ට‍්‍රම්ප් සීඅයිඒ් සිරියානු ‘විප්ලවයට’ තිත තබයි

Trump pulls plug on CIA’s Syrian “revolution”

2017 ජූලි 22

මුලින් ම ජූලි 19 වන දින වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ වාර්තා වූ සිරියාවේ ඉස්ලාමීය සන්නද්ධ කන්ඩායම් පුහුනු කර, සන්නද්ධ කර වැටුප් පවා ගෙවා නඩත්තු කිරීම සඳහා අවුරුදු 5ක් තිස්සේ ක්‍රියාවට දැමූ, නිල රහස් මෙහෙයුම, ට‍්‍රම්ප් පාලනාධිකාරය නවතා දමන්නේ ය යන ප‍්‍රවෘත්තිය, ට‍්‍රම්ප් හා මොස්කෝව අතර “රහස් සබඳතාවන්” පිලිබඳ චෝදනා මුල් කොට වොෂින්ටනයේ බුරා දැල්වෙන රුදුරු දේශපාලන සංග‍්‍රාමයට තවත් ඉන්ධන සපයා ඇත.

මොලේ පිලිකාවක් ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසුව සුවය ලබමින් සිටින, සන්නද්ධ සේවා කමිටුවේ රිපබ්ලිකානු සභාපති ජෝන් මැක්කේන් ඇරිසෝනාහි සිට ප‍්‍රකාශයක් නිකුත් කරමින්, “සිරියාව සඳහා පුලුල් මූලෝපායකින් තොරව, රුසියාවට දෙනු බලන කිනම් හෝ සහනයන්, වගකීම් විරහිත හා අදූරදර්ශී වේ” යයි පැවසුවේ ය.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපිකරු හා ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ හිටපු ප‍්‍රධාන කථා රචක මයිකල් ජර්සන් මීට වඩා හිස්ටීරියාත්මක සන්නියකින් ට‍්‍රම්ප්ව හෙලා දැක්කේ, “සිරියාවේ රුසියානු උත්සුකයන්ට පරිපූර්න ව යටත් වීම” ගැන සහ“හරියට ම මූලෝපායික පිලිමලෙකු විසින් මිල දී ගැනීමට හා විකිනීමට ලක් කලා සේ” ඔහුගේ “ඇමරිකානු සහචරයන් සඳහා ආධාර නීච ලෙස කැපීම” මගින් ක්‍රියා කලේ ය යන්න සඳහන්කරමිනි.

සිරියාවේ ඊනියා “කැරලිකරුවන්ට” ආයුධ හා මුදල් ගලා යන කරාම වසා දැමීම, රුසියාවට කිසියම් ආකාරයක මූලෝපායික යටත්වීමක් ලෙස කරන ප‍්‍රකාශයන් හාස්‍යජනකවේ. හැම්බර්ග් හි ජී 20 සමුලූවට පෙරාතුව ඔහුගේ ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශක ජනරාල් එච්. ආර්. මැක්මාස්ටර් හා සීඅයිඒ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ සමග එකතුව ට‍්‍රම්ප් විසින් ගනු ලැබී යයි වාර්තා වූ මෙම තීරනය, නිසැකයෙන්ම ගනු ලබන්නේ යයි සැලකුනු තීන්දුවකි.

“සිරියානු නිදහස් හමුදාව” සේ හඳුන්වන්නට යෙදුනු එවැන්න, සිරියාව තුල කිසිම ප‍්‍රධාන භූමිකාවක් ඉටු කිරීම නිමා වී ඇත. 2015 සැප්තැම්බර් සිට රුසියානු ගුවන් හමුදා සහාය ද, ඉරානයට ලැදි සන්නද්ධ කන්ඩායම්වල පිටුබලය ද ලැබූ සිරියානු රජයේ හමුදා, මෙම “කැරලිකරුවන්” සෑම ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශයකින් ම එලවා දමා ඉඞ්ලිබ් ප‍්‍රාන්තයේ ගම්බදට පලවා හැර ඇති අතර, ඔවුන් එම ප‍්‍රදේශයන්හි එකිනෙකට එරෙහි කටුක අභ්‍යන්තර සංග‍්‍රාමවල යෙදී ගෙන සිටිති.

2016 දෙසැම්බරයේ රජයේ හමුදා විසින් නැගෙනහිර ඇලෙප්පෝව නැවත අල්ලා ගැනීම, සීඅයිඒ පිටුබලය ලද සුන්නි ඉස්ලාමීය සන්නද්ධ කන්ඩායම් වොෂින්ටනයේ නියෝජිත බලයන් ලෙස යොදා ගනිමින් ආන්ඩු පෙරලිය ස`දහා වූ යුද්ධයන් කර ගෙන යෑමේ එජ මූලෝපායේ අවසාන පරාජය සනිටුහන් කලේ ය.

මෙම සාපරාධී මූූලෝපාය ආරම්භ කරන ලද්දේ, එහි නායක මුවම්මර් ගඩාෆි හැඩි-රැල විසින් ඝාතනය කරනු ලැබීම මගින් අවසන් කෙරුන ලිබියා රජය පෙරලා දැමීම සඳහා 2011 දී එජ දියත් කල ආන්ඩු පෙරලීමේ යුද්ධයට පසුව ය. ඉස්ලාමීය සටන්කරුවන් හා ආයුධ විශාල තොග නැගෙනහිර ලිබියාවේ බෙන්ගාසි වරාය - නගරයේ සිට සිරියාවට යොමු කෙරුනි.

2013 වෙද්දී මෙය, එක් එජ නිලධාරියෙක් නිව්යෝක් ටයිම්ස් පුවත් පතට විස්තර කල පරිදි, සවුදි අරාබියේ හා අනෙකුත් දක්ෂිනාංෂික ගල්ෆ් රාජාන්ඩුවල ද තුර්කියේ ද සහාය ලැබ සීඅයිඒ ය විසින් සිරියාව තුලට ගලා යෑමට සැලැස්සූ “ආයුධ ගඟක්” බවට පත්වුනි. අද වන විට ලක්ෂ ගනන් ජීවිත හානි හා මිලියන ගනන් අවතැන්ගත සරනාගයන් බිහි කල ලේ වැකි නිකායික සිවිල් යුද්ධයන් කර ගෙන යෑම සඳහා විදේශීය ඉස්ලාමීය සටන්කරුවන් දස දහස් ගනනින්ද සපයන ලදී. මොවුන්ගෙන් ම සමහරෙක් බටහිර ඔත්තු සේවාවන්ගේ සහායෙන්, ජාත්‍යන්තර දේශසීමා තරනය කරමින් යුරෝපය තුල ත‍්‍රස්ත ක්‍රියාවන්හි යෙදීම සඳහා ආපසු පැමිනියහ.

තම පිරික්සීමෙන් පසු එජ ආයුධ හා මුදල් ලබා දීම සඳහා සුදුසු යයි සීඅයිඒ ය ප‍්‍රකාශ කල , “මධ්‍යස්ථ කැරලිකාරී” සන්නද්ධ කන්ඩායම් 40 ක් පමන විය. යථාර්ථයේ දී මෙම කන්ඩායම් බොහෝමයන් අල්නුස්රා වැනි කන්ඩායම්වලින් වෙන්කර හුඳුනා ගැනුම බොහෝ දුරට අපහසු වූ අතරම අවසානයේ දී ඔවුන් මෙම සිරියානු අල්කයිඩා අනුබද්ධය සමග සන්ධානයකට එලඹුනා හෝ තම ඇමෙරිකානු ආයුධ ඔවුන් අතට පත් කලාහු වෙති.

සීඅයිඒ පිටුබලය ලත් “කැරලිකරුවන්”ගේ පරාජය සඳහා හේතු භූත වූයේ හුදෙක් ම රුසියාවෙන් හා ඉරානයෙන් සපයන ලද “වෙඩි බලය” නොව, එහි දූෂන හා මර්දනය තිබිය දී ම අසාද් රෙජිමය අඩුනපුර ලෙස සැලකු සිරියානු ජනතාවගේ පුලුල් ස්තර මෙම සන්නද්ධ කන්ඩායම්වලට දැක්වූ එදිරිවාදිකම ය.

එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා එහි ව්‍යාජ වමේ ක්ෂමාලාපකයන්ගේ ප‍්‍රචාරයන්ට විපරිතව, මෙම “කැරලිකරුවන්” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යම් අරගලයක හෝ විප්ලවයක නායකයන් නොව, ඔවුන් යටත් කර ගත් ප‍්‍රදේශ ක‍්‍රමානුකූල ලෙස කොල්ල කෑ ඔවුන්ගේ බුද්ධිරෝධන දෘෂ්ඨිවාදයට කුමන හෝ විරෝධයන් පෑ අයගේ හිස ගසා දැමූ දක්ෂිනාංශික නිකායවාදී මැරයන් විය.

බෙහෙවින් සිඳී ගොස් ඇති අල්කයිඩාවට සම්බන්ධ “කැරලිකරුවන්” සඳහා සීඅයිඒ හි ආයුධ හා මුදල් සම්පාදනය නතර කිරීම, සිරියාවේ ඝට්ටනය නිමාව හෝ මොස්කෝව හා බරපතල සංහිඳියාව ඇති වීම සංඥා නො කරන අතර ඊට විපරිතව වඩාත් පුලුල් යුද්ධයක් ස`දහා සූදානමේ කොටසක් වේ.

උතුරෙහි, සිරියානු කුර්දි වයිපීජී සන්නද්ධ කන්ඩායමෙන් මූලිකව සමන්විත වන, ඊනියා සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලසේනාවන් හා ගිනිකොනෙහි, මූලෝපායික ව වැදගත් වූ ඉරාකය හා ජෝර්දානය හා සමග සිරියාවේ දේශසීමා කපොල්ලෙහි අල්-ටාන් හි ස්ථාපනය කර ඇති, එජ විශේෂ හමුදා මධ්‍යස්ථානයට ආසන්නයේ, සුන්නි සන්නදධ කන්ඩායම් යන තමන්ගේ ම නියෝජිත හමුදා බලසේනා පෙන්ටගනය විසින් පුහුනු කිරීම හා ආයුධ සන්නද්ධ කිරීම, තව දුරටත් සිදු කෙරේ.

එජ මිලිටරිය විසින් ස්ථාපනය කල හීන් සීරුවේ ම සිරියාව ආක‍්‍රමනය කර අල්ලා ගැනීමක් සේ සලකා ගත හැකි, හමුදා මූල්ස්ථාන මාලාවකින් මෙය එකක් පමනක් වේ. එජය සිරියානු කුර්දීන් හා පවත් වන සන්ධානය කෙරේ තුර්කියට ඇති විරෝධය පිලිබිඹු කරමින්, එහි රාජ්‍ය පාලිත ප‍්‍රවෘත්ති ඒජන්සිය, රහස් එජ මූලස්ථාන 10කම නිශ්චිත පිහිටීම ද තිබෙනා ආයුධ හා උපකරන මෙන් ම සිටිනා හමුදා භට සංඛ්‍යාවන් ද පිලිබඳ සවිස්තර සහින ලිපියක් පල කලේ ය. “මෙම මස වඩා කලින්, ඉරාකය සහ සිරියාව යන දෙකේ ම නව තාවකාලික” හමුදා මූලස්ථාන ගොඩනැගීම සඳහා ට‍්‍රම්ප් පාලනය කොන්ග‍්‍රසයෙන් අනුමැතිය ඉල්ලා සිටියේ ය.

මේ අතරතුර, සිරියානු ඉලක්ක එල්ල කර මාරක ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම පෙන්ටගනය තවදුරටත් සිදු කරනාතර, පසුගිය මස පමනක් එයාර්වෝස් නම් ස්වාධීන සමීක්ෂන කන්ඩායම වාර්තා කල පරිදි, එජ බෝම්බ හා මිසයිල මගින් සිවිල් වැසියන් අඩුම වශයෙන් 415ක් ඝාතනය කර තිබේ. මෙම ඇස්තමේන්තුවට නිසැකයෙන් ම, මලවුන්ගෙන් බොහෝමයක් ගනනය වී නැතිවා මෙන් ම එජ තම රකා නගරය වටලෑම තියුනු කරත් ම නාටකාකාරව ඉහල යනු ඇත.

සීඅයිඒ වැඩ සටහන නවත්වා දැමීමට හේතුව සේ එක් එජ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, රුසියාව සමග තම සබඳකම් දියුනු කර ගැනීමට වොෂින්ටනයට ඇති උවමනාව පිලිබඳ සංඥාවන් නිකුත් කිරීම බව වුව ද එහි සැබෑ අරමුන ඉරානයට එරෙහි යුද්ධය සඳහා වඩා හොඳින් සූදානම් වීම පිනිස මොස්කොව හා ඉරානය අතර විභේදනයක් නිර්මානය කිරීම වේ. ඉරානයේ ආනුභාවය ක‍්‍රමිකව වර්ධනය වන සිරියාව හා ඉරාකය තුල, එජ මිලිටරි බලය ගොඩනැගීමේ කේන්ද්‍රීය අරමුන මෙය වේ.

විශ‍්‍රාමිකව හා ක්‍රියාත්මක රාජකාරියේ යෙදී සිටිමින්ම සෑම ආරක්ෂක ප‍්‍රධාන නිලයන් ම දරන්නාවූ ජනරලුන්ගෙන් වැඩි වශයෙන් සමන්විත, ට‍්‍රම්ප් පාලනාධිකාරයේ ප‍්‍රතිපත්ති සකසන්නාවූ පිරිස මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය උදෙසා එජයේ ලේ වැකි දිග් ගැස්සුන ව්‍යාපාරයට ඉරානය ප‍්‍රධාන බාධකය ලෙස දැක ගනිති. විශේෂයෙන් ම ඉරාකයට එරෙහි වොෂින්ටනයේ ආක‍්‍රමනකාරී යුද්ධය මගින් වැඩිමනත්ව ම සිදු වූයේ ප‍්‍රදේශයේ ඉරාන සතු ආනුභාවය ශක්තිමත් වීම ගැන බව අමෙරිකන් හමුදා ලොක්කෝ නො සතුටින් පසුවෙති.

“කැරලිකරුවන්ට” ආධාර සැපයීම නවත්වන බවට වොෂින්ටන් පෝස්ට් හි පල වීමට දින දෙකකට පෙර, එජ හා තවත් බලයන් පහක් සමග එක`ග වූ න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව ඉරානය කටයුතු කර ඇති බවට විධිගත සහතික කිරීමක් ට‍්‍රම්ප් පාලනාධිකාරය විසින් සපයනු ලැබීය. මෙම ක්‍රියාව සිදු වූයේ ධවල මන්දිරය තුල පැය ගනනාවක දබර කිරීමෙන් අනතුරුව, ටෙහෙරානයට එරෙහිව නව ඒක පාර්ශ්වික එජ සම්බාධක කට්ටලයක පදනම මත පමනක් එම සහතිකය දීමට ට‍්‍රම්ප් අදි මදියෙන් එකඟ වීමෙනි. මෙම සම්බාධක ගැටුමක් පොලඹවීම සඳහා සැලසුම් කල මෙන් ම, එකඟතා ගිවිසුමම උල්ලංඝනය කරන්නා වූ ඒ්වා වන්නේය.

ටෙහෙරානට එරෙහි දන්ඩනාත්මක ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් තම ක්‍රියාමාර්ගය අනුයෑම සඳහා යුරෝපීය බලයන් කෙරෙහි පීඩනය දැමීම පිනිස වොෂින්ටනය මෙහෙයුමක් ගොඩනැගීම ගැන වාර්තා වෙමින් තිබේ. එසේ වුව ද බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය, ජර්මනිය, චීනය හා රුසියාව ඇතුලත් ගිවිසුමේ අනෙකුත් අත්සන්කාර පාර්ශවයන්, ඉරානය හා සමග ප‍්‍රධාන පෙලේ වෙලඳ හා ආයෝජන ගනුදෙනුවලට එලඹීමේ අපේක්ෂාවෙන් සිටිනාතර ගෑස් නිෂ්පාදනය ස`දහා ඩොලර් බිලියනයක ගිවිසුමක් සඳහා ඉදිරිපත් වී සිටින ටෝටල් නම් ප‍්‍රන්ස බලශක්ති සංගතය මෙයින් මුල් තැන ගනී.

යුරෝපය සමග මෙවැනි ආතතීන් පැවතීම වඩාත් පුලුල් යුද්ධයක් සඳහා වොෂින්ටනයේ ධාවනයට ඉන්ධන සැපයීමක් පමනක් වේ. තම ගෝලීය ආර්ථික හා දේශපාලන ආධිපත්‍යය පිරිහීම හමුවේ ට‍්‍රම්ප්ගේ රූපයෙන් පුද්ගලාරූඪ වී ඇති පරපෝෂී හා සාපරාධී ඇමෙරිකානු පාලන පන්තිය, ප‍්‍රගතිශීලි විසඳුමක් තමන්ට සැපයීමකට නො හැකි ආර්ථික හා සමාජ අර්බුදයන්ගෙන් ගොඩ යෑමේ මාවත ලෙස එන්න එන්න ම යුද්ධය දැක ගනී.

මිලියන 77ට අධික ජනතාවක් වෙසෙන ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයක්, ඉරානයේ හා සිරියාවේ දී පෙන්ටගනය හා සීඅයිඒ ය විසින් ඇති කල රුධිර ස්නානයන් වුව ද පරයා යමින්, න්‍යෂ්ටික තුන් වන ලෝක යුද්ධයක සැබෑ අනතුර ඉස්මතු කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: