ගූගල් නව සෙවුම් පිලිවෙත් ප‍්‍රමුඛ සමාජවාදී, ප‍්‍රගතිශීලි සහ
යුද-විරෝධී වෙබ් අඩවි 13ක ට පිවිසුම සීමා කිරීමට ක්‍රියා කරයි

Google’s new search protocol is restricting access to 13 leading socialist, progressive and anti-war web sites

2017 අගෝස්තු 2

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අන්තර්ජාලය පදනම් කරගත් වෙනත් ප‍්‍රවෘත්ති ද්වාරයන් ගේ ද ගවේෂන තාක්ෂනඥයන් ගේ ද ආධාරය ඇතිව එකරාශී කරනලද නව දත්තයන් විසින් තහවුරු කෙරී ඇති පරිදි ගතවූ මාස තුන ඇතුලත සමාජවාදී, යුද-විරෝධී සහ ප‍්‍රගතිශීලී වේබ් අඩවි වලට ගූගල් සෙවීම් හරහා ප‍්‍රවිෂ්ටවන පාඨක සංඛ්‍යාව සමස්තයක් වශයෙන් සියයට 45 කින් පහත බැස ඇති ආකාරයයි.

එම පහත වැටීම සිදුවූයේ ගූගල්හි සෙවීලි ඇගැයීමේ පිලිවෙත් වෙනස් කිරීමක් ක්‍රියාත්මක කිරීමද සමගය. අප්‍රේල් 25 දා, නිකුත් කල ප‍්‍රකාශයක් මගින්, ගූගල් සමාගමේ යාන්ත්‍රික කටයුතු පිලිබඳ උප සභාපති බෙන් ගෝමස් ප‍්‍රකාශකර සිටියේ සිය සෙවුම් යන්ත‍්‍රය යවත්කාල (අප්ඬේට්) කිරීම මගින්, “සදෝශ” අඩවි වලට පිවිසීම වලක්වා ලන අතර වඩාත් “අධිකාරවත් අන්තර්ගතයක්” ඉස්මතු කරගැනීමට වැඩ කරනු ඇති බවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට එස්ඊඑම් රශ් [SEMrush] වෙතින් ලබාගත් සංඛ්‍යාලේඛන දත්ත අනුව සැලකියයුතු පාඨක සංඛ්‍යාවක් ඉන්නා වෙබ් අඩවි 13ක් කරා ගූගල් හරහා එලඹෙන සෙවිලි සංඛ්‍යාව පිරිහී ගිය තරම පිලිබඳ තොරතුරු ලබාගැනීමට හැකි වී තිබේ. ඒ අනුව

* wsws.org ලොසවෙඅ සියයට 67කින්

* alternet.org ඔල්ටර්නෙට්. ඕර්ග් සියයට 63 කින්

* globalresearch.ca ග්ලෝබල්රිසර්ච්.සීඒ සියයට 62 කින්

* consortiumnews.com කොන්සෝර්ටියම්නිව්ස්.කොම් සියයට 47කින්

* socialistworker.org සොෂලිස්ට්වර්කර්. ඕර්ග් සියයට 47 කින්

* mediamatters.org මීඩියාමැටර්ස්. ඕර්ග් සියයට 42 කින්

* commondreams.org කොමන්ඞ්රීම්ස්. ඕර්ග් සියයට 37කින්

* internationalviewpoint.org ඉන්ටර්නැෂනල්විව්පොයින්ට්.ඔර්ග් සියයට 36කින්

* democracynow.org ඩිමොක්රසිනව්. ඕර්ග් සියයට 36කින්

* wikileaks.org විකිලීක්ස්.ඔර්ග් සියයට 30කින්

* truth-out.org ටෘත්-අවුට්.ඔර්ග් සියයට 25කින්

* counterpunch.org කවුන්ටර්පංච්. ඕර්ග් සියට 21 කින්

* theintercept.com දඉන්ටර්සෙප්ට්.කොම් සියයට 19කින්

ගූගල් හරහා ප‍්‍රවිෂ්ටය පහත වැටී තිබිනි.

මෙම වෙබ් අඩවි 13න්, වඩාත්ම දැඩි බලපෑමකට හසුව ඇත්තේ ලෝක සමජවාදී වෙබ් අඩවිය යි. ගූගල් වෙතින් එය කරා එලඹීම තුනෙන් පංගුදෙකකින් පහත වැටී ඇත.

ඉහත දත්තයන්ගෙන් විදහා දැක්වෙන්නේ ලෝසවෙඅ ගූගල් වාරනයේ ප‍්‍රධාන ඉලක්කයක් බවය. මෙම අලුත් ගූගල් පිලිවෙත් ක්‍රියාත්මක කල මාස දොලහට පෙරාතුව ලොසවෙඅ පාඨකය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් තිබුනි. මෙම ඉහල නැගීමෙන් සැලකියයුතු පංගුවක් ගූගල් සෙවිලි හරහා ඇතිවී තිබුනි. ලොසවඅ පිලිබඳ සෙවිලි අනුපාතයේ වේගවත් නැගීම වනාහි 2016 දී පැහැදිලිවම වර්තාගතවී ඇති පරිදි ට‍්‍රම්ප් ජනාධිපති ධුරයට තෝරාපත් කරගැනීමට විරුද්ධව නොවැම්බර් වනවිට දැඩි වුනු විරෝධතාවනුත් සමග සමාජවාදී දේශපාලනය පිලිබඳව උනන්දුව ඉහල යාම පිලිබඳ පිලිබිඹුවකි.

ලොසෙවඅ කරා සෙවිලි පිවිසීම් 2017 අප්‍රේල් වනවිට මුදුන් විය. හරියටම මේ වන විට ය ගූගල් තම වාරන පිලිවෙත් ක්‍රියාත්මක කිරීම පටන් ගත්තේ.

ගූගල් ක්‍රියාවෙන් බාධා කරනලද තවත් වෙබ් අඩවියක් විසින් සපයා තිබෙන දත්ත ලෝසෙවඅ සොයාගැනීම් ඔප්පුකරයි.

“මැයි මස අගදී ගූගල් ප‍්‍රවෘත්තියේ සිදු කරන ලද වෙනස් කම් නිසා ඓන්ද්‍රීය ගුගල් සෙවිලි තුලින් කොමන් ඞ්රීම්ස් වෙබ අඩවිය කරා ගලා ආ සෙවිලි ගලනය හීනකරන බලපෑමක් ඇති කලේ යැයි ප‍්‍රගතිශීලී ප‍්‍රවෘත්ති ද්වාරයක් වන කොමන් ඞ්රීම්ස් වෙබ් අඩවියේ සංවර්ධන අධ්‍යක්ෂක ආරොන් කෞෆ්මන් ප‍්‍රකාශ කලේ ය: “මැයි මස සිට ගූගල් සෙවිලි තුලින් කොමන් ඞ්රීම්ස් වෙබ් අඩවිය කරා එලඹි සමස්ත ප‍්‍රමානය සියයට 50කින් පමන පහත වැටී ඇත.”

ගූගල් වැඩ වලින් ඇති කරනලද බලපෑමේ තරම හා වපසරිය මගින් ඔප්පු කරනු ලැබ ඇත්තේ, ඉලක්ක කරගත් වෙබ් අඩවි වලට පිවිසීම වැලැක්වීම සඳහා උපක‍්‍රම සමුහයක් යොදා ගනු ලබන බවය. එමගින් සිදු කෙරෙන්නේ ලෝසවෙඅ ද , ගූගල් වාරකයන් විසින් නම්කෙරුනු අනෙකුත් වෙබ් අඩවි 12 ද , කෙලින්ම හංවඩු ගසා අහක්කර දැමීමයි. ඉහතකී වර්ගයේ වෙබ් අඩවි වලට ඉතා දැඩි අවාසි සහගත ඇගයුමක් පවරා එමගින් එක්කෝ ඒවායේ ලිපි අඩු තක්සේරුවකට ලක්කෙරේ; නැතොත් මුලුමනින්ම නොතකා හරිනු ලැබේ. මීට අමතරව පරිගනක ලිපි මනින්නන් ලෙස, එනම් ඒවා ලිපි තක්සේරු කරන්නන් ලෙස ක්‍රියා කරවා, එබන්දන්ගේ තෝරාගැනීම් සහ නිගමන අනුකරනය කිරීමට පරිගනක සකසා දමන අන්දමකට අලුත් වැඩ සටගන් සකසනු ලැබේ.

අවසාන වශයෙන් මෙම මෙහයුමේ, මුවහත් බව පෙන්නුම් කරන්නේ සමාජවාදී සහ වාමාංශික වෙබ අඩවිවල නිතර පාවිච්චි වන පද, වචන, වාක්‍යාංශ සහ මාතෘකා යොදා ගනිමින් කෙරෙන අමතර කප්පාදු තාක්ෂනයක්ද ක්‍රියාත්මක කොට ඇති බවය.

යුද්ධය, භූදේශපලනය, සමාජ අසමානතාවය සහ කම්කරු පන්ති අරගල වැනි ප‍්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොම කරන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හරියටම එම ප‍්‍රශ්න සම්බන්ධයෙන් ම ගූගල්-ජනිත සෙවිලි ප‍්‍රමානය කැපීපෙනෙන අඩුවීයාමක් අත්දැක ඇත්තේ මන්දැයි මින් පැහැදිලිවනු ඇත.

සාමාන්‍ය තත්වයන් යටතේ වැඩිම ප‍්‍රවිෂ්ටයන් සංඛ්‍යාවක් බලාපොරොත්තු විය හැකි“සමාජවාදය”, “මාක්ස්වාදය” සහ “ට්‍රොට්ස්කිවාදය” වැනි පද අඩුම ප‍්‍රවිෂ්ටයන් සංඛ්‍යාවක් ලබා ඇති බව අපි දුටුවෙමු.

මෙය වනාහි නිරන්තරවම සැකසහිත පද තෝරාගෙන එකතුකරමින් තහනම් ලයිස්තුව දික්කරන ගූගල් ඇගයුම් කරුවන් සිය ව්‍යාපෘතිය වඩවඩාත් තියුනුකොට, අන්තිමේ දී ලෝක සමාජවාදී වෙබ්අඩවිය සහ ඉලක්කකොටගත් අනෙකුත් වෙබ් අඩවි භංගකර දැමීම ඉලක්ක කරගත් නොනවතින වැඩ සටහනකි.

ගිය සතිය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් රැස්කර ගැනුනු තොරතුරු වලින් පෙන්නුම් කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උග‍්‍ර ලෙස කප්පාදු කර දැමීමේ මහසංගත-රාජ්‍ය කුමන්ත‍්‍රනයක හරි මැද ගුගල් ඉන්නා බවය. නිදහස් කථනයට, සහ තොරතුරු කරා වාරනයෙන් තොරව , නිදහසේ ප‍්‍රවිෂ්ට වීමට එල්ල කෙරෙන මෙම ප‍්‍රහාරය වනාහි සමාජ අසමානතාවයට, යුද්ධයට සහා ඒකාධිපතිවාදයට එරෙහිව නැගෙන මහජන විරෝධය පක්ෂාඝාත කර දැමීම සඳහා එල්ලවු ප‍්‍රහාරයකි.

මේ ක්‍රියාවලිය තුල ගූගල් විසිනි ඉටුකරනු ලබන දුෂ්ට භූමිකාව විදහා දක්වන්නේ අන්තර් ජාලය මහසංගතයන් විසින් පාලනය කිරීම ත් සමග කතා කිරීමේ සහ සිතීමේ නිදහස කිසිම අන්දමකින් ගැලපෙන්නේ නැති බවය.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වලට එරෙහි ගූගල් ප‍්‍රහාරය එලිදරව් කිරීමට නිරන්තරව කටයුතු කරන අපි, ගූගල් සංගතය තමන්ගේ වාරන වැඩසටහන නවතා අකුලාගත යුතුය යි බලකර සිටිමු.

ඇමෙරිකා එක්සත් ජනපදය තුලද ජාත්‍යන්තරවමද ගූගල් විසින් ගෙනයනු ලබන අන්තර්ජාලය වාරනය කිරීමේ වැඩසටහනට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුමක් සංවිධානය කලයුතුව ඇත. කතා කිරිමේ සහ සිතීමේ නිදහස පාගා දැමීමට ගුගල් දරන ප‍්‍රයත්නයට එරෙහිව ප‍්‍රති- ප‍්‍රහාරය වර්ධනයකොට ප‍්‍රතිපදානයක් කිරීමට අප බලයට නතු සෑම දෙයක්ම කිරීමට අපි අපේක්ෂා කරමු.

අන්තර්ජාල ය වාරනයට බඳුන් කිරීම ට එරෙහි අරගලය ප‍්‍රජාත්නත‍්‍ර අයිතීන් රැකගැනීමේ අරගලයට කේන්ද්‍රීය වන අතර පොදු ජනතාගේ වද කම්කරු පන්තියේ ද පුලුල් ම කොටස් මේ පිලිබඳව පුබුදුවා ගැනීම සඳහා සමාජවාදී, වාම සහ ප‍්‍රගතිශීලි වෙබ් අඩවි අතර පුලුල්ම පදනමකින් යුතු සහයෝගිතාවක් අවශ්‍ය වේ.

ආන්ද්‍රේ ඩැමොන් සහ ඩේවිඩ් නොර්ත්

Share this article: