කම්කරු පන්තිය හා ට‍්‍රම්ප්ට එරෙහිව සටන

The working class and the fight against Trump

2017 අගෝස්තු 18

පසු ගිය සතියේ චාලොට්ස්විල් හි නාසි හා කේකේකේ(කූ ක්ලූක්ස් ක්ලෑන්) ප‍්‍රකෝපයට සහභාගීවූවන් ආරක්ෂා කල, ජනාධිපති ට‍්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු, ජනාධිපති අඟහරුවාදා උදේ අන්ත දක්ෂිනාංශික බලවේගයන්ට ආයාචනා කිරීමේ ඔහුගේ උත්සාහය දැඩි කලේ, කොන්ෆෙඩෙර්ටෙය් ( 1861-1865 අතර වහල් මෙහෙය පවත්වා ගෙන ගිය ඇමරිකාවේ ප‍්‍රාන්ත 11ක සන්ධානය-පරි) ප‍්‍රතිමා හා ස්මාරකයන්ගේ මහජන ප‍්‍රදර්ශනය සඳහා ඔහුගේ සහයෝගය ට්වීටර් කරමිනි.

වහල් සේවය ආරක්ෂා කිරීමට සටන් කල, ජනරාල්වරුන්ගේ මෙම ස්මාරක-අලංකාර මෙන්ම “විශාල වසයෙන් මග හැරී ඇති අතර කවර දා වත් සන්සන්දනාත්මකව ප‍්‍රතිස්ථාපනය කල නො හැකි වනු” ඇත යි ද ට‍්‍රම්ප් ප‍්‍රකාශ කලේ ය.

චාලොට්ස්විල් හි ප‍්‍රචන්ඩත්වයට ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිචාරය ද, එමෙන්ම අඟහරුවාදා මාධ්‍ය හමුවෙන් පසු වැඩි වෙන දේශපාලන අර්බුදයට වන ඔහුගේ ප‍්‍රතික‍්‍රියාව ද, පැහදිලි කරන්නේ ඔහුගේ පාලනාධිකාරිය නිශ්චිත දේශපාලන මූලෝපායක් (ෆැසිස්ට්වාදීන් ඇතුලුව, සාම්ප‍්‍රදායික දේශාපලන රූපාකරයන්ට පිටත අන්ත දක්ෂිනාංශික කන්ඩායම් බලමුලු ගැන්වීමේ) හඹා යමින් සිටින බව යි. පසු ගිය දින කීපය පුරා, ඩිමොක‍්‍රටිකයන් හා තම රිපබ්ලිකානු සහකරුවන් ඔහුගේ හෙලා දැකීම තුල එක පොදියට දමා ඇත්තේ, ඔහුගේ ම පක්ෂයේ කොංග‍්‍රසීය නායකයන් වෙත එල්ල කෙරුන විශේෂ විෂ සහිතව ය.

තව මත් ෆැසිස්ට්තාලයේ ව්‍යාපාරයන් සඳහා ජනතා පදනමක් පවතින්නේ නැති නමුත්, ට‍්‍රම්ප් හා ධවල මන්දිරය තුල ඔහුගේ සහචරයන් ගනන් බලමින් සිටින්නේ ඔවුන්ට එවැනි ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පුලුල් ලෙස පැතිරුනු කෝපය හා දේශපාලන ව්‍යාකූලත්වය ගසා කෑ හැකි වනු ඇති බව යි.

ට‍්‍රම්ප්ගේ මාධ්‍ය සමුලුවට පසුව පැවති මාධ්‍ය හා දේශපාලන අදහස් දැක්වීම් තුල නිෂ්ප‍්‍රභ කෙරෙන හා වසන් කෙරෙන කාරනය වන්නේ, ඔහුගේ දේශපාලන මූලෝපායේ කේන්ද්‍රීය ඉලක්කය වන්නේ සියලු ජාතීන්ගේ හා ජනවර්ගයන්ගේ කම්කරු පන්තිය වන බව යි

ට‍්‍රම්ප් පාලනාධිකාරය, එහි මූලයෙන් ම සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ ආන්ඩුවකි. තෙමේ ම ද බිලියනපති දේපල වෙලඳාම් වංචා කාරයෙකු වන ට‍්‍රම්ප්, ඔහු වටා ගොනු කර ගෙන සිටින්නේ පොහොසතුන් වෙත ධනය යලි බෙදාහැරීම වේගවත් කිරීමට සූදානම් වූ කතිපයාධිකාරයින්ගේ හා මිලිටරි ජනරාල්වරුන්ගේ කුමන්ත‍්‍රනකාරී කල්ලියකි.

දැවන්ත ලෙස කුප‍්‍රකට ධවල මන්දිර න්‍යායපත‍්‍රයට නව සංගත බදු කප්පාදු, සෞඛ්‍ය රැකවරන තුරන් කිරීම, මහජන අධ්‍යාපනය පුද්ගලීකරනය, සමාජ රක්ෂනය හා හිමිකම් වැඩසටහන් මත ප‍්‍රහාරයක් ඇතුලත් වේ. ඒ අතරම, ලෝක යුද්ධයක සූදානම සඳහා පාලනාධිකාරිය මිලිටරි වියදම් විශාල ලෙස වැඩි කිරීමට ඉල්ලා ඇත. යන්තම් සති දෙකකට පෙර, ට‍්‍රම්ප් උතුරු කොරියාව මත “අග්නිය හා භීෂනය” වැස්සීමට පොරොන්දු වූයේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී උත්සුකයන් හඹායාමේ දී න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කිරීමට තර්ජනය කරමිනි.

ට‍්‍රම්ප් ගේ සඳහන් කිරීම් බරපතල ලෙස විදේශයන් හි එක්සත් ජනපද විශ්වසනීයත්වයට යටින් වල කපන අතර රට තුල සමාජ විරෝධය පොලඹවනු ඇත යි පාලක පන්තියේ කන්ඩායමත් උත්සුක වීමත් සමග, ට‍්‍රම්ප් ගේ සඳහන් කිරීම් වොෂින්ටනය තුල දේශපාලන අර්බුදය තීව‍්‍ර කර ඇත. කෙසේ නමුත්, රිපබ්ලිකානුවන් හා ඩිමොක‍්‍රටිකයන් අතර ට‍්‍රම්ප්ගේ විවේචකයෝ ඔහුගේ යුද්ධය හා සමාජ ප‍්‍රතිවිපල්ලවයේ මූලික න්‍යායපත‍්‍රය බෙදාහදා ගනිති.

සැබවින් ම, චාලොට්ස්විල් (කලහය) ඉක්බිත්තේ විවේචනයන් අලුත් කිරීම එක්තරා දුරකට පොලඹවනු ලැබ ඇත්තේ ෆැසිස්ට් බලවේගයන්ට ඔහුගේ විවෘත ආයාචනය, හා කොංග‍්‍රසීය රිපබ්ලිකානවුන්ට එරෙහි ඔහුගේ ප‍්‍රහාරය, බදු කප්පාදු හා අනෙකුත් ප‍්‍රතිගාමී පියවරයන් සම්මත කර ගැනීම දුෂ්කර කර වනු ඇති යි යන උත්සුකය විසිනි. කැපී පෙනෙන ලෙස, ගෙවී ගිය මාස කීපයේ දේශපාලන ගැටුම් හරහා නව අනපේක්ෂිත ලාභයක් අපේක්ෂාවෙන් වාර්තා ගත මට්ටමට නැගි කොටස් වෙලඳපොල, ඊයේ තියුනු ලෙස පහල වැටුනි.

ඔහුගේ චාලොට්ස්විල් අදහස් දැක්වීමෙන් පසු ට‍්‍රම්ප්ට එරෙහිව ප‍්‍රධාන විපාර්ශ්වය ලෙස මාධ්‍ය හා ඩිමොක‍්‍රටිකයන් විසින් ඉහලට ඔසවා ඇති සමාජ හා දේශපාලන බලවේග සියල්ල පාලනාධිකාරියේ මූලික කම්කරු පන්තික විරෝධී න්‍යාය පත‍්‍රය බෙදාහදා ගනිති. වොල් මාට්, ඉන්ටෙල්, අන්ඩර් ආමර්, ඖෂධ යෝධයෙකු වන මර්ක් හා අනෙකුත් සංගතවල ප‍්‍රධාන විධායක නිලධාරීන්, එහි මාස හතක් තිස්සේ ආශාවෙන් සේවය කර, ධවල මන්දිරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එය හඳුන් වා දී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උතුම් ආදර්ශ ලෙස ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උපකල්පිත උතුම් ආදර්ශවලට හමුදා මාන්ඩලික ප‍්‍රධානී ජෙනරල් මාක් මිලේ, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් ඇතුලු මිලිටරි නියෝජිතයෝ ද, එමෙන් ම ප‍්‍රමුඛ ප‍්‍රතිගාමී සෙනෙට් සභික ලින්ඩ්සේ ග‍්‍රෑහම් සහ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් එච්.ඩබ්ලිව්.බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ්.ඩබ්ලිව්.බුෂ් හා බරක් ඔබාමා ද ඇතුලත් වෙති.

එක්සත් ජනපද ජනාධිපතිවරනය තුල රුසියානු “හැක් කිරීම” සම්බන්ධ ඔවුන්ගේ උද්ඝෝෂනය සමග, ඩිමොක‍්‍රටිකයන් පසු ගිය මාස හත පුරා ආයාචනය කර ඇත්තේ පාලක පන්තියේ මෙම කන්ඩායම්වලට ය. අරමුන දෙවදෑරුම් වී ඇත: එනම් විදේශ ප‍්‍රතිපත්තිය මත පාලක පන්තිය තුල බෙදීම් පරාජය කිරීම, සහ ඒ අතරම ට‍්‍රම්ප් පාලනාධිකාරියේ ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්තියට කම්කරු පන්තියේ විරුද්ධත්වය යටපත් කිරීම හා අවමංගත කිරීම යි. එවැනි විරුද්ධත්වයකට ඔවුන් බිය වන්නේ, එය ඔවුන් සහාය දක්වන සමාජ හා ආර්ථික පද්ධතියට තර්ජනයක් ඇති කිරීමට ඉඩ ඇති බැවිනි.

පරදුවට තැබී ඇති මූලික පන්ති ප‍්‍රශ්න සැඟවීමේ උත්සාහය තුල තීරනාත්මක අංගය වී ඇත්තේ වාර්ගික දේශපාලනය ප‍්‍රචාරය කිරීම යි, එනම් එක්සත් ජනපදය වාර්ගික බෙදීම් හා වාර්ගික වෛරය මගින් කෑලිවලට කැඩී ඇති බව අවාධාරනය කිරීම යි. මෙය අන්ත දක්ෂිනාංශයේ නැගීමට උදව් කර ඇත, ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්තාලයේ ප‍්‍රධාන මූලෝපායඥ ස්ටීවන් බෙනන් ඇමරිකන් ප්‍රොස්පෙක්ට් නම් සඟරාව සමග මෙම සතියේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී මෙය පැහදිලි කර ඇත. “අනන්‍යතා දේශපාලනය ගැන ඔවුන් කතා කරන තාක් දුරට, මට ඔවුන් පැරදවිය හැකියැ”යි බෙනන් පැවසී ය. “ඔවුන් හැමදා ම වර්ගවාදය ගැන කතා කිරීම මට අවශ්‍ය ය. වම්මුන් වර්ගය හා අනන්‍යතාව ගැන යොමු වන අතර අප ආර්ථික ජාතිකවාදය සමග (ඉදිරියට) යන්නේ නම්, අපට ඩිමොක‍්‍රටිකයන් කුඩු කර දැමිය හැක.” එනම්, ප‍්‍රතිගාමී ජාතිකවාදී රේඛා ඔස්සේ මෙහෙය විය හැකි, එක්සත් ජනපදයේ අතිවිශාල සමාජ අර්බුදය ගැන ඩිමොක‍්‍රටිකයන්ට කීමට දෙයක් නැතැ යි යන කාරනය මගින් නිර්මානය කෙරෙන දේශපාලන රික්තය ඔවුන්ට ගසා කෑ හැකි බව යි.

පන්ති ප‍්‍රශ්න සැඟවීමට ඩිමොක‍්‍රටික් පක්ෂය හා එහි සහචරයන් ගන්නා උත්සාහය චාලොට්ස්විල් ඉක්බිත්තේ තීව‍්‍ර වී ඇත. නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ වාර්ගික දේශපාලනය පිලිබඳ ප‍්‍රමුඛ යෝජකයෙකු වන චාල්ස් බ්ලෝ (“වෙනත් අපහසු සත්‍ය තුල” නම් ලිපියක) “ඩිමොක‍්‍රටික් පක්ෂය වාර්ගික අන්තර්කරනයේ ඌරුව සමග ක‍්‍රියාකර ඇති” අතර රිපබ්ලිකානුවන් “සෘජුව වාර්ගික නොඉවසීමට අයාචනා කර” ඇති බව ලිය යි. බ්ලෝ ට අනුව, ට‍්‍රම්ප් පිටුපස පවතින සහයෝගය, ඇමරිකානු ජනතාවට බෝවෙන “අක‍්‍රීය සුදු ස්වෝත්තමවාදය” යි.

ඊට පසු, ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදීන්ගේ ප‍්‍රමුඛ සාමාජිකයෙකු වන බෂ්කර් සුන්කාරා විසින් ප‍්‍රසිද්ධ කෙරෙන ජැකොබින් නම් සඟරාව තුල “තව දුරටත් චාලොට්ස්විල් එපා” නම් ලිපියක ප‍්‍රින්ස්ටන් (විශ්විද්‍යාලයේ) මහාචාර්ය කීයන්ගා-යමහාටා ටේලර් ගේ විවරනයක් ඇත. ටේලර් ට‍්‍රම්ප් ගේ නැගීම හා සමාජ ආතතිය හුදෙක් වාර්ගික වචනවලින් ඉදිරිපත් කරන අතර කම්කරු පන්තිය මත ප‍්‍රහාරය ගැන වචනයක් හෝ නො පවස යි. “කම්කරු පන්තිය”, “දරිද්‍රතාව”, “විරැකියාව”, “සෞඛ්‍ය රැකවරන ”, “ධනවාදය” හා “සමාජවාදය” යන වචන ඇගේ ලිපිය තුල දිස් නො වේ.

අවසානයේ දී සුදු කම්කරු පන්තියට ආවේනික වර්ගවාදයේ නිර්මිතයක් ලෙස දක්විමන් ට‍්‍රම්ප්ගේ නැගීම මුලුමනින් ම වාර්ගික ආකාරෙයන් පැහදිලි කිරීමට නියමිත ය.

ටේලර් ඩිමොක‍්‍රටික් පක්ෂයේ බාහිර කන්ඩායමක් වන, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ (අයිඑස් ඕ) ප‍්‍රමුඛ සාමාජිකාවකි. ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රධාන මාධ්‍ය හොරනෑව වන නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය ටේලර් ගේ විශ්ලේෂනයක් පල කිරීම කැපී පෙනේ. සුන්කාරා සමග, අයිඑස් ඕ ව ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් පෝෂනය කෙරෙමින් හා පෙරට ගෙන එමින් තිබෙන්නේ, නිශ්චිතව ම කම්කරු පන්තිය මැඩලීමේ හා වෙනතක යැවීමේ උපකරනයක් ලෙස ය.

නිසැකයෙන් ම වාර්ගික ප‍්‍රශ්න තිබේ. ට‍්‍රම්ප් ආයාචනා කරමින් සිටින බලවේග අතිශයින් ම ප‍්‍රතිගාමී ය. වර්ගවාදය හා යුදෙව් විරෝධය ඇතුලුව 20වැනි සියවසේ සියලු කුනුකන්දල් පුනුරුච්චාරනය කෙරෙමින් තිබේ. ඉතාමත් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ඇතුලුව ජය ගෙන ඇති සෑම දෙයක් ම, අහිමි විය හැක. කෙසේ නමුත්, කම්කරු පන්තිය බෙදීමට මෙම ප‍්‍රතිගාමී බලවේග පෙරට කැඳවෙමින් තිබෙන අතර, මේ අර්ථයෙන් ගත් විට ඒවා ඩෙමොක‍්‍රටිකයන්ගේ අනන්‍යතා දේශපාලනයේ අනෙක් පැත්තයි.

කම්කරු පන්තියේ සියලු කන්ඩායම් එක්සත් කරමින් ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය කම්කරු පන්තික ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. එය පාලක පන්තියේ සියලු ම කන්ඩායම් විසින් සහාය දක්වනු ලබන සමාජ හා ආර්ථික පද්ධතියට, එනම් ධනවාදයට එරෙහිව එල්ල කල යුතු ය. ෆැසිස්ට්වාදයට එරෙහි සටන සමාජවාදය සඳහා සටන යි. මෙම කාරනය වසන් කරන සියල්ලෝ ප‍්‍රතිගාමිත්වයට ආවඩති.

නයිල්ස් නීමුත්

Share this article: