස්ථානය ආසන්න දකුනු ටිබටයේ තම හමුදා “සජීව වෙඩි තැබීමේ” අභ්‍යාසයක් පැවත් වූ බව යි. අභ්‍යාසයේ පධාන අංග වූයේ, වේගවත් හමුදා රැඳවීම් අත්හදා බැලීම හා ශක්තිමත් කිරීම බව වාර්තාව පැවසූ අතර, එය මෙහෙය වූ පීඑන්ඒ සේනාංකය මීට පෙර “පෙරමුනු සටන්වල” යෙදී ඇති බව සඳහන් කලේ ය.

පසු ගිය මාසය තිස්සේ නව දිල්ලිය හා බීජීනය “නීතිවිරෝධී” දේශ සීමා ආක‍්‍රමන පිලිබඳ එකිනෙකාට චෝදනා කර ගැනීම හමුවේ, චීන ආන්ඩුවට අයත් තවත් දිනපතා පත‍්‍රයක් වන ග්ලෝබල් ටයිම්ස්, 1962දී එම රටවල් දෙක සටන් වැදුනු මාසයක් දීර්ග දේශ සීමා යුද්ධය පිලිබඳව යලි යලිත් සඳහන් කරමින්, ඉන්දියාවට එරෙහිව නිතර සැඟවුනු වුවත් නො සැඟවුනු මිලිටරි ආක‍්‍රමන පිලිබඳව තර්ජන සිහිපත් කර ඇත.

21දා ග්ලෝබල් ටයිම්ස්, “ඉන්දියාව හමුදා ඉවත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම්, මිලිටරි ගැටුම් උත්සන්න වනු ඇත” යන ශීර්ෂ නාමයෙන් යුදවාදී කතුවැකියක් පල කලේ ය. එය ඇරඹුනේ, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා 20දා ඉන්දීය පාර්ලිමේන්තුවට කල කතාව හෙලා දකිමිනි. එහි දී ඇය ඩොක්ලාන් හි චීන මාර්ග ඉදිකිරීම් “අපගේ ආරක්ෂාවට සෘජු තර්ජනයක්” යයි ප‍්‍රකාශ කල අතර, චීනය ඉවත් කර ගන්නේ නම් පමනක් ඉන්දියාව තම භටයින් ඉවත් කර ගනු ඇතැ යි සහතික වූවාය.

“ඩොක්ලම් හි දීර්ග කාලීන ගැටුමක සිහිනය අත්හරින” ලෙස ග්ලෝබල් ටයිම්ස් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ, එසේ නොවන්නේ නම් චීනය “රාජ්‍ය තාන්ත්‍රික නොවන මාර්ග ඔස්සේ ගැටුම් විසඳීම” තෝරා ගැනීමට ඉඩ ඇතැ යි අනතුරු අඟවමිනි. චීනයේ මිලිටරි බලය ගැන හා තම වඩා විශාල “සංචලතාව හා කාර්යසංවිධාන හැකියාව” නිසා වර්තමානයේ මතබේදයට ලක් ව ඇති දුරස්ථ භූමි ප‍්‍රදේශයට තව තවත් හමුදා ගෙන ඒමේ තම හැකියාව ගැන කයිවාරු ගැසීම්වලින් පසු කතුවැකිය මෙසේ සමාප්ත කලේ ය: “ඉන්දියාව (තම) භට පිරිස් ඉවත් කර ගැනීම පමා කරන විට, මිලිටිරිමය වශයෙන් එය මුහුන දෙනු ඇති අවදානම වැඩි වන අතර ම එය දේශපාලනිකව අහිමි කර ගනු ඇති බලපෑම ඊටත් වඩා වැඩි ය.”

ඩොක්ලම් සානුවේ දේශසීමා අර්බුදය ප‍්‍රකාශය කරන්නේ ද නියෝජනය කරන්නේ ද බීජීනය හා නව දිල්ලිය අතර සම්බන්ධාවන්ගේ පිරිහීමේ නව අවධියකි. ඉන්දියානු හා චීන ප‍්‍රභූව සම්පත් හා ආයෝජනය සදහා එකිනෙකා හා තරඟ කරන අතර, සම්බන්ධකම් පිරිහී යාමට ප‍්‍රධාන හේතුව, චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි මූලෝපායාත්මක ප‍්‍රහාරයට ඉන්දියාව වඩා ප‍්‍රබල ලෙස ඒකාබද්ධ කිරීමය.

නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව යටතේ ඉන්දියාව, චීනය වට කිරීම හා මිලිටිරි වසයෙන් පීඩනය යෙදීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදී තල්ලුවේ සැබෑ පෙරමුනු රාජ්‍යයක් ලෙස මතු වී ඇත. එක්සත් ජනපද යුද ගුවන්යානා හා ප‍්‍රහාරක නෞකාවල දෛනික පාවිච්චිය සඳහා ඉන්දියාව තම මිලිටරි කඳවුරු විවෘත කර ඇති අතර, දකුනු චීන මුහුදේ මතභේදය මත එක්සත් ජනපදයේ ප‍්‍රකෝපකාරී ආස්ථානය පුනුරුච්චානය කරමින් ද ආසියා-ශාන්තිකරයේ වොෂින්ටනයේ ප‍්‍රධාන මිතුරන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ද්විපාක්ෂික හා ත්‍රෛයිපාක්ෂික සම්බන්ධකම් විශාල වසයෙන් ව්‍යාප්ත කර ගෙන ද ඇත.

මෙම මස මුල දී, එක්සත් ජනපදය, ජපානය හා ඉන්දියාව ඉන්දියානු සාගරයේ මෙතෙක් විශාලම එක යැයි ඔවුන් කයිවාරු ගැසූ යුද අභ්‍යාසය පැවත්වූවෝ ය.

චීනයේ නැගීම වැලක්වීමට ඉන්දියාව පාවිච්චි කිරීමේ වොෂින්ටන් සැලැසුම් ගැන තියුනු ලෙස දැනුවත් බීජීනය, දීර්ග කාලයක් තිස්සේ නව දිල්ලිය සමග වඩා කිට්ටු සම්බන්ධකම් බලාපොරාත්තු වූ අතර තමන් හතුරු හා ප‍්‍රකෝපකාරී යයි දුටු ඉන්දියාවේ කි‍්‍රයාවන්ට ප‍්‍රතිචාර දැක්වූයේ සාපේක්ෂකව මොලොක් ලෙස ය. නමුත් ගෙවී ගිය වසර දෙකේ දී බීජීනය ආක‍්‍රමනකාරී ලෙස පෙරට පැමිනීමට පටන්ගෙන ඇත.

මෙහි ප‍්‍රධාන අංගයක් වී ඇත්තේ, ඉන්දියාවේ ප‍්‍රධාන හතුරා වන පකිස්තානය සමග චීනයේ මූලෝපායාත්මක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම යි. ඩොලර් බිලියන සිය ගනනක් වන තම එක තීරුවයි, එක මාවත යි නම් පොදුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය තුල බීජීනය පකිස්තානයට දී ඇති කේන්ද‍්‍රී කාර්යභාරය මෙයට උදාහරනයක් වෙයි.

වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායාත්මක සහාය මගින් දිරිගැන්වුනු ඉන්දියාව, මෝදි යටතේ පකිස්තානයට එරෙහිව ආක‍්‍රමනකාරී පිලිවෙතක් අනුගමනය කරයි. එහෙත් ඉන්දු-පකිස්තාන් සම්බන්ධතා පිලිබඳ නීති යලි ලිවීමේ එහි උත්සාහයට වල කපා ඇත්තේ, ඉස්ලාමාබාදායට බීජීනය දෙන අඛන්ඩ හා වැඩි වෙමින් තිබෙන සහයෝගය මගිනි.

මෙය ඉන්දියාවේ පාලක ප‍්‍රභූව මංමුලාවට හා කෝපයට පත් කර ඇත. දේශ සීමා හරහා පකිස්තානයට කඩා පැනීමට බීජේපී ආන්ඩුව ඉන්දියානු හමුදාවේ විශේෂ බලකායන්ට නියෝග කලා වූ ද පකිස්තානය සම්බන්ධයෙන් අනුගමනය කල ඉන්දියාවේ “මූලෝපායික සංවර” ප‍්‍රතිපත්තිය අවසන් කිරීම ප‍්‍රකාශ කලා වූ ද ක්ෂනික ඉක්බිත්තේ, පසු ගිය කාලයේ බීජේපියට කිට්ටු සම්බන්ධතා ඇති හින්දු දක්ෂිනාංශික සංවිධාන “ත‍්‍රස්තවාදී පකිස්තානයට” බීජීනය දෙන සහයෝගයට විරුද්ධත්වය දැක්වීමට, චීන භාන්ඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමට උත්සාහ ගත්හ.

ඉන්දියානු හමුදා ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවත්, යලි යලිත් කයිවාරු ගැසුවේ, ඉන්දියානු මිලිටරිය, චීනයට හා පකිස්තානයට එරෙහිව පෙරමුනු දෙකක සටන් කිරීමට සූදානම් බව යි.

වත්මන් මතභේදයේ දී බීජීනය වඩාත් දැඩි ලෙස කථා කරන අතර, ඩොක්ලම් සානුව පිලිබඳ ආස්ථානයෙන් පසු බැසිය නො හැකි බවට චීනය මෙන් ම ඉන්දියාව ද එක සේ මුරන්ඩු ලෙස පවසයි.

තුන්වැනි රටක, එනම් භූතානයේ නාමයෙන් ඉන්දියාව “ජාතික ස්වාධිපත්‍යය” උල්ලංඝනය කිරීම පිලිගත නො හැකි බව බීජීනය පවස යි.

විවාදිත ඩොක්ලම් ප‍්‍රදේශයේ චීන පාලනය මගිින් යුද්ධයක අවස්ථාවේදී චීනයට, සිලිගූරි කොරිඩෝව අල්ලා ගැනීමේ හැකියාව ලබාදෙන බව ඉන්දියාව පවසයි. බංග්ලා දේශය, නේපාලය හා භූතානය අතර තෙරපෙන පටු ඉන්දියානු තීරුවක් වන එය, බටහිර බෙංගාලය හා අවශේෂ ඉන්දියාව, එහි ඊසාන දිග ප‍්‍රාන්ත හත සමග සම්බන්ධ කර යි.

සිලිගුරි කොරිඩෝව පිහිටා ඇත්තේ ඉන්දියානු හා චීන හමුදා එකිනෙකාට එරෙහිව පෙල ගැසෙන තැන සිට කිලෝ මීටර් 50ක් පමන දුරිනි. චීනය අල්ලා ගෙන සිටින චුම්බි නිම්නයේ මූලෝපායික ඉහල ප‍්‍රදේශය පාලනය කරනු ලබන්නේ ද ඉන්දියාව විසිනි. නව දිල්ලියේ වැඩි උත්සුකය, සිලිගුරි කොරිඩෝව නො ව භූතානය සමග ඉන්දියාවේ “විශේෂ සම්බන්ධතාව” බිඳීමට චීනය උත්සාහ කරමින් සීටීම බව ඇතැමුන් තර්ක කිරීමට පෙලඹී ඇත.

කුඩා හිමාලයානු රාජ්‍යය කෙලින්ම ඉන්දියානු වැයික්කියකි. චීනය හෝ එක්සත් ජනපදය ඇතුලුව අනෙකුත් බලවතුන් සමග එයට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නොමැත. භූතානය වෙනුවෙන් හා එහි ඉල්ලීම අනුව අතරමැදියෙකු ලෙස තම මිලිටිරිය කටයුතු සිදු කරන බව ඉන්දියාව පවැසුව ද ගෙවී ගිය සති දෙකකට පමන පෙර තම භූමියේ චීන ඉදිකිරීම් කම්කරුවන්ගේ කටයුතු ගැන භූතාන ආන්ඩුව නිල වසයෙන් විරුද්ධත්වය දැක් වී ය.

වර්තමාන දේශ සීමා මතභේදයට ප‍්‍රතිචාර ලෙස, විශ‍්‍රාමලත් ජෙනරාල්වරුන් හා බුද්ධි මන්ඩල සාමාජිකයින් කන්ඩායමක්, වොෂින්ටන්, ටෝකියෝ හා කැන්බරා සමග මූලෝපායික බැඳීම් ශක්තිමත් කර ගන්නා ලෙස නව දිල්ලියෙන් ඉල්ලා සිටී.

ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලී බිෂොප් මෙම සතියේ නව දිල්ලි සංචාරයක් අතරතුර දී මෝදි, ආරක්ෂක ඇමති අරුන් ජෙට්ලේ හා විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් සමග වෙන වෙන ම ඩොක්ලම් දේශ සීමා මතභේදය ගැන සාකච්ඡා කලා ය. ඉන්දීය ආන්ඩුවේ තොරතුරු වලට අනුව, දේශසීමා ප‍්‍රශ්නය ගැන ආන්ඩුව විදේශ රාජ්‍ය නායකයෙකු සමග සාකච්ඡා කල පලමු අවස්ථාව මෙයයි.

මතභේදය සම්බන්ධයෙන් බිෂොප් සාමකාමී විසඳුමක් ඉල්ලා සිටි අතර, එය තවදුරටත් උත්සන්න වීම භයානක “වැරදි ගනන් බැලීමක්” නැත්නම් “වැරදි විනිශ්චයකට” තල්ලු වීමට ඉඩ ඇතැ යි අනතුරු ඇඟ වූවාය. ඒ අතර ඇය පැහැදිලිවම සඳහන් කලේ, එක්සත් ජනපදය නායකත්වය දෙන චීන විරෝධී රටවල් කාන්ඩයේ කොටසක් ලෙස ඉන්දියාව සමග සම්බන්ධකම් තර කර ගැනීම ඕස්ට්‍රේලියාවේ අභිප‍්‍රාය බව යි. ඇය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර මූලෝපායික උත්සුකයන්ගේ හා “වටිනාකම්වල” කියනු ලබන නැඹුරු ව හුවා දැක්වුවාය. එක්සත් ජනපදය විසින් ඉන්දු පැසිපික් කලාපය තුල අටවන ලද “නීති පාදක පර්යායට” තැරව්කාරකම් කර, ඉතා ඉක්මනින් ම ඕස්ට්‍රේලියාව වාර්ෂික ඉන්දු-එක්සත් ජනපද, ජපාන නාවික යුද අභ්‍යාසය වන මලබාර් අභ්‍යාසයේ හවුල්කරුවෙකු වනු ඇතැ යි බලාපොරොත්තු වන බව ද ඇය ප‍්‍රකාශ කලා ය.

ඉන්දියාව හා චීනය අතර මතභේදය ගැන වොෂින්ටනය මුලුමනින් ම වාගේ නිහඬ ය. මෙම සතියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිතිපතා පවත්වන මාධ්‍ය හමුවේ දී ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර වසයෙන් එහි ප‍්‍රකාශිකා හෙදර් නියුඅර්ට්, “ආතතිය අඩු කිරීම ඉලක්ක කෙරුනු ඍජු සංවාදයක්” සඳහා නාමික ඉල්ලීමක් කලා ය.

කෙසේ නමුත්, ඉන්දියාව හා චීනය අතර ආතතීන් ඉස්මතුවීම මෙන් ම ඉන්දු-පකිස්තාන් සහ චීන-ඉන්දීය මූලෝපායික ගැටුම්වල අන්තරායකාරී පැටලීම් තුල කේන්ද්‍රීය භූමිකාව ඉටු කරනු ලබන්නේ, චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කුරිරු මිලිටරි-මූලෝපායික අක‍්‍රමනය බවට කිසිදු ප‍්‍රශ්නයක් නොමත.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත්ධොවාල් ජූලි 27-28 පැවත්වෙන බ්‍රික්ස් රටවල (බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දුකුනු අප‍්‍රිකාව) ජාතික ආරක්ෂක උපදේශකයන්ගේ රැස්වීමට සහභාගීවීම පිනිස බීජීනයට පැමිනීමට නියමිත ය. “අර්ථවත්” සාකච්ඡාවලට පෙර ඉන්දියාව ඩොක්ලම් සානුවෙන් තම හමුදා ඉවත් කල යුතු බව පුනුරුච්චාරනය කරන අතර චීන ආන්ඩුවේ ප‍්‍රකාශකයා පැවසුවේ, ධොවාල්ට චීන විදේශ ඇමති, රජයේ කවුන්සිලර් යැංග් ජිඑකි සමග දේශ සීමා මතභේද සම්බන්ධයෙන් සාකච්ඡාවල නිරත විය හැකි බව යි. දෙදෙනා ඔවුන්ගේ රටවල “විශේෂ නියෝජිතයින් ලෙස,” උදා.දීර්ග කාලයක් ගතවී ඇති චීන-ඉන්දියා දේශ සීමා සාකච්ඡාවල ප‍්‍රධාන සාකච්ඡාකරුවන් ලෙස භූමිකාවක් ඉටු කරති.

Share this article: